----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

නොමනා හැසිරීම අවසානයේ උසාවිය දක්‌වා දුරදිග ගියා.

Monday, April 30, 2012

"සීතා මං ආවා" චිත්‍රපටය සහය
අධ්‍යක්‍ෂණය කිරීම මා ලද භාග්‍යයක්‌
- දීප්ති වගීශා

කලා ලොවේ දස වසරක අත්දැකීම් පොදි බැඳගත් ඇය, රංගනයට, නිරූපණයට, පිටපත් රචනයට, ගී පබැඳුමට සහ ගීත ගායනයටද සමත්කම් දක්‌වමින් ප්‍රවීණ කලා ශිල්පීන්ගේ නොමඳ පැසසුමටද ලක්‌වීමට තරම් වාසනාවන්ත වූවාය. කලා නිර්මාණයක සුවිසාල කාර්ය භාරයක්‌ වන සහය අධ්‍යක්‍ෂණයටද පිවිසි ඇය, මේ වනවිට ටෙලි නිර්මාණ 15 ක්‌ සහ, සිනමාපට 4 ක්‌ද සහය අධ්‍යක්‍ෂණය කරමින් සිය දක්‍ෂතාවන් එළිදක්‌වා ඇත. ප්‍රවීණ කලා ශිල්පී, ජයසේකර අපොන්සු අධ්‍යක්‍ෂණය කළ, "සීතා මං ආවා" චිත්‍රපටයේද සහය අධ්‍යක්‍ෂිකාව වන්නේ අප කතා නායිකාවයි. මේ චිත්‍රපටය නුදුරේදීම ප්‍රදර්ශනයට නියමිතය. නමින් දීප්ති වගීශා කුමාරි වන ඇය, "දිවයින සිනමා කලා" හා එක්‌ව පැවැත්වූ සංවාදයේදී සිය කලා දිවියේ තොරතුරු පිළිබඳව අප සමඟ පැවසුවේ මෙවන් අදහස්‌ ය.
කලාව පිළිබඳව ඔබේ උනන්දුව සහ දක්‍ෂතාවන් ඇතිවූයේ කොතනදී ද?

මාතර මහමායා බාලිකාවේ මා අධ්‍යාපනය ලබන අවධියේ ක්‍රීඩාව සහ කලාව යන දෙඅංශයටම විෂය බාහිරව දක්‍ෂතා දැක්‌වූවා. පාසලින් පසු ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ රංග පාසලට එක්‌වී වසර දෙකක්‌ නාට්‍ය හා රංග කලාව පිළිබඳව පාඨමාලාවක්‌ කළා. "අජාසත්ත", "කළුමිටි" ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකත්, වීථි නාට්‍ය සංදර්ශන කිහිපයකටත්, මා රංගන දායකත්වය එක්‌කළා.

රංගනය වෙනුවෙන් කැමරාවට මුහුණ යොමුකළ ප්‍රථම අවස්‌ථාව පිළිබඳව මතකය කෙබඳුද...?

2002 වසරේදී කලා ශිල්පී ප්‍රියන්ත පතිරගේ මහතා අධ්‍යක්‍ෂණය කළ, "ආදරණීය සුදු නංගි" ටෙලි නිර්මාණය මා රංගන දායකත්වය ලබාදුන් මුල්ම අවස්‌ථාව. ඊට පසු, "මකර දඩයම", "සමනල දඩයම", "අනෝරා", "බොර දිය දහර", "මනෝගේ ලෝකය", "කිදුරංගනා" ඇතුළු ටෙලි නිර්මාණ 15 කදී පමණ මේ වන විට මා මගේ රංගන හැකියාවන් පෙන්වා තිබෙනවා. මේ සෑම තැනකදීම ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ උරෙනුර ගැටී රංගනයෙහි නියෑළුණු නිසා ඔවුනගේ පැසසුමටත්, ඒ ආභාෂයන් මගේ කලා දිවියට ශක්‌තියක්‌ කොට ගැනීමටත් හැකිවූ බව පවසන්නේ නිහතමානී වූ ආඩම්බරයකින්.

මෙතෙක්‌ කළ රංගනයන් වෙනුවෙන් ලැබුණු ජනතා ප්‍රසාදය පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

"මනෝගේ ලෝකය" හි මා රඟපෑ දමිළ කාන්තාවගේ චරිතයටත්, "බොර දිය දහර" සෝමාගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. රංගනය වෙනුවෙන් යමක්‌ කළ හැකිවූ චරිත මා මේ වන විට නිරූපණය කොට තිබෙනවා. කොහොම වුණත්, රඟපානවා යෑයි කියන්නේ පෙනී සිටීමකට නොවෙයි. ඒ නිසා...පෙනී සිටීම සඳහා පමණක්‌ ලැබුණු චරිත බොහොමයක්‌ මා අතහැර දැමුවා.

සහය අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ කොතනදීද...?

මා රංගන දායකත්වය දැක්‌වූ 4 වන ටෙලිනාට්‍ය නිර්මාණය වූ, බොර දිය දහර, මට ඒ සඳහා මඟ විවර කර දුන්නා. අධ්‍යක්‍ෂ ප්‍රියන්ත පතිරගේ මහතා තමයි මා එයට යොමු කළේ. රංගනයෙහි යෙදෙමින් සහය අධ්‍යක්‍ෂණයත් සිදුකරළීම මට අලුත් අත්දැකීමක්‌ වූවත්, මෙහි දෙවැනි සහය අධ්‍යක්‍ෂිකාව වෙමින් එA අභියෝaගය ජයගත්තා.

මේ දක්‌වා ඔබේ සහය අධ්‍යක්‍ෂණයට නතුවූ නිර්මාණ පිළිබඳව යමක්‌ පැවසුවොත්..

"බොරදිය දහර", "සමනල දඩයම", "සිපුරි වාසනා" ඇතුළු ටෙලි සහ සිනමා පට 15 කදී පමණ මා සහය අධ්‍යක්‍ෂිකාව වුණා. අවසන් වරට මා සහය අධ්‍යක්‍ෂණය සිදුකළේ, ප්‍රවීණ කලා ශිල්පී ජයසේකර අපොන්සුගේ "සීතා මං ආවා" සිනමා පටයේදීයි. එය නුදුරේදීම තිරගත වෙයි.

සහය අධ්‍යක්‍ෂණය කියන භූමිකාව පිළිබඳව කෙටියෙන් යමක්‌ පැවසිය හැකිද...?

ඇත්තෙන් මෙය, කලා නිර්මාණයක භාරදූර කර්තව්‍යයක්‌. වගකීම් සහිතයි. ඒ නිසා දැඩි කැපකිරීමෙන් සහ සංයමයෙන් මෙය ඉටුකළ යුතුයි.

වඩා වැදගත් වන්නේ මේ පිළිබඳව දැනුවත්ව සිටීමයි. එසේ නොමැති අවස්‌ථාවලදී සිදුවන්නේ අධ්‍යක්‍ෂක සමඟ ගැටුමකට යැමයි. හැබැයි, අවබෝධයෙන් වැඩ කරන්නන්ට මෙවැනි තත්ත්වයක්‌ ඇතිවන්නේ නැහැ.

ඔබ කලා ශිල්පිණියක වීම පිළිබඳව අද සිටින්නේ සතුටින්ද..?

වසර දහයක්‌ වූ මගේ කලා දිවියේදී සැප දුක කියන දෙකම අවබෝධ කරගත්තියක ලෙස තමයි දිවි ගෙවන්නේ. ඇත්තෙන්ම මා ජීවත්වන්නේ කලාව නිසා. ඒ නිසා කලාව ජීවත් කළ හැකි සෑම තැනකදීම ඒ වෙනුවෙන් මා පෙනී සිටිනවා. කලා ලෝකය තුලත් අසාධාරණ ක්‍රියා නැතුවා නොවේ. බොහෝ විට නිර්මාණ සඳහා අප දක්‌වන ලද දායකත්වයන් වෙනුවෙන් ගෙවීම් සිදුකරන අවස්‌ථාවලදී එවැනි ක්‍රියා සිදුවෙන බව පැවැසිය යුතුයි. මෙවැනි අවස්‌ථාවන් හි අවසානය නීතිය ඉදිරියට යැම දක්‌වා වර්ධනය වී තිබෙනවා. එය කනගාටුදායක තත්ත්වයක්‌.

පසුගිය සමයේ ඔබට යම් අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවූ බව පුවත්පත් වාර්තාකොට තිබුණා. ඒ සිදුවීම ගැන කියන්න සතුටුද?

ඒ සිදුවීම් වුණේ මා බසයෙන් ගමේ යමින් සිටි අවස්‌ථාවක. යම් පුද්ගලයකුගේ නොමනා හැසිරීම අවසානයේ උසාවිය දක්‌වා දුරදිග ගියා. මෙතන දී මා කියන්නේ ඒ පුද්ගලයාට වෙනස්‌ ආකාරයකින් සමාජය දෙස බැලිය යුතුව තිබූ බවයි. මම එහෙම කියන්නේ කාන්තාව කියන්නේ සෑම පුද්ගලයකුගේම මවක්‌ හෝ සොයුරියක්‌ ලෙස සිතායි. එදා ඔහු කරපු වරදට උසාවියේදී වන්දි ගෙව්වා. නන්නාදුනන කාන්තාවකට වැද නමස්‌කාර කොට සමාව ඇයදුවා. ඔහුගෙන් වන්දි ඉල්ලන්න කිව්වා. නමුත් මා එසේ කළේ නැහැ. කලාකරුවා කියන්නේ මහජනතාවට ආදරය කරන්නෙකුට. ඉතිං කලා ශිල්පිණියක ලෙස මා ඒ ගැනත් දෙවරක්‌ සිතුවා.

අනාගත සැලසුම් මොන විදිහද...?

මේ වසර අවසානයට ප්‍රථම ටෙලි නාට්‍යයක්‌ අධ්‍යක්‍ෂණය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙනවා.

ඊට අමතරව පිටපත් රචනයක්‌, ගීත ගැයීමත් ගීත ලිවීමත් තව දියුණුකර ගන්නට වෙහෙසෙනවා. මේ දිනවල ජනප්‍රිය වී ඇති "රෑ අහස පුරා නිල් තාරුකා පායලා" නම් වූ ගීතය මගේ පබැදුමක්‌. ගායනා කරන්නේ නිරෝෂ් ඉන්දික. මේ වන විට මා රචනා කළ ගීත 10 ක්‌ පමණ ජන ප්‍රසාදයට ලක්‌වුණා. මා වෘත්තියෙන් රංගන ශිල්පිණියක්‌ වූවත්, වැඩි කැමැත්ත අධ්‍යක්‍ෂණයට. ඉදිරියේදී ඒ සඳහා වැඩි අවකාශයක්‌ ලබාගැනීම තමයි සැලසුම.

ඔබේ පවුලේ තොරතුරු......

මගේ පවුලේ සාමාජිකයන් 5 යි. නැඟණියන් දෙදෙනයි. මා විවාහකයි. මගේ දුව නේත්මානි දිල්කි. වයස 13 යි. ඇය මා උගත් පාසලේම ඉගෙනුම ලබනවා. නො.147, නව නිවාස, විවෘත විශ්ව විද්‍යාල පාර, නූපේ මාතර ලිපිනයත්, 075-9286269 දුරකථන අංකයත් මෙලෙස සටහන් කරනුයේ, දීප්ති වගීශා කලා ශිල්පිණිය සමඟින් තවදුරටත් තොරතුරු හුවමාරු කර ගැනීමේ පහසුව ඔබට සලසමිනි. අපි ඇඟේ ඉදිරි කලා දිවියට මෙලෙස සුබ පතමු.

සුජීව තත්සර
ඡායාරූප - වාසල සේනාරත්න


Divayina
READ MORE - නොමනා හැසිරීම අවසානයේ උසාවිය දක්‌වා දුරදිග ගියා.

'විජය කුවේණී' මැයි 6 දා සිට





සුගත් සමරකෝන්ගේ 'විජය කුවේණී'
මැයි 6 දා සිට රිදී තිරයේ.....

අමතකව ගිය ඉතිහාසය නැවත සිහිකැඳවීමේ දැවැන්ත සිනමා රූපී වෑයමක්‌ වන¾ "විජය කුවේණී" චිත්‍රපටය ලබන මැයි මස 6 වැනිදා සිට රීගල් ඇතුළු සිනමාහල් 45 කදී නැරඹීමට ඔබට අවස්‌ථාව උදාවනු ඇත. ප්‍රවීණ කලා ශිල්පී සුගත් සමරකෝන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්‍ෂණය වන "විජය කුවේණී" ගයාන් රණධීරගේ දැවැන්ත සිනමා නිෂ්පාදනයකි. රොජර් සෙනෙවිරත්න, දුලානි අනුරාධා ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදෙන මෙම චිත්‍රපටයේ, ක්‌ලීටස්‌ මෙන්ඩිස්‌, සඳුන් විඡේසිරි, බුද්ධදාස විතානාරච්චි, අනුර ධර්මසිරිවර්ධන, සුසිල් පෙරේරා, නෝමන් පලිහවඩන ඇතුළු ප්‍රවීණ සහ නවක ශිල්පීන් විශාල පිරිසක්‌ රංගනයෙන් දායකත්වය සපයති. අයේෂ් මන්ත හෙට්‌ටිආරච්චි "විජය කුවේණී" චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂ වරයායි. - සුජීව
 
READ MORE - 'විජය කුවේණී' මැයි 6 දා සිට

මම ටිකක්‌ කටකාරයි තමයි.

මම ආවේ දුෂ්කර ගමනක්
ලක්‌මිණි ජයරත්න


වාසනා කියන්නේ ටිකක්‌ කටකාර වගේම කාටවත් බයනැති චරිතයක්‌. මෙයා ටිකක්‌ චණ්‌ඩිකාරකම් පවා කරනවලු. හැබැයි මෙයා චණ්‌ඩිකම් කළාට නිතරම බලන්නේ ගොඩක්‌ උත්සාහයෙන් දියුණු වෙන්න. සතියේ දින පහේම ආදරේ අහස තරම් ටෙලි සිත්තම හරහා ඔබේ ආලින්දයට ගොඩවෙන මේ වාසනා සැබෑවට කවුද කියලා දැනගන්න අපි අදහස්‌ කළා.


වාසනාගේ සැබෑ ජීවිතයේ හැඳින්වීමකින්ම මේ කතාව ඇරඹුවොත් ?

මගේ නම ලක්‌මිණි ජයරත්න. ගම නුවරඑළිය. 1990 පෙබරවාරි 04 තමයි මම උපන්නේ. අධ්‍යාපනය හැදෑරුවේ නුවරඑළියේ ජාත්‍යන්තර පාසලක.

ඇත්තද ටිකක්‌ කටකාරයි කියන්නේ ?

මම ටිකක්‌ කටකාරයි තමයි.

එතකොට වාසනා වගේ චණ්‌ඩියෙක්‌ලු නේද?

අපොයි ඒ තරම්ම චණ්‌ඩියෙක්‌ නම් නොවෙයි.

වාසනා චණ්‌ඩිකම් කළාට ලක්‌මිණි චණ්‌ඩිකම් කරලා නැතිද ?

අපොයි නැහැ. මම චණ්‌ඩිකම් කරන්න හිතලවත් නැහැ.

වාසනා වගේ ලක්‌මිණිත් දියුණු වෙන්නද උත්සාහ කරන්නේ ?

සත්තකින්ම. හැමෝම එහෙමනේ. ඉතිං මටත් අරමුණු තියෙනවා.

සැබෑවටම ලක්‌මිණි කියන්නේ කවුද ?

