----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ හොරකම් කළැයි ඉරාජ්ට නඩු

Sunday, February 3, 2013



http://www.gossiplankanews.com
නැසීගිය හර්බට් එම් සෙනවිරත්න විසින් රචනා කරන ලද මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ ගීතයේ පද වැල අනවසරයෙන් උපුටාගෙන වාණිජ භාවිතයේ යෙදව්වේයැයි ජනප්‍රිය සංගීත නිර්මාණකරු ඉරාජ් වීරරත්නට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ අද නඩුවක් පැවරුණා.
එම ගීතයේ රචක හර්බට් එම් සෙනවිරත්න මහතා 1950 වසරේදී
මෙම ගීතය අයියයි මල්ලියි චිත්‍රපටය වෙනුවෙන් රචනා කරන ලද අතර දැන් එම ගීතයේ හිමිකාරත්වය දරන ඔහුගේ බිරිඳ වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න එක්ව ඉරාජ්ට එරෙහිව මේ නඩුව පවරා තිඛෙනවා.
පද රචකයාගේ අවසරයකින් තොරව පද මාලාව වෙනස් කර ඇති බවත් ඒ සම්බන්ධව පූර්ව අනුමැතියක් ලබා නොතිබීමත් නිසා ඉරාජ් වීරරත්නට ලබන පෙබරවාරි  19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස එම අතුරු තහනම් නියෝග නොතීසියක් වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී රොහාන් අමරසේකර මහතා පනවනු ලැබුවා.

ඉරාජ්ගේ නවීකරණය වූ මට අලෝකේ ගෙනදේවි ගීතය පසුගිය කාලයේ ජනප්‍රියත්වය පත්වූවකි. එහි වීඩියෝව පහතින්






0 comments:

Post a Comment