බොහොම නිහතමානී, සුහදශීලී චරිතයක්‌ කිව්වොත් හරියටම හරි.

ක්‍ෂේත්‍රයට ඇවිත් ගොඩක්‌ කල් කියන්නේ ?

ඔව්. මම ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු හයක්‌ වෙනවා. මගේ පළමු ටෙලිනාට්‍යය වසූදා. ඊට පසුව හිරුට හොරෙන්, නිල් අහස ඔබ වැනි ටෙලිනාට්‍ය 17 ක විතර රඟපාලා තියෙනවා.

නමුත් ඔබව අපට මාධ්‍යයෙන් වැඩිපුර දකින්න ලැබුණේ නැහැනේ ?

මම රඟපෑ ගොඩක්‌ නාට්‍ය විකාශනය වුණේ සිරස නාලිකාවේ.

රඟපෑමට සම්බන්ධ වුණේ කොහොමද කිව්වොත් ?

2006 වසරේ මිස්‌ ශ්‍රී ලංකා තරගයට සහභාගි වුණා. ඊට පසුවයි මම ක්‍ෂේත්‍රයට එන්නේ. කොහොම වුණත් රඟපාන්න මගේ ලොකු බලාපොරොත්තුවක්‌ තිබුණේ නැහැ වගේම නිළියක්‌ වෙන්න ඕනෑ කියලා ආසාවක්‌ තිබුණෙත් නැහැ.



ටිකක්‌ ආඩම්බරකාර රෝෂණී කියලා චරිතයක්‌ ලැබුණා. ඊට පසුව නිර්මාණ රැසකට ආරාධනා ලැබුණා.

ගෙදරින් විරුද්ධ වුණේ නැතිද රඟපානවට ?

මුලදී නම් ටිකක්‌ අකැමැති වුණා. කාලයක්‌ යද්දී ගෙදරින් මට ලොකු සහයෝගයක්‌ ලැබුණා.

නුවරඑළියේ ඉඳන් කොළඹ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ ?

බොහොම දුෂ්කර ගමනක්‌. නමුත් මම අද ඉන්න තැන බැලුවහම සතුටුවෙනවා. මොකද ටෙලිනාට්‍ය 17 කට මම රංගනයෙන් දායක වෙලා තිබෙනවා. නුවරඑළිය වගේ දුෂ්කර පළාතක ඉඳන් ඇවිත් මේ දේවල් වලට මුහුණදීලා ජයගත්තු අභියෝගය ගැන ඇත්තටම සතුටුයි.

මිස්‌ ශ්‍රී ලංකා තරගයටත් ඉදිරිපත් වුණා කිව්වා නේද?

ඔව්. මම 2006 වසරේ තමයි මිස්‌ ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණේ. ඒ ජැකලින් µර්ඩිනැන්ඩු සමග. එම තරගයේදී අර්ධ අවසන් පූර්ව වටය දක්‌වා පැමිණියා.

එතකොට ගුවන් සේවිකාවක්‌ වෙන්න තිබුණ අවස්‌ථාව මගහැරියේ ඇයි ?

ගුවන් සේවිකාවක්‌ වෙන්න මගේ හිතේ පොඩි ආසාවක්‌ තිබුණා. ඒකට හේතුව මිස්‌ ශ්‍රී ලංකා තරගයට අනුග්‍රහය දැක්‌වූ ශ්‍රී ලංකා ගුවන් සේවය නිසා. අම්මලා තාත්තලත් කැමැති වුණේ ගුවන් සේවිකාවක්‌ වෙනවට. මට ගුවන් සේවිකාවක්‌ වෙන්න අවස්‌ථාවක්‌ ලැබුණා. ඒ වුණාට මගේ දෛවය තිබුණේ මේ අංශයට.

ගුවන් සේවිකාවක්‌ වුණානම් මීට වැඩිය හොඳ නැතිද ?

හොඳයි කියලා හිතෙනවා. නමුත් මම මට ලද දෙයින් සතුටුවෙනවා. මගේ මොකක්‌ හරි වාසනාවක්‌ තිබෙනවා නම් මට දෙයක්‌ ලැබෙනවා. ගුවන් සේවිකාවක්‌ වෙන්න මට වාසනාව තිබෙන්න නැතුව ඇති. මට දැන් ලැබුණ දෙයින් මම සතුටුවෙනවා.

කාලෙන් කාලෙට එක එක දේවල් කරන්නේ ජීවිතයේ එක අරමුණක්‌ තිබුණෙම නැතිද?

පුංචි කාලේ නම් ලොකු අරමුණු තිබුණේ නැහැ. ආසාවට තමයි මිස්‌ ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණේ. ඒ කාලේ අරමුණක්‌ තිබුණා අවසන් මහා තරගයට හෝ සහභාගි විය යුතුයි කියලා. මම රූපලාවන්‍ය පිළිබඳ ඩිප්ලෝමාවක්‌ද හදාරලා තියෙනවා. මම හිතාගෙන ඉන්නවා එයින් ඉදිරියට යන්න. වාසනාව තිබෙනවා නම් මෙතැන ඉඳලා මගේ දෙයක්‌ මම පටන්ගත්තොත් දියුණුවෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

ගැහැනු ළමයෙක්‌ වුණහම එක අරමුණක්‌ තියෙන්න එපායෑ ?

මගේත් මුල ඉඳන් එක අරමුණක්‌ තිබුණා. නිරූපණය, රූපලාවන්‍ය කියන විෂයන්ට මම ගොඩක්‌ ආසයි. මුල ඉඳන් මම ඒවා ඉගෙන ගෙනත් තිබෙනවා. මම හිතාගෙන ඉන්නවා මගේ දෙයක්‌ ඉදිරියට පටන් ගන්න පුළුවන් වෙයි කියලා.

ලක්‌මිණි ජනප්‍රියත්වයට කැමැතිද?

ජනප්‍රියත්වයට කවුද අකැමැති.

ඒකද රඟපෑම තෝරාගත්තේ ?

අපොයි නැහැ. රංගනය ගැන මුලදී නම් ලොකු විශ්වාසයක්‌ තිබ්බේ නැහැ. වසූදා, හිරුට හොරෙන් ටෙලිනාට්‍යවල රඟපෑවට පස්‌සේ මම හිතුවා මට රංගනය පිළිබඳ යම් හැකියාවක්‌ තියෙනවා කියලා. ඒක ඉදිරියට වැඩිදියුණු කරගෙන යනවා.

දැන් කාලේ මේ ක්‍ෂේත්‍රය ගැන ඇහෙන කතා බැලුවහම හිතෙන්නේ නැතිද ගමට වෙලා හිටියා නම් හොඳයි කියලා ?

එක එක්‌කෙනාගේ පවුල් පසුබිම, හැසිරීම් රටාව එක්‌ක ඒ දේවල් වෙනස්‌ වෙනවා. මේ ක්‍ෂේත්‍රයට ගොඩක්‌ හොඳින් ආපු අය තමන්ගේ තත්aත්වයයි ජනප්‍රියත්වයයි සමබරව තියාගෙන යනවා. සමහර අයට තමයි මේ ක්‍ෂේත්‍රයේ ඉන්න ඕනෑ විදිහ තේරෙන්නේ නැත්තේ.

ගමකින් මේ ක්‍ෂේත්‍රයට එන තරුණියකට විවිධ බලපෑම්වලට ලක්‌වෙන්න වෙනවා කියනවා. මේ කතාව ඇත්තක්‌ද?

මේ තැනට එන කෙනෙකුගේ දක්‍ෂතාවක්‌ තිබෙනවා නම් කවදාවත් එම දක්‍ෂතා නැතිකරන්න බැහැ. මම නම් හිතන්නේ තමන්ගේ කැපවීමෙන් ඉදිරියට එන අයට එවැනි බලපෑම් නෑ කියලා. ඕනෑම තැනක බලපෑම් තියෙනවානේ.

ඔබට එවැනි බලපෑම් ඇතිවෙලා නැතිද?

මට නම් තවම එවැනි බලපෑම් ඇතිවෙලා නැහැ. මොකද මම තවම ගමන් යන්නේ අම්මත් එක්‌ක හෝ තාත්තත් එක්‌ක. ඔය කියන බලපෑම් මට දැනට නම් ඇවිත් නැහැ.


දිනේෂ් විතන
ඡයා-නදුන් බදුගේ


Divayina
READ MORE - මම ටිකක්‌ කටකාරයි තමයි.

රඟපෑම මගේ 23 වැනි රස්සාව

රඟපෑම මගේ 23 වැනි රස්සාව


සරත් කොතලාවල

රංගන ශිල්පියකු ලෙස සරත් කොතලාවල වේදිකාවත් ටෙලිනාට්‍යයත් සිනමාවත් යන ඕනෑම ක්ෂේත්‍රයකට සූදානම් කෙනෙක්. සරත් මේ දිනවල සිය නවතම වේදිකා නිර්මාණය ‘නරි බුරති’ රැගෙන රට වටා යනවා. ඒ සියල්ල අතරේ වෘත්තියෙන් ම රංගන ශිල්පියෙකු ලෙස ඉන්න සරත් තිර පිටපත් රචකයකු විදිහටත් සිය දායකත්වය කලාවට ලබාදෙන්න පටන් අරන්.
අලුත් වැඩකටයුතු කිහිපයක් නිසා මේ දවස්වල ඔබ තරමක් කාර්ය බහුල කෙනෙක් කියල ආරංචියි.
මේ දවස්වල මම වැඩි හරියක් ඉන්නේ නුවර පැත්තේ. ඒ සුනිල් අරුණ වීරසිරිගේ නවතම සිනමා පටය ‘වීර්යයා’ රූගත කිරීම නුවර පැත්තේ සිදුවෙන නිසා. ඒ නිසා ඒ රූගත කිරීම් වලට එක්වෙලා ඉන්න අතරම මමත් කුමාර තිරිමාදුරත් එකතු වෙලා අලුත් සිනමා තිර පිටපතක් රචනා කළා. එය අලුත් අත්දැකීමක් ඔස්සේ ගොඩනැගුණ ලස්සන කතාවක්. ‘තණ්හා රතී රඟා’ කියන එම සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නේ නිලෙන්ද්‍ර දේශප්‍රිය. ඒ වැඩකටයුතු අතර තුරම ‘නරි බුරති’ වේදිකා නාට්‍යයත් අරගෙන ලංකාව පුරාම යනවා.
අද ඔබ වෘත්තියෙන් ම රංගනය ද තෝරාගෙන ඉන්නේ.
පැහැදිලිවම මගේ වෘත්තිය මේක තමයි. මේ වැඩකටයුතු අතරේ රැකියාවක් කරන්න අමාරුයි. ඇත්තනම් රැකියාවක් කරනවා වගේ රංගනය කියන දේ ස්ථිර නැහැ. ලැබෙන කොට ලැබෙනවා නැත්නම් නැහැ. දැන් රස්සාවක් කළොත් මේ සිස්ටම් එක වෙනස් වෙනවා. එකම දේ අපිට කියලා අරමුදලක් නැහැ. අවුරුදු 55 ඉවරවෙන කොට පැන්ෂන් එකක් නැහැ.
ඉතිං වැඩ කරන කාලේ වැඩ කරන්න ඕන. මේ තුළ යම් නිදහසක් ලැබෙනවා. අධ්‍යයනය කරන්න, චිත්‍රපටයක් බලන්න, වේදිකා නාට්‍යයක් බලන්න. එය රංගන ශිල්පියකු විදිහට ගොඩක් වැදගත් කියලා හිතනවා. කොහොමත් මම පෞද්ගලිකව කැමැති නෑ රැකියාවක් කරන්න. නිදහසේ වැඩ කටයුතු කරන්නයි එදා ඉඳලා ම මම කැමැති.
රංගනය වෘත්තියක් විදිහට කරගෙන ජීවත්වෙන්න පරිසරයක් අද කලාව තුළ හැදිලා තියෙනවාද?
මෙහෙම දෙයක් තියෙනවා අපේ රටේ අවුරුදු ගාණක තිබුණු යුද්ධය අවසන් වෙලා දැන් හොඳ පැහැදිලි ගමන් මගක් පටන් අරන් තියෙනවා. ඒ නිසා හොඳ තත්ත්වයක් කලාවේ තියෙනවා. එය සියයට සියයක් ම කියලා මට කියන්න බැහැ. වැඩ තියෙන අයට වැඩ තියෙනවා. වැදගත් ම දේ මේ ගැන හොඳ අධ්‍යයනයක් කරන එක. අලුත් දේවල් හොයාගන්න එක. එහෙම කෙනාට රංගනයේ යමක් කරන්න පුළුවන් කියලයි මගේ විශ්වාසය.
එතකොට ඔබේ ආරම්භය රංගනය. එයම තම ජීවන වෘත්තිය විදිහට ඔබ තෝරාගන්නවා.
මට විශ්වවිද්‍යාලයට යන්න ලකුණු දෙකක් මදි වුණා. එහෙමයි කියලා මම නිකම්ම හිටියේ නැහැ. ජීවිතේ කොහොම හරි ගැටගහගන්න රැකියා විසි දෙකක් මම කරනවා. සමහර ඒවා මාසයයි දෙකයි. කොහොමත් එක තැනක වැඩ කරන්න බැරි ස්වභාවයක් මට තියෙනවා. අනෙක අම්මා, තාත්තා මට ජීවත්වෙන්න පුළුවන් පසුබිමක් හදල තිබුණා. මගේ ගම් පළාත හෝමාගම. ඉතිං ගෙදර වී පොල් ඕන තරම්. කෑම බීම හිඟයක් තිබුණේ නැහැ.
ඉතිං ඒ නිසා ම මම කලාවට තල්ලු වුණා.
අද ඒක මගේ ජීවන වෘත්තිය බවට පත්වෙලා තියෙනවා.
නමුත් අද කලාවට බොහෝ දෙනෙක් ආවාට එක තැන රැදෙන්නේ නැහැනේ.
ඒකට ප්‍රධාන හේතුව තමයි අධ්‍යයනයක් නැතිකම. සාහිත්‍යය ඉතිහාසය නොදන්නා කම. නවකතාවක්, කෙටිකතාවක් කියවනවද? චිත්‍රපටයක් බලනවද? අද වර්තමානයේ ගොඩක් අය උත්සාහ කරන්නේ ස්ටාර් කෙනෙක් වෙන්න. දවසින් එක රැයින් ජනප්‍රිය වෙන්න. මම නම් හිතන්නේ කලාකරුවා කියන්නේ රටකට වගකියන්න ඕන කෙනෙක්. මිනිසුන්ගේ මානසිකත්වය යහපැත්තට ගන්න පුළුවන් කලාකරුවාට. චිත්‍රපට, කෙටිකතාව, නවකතාව, ගීතය සෑම දෙයින්ම වෙන්නේ ඔය දේ තමයි.
නිතරම ඔබ කියන අධ්‍යයනය කියන දෙයින් අදහස් කරන්නේ මොකක්ද?
තමන්ට වටිනාකමක් හදා ගත්තොත් ඉල්ලුමක් තියෙනවා. අධ්‍යයනය කරනවා කියන්නේ ජීවිතය විඳිනවා කියන එක. ලෝකයේ අනෙක් රටවල තියෙනවා,
රංගනය උගන්වන තැන්. නමුත් අපිට එහෙම නැහැනේ. රංගනය ගැන වුණත් එහි මායිම මේකයි කියලා කියන්න බැහැ. එහෙම කියන්න පුළුවන් තැනක් ලංකාවේ ඇත්තෙත් නැහැ.
ඒ නිසා එය තමා විසින් ම අධ්‍යයනය කළ යුතුයි කියලයි මම හිතන්නේ. චරිත පිළිබඳ අධ්‍යයනය කරන්න ඕන. එහි සියුම් තැන් හඳුනාගන්න ඕන. එයයි රංගන ශිල්පියකුට වැදගත් වෙන්නේ.
රංගනයට එනකොට බොහෝ දෙනෙක් හිතන්නේ තමන්ගේ බාහිර ස්වරූපය වැදගත් කියලයි.
මෙහෙමනේ කාලයක් කිව්වේ නළුවෙක් වෙන්න සුදු සමක්, කොණ්ඩේ රැලි ගැහිලා උස මහත වෙන්න ඕන කියලයි. ඔය ප්‍රතිරූපය කඩලා දැම්මේ ජෝ අබේවික්‍රම මහත්තයා. රූපය විතරක් තිබිලාම මදි රඟපාන්න බැරි නම්.


READ MORE - රඟපෑම මගේ 23 වැනි රස්සාව

විශේෂ හෙළිදරව්වක්...................????????????

එක ගීතයයි, රචකයෝ දෙතුන් දෙනයි

මේ බුද්ධිමය දේපළ අයිතිය කාටද



විශේෂ හෙළිදරව්වක්!


ගී පද රචනය බුද්ධිමය දේපළකි. සමහර විට එම බුද්ධිමය දේපළ සිතාමතාම මංකොල්ල කන අවස්ථා මෙන් ම වැඩි අවධානයක් නොදීම හේතුවෙන් සැබෑ නිර්මාණකරුට අහිමි වී යන අවස්ථා ද කොතෙකුත් දකින්නට ඇත. එවැනි අවස්ථා වලදී එකම ගී පද රචනය සඳහා වරින් වර රචකයින් දෙතුන් දෙනෙකුගේ නම් සඳහන් කෙරී ඇති බැව් ඒ පිළිබඳව විමර්ශනය කරනා කා හට වුව ද අනාවරණය කරගත හැකි කරුණකි. එහෙයින් ඇතැම් ගීත සැබැවින් ම පද රචනය කළ ගී පද රචකයින් කවුරුන් ද යන වග දැන ගැනීම බරපතළ ගැටලුවක් බවට ද පත් වී ඇත.
අප පමණක් නොවේ සිංහල ගී පද රචනා ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් ඉටු කර ඇති මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද එවැනි ගැටලුවලට මුහුණ පා අසීරුවට පත් වූ අවස්ථා ඇත. (උදාහරණයක් ලෙස සුනිල්ගේ ‘නූතන ගේය කාව්‍ය සංහිතා’ 2009 සිව්වෙනි මුද්‍රණයේ 59 පිටුවේ ඇලෝයි ගුණවර්ධන නමින් පළකර ඇති ‘පායා ඇයි හිනැහෙන්නේ’ ගී පදමාලාව ගුණරත්න අබේසේකර විසින් රචිත ගී පදමාලාවක් බවට දැනට කරුණු හෙළි වෙමින් තිබීම අපිට සැළකිල්ලට ගැනීමට පුළුවන)
විශේෂයෙන් ම මෙම ලිපියෙහි අප විසින් සඳහන් කරනු ලබන ඇතැම් ගීත නිර්මාණ කළ පද රචකයින්ගෙන් සමහරෙකු අද වනවිට ජීවතුන් අතර නොමැති හෙයින් ද ගී පට, තැටි, ගීත පොත් මෙන් ම විද්්‍යුත් මාධ්‍ය මගින් ද අදාළ ගී පද රචකයින් පිළිබඳ පරස්පර විරෝධීව නම් සඳහන් කරනු ලබන හෙයින් ද මෙම තත්ත්වය සැබෑ නිර්මාණකරුවන්ට හානිදායක වී ඇති අතර වඩාත් බරපතළ ගැටලුවක් බවට ද පත් වී ඇත.
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
නැති වී - නැති වී නම් ඇගෙ මූණේ
නිල්වන් දෙනෙතේ කාන්තී...!

(ගැයුම - එච්.ආර්. ජෝතිපාල)
“පායා ඇයි හිනැහෙන්නේ” ගීතයේ පද රචකයා ලෙස ගුණරත්න අබේසේකරගේත්, ඇලෝයි ගුණවර්ධනගේත් නම් වරින්වර යොදා ගෙන ඇති අතර එලෙස ඇලෝයිගේ නම ද වෙනත් පද රචකයින්ගේ නම් ද සඳහන් කෙරී ඇති තවත් ගීත කිහිපයක් මුලින් ම ඉදිරිපත් කරමු.
“සුවඳයි මුවේ මල් පැණි” (සරත් මුණසිංහ එනම් දැන් මීගහවෙල සුමනශාන්ත හිමි) - “මුලදී බැන්ඳ ආදරයක මිහිර” (කරුණාරත්න අබේසේකර) - “ඇස් දෙක වාගෙ හිටිය” (චිත්‍රානන්ද අබේසේකර) - “අහන්න මගෙ හොඳ පුංචි පුතේ” (කරු) - “මගෙ ජීවිතයේ සතු වී තිබූ දෙයක්” (කරු) - “පිළිගන්න මම චන්න ඇමැතී” (කරු) - “මා ලැබූ ජීවිතයේ” (ප්‍රේමකීර්ති ද අල්විස්) - “ආදරේ මට නෑ කියා” (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ) - “ආලය කාටත් පොදු දෙයකි” (කරු) එම ගීතය. එම ගීත පද රචනය කළේ ඇලෝයි විසින් ද නැත්නම් අප වරහන් තුළ සඳහන් කර ඇති ගී පද රචකයින් විසින් ද යන වග ගැටලුවක් නොවේ ද?
ගංගා යමුනා හා වුණා - සිසිලෙහි සිසිලක් පා වුණා
දෙහදක් අද දින යා වුණා - ඒ ඔයයි මමයි...!

(ගැයුම් - පැට්‍රික් දෙනිපිටිය, මල්ලිකා ද සිල්වා)
සිරිල් ඒ සීලවිමලගේ නම විටෙකත් තවත් විටෙකදී කරුණාරත්න අබේසේකරගේ නමත් පද රචකයා ලෙස යොදා ගෙන ඇති “හොඳ සිරියාවයි ආකාසේ” ගීතයේ බුද්ධිමය දේපළ අයිතිය කවුරුන් සතු විය හැකි ද? තවද සීලවිමල ද, ප්‍රේමකීර්ති ද නැත්නම් චිත්‍රානන්ද අබේසේකර ද සැබෑ පද රචකයා යන වග නිරාකරණය කරගත යුතු තවත් ගීතයකි.
“හිස් ටින් එකක් වගෙයි අපේ ජීවිතේ” නම් ගීතයක්. (අප දන්නා අයුරු නම් එය “දැන් මතකද” චිත්‍රපටය සඳහා සීලවිමල විසින් රචිත ගී පදමාලාවකි. එහෙත් තවත් පද රචකයින් දෙදෙනෙකුගේ නම් මේ ගීතයට ඈදුණේ කෙලෙසින් දැයි අපි නොදනිමු) “කවුද ඔබ කවුරුන්දෝ” ගීතයට ද පද රචකයින් ලෙස වරින් වර සීලවිමල, ප්‍රේමකීර්ති සහ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ යන තිදෙනාගේ නම් වෙන වෙනම සඳහන් වී ඇත.
“මල් කැකුලී කෝමලී මනාලී” ගීතයේ පද රචකයා ලෙස ජෝර්ජ් ලෙස්ලිගේ නම් වරෙක දීත් තව වරෙකදී රවිලාල් විමලධර්මගේ නමත් සඳහන් වී තිබේ. එසේ ම ‘’ඔකඳ වෙලා සිත” ගී පද මාලාවේ පද රචකයා ලෙස වරින් වර වෙන වෙන ම ධර්මසිරි ගමගේ. ජෝර්ජ් ලෙස්ලි සහ ක්ලැරන්ස් විජේවර්ධනගේ නම් යොදා ගෙන ඇත.
ක්ලැරන්ස් පද රචකයා ලෙස විටකදීත් තවත් විටක දී ප්‍රේමකීර්ති පද රචකයා ලෙසත් “මදහස පාලා ඔබේ අත දීලා” ගීත පදමාලාව වෙනුවෙන් යොදා ගෙන ඇත. එමෙන් ම “උමයංගනියෝ සුර ලාලනියෝ’ ගීතයේ පද රචකයා ලෙසින් ද ක්ලැරන්ස්ගේ නම මෙන් ම කරුණාරත්න අබේසේකරගේ සහ කේ.ඩී.කේ. ධර්මවර්ධනගේ නම් ද වෙන් වශයෙන් යොදා ගෙන තිබීම අපට නම් ගැටලුවකි. “ඈත රන් විමන්” ගීතයට ද පද රචකයා ක්ලැරන්ස් ගේ නම සේම ෂෙල්ටන් වීරරත්නගේ නම ද සඳහන් කෙරී ඇත.
“මල් පිබිදෙන එක වසන්ත සමයක” ගීතයට පද රචකයා ලෙස ක්ලැරන්ස් ගේ නම සේම කරුණාරත්න අබේසේකරගේ නම ද වෙන වෙනම යොදා ගත් අවස්ථා ද ‘දිනෙක මේ නදී තිරේ’ පද රචකයා ලෙස ක්ලැරන්ස් ගේ නමත් කුලරත්න ආරියවංශගේ නමත් වෙන වෙනම සඳහන් වූ අවස්ථා ද ඇත.
මඟ තොටදී හමුවෙද්දී - අපට කතා හැදුණා
ලොව කැළඹී ගිනි ගද්දී - දෙදෙනා
කතා කෙරුවා...!

(ගැයුම - මිල්ටන් මල්ලවආරච්චි)
“මඟ තොටදී” යනුවෙන් ඇරඹෙන ගීත කිහිපයක් ම මිල්ටන් මල්ලවආරච්චි විසින් ගායනා කර ඇති අතර එම ගීත සඳහා ද වරින්වර ගී පද රචකයින් කිහිප දෙනෙකුගේ නම් යොදා ගෙන ඇත. ඒ මෙසේ ය. “මඟ තොටදී හමු වෙද්දී” ගීතයට කේ.ඩී.කේ. ධර්මවර්ධන සහ ප්‍රේමකීර්ති ද අල්විස් ලෙසින් ද ‘මඟ තොට දී හමුවෙලා’ ගීතයට කේ.ඩී.කේ.., ප්‍රේමකීර්ති සහ ක්ලැරන්ස් ලෙසින් ද - ‘මඟ තොටෙහි ද නැත හමුවෙන්නේ” ගීතයට වර්නන් පෙරේරා, ප්‍රේමකීර්ති සහ කේ.ඩී.කේ. ලෙසින් ද වේ.
කේ.ඩී.කේ. ධර්මවර්ධන පද රචකයා ලෙසින් වරෙක සඳහන් වී ඇති “හවසට පායා අරුණේ සැඟවෙන” ගීතයේ පද රචකයා ලෙස තවත් වරෙක දී ප්‍රවීණ සංගීතඥයෙකු ව සිට නැසී ගිය ස්ටැන්ලි පීරිස්ගේ නම ද සඳහන් කෙරී ඇති අතර “ආදරේ රන් බිඟුන් නැසු බාඳුරා මල” ගීතයේ පද රචකයා ලෙස කේ.ඩී.කේ. ගේ මෙන් ම ප්‍රේමකීර්තිගේ නම් වෙන වෙනම යොදා ගත් අවස්ථා ද ඇත. එමෙන් ම “වෙන්වන්නවදෝ ළං වූවේ” සහ “ළංවන්නවදෝ වෙන් වූවේ” යන ගීත පද මාලාවන්ට ද රචකයින් දෙදෙනෙකුගේ නම් වෙන වෙනම සඳහන් කෙරී ඇත. ඒ, කේ.ඩී.කේ. සහ උපාලි ධනවලවිතාන ගී පද රචකයින්ගේ නම් ය.
උපාලි ධනවලවිතාන ගී පද රචකයා ලෙස වරෙක සඳහන් කෙරෙන “වලා වියන් තරු සෙවණේ සිහින සැදැල්ලේ” ගීතයේ පද රචකයා ලෙස තවත් වරෙකදී සඳහන් කෙරෙන්නේ ගාමිණී විජේතුංග යනුවෙන් ය. එසේ ම ‘අතීත දිවියේ අනන්ත අඳුරේ’ ගීතයට ද වෙන් වෙන්ව උපාලිගේත් කරුණාරත්න අබේසේකරගේත් නම පද රචකයා ලෙස සඳහන් වී ඇති අතර ‘මංගල නැකතින් යන්නට’ - ‘හදවත ඉල්ලා’ - ‘මේ ගංගා ධාරේ’ සහ ‘රුවට රුවේ සකුරා ඉවුරේ’ වැනි ගීත සඳහා පද රචකයා ලෙස උපාලිගේ නමත් එකී ගී අනුපිළිවෙළට සේන සමරසිංහ, වර්නන් පෙරේරා, ආචාර්ය අජන්තා රණසිංහ සහ කුලරත්න ආරියවංශ යන ගී පද රචකයින්ගේ නම් සඳහන් කෙරී තිබේ.
අජන්තා ගී පද රචකයා ලෙසින් විටෙකදී සඳහන් කෙරී ඇත “මාළිගා පෙම් මාළිගා” ගීතයේ තවත් විටෙකදී පද රචකයා ලෙසින් සඳහන් කෙරී තිබෙන්නේ පේ‍්‍රමකීර්ති ය. ප්‍රේමකීර්ති ගී පද රචකයා යයි විටෙක සඳහන් කෙරී තිබෙන ‘කුරුල්ලනේ මේ රාජ කුමාරිට කුමාරයෙක් නෑ” ගීතයේ පද රචකයා ලෙස අජන්තාගේ හෝ උපාලිගේ නම් සඳහන් කෙරුණු අවස්ථා ද වේ. “හන්තානේ කඳු මුදුන සිසාරා” ගීතයේ පද රචනයට ද අජන්තාගේ නම වරෙක සඳහන් වන අතර තවත් වරෙකදී විජය රාමනායකගේ නම සඳහන් වේ.
“මනලෝලි මනමාලියේ” ගීතයේ පද රචකයා රූකාන්ත ගුණතිලක ලෙස සඳහන් කෙරෙන අවස්ථාවන් මෙන් ම හේමසිරි හල්පිටගේ නම සඳහන් වන අවස්ථා ද වේ.
දසක ගණනක් පුරා නත්තල් සමයේ දී ඇසෙන “පුළුන් වගේ සුදු රැවුල දිගයි” ගීතයට සහ “සිහිල් සුළං පාවී දස අතට හමන්නේ” ගීතයටත් පද රචකයින් ලෙස දෙදෙනෙකුගේ නම් වරින්වර යොදා ගෙන තිබේ. ඒ - උපාලි අත්තනායක සහ සී.ඩී. ෆොන්සේකාගේ නම් ය.
ජනප්‍රිය ළමා ගීත දෙකක් වන ‘හිංචි පිංචි හාවා’ සහ ‘ටක් ගානවා ටික් ගානවා’ සඳහා ද ගී පද රචකයින් සිව් දෙනෙකුගේ නම් සඳහන් කෙරෙමින් ඇත. ‘හිංචි පිංචි හාවා’ ගීතයේ පද රචකයා ලෙස ක්ලෝඩ් ද සොයිසාගේ සහ කරුණාරත්න අබේසේකරගේ නම් ද ‘ටක් ගානවා ටික් ගානවා’ ගීතයේ පද රචකයා ලෙස ප්‍රේමකීර්ති ද අල්විස්ගේ සහ ඈ. ලයනල් ද සිල්වාගේ නම් වෙන් වශයෙන් වරින්වර සඳහන් කෙරේ.
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේ ම සිත් යාවුණා
දසුනින් ම හසුනක් මවා...!

(ගැයුම - සනත් නන්දසිරි)
මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ගයන ‘දඟකාර ඔය දෑස’ ගීතය අප දන්නේ සුනිල් ගුණවර්ධන විසින් රචිත ගී පදමාලාවක් ලෙසින් ය. එහෙත් මෑතකදී පුද්ගලික විද්්‍යුත් මාධ්‍යයකින් අසන්නට ලැබුණේ මෙම ගීතයේ පද රචකයා ප්‍රණීත් අබේසුන්දර බැව් ය. එමෙන් ම සඳළු තලේ සිට පෙරමඟ බලනා මානවිකාවියෙ’ ගීතයේ පද රචකයා ලෙස නිමල් රත්නසිරි රූපසිංහ අප හඳුනාගෙන උන්නත් එම ගීතයේ පද රචකයා ලෙස සුනිල් ගුණවර්ධනගේ නම් සඳහන් වූ අවස්ථා ද ඇත.
“මැණිකේ ඔබේ සිනාවේ” ගීතයේ පදමාලාවට ද විමලදාස පෙරේරා සහ හේම ශ්‍රී ද අල්විස් යන පද රචකයින් දෙදෙනාගේ නම් වෙන වෙනම වරින්වර සඳහන් කෙරී ඇති අතර හේම ශ්‍රී සහ තලවතුගොඩ සරත් චන්ද්‍රසිරි ‘මගෙ දෑසෙ කඳුළු’ ගී පදමාලාවේ අයිතිය සඳහා මේ දිනවල ‘රසඳුන’ මගින් කරුණු සනාථ කරමින් සිටියි. ඒ හා සමගාමීව ‘රුවන් අඹර සෙමර සලන’ ගීතයේ පදමාලාවේ අයිතිය පිළිබඳව ද ලලිත් එස්. මෛත්‍රිපාල සහ ලයනල් සී. ද අල්විස් ගී පද රචකයින් දෙදෙනාගේ නම් සඳහන් කෙරෙමින් තිබෙනු නොරහසකි.
කරුණා සුවඳ තවරාලු මුව පියුමේ
මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ...!

(ගැයුම - නිහාල් නෙල්සන්)
කරුණා සුවඳ තවරාලු මුව පියුමේ’ ගීතයේ පදමාලාව ද අප හොඳින් හඳුනා ගෙන සිටි නැසීගිය ගී පද රචකයෙකු වූ කොලින්ස් අලුත්ගේ විසින් රචිත ගීතයක් වුව ද එම ගීතයේ පද රචකයා ලෙස ගායන ශිල්පී නිහාල් නෙල්සන් ගේ නම සඳහන් වී තිබෙනු ද දක්නට ලැබුණි.
ලලිත කලා ඔප කරනා
සීගිරි ළඳුනේ ඇයි ඔබ තනි වී
ශෝ දුකිනී ඉන්නේ...!

(ගැයුම - චිත්‍රා සෝමපාල)
අතීතයේදී අපට ඇසුණු ඉතා රසබර ගීත ගණනාවකම පද රචකයින් අවිනිශ්චිත වී ඇති අතර ‘ලලිත කලා ඔප කරනා’ ගීතය ද ඊට අයත් වී ඇත. කෙනෙකු ‘ලලිත කලා’ ආටිගල සරත්චන්ද්‍රගේ පදමාලාවකැයි සඳහන් කරද්දී, විද්්‍යුත් මාධ්‍යයකින් එය පියසේන කොස්තාගේ පදමාලාවක් ලෙස හඳුන්වා ඇත. තවත් තැනෙක එම ගීතය හර්බට් ඇම්. සෙනෙවිරත්නගේ පදමාලාවක් යනුවෙන් සඳහන්ව තිබෙනු ද දුටුවෙමු.
“කෝ අද මැණිකා කොහෙද ගියේ” ධර්ම ශ්‍රී කල්දේරා විසින් රචිත ගීතයකැයි තැනෙක සටහන් වන අතර එය කරුණාරත්න අබේසේකර විසින් රචිත ගීතයක් ලෙස ද සඳහන් ව තිබේ. එසේ ම “දීපශිඛා දැල්වේ ජීවිත මේලාවේ” ගීතයේ පදමාලාවේ රචකයා ලෙස ධර්ම ශ්‍රී ගේ නම මෙන් ම කරුගේ නම ද වෙන වෙනම යොදා ගෙන තිබෙනු ද දකින්න ලැබුණි.
“දුර පෙනෙන තැනිතලා’ ගීතයේ පද රචකයා ලෙස සරත් විමලවීරගේ නමත් ආටිගල සරත්චන්ද්‍රගේ නමත් වෙන වෙනම කියැවේ. “ඈ නීල වරළ පීරලා” ගී පදමාලාව ද පද රචකයා පිළිබඳ ගැටලු සහිත ගී පදමාලා අතරට එක්වන්නේ එහි පද රචකයා ලෙස වරෙක දී කරු ද, තවත් විටෙකදී සරත් මුණසිංහ ද, මේ වනවිට ධනපාල උඩවත්ත ද නම් කෙරී ඇති හෙයින් ය. “මම බොහොම බය වුණා” ගීතයේ පදමාලාවට හිමිකරු ලෙස එම්.එස්. ප්‍රනාන්දුගේ නමත් වොලී බැස්ටියන් ගේ නමත් වෙන වෙනම සඳහන් වූ අවස්ථා දක්නට ලැබුණි.
“ඇයි දුක් වන්නේ කරදර වන්නේ” කරු විසින් රචිත පදමාලාවක් ලෙස මෙන් ම බ්‍රයන් ප්‍රනාන්දු විසින් රචිත පදමාලාවක් ලෙසින් ද සඳහන් කෙරී ඇත. “ඔබ නිදන්න” ගීතයේ පද මාලාවට කරු, අජන්තා සහ මෙල්රෝයි ධර්මරත්න වෙන වෙනම පද රචකයා ලෙස සඳහන් කෙරී ඇති අතර “ආයුබෝවන් ජපන් ළදේ සයොනාරා” ගීතයේ ද පද රචකයා ලෙස කරු සහ මෙල්රෝයිගේ නම් වෙන වෙනම සඳහන් කෙරි ඇත. “උන්මාදිනියේ වෙන් වී යන පිටුපාලා’ ගීතයේ පද රචකයා ලෙස කරුගේ නමත් ලලිත් එස්. මෛත්‍රිපාල ගේ නමත් වෙන් වශයෙන් සඳහන් වී තිබෙනු දකින්න හැකි විය.
“මේ පාළු මාවතේ” ගී පද රචකයා ලෙස ද කුලරත්න ආරියවංශගේ සහ වර්නන් පෙරේරාගේ නම් වෙන් වෙන්ව යොදා ගෙන තිබේ.
“සඳ වැසුනට ඉර ගිලුණට කමක් නෑ” සහ “සුජාතා” ගීත පදමාලා සිසිර සේනාරත්න විසින් රචිත ඒවා බැව් මෙන් ම ‘සඳ වැසුණට’ කරු විසින් රචිත ගීතයක් බැව් ද, ‘සුජාතා’ හර්බට් ඇම්. සෙනෙවිරත්න විසින් රචිත ගීතයක් බැව් ද සඳහන්ව ඇති අයුරු ද අප දුටුවෙමු.
ගායන ශිල්පී සී.ටී. ප්‍රනාන්දු විසින් ගයන ලද ගීත කිහිපයකම ගී පද රචකයින්ගේ නම් ගැටලු සහගත විය. “මේ ලෝකේ සැමා රසේ” (බිළිඳා නැළවේ උකුලේ) පද රචකයා ඇලන්සන් පියදාස ද නැත්නම් සරත් විමලවීර ද යන වග නිවැරදි ව කීමට වන්නේ වරින් වර වෙන වෙනම ඔවුන් දෙදෙනාගේ ම නම් එම ගීතයේ පද රචකයා ලෙස යොදා ගෙන ඇති නිසා ය. පහත දක්වන ගීත ද එම ගැටලුව සහිත ඒවා වේ. “කිමද සුමිහිරියේ’ (කරු/ සරත් විමලවීර) - “පින් සිදු වෙන්නේ අනේ බාල ළමුන්නේ” (ආර්.එන්.එච්. පෙරේරා/ විමලවීර) - ආනෙ ඩිංගක් ඉන්නකෝ’ (ඩී.සී. ජයසිංහ/ විමලවීර) - “අඹරුක් සෙවණැල්ලේ” (රත්නසේන ඩයස්/ විමලවීර) “මා බාල කාලේ” මාලනී විජේවීර/ විමලවීර) එම ගීතයන් ය.
ආදරෙ කරලා ඇති කරලා
රන් කූඩුවෙ දමලා ආහාර කවලා
පෙම් බස් දොඩවලා රස කරලා
ගියානෙ මාල ගිරවි මා තනි කරලා...!

(ගැයුම - මී මැස්සෝ)
ජනප්‍රිය කණ්ඩායම් ගීතයක් වූ ‘ආදරෙ කරලා ඇති කරලා’ ගීතයේ පද රචකයා ද ගැටලුවකි. වරෙක දී එහි පද රචකයා ජෝ.බී. පෙරේරා ය. විටෙක දී ජෝනස් පෙරේරා වන අතර තවත් විටෙකදී ලාල් හේවාපතිරත්න ය.
කරුණාරත්න අබේසේකර ද සිරි කුලරත්න ද “පියාපත් සළා මම ඔබ සොයා එම රැයේ” ගීතයේ පද රචකයා යැයි ගීත පොත් දෙකක් අතැතිව කෙනෙකු අපගෙන් විමසූ අවස්ථාවක් විය. ගී පොත් දෙකේ දෙදෙනාගේ ම නම් වෙන වෙනම පළ වී තිබුණි. අපගෙන් පැනය ඇසූ අය පැවසුවේ කැසට් පට දෙකක කවර වල ද මේ අයුරින් ම පළ වි තිබුණු බව ය. ඇත්තටම මේ බුද්ධිමය දේපළ කාගෙද? පිළිතුරු ලෙසින් කිසිවක් කීමට අපි අපොහොසත් වෙමු.
“රසඳුන” මෙම හෙළිදරව්ව කරනු ලැබුවේ සැබෑ ගී පද රචකයා කවරෙක්ද යන වග ගැටලු සහිතව (එක ගී පද රචනයට පද රචකයින් දෙතුන් දෙනෙකුගේ නම සඳහන් ව) සමාජ ගත වී ඇති ගීත අතළොස්සක් පිළිබඳව පමණි. මෙහි දැක් වූ ගීතයන්ට අදාළ හිමිකම් නිවැරදිව සනාථ කළ හැකි ගී පද රචකයින්ට සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ට සිය අයිතිය තහවුරු කරගැනීම උදෙසා ‘රසඳුන’ ඉදිරි කලාප වල ඉඩකඩ වෙන් කර දීමට අපි බලාපොරොත්තු වෙමු.



READ MORE - විශේෂ හෙළිදරව්වක්...................????????????

දැන්වත් මේ දෙන්නා කසාද බඳීද?



හොලිවුඩ් පුරවරයේ සුප්‍රකට තරු යුවළක් ගැන පසුගියදා අලුත්ම ආරංචියක් පැතිර ගියා. හැබැයි මේ ආරංචිය මීට වසරකට දෙකකට පෙරත් පැතිර ගියත් එය සැබෑවක් වූයේ නැහැ. ඒත් මෙවර නම් එය සැබෑවක් වන බවට ලකුණු පහළ වෙලා.
මේ ආරංචිය ආවේ සුප්‍රකට නළු නිළි යුවළක් වන ඇන්ජලිනා ජොලී හා බ්‍රැඩ් පිට් ගැනයි. පුවත පැතිර ගියේ බ්‍රැඩ් පිට්ගේ කලින් බිරිය වූ ජෙනිෆර් ඇනිස්ටන් හරහායි. ඒ පුවත වූයේ ජෙනිෆර් සිය කලින් සැමියා වූ බ්‍රෑඩ් පිට් හා ඇන්ජලිනා විවාහ ගිවිස ගැනීම ගැන මුළු හදවතින්ම සතුට පළ කළ බවයි. ඒ විතරක් නෙවෙයි ජෙනිෆර් මේ දෙන්නාගේ විවාහ උලෙළට සහභාගි වෙන්නත් පෙරුම් පුරමින් ඉන්නවාලු.
පස් වසරක විවාහ දිවිය අවසන් කරමින් ජෙනිෆර් හා බ්‍රැඩ්පිට් දික්කසාද වුණේ 2005 දීයි. බ්‍රැඩ් පිට් ට ඇන්ජලිනා මුණගැසුණේ ර්ප චදඤ ර්පඵ. ඉථඪබඩ චිත්‍රපටයේ රූගත කිරීම්වලදීයි. එතැන් සිට දෙදෙනා හත් වසරක් තිස්සේ එකට ජීවත් වෙනවා. හොලිවුඩ් පුරයේ ඔවුන් හඳුන්වන්නේ බ්‍රැන්ජලිනා නමින්.
බ්‍රැඩ් කලින් විවාහයෙන් වෙන්වෙද්දී ජෙනිෆර් ද ජස්ටින් තෙරෝක්ස් නමැති නළුවා හා හාදකමක් පටන් ගත්තා. බ්‍රැඩ් හා ඇන්ජලිනා නීතියෙන් විවාහ නොවුණත් ඔවුන්ට දරුවන් 6 දෙනෙක් ඉන්නවා. ඉන් තිදෙනෙක් ඔවුන්ගේ ම දරුවෝ. ඉතිරි තිදෙනා වෙනත් රටවලින් හදාවඩා ගැනීමට ගත් අයයි.
බ්‍රැඩ් පිට් හා ජොලි
ඒත් මේ දෙදෙනා සැම දරුවකුටම එකාවන්ව ආදරය කරනවා.
තමන්ගේ ජනප්‍රිය දෙමවුපිය යුවළ ළඟදීම විවාහ වීමට යන බව අසා ඔවුන් ද ඉමහත් සතුටට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
බ්‍රැඩ්-ජොලී යුවළ පසුගිය 16 වැනිදා විවාහ ගිවිසගත් පුවත දෙදෙනාටම සම්බන්ධ ආරංචි මාර්ග තහවුරු කළා. ඉස්සර මේ දෙදෙනා පැවසුවේ සැමටම (සමලිංගික යුවළවලට) සමාන විවාහ අයිතීන් ලැබෙන තුරු තමන් විවාහ නොවන බවයි. ඒත් දැන් ඔවුන් ඒ අදහස වෙනස් කරලා. ඊට හේතුව දරුවන් බවයි පවසන්නේ.
”දැන් අපට එපමණ කලක් බලා සිටින්න බැරිවෙයි. දරුවන්ගෙන් විවාහ වෙන්න කියා අපට කෙරෙන බලපෑම දැන් වැඩියි.” බ්‍රැඩ් පිට් පසුගියදාක පවසා තිබුණා.
”අපේ දරුවො ඔවුන් ඉතා කැමැති සුප්‍රසිද්ධ ශ්‍රේක් කාටුන් එකේ එන ශ්‍රේක් හා ෆියෝනා මෙන් අපත් විවාහ නොවන්නේ ඇයි දැයි මගෙන් අහනවා” යැයි ජොලී ද ළඟදී පැවසුවා.
දෙදෙනා විවාහ ගිවිසගත් පුවත වඩාත් තහවුරු වුණේ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමේ මුදුව නිර්මාණය කළ ශිල්පියා හරහායි.
ඩොලර් 250,000ක් වටිනා මේ මුදුව දියමන්ති ඔබ්බවා සකස් කළේ දෙදෙනාට අවශ්‍ය ආකාරයටයි. ඇන්ජලිනා මේ මෑතකදී මුදුව පැලැඳ සිටින අන්දම පුවත්පත් සේයාරූ පළ වූවා.
බ්‍රැන්ජලිනා යුවළ දරුවන් හයදෙනා සමඟ
ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමට මුලින්ම සුබපතා ඇත්තේ ජොලී ගේ පියා යි. ජොලී මීට පෙර දෙවරක් විවාහ වූ කෙනෙක්. කෙසේ වුවත්, තාමත් ඔවුන් සිය විවාහ මංගල්‍යය ගැන කිසිවක්ම ප්‍රකාශ කර නැහැ. ඒ නිසා මේ හොලිවුඩ් උදවියගෙ වැඩ ගැන තාම මුකුත් කියන්න නම් බැහැ.


සේමාලි කැල්ලපත


SILUMINA



READ MORE - දැන්වත් මේ දෙන්නා කසාද බඳීද?

සරසවි නිර්මාණ සම්මාන උළෙලේ, ප්‍රවීණයන්ට සම්මාන

Sunday, April 29, 2012

සරසවි නිර්මාණ සම්මාන උළෙලේ, ප්‍රවීණයන්ට සම්මාන

වේදිකා නාට්‍ය කලාවේ නියැලෙන අංකුර කලාකරුවන් දිරි ගැන්වීම සහ ප්‍රවීණයන්ට ප්‍රසාද ප්‍රණාම පිදීමේ අරමුණින් නාට්‍යවේදී ලීල් ආනන්ද ගජනායක ප්‍රමුඛ සරසවි නිර්මාණ පීඨය මගින් ඉදිරිපත් කරන සරසවි නිර්මාණ සම්මාන ප්‍රදානය විසි අට වැනිවරටත් පසුගියදා කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්විණ.
මෙහි මාධ්‍ය සම්බන්ධීකරණය සහ සහාය සිත්සෙත් කලා සංගමයේ සභාපති ඊ. ඩී. ශ්‍රියාපාලගෙනි.
මේ එම සම්මාන උළෙලේ නාම ලේඛනයයි.
හොඳම නිෂ්පාදනය:
කස කෙල්ල - සමීර නිශ්ශංක
ලයිට් හවුස් පොඩ්ඩෝ - ජනක උදාර පාරිස්
තු මං හන්දිය – එච්. පී. එරන්ද
හොඳම නළුවා:
සුජිත් මදුරාවෙල (ලයිට් හවුස් පොඩ්ඩෝ)
හොඳම නිළිය:
ඕෂධී සේනානායක (සොයා ගන්නම වෙනවා)
හොදම සහය නළුවා:
ලහිරු විජේසුන්දර (සහෘදයෝ)
හොඳම සහය නිළිය:
යුලාජි සංජානා ප්‍රනාන්දු (කස කෙල්ල)
හොඳම රචනය:
අමිතා රම්බඩිගල (විකසිත පෙම)
හොඳම සංගීතය:
රණවි අතුකෝරල (සොයා ගන්නම වෙනවා)
හොඳම වේදිකා පසුතල නිර්මාණය:
ජනක උදාර පාරිස් (ලයිට් හවුස් පොඩ්ඩෝ)
හොඳම අංග රචනය:
දිලිනි උත්සලා (කස කෙල්ල)
හොඳම ඇඳුම් නිර්මාණය:
රිද්මා මදෝරා ප්‍රනාන්දු (කස කෙල්ල)
සරසවි නිර්මාණ ප්‍රසාද පූජා සම්මාන:
බන්දුල විතානගේ
සෝමලතා සුබසිංහ
සේනානායක වේරලියද්ද
රවිබන්දු විද්‍යාපති
මීනා කුමාරි
නදී චන්ද්‍රසේකර
විශේෂ දායකත්ව සම්මාන:
චන්ද්‍රිකා ද සොයිසා
මාධ්‍ය ඇගයීම් සම්මාන:
අර්නස්ට් වඩුගේ
ගාමිණී සුමනසේකර
කරුණාරත්න අමරසිංහ

READ MORE - සරසවි නිර්මාණ සම්මාන උළෙලේ, ප්‍රවීණයන්ට සම්මාන

Nirosha Thalagala at a glance...

Saturday, April 28, 2012















This images own by Nirosha Thalagala. Under the Intellectual Property Act of Sri Lanka, Copying, Distributing, Editing, Publishing or Unauthorized use of these photos are strictly prohibited.

Nirosha Thalagala at a glance...


READ MORE - Nirosha Thalagala at a glance...

අනුලා ක්වීන්

රූ රැජනට ලස්සන විතරක් මදි

දෙරණ රූප සුන්දරිය විනූ උදානි



ඇසිපිය හෙළන සැනින් මේ අඟනාවෝ සුරඟනන් නොවන බව ඒකාන්තය. නමුදු දෙවරක් හෝ තෙවරක් හැරී නොබලා ඒ වග එකවර තීරණය කළ නොහැකි වන්නේ ඒ තරමටම ඔවුන් රූසපුවෙන් වර්ණවත් වන බැවිනි.
ඒ අතරිනුත් වඩාත්ම සුරූපිනිය වීම සැබෑම භාග්‍යයක්. 2012 ටී. වී. දෙරණ මිස් ශ්‍රී ලංකා ෆෝර් මිස් වර්ල්ඩ් තරගයේ ජයග්‍රහනයන් ලබා ගත් දෙදෙනා අතරින් විනු උදානි සිරිවර්ධන ඒ එක් භාග්‍යවන්තියකි.
විනු ඇත්තටම ලස්සනයිද?
මම හිතනවා මම ලස්සනයි කියලා. අනිත් එක මම ලස්සන නිසානේ මට මේ ජයග්‍රහණය ලැබුණේ. හැබැයි සුමුදුත් ජයග්‍රාහිකාවක්. එදා තරගය පැවැති අවස්ථාවේදීම දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා ෆොර් මිස් වර්ල්ඩ් ලෙස අභිෂේක ලබන්න තරම් මම වාසනාවන්ත වුණා.
රූ රැජිණක් වෙන්න ලස්සන විතරක් තිබුණොත් ඇතිද?
නෑ, නෑ. ලස්සන විතරක් නම් මදි. ලස්සනට අමතරව හොඳ පෞරුෂයක් වගේම උගත්කමත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මේ වගේ තරගකාරී තරගයකින් ජයග්‍රහණය ලබන්න.
විනුට කවුද මුලින්ම ලස්සනයි කියලා කිව්වෙ?
මගේ අම්මායි තාත්තායි වගේම අයියයි නංගිත් කිව්වා. ඉස්කෝලේ මගේ යාළුවොත් මට කියලා තියෙනවා මම ගොඩාක් ලස්සන කෙනෙක් කියලා. මගේ පාසල නුගේගොඩ අනුලා විද්‍යාලය. රුව නිසාම මම පාසලේ ළමයි අතර විතරක් නෙවෙයි, ගුරුවරු අතරත් ගොඩාක් ජනප්‍රිය කෙනෙක්. 2007 වසරේ සිට 2010 වසර දක්වා පැවැති අවුරුදු උත්සවවල මම අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳුවා. ඊට පසුව 2011 දී ‘අනුලා ක්වීන්’ වුණෙත් මමමයි.
‘පාසල් අවුරුදු කුමරිය’ තරගයෙන් එහාට තිබ්බ පළමු පියවර ද මේ?
මම ගිය පාරත් මේ තරගෙටම ඉදිරිපත් වුණාමට මගේ පාසලේ අවසරය අවශ්‍ය වුණා. නමුත් ඒ අවසරය ලබා ගන්න දීර්ඝ කාලයක් අවශ්‍ය වන නිසා මම තරගෙන් ඉවත් වෙලා ඒ අවස්ථාව වෙන කෙනෙකුට ලබා දුන්නා.
ඇයි විනුට හිතුණේ මේ තරගෙට ඉදිරිපත් වෙන්න?
මට අවශ්‍ය ජාත්‍යන්තරය ජයග්‍රහණය කරලා මගේ රටට කීර්තියක් ගෙන එන්න. ඒ සඳහා මම තෝර ගත්තේ මේ මාර්ගය. මම හිතනවා මගේ ඒ තෝරා ගැනීම නිවැරැදියි කියලා.
විනු රඟපාවිද?
බොහෝ දුරට.
ඇයි අවිනිශ්චිත පිළිතුරක්?
නෑ එහෙම නෑ. මට දැනටමත් දැවැන්ත සිනමාපටයකට ආරාධනා ලැබිලා තියෙන්නේ. ඒක බෞද්ධ කතාවක් ඇතුළත් චිත්‍රපටයක්. කොහොම වුණත් මම රඟපාන්නේ රටට ආදර්ශයක් දිය හැකි චරිතම විතරයි.
චිත්‍ර අඳින්නත් පුළුවන් කියලත් ආරංචියි. ඇත්ත ද ඒක?
ඔව්. මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඒ වගේම මට හොඳට නටන්නත් පුළුවන්. නර්තන අංශයෙන් සමස්ත ලංකා දක්වා තරගවලටත් මම සහභාගි වෙලා තියෙනවා.
මිස් වර්ල්ඩ් තරගෙට ඉදිරිපත් වෙන්නේ විනු ද?සුමුදු ද?
ඒ ගැන නම් හරියටම දන්නේ නෑ. අපි දෙන්නාගෙන් තේරීමක් කරලා ඒ තරගෙට එක් කෙනෙක්ව ඉදිරිපත් කරයි. නමුත් ඒ කාල වකවානුවෙම තවත් ජාත්‍යන්තර තරග හතරක් විතර පැවැත් වෙනවා. අපි දෙන්නා ලැබෙන අවස්ථාවන් අනුව අපේ රට නියෝජනය කරාවි.
එක කිරුළක් වෙනුවෙන් තරග කරලා අවසානෙදි කිරුළ බෙදා ගන්න වුණාද?
කිරුළ බෙදා ගන්න වුණේ නෑ. ඒ හා සමාන තවත් කිරුළක් තවත් කෙනෙක්ට ලැබුණා. එච්චරයි.
READ MORE - අනුලා ක්වීන්

තව පොඩ්ඩෙන් එදා මං ඉවරයි

තව පොඩ්ඩෙන් එදා මං ඉවරයි

පාලගේ ත්‍රාසජනක අත්දැකීම ඔහු උපසේන සුබසිංහය. ඒ නමින් හඳුන්වනවාට වඩා හැම දෙනාම ඔහු දන්නේ හඳුනන්නේ කෝපි කඩේ පාල නමිනි. නමින් නොදන්නා වූ ද පාල හැමදෙනාම රුවින් හඳුනයි. සටන් නළුවකු ලෙසට තම හැකියාවන් ප්‍රකට කළ උපසේන වරෙක ගායකයකු ලෙසට ද අපට හමු වෙයි.
පාල අයියේ ඉතින් කොහොමද?
මේ දිනවල මම තිලක් කුමාර රත්නායකගේ ටෙලි නාට්‍ය පිටපතක අවශ්‍ය පූර්ව වැඩ කටයුතුවලට සහභාගි වෙනවා. ඒ වගේම තිලක්ගේ තාම නමක් දාල නැති තවත් නාට්‍යකට සම්බන්ධ වෙලා ඉන්නවා.
කෝපි කඩේ හරහා ඔබ ගොඩ නඟා ගත් රසික ප්‍රසාදය අති විශාලයි.
මම මුලින්ම කෝපි කඩේට සම්බන්ධ වුණේ 1986 තිලක් කුමාර රත්නායක ලියූ නිරුවත කියන කතාවෙන්. මේකෙන් තමයි පාල කියන චරිතය රසිකයන් අතරට එන්නේ. එදා ඉඳල අවුරුදු විසි හතරක් තිස්සේ විවිධ කතා තුළ පාල කියන චරිතය හරහා ප්‍රේක්ෂකයාට හිතවත් වෙන්න මට හැකි වුණා. කෝපි කඩේ අසරණයාගේ කථාවේදී මට හොඳ සිද්ධියක් වුණා. මට තිබුණේ හිඟන්නෙකුගේ චරිතයක්. මිනිස්සු මම හිඟන්නෙක් කියල හිතාගෙන සල්ලිත් දාලා ගියා. පාල කියන්නේ කළු චරිතයක්. කෙනෙකුට මොකක් හරි ලණුවක් දීම තමයි කරන්නේ. කෙනෙකුට ලණුවක් දීල අහුවෙලා දඬුවම් ලබන පාලව දකින්න ප්‍රේක්ෂකයා කැමැතියි.
ඔබ කෝපි කඩේ හැර වෙනත් නාට්‍යවල දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි?
මම මේ වෙනකොට ටෙලි නාට්‍ය විසි පහකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. මගේ වැඩිපුර දායකත්වය කෝපිි කඩේට තමයි. මේකෙ රඟපෑමට සම්බන්ධ වෙලා ඉන්න නිසා කාලය මදි. මොකද සතියකට දවස් හතරක් විතර ඒකේ ෂූටින්වලට යන්න ඕනේ. ඒත් එක්කම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් කාලය මදිකම නිසා වෙනත් නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ අඩුවෙන්.
ඔබ මෙගා නාට්‍යවලට කැමැත්තක් දක්වන්නේ නැද්ද?
මෙගා නාට්‍යවලට මගේ අකැමැත්තක් නැහැ. මමත් මෙගාවල පබා හි කොටස් පනහකටත්, සරා හි කොටස් පනහකටත් රංගනයෙන් දායක වුණා. අද රංගනයට හොඳ දක්ෂ තරුණ තරුණියෝ ඇවිත් තියෙනවා.
නමුත් මේ අයව ප්‍රේක්ෂකයන්ට මතක හිටින්නේ නෑ. මොකද අපි හදා ගත්තුª නම වගේ කෙනෙකුට හදා ගත්තු නම තියා ගන්න අමාරුයි. නම රැක ගන්න තරුණ පරපුර ඉදිරියට යන්න ඕනෙ. මේ නිසා මෙගා නාට්‍යවල වරදක් නැහැ. මෙයින් ගොඩක් අයට රඟපෑමට අවස්ථාව උදා වෙලා තියෙනවා.
ඔබ මේ දිනවල ජොීතිපාල මහතා වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා නේද?
ටී. එම්. සංඝදාස මහතා පටන් ගත්ත ලංකා කලා පදනම මගින් ජෝති අයියා වෙනුවෙන් ගුණ සමරු හා සංගීත ප්‍රසංගයේ වැඩ කටයුතුවලට මම අවුරුදු විසි හතරක ඉඳලා කටයුතුª කරනවා. මේකට ලංකාවේ ඉන්න ප්‍රවීණ ගායක ගායිකාවොත් දිගටම සම්බන්ධ වුණා. ජෝති අයියා නැති වුණාට පස්සේ මර්වින් සිල්වා, සමන් අභයගුණවර්ධන යන මහත්වරුනුයි මමයි එකතු වෙලා මේ පදනම ඉදිරියට කරගෙන යනවා. මම මේ හැම ප්‍රසංගයකදීම ජෝති අයියා වෙනුවෙන් මගේ මුදල් පරිත්‍යාගයෙන් රෝද පුටු, ඇස් කණ්ණාඩි, කාච ප්‍රදානය කරනවා.
මම අවුරුදු විසි පහක විතර ඉඳලා ජෝතිගේ ගීත ගයනා කරනවා. මොකද ජෝති අයියා මාලිගාවත්ත ප්ලැට් එකේ ඉන්න කාලේ අපි ගොඩක් හිතවත් වුණා. ඒ කාලේ තමයි මට ගීත ගැයීමේ ආසාව ඇති වුණේ. මගේ යාළුවෙක්ගේ ‘සූරයන් අතර වීරයා’ චිත්‍රපටයේ ගීත පහක්ම සල්ලි ගන්නේ නැතුව කීවා. ජෝති අයියා සල්ලි මත්තෙම දුවපු මිනිහෙක් නෙමෙයි. ඔහු ජනතාව අතර සදා අමරණීයයි’
ඔබ සටන් නළුවෙක් විදිහටත් පෙනී ඉදලා තියෙනවා නේද?
මම සටන් ජවනිකා තිහක් විතර කරල තියෙනවා. මේ දිනවලත් මට සටන් ජවනිකාවකට ආරාධනයකුත් ලැබිලා තියෙනවා. සටන් ජවනිකා කියන්නේ චිත්‍රපටයක අවදානම් වැඩක්. ලංකාවේ සටන් ජවනිකා රඟපාන නළුවන්ට රක්ෂණයක් තියෙනවා නම් හොඳයි. මොකද සටන් ත්‍රාසජනක විදිහට කළ යුතු නිසා එය මොහොතකට හරි අතපසු වුණොත් ඔවුන් අසරණ වෙනවා. ඒ නිසා ඉන්දියාවේ වගේ ලංකාවේ ශිල්පීන්ට වන්දියක්, රකෂණයක් ලබා දෙනවා නම් හොඳයි කියලා හිතනවා.
රංගනයේදී අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?
ඇත්තටම ඔව්. මට ලංකාවේ ගෝඩ් ෆාදර් චිත්‍රපටයේ රඟපාන්න දර්ශනයක් තිබුණා මාව ගහක ගැට ගහල ගින්දර දාන එකක්. මේකෙදි මට ඉහළින් ගින්දර යන්න ඕනෙ. ඒත් ගින්දර සැරට ඇවිලුනේ නෑ. කවුද කෙනෙක් කීවලු මේකට පෙට්‍රල් දාන්න එතකොට ඇවිලෙයි කියලා. දැන් දර්ශනය ගන්න ලෑස්ති වෙනකොට ගින්දර මගේ ඇඟ ළඟටම ඇවිලුණා. එත් මම කලින්ම මගේ මොළෙන් හිතලා ගහේ බඳින ලණුව බුරුල් කරල තිබුණේ. ඒක නිසා මම ගහේ අනිත් පැත්තට කැරකුණා. නැත්නම් මම මෙලහකටත් නැති වෙන්න තිබුණා.
අප පැමිණ තිබෙන්නේ කතාබහේ අවසානයට.
අද මට රසිකයන් අතර නමක් දිනා ගන්න, මෙතනට එන්න උපකාර කළ අය සිහිපත් කරන්න ඕන. මුලින්ම සරත් ද සිල්වා, තිලක් කුමාර රත්නායක දෙදෙනා මට ලොකුª සවියක් වුණා.
ඒ වගේම මම අධ්‍යක්ෂවරු බොහෝ දෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා.
වර්තමානයේ සුදම් දයාරත්න. ඒ අය මට ගොඩක් උදව් කළා.
ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ ඩී. ජී. විපුල රත්නසිරි මහතාත්
වර්තමාන සභාපතිතුමාත් ඇතුළු පිිරිස මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ.
READ MORE - තව පොඩ්ඩෙන් එදා මං ඉවරයි

කොස්තාපල් පුඤ්ඤසෝම

මහේන්ද්‍ර, කොස්තාපල් පුඤ්ඤසෝම වී උදයකාන්තගේ නවතම සිනමාපටයට . . .


තිරගත වන්නට චිත්‍රපට දෙකක් තිබියදී උදයකාන්ත වර්ණසූරිය තවත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කරයි.
කොස්තාපල් පුඤ්ඤසෝම නම් වූ එය තම රාජකාරිය අවංකම ඉටු කිරීමට වෙර දැරීමට උත්සාහ කරන පොලිස් නිලධාරියකුට මුහුණ පාන්නට සිදුවන ත්‍රාසජනක හා හාස්‍යමය සහ විනෝදාත්මක අත්දැකීම් ඇසුරෙන් තිර පිටපත සකස් වූවකි.
මහේන්ද්‍ර පෙරේරා කොස්තාපල් පුඤ්ඤසෝම ලෙස මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර ශ්‍රියන්ත මෙන්ඩිස්, ශ්‍රීනාත් මද්දුමගේ, දුලීකා මාරපන, ගාමිණී හෙට්ටිආරච්චි, රවීන්ද්‍ර යසස්, රොනී ලීච්, ජනක රණසිංහ, විරාජ් ජයසිරි, මැණික් විජේවර්ධන, චතුර පෙරේරා, ලහිරු මුදලිගේ, ලසන්ත උඩුකුමාර සෙසු චරිත සඳහා දැනට තෝරා ගෙන තිබේ.
අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂණය කරන මෙහි ශබ්ද සැලසුම්කරනය සහ සංස්කරණය ප්‍රවීණ් ජයරත්නගෙනි. වසන්ත විට්ටච්චි අංග රචනා ශිල්පියාය. ඩොනල්ඩ් ජයන්ත සහය අධ්‍යක්ෂණයෙන් එක්වෙයි. නිෂ්පාදන කළමනාකරණය අශෝක ආරියරත්නගෙනි. මනෝජ් ප්‍රියන්තගේ කලා අධ්‍යක්ෂණයකි. ශාන් පෙරේරා නැටුම් අධ්‍යක්ෂවරයාය.
කතාව දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය උදයකාන්තගෙනි. බහුරූ චිත්‍රපට වෙනුනේ ඒ. විජේසූරිය, යොහාන් ප්‍රේමරත්න සහ බන්දුල වීරක්කොඩි නිෂ්පාදනයට සහය වෙති.
කොස්තාපල් පුඤ්ඤසෝම උදයකාන්තගේ 18 වැනි සිනමා නිර්මාණය වේ. ඔහු නිර්මාණය කළ රන්කෙවිට ධ්ධ් සහ සෙනසුරු මාරුව මේ වසරේදී තිරගතවීමට නියමිතය.
මැයි නව වැනිදා කොස්තාපල් පුඤ්ඤසෝම හි රූගත කිරීම් ඇරැඹේ.

SARASAVIYA
READ MORE - කොස්තාපල් පුඤ්ඤසෝම

මගෙන් වූ වරද ඔහුට පවසන්නේ කොහොමද?

මගෙන් වූ වරද ඔහුට පවසන්නේ කොහොමද?


ඔබේ කඳුළු කතාව අහන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි ආදරණීය උපේක්ෂා. කවුරුවත් සවන් යොමු නොකරන ඔබේ ගැටලු ලියන්න ඇයට.
ආදරණීය උපේක්ෂා, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10.

උපේක්ෂා අක්කේ මගේ ගම ඇඹිලිපියේ. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත මං කොළඹ ඉස්පිරිතාලෙන් ප්‍රතිකාර ලබනවා. රෝගීන් බැලීමට අවසර දෙන වෙලාවන්වලදී යාබද ඇඳන්වල ඉන්න අයගේ ඥාතීන් ඔවුන්ව බැලීමට එනවා. ඒත් අපේ ගෙවල් දුර නිසා මාව බලන්න කවුරුවත් එන්නේ නැහැ. මං හරිම පාළුවෙන් ඉන්නේ.

නිශාන්ති රත්නපාල
මට ඇත්තටම ඔබ ගැන දුකයි නගෝ. අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඔබ අනම් මනං ගැන හිතන්නේ නැතිව රෝගය සනීප කර ගන්න බලන්න. ඔබේ නෑදෑයෝ ඉන්නේ සමීපව නෙවෙයි. ඒ හින්දා ඒ අය නොඒම පිළිබඳ ඔබ දෙපාරක් හිතන්න. කෙනෙකුගේ දුකේදියි ළඟ ඉන්න ඕනේ.

මං කොළඹ රැකියාවකට ආව තරුණයෙක්. කුණු ට්‍රැක්ටරයක සහයකයෙකු ලෙසයි මට වැඩ කරන්න ලැබුණේ.
මං මගේ රැකියාව ගමට වසං කළා. ළඟදී කොළඹ ආව මගේ මිත්‍රයෙක් මාව දැකලා ඔහු ගමේ හැම තැනම මගේ රැකියාව පිළිබඳ උපහාසාත්මකව කතා හදලා. මට දැන් ගමට මුහුණ දෙන්න ලැජ්ජයි.

අනිල් ජයන්ත
කුරුණෑගල, කටුපොත
දියුණු වන්නට රැකියාවෙහි තත්ත්වය බලපාන්නේ නැහැ. ඔබේ රැකියාව හොඳටම ප්‍රමාණවත් අනාගතයේදී හොඳ තැනකට එන්න. ඔබේ මිත්‍රයා ඔබ ගැන කියන බොරු කතන්දරවල ඇත්ත සිදුවීම් ළඟදීම හෙළිදරව් වේවි. මොන දේ වුණත් ඔබේ වෘත්තීය ගැන ගමේ අයට තතු පහදා දෙන්න.


මං ලබන වසරේ අපොස සා/පෙළ ලියන්න සූදානම් වන ශිෂ්‍යයෙක්. අසාමාන්‍ය අන්දමින් පාසලේ ගුරුවරු මාව කොන් කරනවා. අක්කේ, මේක මට මානසික වධයක්.

අශේන් චින්තක
නුවර
ඔබව කොන් කරන්නේ හේතුවක් ඇතුව වෙන්න පුළුවන්. ප්‍රථමයෙන් එය සොයා ගන්න. ගුරුවරුන් සමඟ විනයක් ඇතුව ඒ ගැන කතා කරන්න. සමහර විට ඔබේ ඇති අඩුපාඩුවක් නිසා ඔවුන් ඔබව සමච්චලයට භාජනය කරනවා ඇති. හැබැයි මේ තත්ත්වය දිගින් දිගටම තිබුණොත් මව්පියන්ව දැනුවත් කරලා විදුහල්පතිතුමා වෙත කැඳවාගෙන ගොස් ඔවුන් හරහා විදුහල්පතිතුමාව දැනුවත් කරන්න.


අක්කේ මං බස්රථවල විරිදු කියන ළමයෙක්. මට අනාගතය ගැන බයයි. කොපමණ රැකියාවන් හෙව්වත් මට නොලැබුණු නිසා කරන්නම දෙයක් නැති තැනයි බස්වල සිංදු කියන්න පටන් ගත්තේ.

ගයාන් මිතුන්
මැණික්හින්න
අනාගතය ගැන බය වෙන්න එපා දරුවෝ. ඔබට ඉක්මනින් රැකියාවක් හම්බ වේවි. නිකරුණේ කාලය ගත කර කර ඉන්නේ නැතුව මේ වගේ වැඩක් හෝ කරන එකට මං සතුටුයි. අභියෝගවලට මුහුණ දෙමින් ජීවිතය ජය ගන්න බලන්න. එතකොට කවදාවත් ඔබට වරදින එකක් නැහැ.


මගේ අතින් සමීපතමයකුට අනතුරක් වුණා. ඔහු දන්නේ නැහැ මගේ අතින් ඒක වුණු විත්තිය. ඒ අත් වැරැදීමෙන් ඔහුට යම් තුවාලයක් සිදු වුණත් දැන් ඔහුට සනීපයි. මට දැන් ඒක ඔහුට කියන්න ඕනේ. ඒක දැනගත්තට පසුව ඔහු මාත් සමඟ අමනාප වේවිදෝ යැයි සැකයි.

විදුශාන් ප්‍රනාන්දු
මාවනැල්ල
ඔහු සන්සුන්ව සිටින මොහොතක ඔබේ අතින් වූ වැරැද්ද ඔහුට පවසන්න. ඔබ හිතලා කරපු දෙයක් නොවන නිසා යාළුවා ඒ බව වැරැදියට තේරුම් නොගනීවි.
පිට අයකුගෙන් ඇත්ත දැනගන්නවාට වඩා ඔබම ඇත්ත පවසන එක නුවණට හුරුයි.


අක්කේ, මගේ සිතේ කෙනෙකුට ආදරයක් තියනවා. ඇය මගේ ලේ නෑයෙක්. ලේ නෑයන් අතර විවාහයන් හොඳ නැහැ කියා කියනවා නේද?

චන්දන හේවාවසම්
දඹගොල්ලෑව
ඔබ කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඔහු දෙන අවවාද අනුව ක්‍රියා කරන්න. ඔබේ ගැටලුව අවදානම් බව වෛද්‍යවරයා කිව්වොත් හැකිතාක් ඉක්මනින් සම්බන්ධය නවත්වන්න උත්සාහ කරන්න. දැන දැන අමාරුවේ වැටෙන්න එපා.


දුවේ මං වැඩිහිටි නිවාසයක තනි වූ තිදරු මවක්. මේ අවුරුද්දේ මගේ දරුවන් තිදෙනාගෙන් එක් අයකුවත් මාව බලන්න ආවේ නැහැ. මං හරිම කම්පනයෙන් ඉන්නේ.

අයිරින් සිල්වා
පන්නල
අම්මේ ඔබේ කතාවට මට දුකයි. ලෝක ධර්මතාවය මේ බව සිතා සැනසෙන්න බලන්න. ඔබ හොඳ යාළුවෙක් හොයා ගන්න. යාළුවත් සමඟ දුක සැප බෙදා ගන්න. පුළුවන් කාලයේ කරපු දේවල් ගැන සිතා සැනසෙන්න.

 

SARASAVIYA
READ MORE - මගෙන් වූ වරද ඔහුට පවසන්නේ කොහොමද?

බ්‍රැඩ් පිට් තුන්කොන් පෙමක හිර වේවිද?

බ්‍රැඩ් පිට් මේ වන විට වඩාත් ජනප්‍රිය වී සිටින්නේ ‘ මනිබෝල්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. ඒ කෙසේ වෙතත් ඔහුගේ හිටපු බිරිය වී සිටි ජෙනිෆර් ඇනිස්ටන් හිටි හැටියේම කළ කී දෑ නිසා බ්‍රැඩ් පිට් තවත් ජනප්‍රිය වුණා.
සඟරාවකට අදහස් දැක් වූ බ්‍රැඩ් කියා සිටින්නේ තමාගේ කලින් විවාහයේ දරුවන්ට තමන් විසින් කළ හොඳම දේ නම් ඇන්ජලිනා ජොලී ඔවුන්ගේ මව ලෙස තෝරා ගැනීම බවයි.
ජෙනිෆර් ඇනිස්ටන් 
‘මගේ දරුවන්ට දැන් හොඳ මවක් සිටිනවා.
ඇන්ජලිනා
ඒ දේ ගැන මගේ අතීතයට අදාලත්වයක් නැහැ. ඒ කෙසේ වෙතත් ජෙනිෆර්ගෙන් තොරව ඇන්ජලිනා ගැන විශේෂ යමක් කිව නොහැකියි.’
බ්‍රැඩ් බොහොම සැහැල්ලුවෙන් මාධ්‍යයකට අදහස් දැක් වූවා.
කෙසේ වෙතත් ජෙනිෆර් ඇනිස්ටන් මෑතකදී කී දෑ බ්‍රැඩ්, ඇන්ජලිනා සහ ජෙනිෆර් අතර තවත් තුන්කොන් පෙමක් ඇති වේදැයි ඕදූප මාධ්‍යය සැක පළ කරනවා. මන්ද ජෙනිෆර් ඇනිස්ටන් තවමත් බ්‍රැඩ්ගේ මිතුරියක් වන නිසා.



ජෙනිෆර් ලොපේස් දුන් අමුතුම තෑග්ග

42 හැවිරිදි ජෙනිෆර් ලොපේස් අද හොළිවුඩයේ සිටිනා ජනප්‍රිය ගායිකාවක් මෙන්ම නිළියක්. ඇය පසුගිය කාල සීමාවේදී වඩාත් ජනප්‍රිය වුණේ දිගු කලක් තිස්සේ ජනප්‍රිය ගායක මාක් ඇන්තනි සමඟ තිබූ යුග දිවිය අත්හැරීම නිසයි.
මාක් ඇන්තනි වෙනුවට ඇය ආදේශ කර ගත්තේ ඇගේ ළඟින්ම සිටි නර්තන සහකරු ‘කැස්පර් ස්මාට්’වයි. පසුගිය දිනක කැස්පර් සිය 25 වැනි උපන් දිනය සැමරුවා. තම ලාබාල සහකරුගේ ඒ දිනය සැමරීමට ජෙනිෆර් විශේෂ උනන්දුවක් දැක් වූවා.
කැස්පර්ව පුදුම කිරීමට ඇය විශේෂ ත්‍යාගයක් පවා සූදානම් කළා. ඒ මනා ලෙස සකසන ලද ට්‍රක් රථයක්. ඔහු කලක් තිස්සේ ආශාවෙන් සිටි දෙයක් එසේ ලැබීම පිළිබඳ සතුටු වන බවයි ජෙනිෆර් පවසන්නේ.
බොහෝ දෙනා කාර් රථවලට ආශා කරනවා මෙන්ම කැස්පර් ට්‍රක් රථවලට ආශා කිරීම එතරම් පුදුමයක් නොවන බවයි බොහී දෙනා කියන්නේ.
 
 
READ MORE - බ්‍රැඩ් පිට් තුන්කොන් පෙමක හිර වේවිද?

ඇඟට ඇලෙන ඇඳුමකින් පමණක් සැරසී සිටින ඈ

මම ඔබට ගැහැනුකමක් දෙමි

ඕ දුන්නක් මෙන් නැවී සැප පහසු සෝපාවක හිස හොවා ගනිමින් යෝග අභ්‍යාසයක නිරත වෙයි. පසුබිමින් ගලා යන සුකුමාල සංගීතය ඇගේ සියලු ලාලිත්‍යවත් ඉරියව් වඩාත් තීව්‍ර කර පෙන්වන්නාක් මෙනි.
ළා දුඹුරු පැහැති ඇඟට ඇලෙන ඇඳුමකින් පමණක් සැරසී සිටින ඈ ළඟා කර ගත නොහැකි සන්සුන් බවක් ප්‍රාර්ථනා කරන්නාක් මෙනි.
මෙහෙකාරියක දොඩම් යුෂ වීදුරුවකට බෙහෙත් පෙත්තක කුඩු කලවම් කරන විට ඇය දුහුල් රෙදි කැබලි කපමින් මැටි අනුරූවල මුහුණු සරසයි. කුඩා විදුලි සෝපානයකින් ආහාර සමඟ පොතක් සහ ගෝනි රෙදි කැබලි රෝලක් ඉහළට ගමන් කරයි.
ඈ සිරකාරියක්ද?
පළමු පැනය ඔබේ කුතුහලය අවුළුවා දමයි.
ප්ලාස්ටික් ශල්‍යය වෛද්‍යවරයකු ප්ලාස්ටික් සැත්කම් ගැන දේශන පවත්වන අතර මහත් රුචියෙන් ඒ සැත්කම ගැන කතාබහ කරනු පෙනෙයි. මහත් ආරක්ෂාවක් සහිතව තැනුණු නිවසක වසන ඔහු විටින් විට සත්ත්ව ලේ ඇතුළු තවත් බොහෝ දෑ නිවසට රැගෙන විත් පරීක්ෂණ පවත්වනු පෙනෙයි. ප්‍රේක්ෂකයා හදිසි අනුමාන කිරීම්වලට එළැඹ කතාවක් නිර්මාණය කර ගැනීමට තැත් කරනු පෙනෙයි.
නමුත් පෙද්‍රෝ අල්මදෝවා ඊට එකඟ නොවෙයි. ඔහු ලියූ තිර නාටකය ඔබ නොදන්නා අන්තයකට ඔබව රැගෙන යයි. ඒ පෙද්‍රෝ ගේ ගති ස්වභාවයයි. ඔහුගේ අධ්‍යක්ෂණය ද එලෙසමයි.
‘ද ස්කින් අයි ලිව් ඉන්’ ප්‍රේක්ෂකයාගේ බලාපොරොත්තු දිගේ ගමන් යන්නක් නොවේ. අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂක බලාපොරොත්තු කඩා බිඳ දමා සතුටු වන්නෙකි. ඔහු හිතුවක්කාරයෙකි.
ස්පාඤ්ඤ සම්භවයක් ඇති පෙද්‍රෝ අල්මදෝවා යනු අති සාර්ථක සිනමා අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ පරම්පරාවට ඔහු යෝධයෙකි. 1999 වසරේ හොඳම විදෙස් සිනමාපටයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත් ‘ටොඩෝ සොබ්‍රේ මී මඩ්‍රේ’ (All About my Mother  නම් ස්පාඤ්ඤ සිනමාපටය ඔහුගේ දස්කම එක්වරම ලෝකයට හෙළි කළ සිනමාපටයකි.
ඒ වසරේම හොඳම විදෙස් සිනමාපටයට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයත්, කාන් සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයත් පෙද්‍රෝ හිමි කර ගත්තේ උක්ත සිනමාපටය වෙනුවෙනි.
මහත් විවාදාත්මක සිනමාකරුවකු වන අල්මද්‍රෝවා 1980 දී සිය ප්‍රථම වෘත්තාන්තය “පෙපී ලුසී බොම් ඇන්ඩ් අදර් ගර්ල්ස් ඔෆ් ද හීප් “ චිත්‍රපටය හරහා ස්පාඤ්ඤයේ නවරැල්ලක් නිර්මාණය කළේය.
හයිහීීල්ස් කිකා ටයි මී අප් ටයිම් ඩවුන්, ද ෆ්ලවර් ඔන් මයි සී්ක්‍රිට්, බෑඩ් එඩියුකේෂන් වැනි එකිනෙකට වෙනස් වූද, මහත් ආන්දෝලනාත්මක සිනමා පට රැසක් නිර්මාණය කළේය. ද ස්කින් අයි ලිව් ඉන් ඔහුගේ නවතම චිත්‍රපටය ගෙන එන්නේ ද එවන්ම අමුතුම කතා තේමාවකි. අන්තෝනියෝ බෙන්දරාස්, එලීනා අනායා සහ ජෑන් කෝනෙට් සිනමාපටය පුරා තම ආධිපත්‍ය පතුරුවන ආකාරය මනාව පෙනෙයි.
රොබට් දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු මුත් අසාර්ථක පවුල් ජීවිතයක් ඇත්තෙකි. සිනමාපටයෙහි පළමු අඩ අපට පෙන්වන්නේ වීදුරුවකින් වෙන් කළ, එහෙත් එකිනෙකාට තමාව නොපෙනෙන කාමරයක සිට ගැහැනියක නරඹන රොබට්ය. ඔහු රහසේ නරඹන ගැහැනිය දිවි තොර කර ගැනීමට මැණික් කටුව අසළින් අත කපාගෙන සිහිසුන්ව සිටින ආකාරයයි. පරීක්ෂණ භාණ්ඩයක්, පරීක්ෂණාගාර සත්ත්වයෙකු මෙන් ගැහැනියක රඳවාගෙන ඇගේ සම කෘත්‍රිමව සකසන රොබට්ය.
රොබට් සමඟ යහන්ගත වීමට උත්සාහ දරන වේරාය. එය ප්‍රතික්ෂේප කරන රොබට්ය. කොටියෙකු සේ වෙස් වලාගෙන සර්කසයකින් පැන එන සේකාය.
රොබට්ගේ නිවසේ මෙහෙකාරියගේ අවජාතක පුත්‍රයාය. අනුකම්පාව පතා විත් තම මව ශරීර ඇපයට තබාගෙන රොබට් සුරකින ගැහැනිය දූෂණයට ලක් කරන්නාය.තවත් මොහොතකින් අපට හමු වන්නේ සයනයක් මතම රොබට් විසින් මරා දමන සේකාය. තමා මරා දමන්නේ තමාගේම සහෝදරයා බව නොදන්නා රොබට්ය.
සිනමාපටයේ තවත් කොටසකින් පෙනී සිටින්නේ ප්‍රේක්ෂකයා අනුමාන කර වැරැදෙන රොබට්ගේ අතීත කතාවයි. සේකා සමඟ පැන ගොස් මෝටර් රථ අනතුරකින් දැඩිව පිළිස්සෙන රොබට්ගේ බිරියගේ ජීවිතයයි.
තම දියණියගේ ඇස් ඉදිරිපිටම උඩ තට්ටුවක ජනේලයකින් පැන සිය දිවි නසා ගන්නා රොබට්ගේ බිරියගේ කතාවයි. ඒ දැක ජීවිතයේ සමනල අවධිය මමෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදුවන ඔවුන්ගේ දියණියගේ කතාවයි. රාත්‍රී සාදයකදී ඇයට අතවර කරන්නට තැත් කරන තරුණයාට අත්වන අවාසනාවන්ත ඉරණමයි.
තම දියණියට අතවර කරන්නට තැත් කළ තරුණයාව ලිංග විපර්යාසයකට භාජනය කර සිරකරුවෙකු ලෙස තබා ගන්නා රොබට්ගේ රහසිගත ජීවිතයයි. තරුණියක දූෂණය කරන්නට තැත් කිරීමේ වරදට ගැහැනියක වීමට සිදුවන පිරිමියකුගේ අසාමාන්‍ය ජීවිතයයි. අනුමාන කිරීම් සියල්ල සමඟ ප්‍රේක්ෂකයා විස්මයට පත් කරලීමට ආසා කළ පෙද්‍රෝ අපට කියන්නේ ස්පාඤ්ඤ සිනමාවේ අරුමැසිභාවයම නොවේද? ‘ද ස්කින් අයි ලිව් ඉන්’ බලා අමතක කර ගත නුහුනු ගණයේ සිනමාපටයක් වන්නේ එහෙයිනි.
READ MORE - ඇඟට ඇලෙන ඇඳුමකින් පමණක් සැරසී සිටින ඈ

බිංදු - සුබ උපන්දිනක් වේවා!!! - Lanka ART Team


රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා
011-2848818
බිංදු - සුබ උපන්දිනක් වේවා!!! - Lanka ART Team
READ MORE - බිංදු - සුබ උපන්දිනක් වේවා!!! - Lanka ART Team

රාහු - කේතු මාරුව (ගුරු මාරුව)

ගුරු මාරුව
අධ්යක්ෂනයඃ ඡගත් චන්ද්රසිරි
සංගිතය .ෙහ්ග් කරුණාරත්න


ලුම්බිනි රගහලෙදි.මැයි 10 සවස 6 .30



EMAIL;gurumaruwa.jc@gmail.com

Te:0713353636
0113087707
READ MORE - රාහු - කේතු මාරුව (ගුරු මාරුව)

තව බොහෝ රසවත් තැන් ඇත

Thursday, April 26, 2012

මේ ගෙවෙන්නේ ක්‍රිස්තු පූර්ව පන්සිය හතළිස් තුන් වැනි අවුරුද්දේ එක්තරා දිනෙක මැදියම රැයකි. මේ මොහොත මුලු ජම්බුද්වීපයම උත්සවශ්‍රීයෙන් පිරී ගොස් ඇත. ඒ මෙහි පාලක මහා කාලසේන යක්ෂයාගේ දියණි සරණ පවා ගත්තේ අද බැවිනි. යක්ෂ ගෝත්‍රයේ සනුහරයම දැන් සිටින්නේ එතැනය.
සියල්ලෝ කා බී ජය පැන් පුරද්දී හුදකලා වූ තරුණියකි. යක්ෂ රැහෙන් කොන් කර තැබූ ඇය අවාසනාවන්තියක යැයි සැවොම තීරණය කළේ ඇයට පියයුරු තුනක් තිබීමය. එබැවින් කුවේණියට මරණ, මංගල උත්සව තහනම්ය. ගත කරන සිරකාර ජීවිතය ඇයට වහ කඳුරු මෙන් තිත්තව තිබිණ. ඇගේ තනි නොතනියට සිටිනා සීසපාටිකා නම් සේවිකාව නිතර ඈව සැනසීය.
අලුත් හිරුට ඉඩ දී සෞම්‍ය සඳ ක්ෂිතිජ ඉමෙන් නොපෙනී ගියේය. සූර්ය රන්කෙඳි දහරින් මේ සශ්‍රීක භූමිය එකලු වූයේ ආනන්දජනක අන්දමටය. විජය කුමරු ජම්බුද්වීපයට අඩිය තැබුවේ මේ මොහොතේය.
එය අහඹු සිදුවීමකි. භූමියේ සෞභභාග්‍යමත් ශ්‍රියාව දුටු ඔහුගේ නෙත් පිනා ගියේය. ආපසු හැරී නොගොස් මෙරටෙහිම කඳවුරු බැඳ ගත යුතු යැයි හෙතෙම තීරණයකට එළඹින. ඔහුට ඊළඟට දැනගන්නට වුවමනා වූයේ මෙහි පාලකයන් කවුරුන්ද යන්නය. වෙරළින් නික්මී රට අභ්‍යන්තරයට ගමන් කළ විජයට පළමුවර හමුවන්නේ කුවේණියයි. ඔවුන් දෙපොළගේ පළමු හමුවීම ආත්ම ගණනාවකට එහා ගිය බැඳීමක් සේ දෙදෙනාට දැනිණ. ක්‍රමයෙන් විජය කුවේණි ආදර අන්දරයකට මුල පිරීය.
කුවේණිය තම යක්ෂ ගෝත්‍රිකයන් සමඟ තරහින් පසුවන්නියක් බව විජය දැන ගනියි. ඇයගේ ඒ තත්ත්වය පළිහක් සේ උපයෝගී කර ගනිමින් කුවේණියගේ උදව් ඇතුව ජම්බුද්වීපයෙහි අණසක තමාගේ නමට පැතිර වීමට විජය බලාපොරොත්තු වෙයි.
මෙම කතාවෙහි තව බොහෝ රසවත් තැන් ඇත. සුගත් සමරකෝන්ගේ විජය කුවේණි සිනමාපටය මෙහි ඉතිරිය ළඟදීම ගෙන එන්නට සූදානම්ය.
මහාවංශය නොකියූ අපේ වංශයේ කතාව යනුවෙන් තේමාව සකස් කොට ඇති විජය කුවේණි කතා පුවත අපි සැවොම දන්නා එකක් බව ඔබට සිතෙන්නට පුළුවන. නමුත් ඒ කතාවෙහිම නොහසු වූ තැන් කිහිපයක් මෙම චිත්‍රපටය මඟින් ප්‍රේක්ෂකයන්ට ගෙන ඒමට අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය සැකසූ සුගත් සමරකෝන් උත්සාහ ගනියි.
ගයාන් රණධීර විජය කුවේණි නිෂ්පාදනය කොට තිබේ.

ප්‍රධාන නළු නිළියන්:
විජය - රොජර් සෙනෙවිරත්න
කුවේණි – දුලානි අනුරාධා
සීසපාටිකා - වසන්ති රංවල

සෙසු ප්‍රධාන චරිත:
ක්ලීටස් මෙන්ඩිස්, බුද්ධදාස විතානාච්චි, අනුර ධර්මසිරිවර්ධන, රුපුන් රණධීර (ළමා), අමන්දි ප්‍රියසංජනා (ළමා), රින්ස්ලි වීරරත්න, සරත් දික්කුඹුර, ඉරෝෂනී ලංකාතිලක, රෝහිත බී. පෙරේරා, ජීවානන්ද රූපසිංහ, සුසිල් පෙරේරා, සමන්ත වීරසේකර, කුමාර රණපුර, ශලනි අමල්කා, රංග බුද්ධ, මාකස් ප්‍රනාන්දු.

ආරාධිත රංගනය:
ආචාර්ය ධනවර්ධන ගුරුගේ, සඳුන් විජේසිරි, තිලක් කුමාර රත්නායක, විල්සන් කරුණාරත්න, ෂාමලී ජයවීර, සුමිත් මුදන්නායක, ගාමිණී ජයලත්, නෝමන් පළිහවඩන, ආරියසේන ගමගේ, වසන්ත කුමාරසිරි, සුසන්ත ප්‍රියදර්ශන, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, සම්පත් හේවාපැලැන්දගේ, මොන්ටිගු සරච්චන්ද්‍ර, සංජය සමරකෝන්, මියුරි සමරසිංහ, ශිරාණි ද කොස්තා, පවිත්‍රා වික්‍රමසිංහ, අතුල වී. සමරවීර, නන්දන වීරකෝන්.
විජය කුවේණී මැයි මාසයේ සිට තිරගතවීම ඇරැඹේ.
READ MORE - තව බොහෝ රසවත් තැන් ඇත

ඒ කටකාර, හැඩිදැඩි මල්කාන්තිම ද

මට හොඳට සින්දු කියන්න පුළුවන්

“මල්කාන්ති” ජීවිත ආවර්ජනයක
මේ දවස්වල රාත්‍රී 7.30 ට සිරස රූපවාහියෙන් විකාශය වන ‘සිහින පුරය’ ටෙලි නාට්‍යයේ මල්කාන්ති කාගෙත් කත බහට ලක්වෙන චරිතයක්. කිසිම කෙනෙකුට බය නැතිඈ තමන්ගේ දූවරු දෙන්නව රැක බලා ගන්න විඳින මහන්සිය අගය කළ යුත්තක්. ඈත ප්‍රදේශයකින් පැමිණ සිහින පුරය ගමේ පදිංචි වී සිටින මල්කාන්ති ජීවත් වෙන්නේ බත් පැකට් විකුණලා.
සැමියා නැති නමුත් බොහොම ධෛර්යයෙන් යුතුව ජීවිතයටමුහුණ දෙන ඈ කටකාර හැඩිදැඩි බවින් යුතු කාන්තාවක්. ඒ කටකාර, හැඩිදැඩි මල්කාන්තිම ද මේ අප අසල ඉන්නේ කියලාහිතෙන තරමටම ඈ අපට ළෙංගතු වුණා.
‘කුසුම් සෙලානි පෙරේරා’
* ඔබට ‘සිහින පුරය’ ටෙලි නාට්‍යය නිසා ලැබෙන ප්‍රතිචාර කොහොමද?
‘සිහින පුරයේ’ මල්කාන්තිගෙ චරිතය බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වෙන චරිතයක් වෙලා.
ඈව මගේ රසික – රසිකාවන්ට කොයිතරම් හිතට අල්ලලා ද කිව්වොත් මාව දකින අය කතාබහ කරන්නෙත් ඒ ගැනමයි. ඒ හැම කාරණයකින්ම පෙනෙන්නේ මල්කාන්තිගේ චරිතයට බොහෝ දෙනෙක් ආදරය කරන බවයි. රසික – රසිකාවන්ගෙන් ඒ ලබන ආදරය මට මහ මෙරක් වගේ. ඒ තරමට ඒ ආදරය මට වටිනවා.’
* ඒ වගේම ඔබ රඟපාන ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ දවස්වල විකාශය වෙනවා නේද?
‘සිහින පියාපත්’, ‘සිකුරු වසන්තේ’. ‘ආදරියේ’ කියන ටෙලි නාට්‍යවල අම්මගේ චරිතයට පණ පොවනවා. මේ ටෙලි නාට්‍ය මේ දවස්වල නරඹන්නන් අතර වඩාත් ජනප්‍රියයි. ඒ වගේම පසුගිය කාලයේ රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය කිහිපයක්ම එකවර විකාශය වීම නිසා නරඹන්නන්ට මාව ආගන්තුක නැති බව මා දන්නවා.
* ඔබ පිළිබඳ වඩාත් කතාබහට ලක්වීම ආරම්භ වුණේ ‘ජීවිතේ ලස්සනයි’ ටෙලි නාට්‍යයේදී ඔබ කළ චරිතයෙන් කියලා කිව්වොත්?
‘මම මුලින්ම රංගනයෙන් වේදිකාවට සම්බන්ධ වෙන්නේ අවුරුදු එකොළහේ වයසෙදී. ඒ කීර්ති ගේ ‘අලි බබා ඇඳෙන් එකයි’ කියන වේදිකා නාට්‍යයෙන්. එතැනින් ඇරැඹුණු මගේ රංගන ගමන ටෙලි නාට්‍යට සම්බන්ධ වෙන්නේ විමලරත්න අධිකාරිගේ ‘තිමිර’ ටෙලි නාට්‍යයෙන්. මගේ රංගන ජීවිතයේ ‘ජිවිතය ලස්නයි’ කියන්නේ එක්තරා සංදිස්ථානයක්.
මේ ටෙලි නාට්‍යයේ සරලා කාගෙත් ආදරය දිනා ගත්ත චරිතයක්. කාගෙත් කතාබහට ලක් වුණු චරිතයක්. කුසුම් කියලා කෙනෙක් පිළිබඳ අවධානය යොමුවීමට එය හේතුª වුණා තමයි. මට ලැබුණු බොහොමයක් චරිත මවගෙ චරිත වුණත් ඒවා එකිනෙකට වෙනස් වූ චරිත නිසා මම ඒ හැම චරිතයකටම ආදරෙයි.
* ඔබ ලංකාවේ ලොකුම කලා පවුල් ගසකින් පැවැත එන පුරුකක්ද?
‘පසුගිය දවස්වල එහෙම කතාබහක් තිබුණා. මගේ අම්මා සූරිය රාණි පෙරේරා. අම්මගේ පවුලේ අය කලාවත් සමඟ බොහොම බද්ධයි. ඔවුන්ගේ ඒ ජානමය ලක්ෂණ මටත් එන්න ඇති බව සිතෙනවා.
මොකද මා පුංචි කාලයේ අපේ මාමා ෂෙල්ටන් පෙරේරා සර්පිනා එක වාදනය කරමින් සින්දු කියනවා. මටත් ඒ කාලේ හින්දි සින්දු කියන්න හොඳට පුළුවන්. මාමාත් එක්ක මමත් හින්දි සින්දුවක් දෙකක් කියන්න අමතක කරන්නේ නෑ. ඒ හැකියාව නිසාමදෝ අදත් මට ගී ගයන්න ලැබෙන ආරාධනා බොහෝමයි. විවිධ ප්‍රසංගවලට ලැබෙන මේ ආරාධනා මම පිළිගන්නේ වඩාත් සතුටින්.
* ඒ වගේම ඔබට පසුගිය දිනයක නම්බුනාමයකුත් ලැබුණා. මොකක්ද ඒ?
‘අමරපුර නිකායෙන් ලැබුණු ‘දේශ ශක්ති කීර්ති ශ්‍රී ශාසන සේවි’ කියන ඒ නම්බුනාමය මට ගෞරවයක්. ඊට අමතරව දිවයිනටම සාම විනිසුරුවරියක්. මේ හැම දෙයක්ම මට ලැබුණේ මා කරනා සමාජ සේවා කටයුතු නිසයි. මම නිතරම බොහෝ පිරිස් එකතු කරගෙන අටවිසි පූජා, බෝධි පූජා, බුද්ධ පූජා වගේ දානමය පිංකම් කරන්න වෙහෙසෙනවා. දේශපාලන කටයුතුවලට රට වෙනුවෙන් කලාකරුවෙකු ලෙස කරන්න පුළුවන් බොහෝ උදව් කරන්නත් අමතක කරන්නේ නෑ.’
* ඉදිරි වැඩ කටයුතු පෙළ ගැසිලා තිබෙන්නේ?
‘ළඟදීම විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය කිහිපයක්ම තිබෙනවා.
ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායකවීමටත් ආරාධනා ලැබුණා. මා රඟපෑ සුනිල් ටී. ගේ ‘ජීවිතය ලස්සනයි’ වගේම ප්‍රියංකරගේ ‘සැමීගේ කතාව’ කියන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.
රඟපෑමට අමතරව රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරන නිසා මම තරමක් කාර්යබහුලයි. මේ හැම දෙයක්ම සාර්ථකව කර ගන්න මට උදව් දෙන්නේ මගේ අම්මා, මහත්තයා ලෙස්ලි පෙරේරා හා සංගීතා හා ජනනි කියන මගේ දූලා දෙන්නා. ඒ වගේම මේ ගමන එන්න මට උදව් කළ හැමෝටම ස්තුති කරන්නත් මා අවස්ථාවක් කර ගන්නවා.

READ MORE - ඒ කටකාර, හැඩිදැඩි මල්කාන්තිම ද

කියවා හැඬුවට මට නම් කම් නෑ මගේ සිත අද තද නින්දේ

සතිශ් පෙරේරා ගේ වියෝව පිළිබඳ සටහනකි


‘මගෙ හිත අද තද නින්දේ’



මන්දාරම් අහසේ රැඳුණු වැහිකෝඩය කොයි වේලේ පොළොවට කඩා වැටේදැයි සැක සහිතය. නිවෙසින් එළියට පා තබා මඳ දුරක් පැමිණියා පමණි. මොර ගෙඩි මෙන් වැටෙනා වැහි පොදෙන් මුවා වන්නට මම කඩයෙහි පිලට ගොඩ වීමි. වැහි අඳුර සහිත පරිසරය සිතට බරකි. මොර ගෙඩි මෙන් වැටුණු වැහිපොද මහ වැස්සක් බවට පරිවර්තනය වී ඇත්තේ පරිසරය අමුතු ගුප්ත බවකින් පුරවමිනි.

ඉන් මිදෙන්නට මෙන් වට පිට බැලූ මගේ නෙතට හසු වූයේ ඉදිරිපස ඇති ජෑම් ගසය. මහ වැස්සෙන් බේරෙන්නට මෙන් ජෑම් ගසෙහි අත්තකට වී ගුලි වී සිටින පොල් කිච්චාගේ ශෝකී නාදය සිතෙහි ඇති කළේ තිගැස්මකි.
සිතෙහි ඇති තිගැස්මත් මුළු පරිසරයත් යම් නිමිත්තක් කියන්නට තතනන සැටියෙකි. දුරකතනය නොනවත්වාම හඬ තලයි.
‘අනේ නංගි සතිෂ් . . .’
කුසුම් අක්කාට කියා ගත හැකි වූයේ එකී වචන කිහිපය පමණි.
සිහින් ඉකිබිඳුම ඇය කියන්නට ගිය දේ කියා හමාර කළාය. තිගැස්සුණු සිත සමඟ මම උන් තැනම ගල් ගැසුනෙමි.
‘සෙනසුරාදා තමයි මල්ලිව දැඩි සත්කාර ඒකකයට ගත්තේ. ඉරිදා රෑ අපි එයාට බෝධි පූජාවක් තියලා සෙත් පැතුවා.
ඒ කටයුත්ත ඉවර වෙලා මම කෙළින්ම ආවේ හොස්පිටල් එකටමයි.
එතකොට රෑ එකොළහ මාරයි. මල්ලිට හොඳටම නින්ද ගියා.
ඒ වෙලාවේ අපේ සිතට පුංචි සැනසීමක් දැනුණා.
ඒත් අද උදේ පාන්දර හතරයි පහළොවට විතර ආව දුරකථන ඇමතුම කිව්වෙ මල්ලි අපිව දාල යන්නම යන්න ගිය බවයි.’
සිය සහෝදරයා මිය ගිය ශෝකයෙන් නැෙඟනා ඇගේ ශෝකී ස්වරය හදවතට රැගෙන එන්නේ රිදුමකි.
ඒ රිදුම ඔස්සේ සිත දිව යන්නේ මීට පෙර සතිය දෙසටය. එදත් සඳුදාය.
‘දැන් නම් මල්ලිට ගොඩක් හොඳයි.’
සිය මවගේ සොහොයුරු වූ ෂෙල්ටන් පෙරේරාගේ පුතු සතිෂ් පෙරේරා එනම් සිය ඥාති සොහොයුරා පිළිබඳ කුසුම් පෙරේරා පැවසුවේ කොපමණ බලාපොරොත්තු සහගතවදැයි සිතේ.
‘පිළිකා හොඳ කරන වෙද මහත්තයෙක් ඉන්නවා අම්බලන්තොට පැත්තේ. එතනට යමුද?’
මා යෝජනා කළේ තවත් බලාපොරොත්තුවක සහන් එළිය ඇගේ සිතෙහි දල්වමින්.
ඒත් ඒ සහන් එළිය දකින්නට මත්තෙන් ඔහු අප අතැර ගියේය.
වැස්ස තුරල් වී ඇත. වැහි බීරමත් පරිසරයෙහි වූ ගුප්ත බවත් එලෙසමය.
කාලය ගෙවී ගියේය. කලල්ගොඩ නිවෙසට අප පියමං කළේ ඔබ දකිනු රිසියෙනි.
වෙනදා අප දුටු විට නැඟෙනා සොඳුරු සිනහව අමතක කර ඔබ තද නින්දේය.
ඒ කිසිදා නොඇහැරෙන තද නින්දකට පිවිසි විලසකිනි.

‘අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහ කඳුළු රැඳි පෑනෙන්
කියවා හැඬුවට
මට නම් කම් නෑ
මගේ සිත අද තද නින්දේ’

නුඹ කවදත් ගයනා ඒ ගීතය මගේ සිතට පිවිසියේ නිතැතිනි.
එ ගැයූ අයුරින් අද ඔබගේ සිත මෙන්ම ගත ද තද නින්දකට පිවිසි බවක් නොවේ ද අපට හැඟෙන්නේ.
ඔබ හැර ඒ හැඟුම දැඩිව දැනුුණා වූ සියල්ලෝම ඒ ශෝකයේ හැඩි දැඩි ඝන කළු පුවත හදවත හිර කරමින් කදුළකට පෙරළීය. ඒ කඳුළේ අයිතිකාරිය වූ දිනේෂා ඔබගේ දෙණ අසලට වී වැළපුණු වැළපිල්ල මට සිහි කළේ යශෝදරාවතයි.
ඔබේම ලේ වලින් ජනිත වූ නව මසැති අක්ෂිත් බිළිඳු පුතු ඇගේ උණුහුමට ගුලි වී නිදයි.
දෙවසරක් පුරාවට ඔබ හා දුක සැප බෙදා ගත් ඔවුන් සනසන්නට තුරුළට නොගන්නේ මන්දැයි අසන්නට පැමිණියේ ඔබට කවදත් ආදරය කරනා රසික සහෘදයන්ය. වෙනදා ඔබ ‘මගේ සිත අද තද නින්දේ’ යැයි ගයනා විට විඳීනා ඔවුන් එදා පැමිණියේ ඔබව තද නින්දෙන් ඇහැර වන්නටය.
එපමණටම ඔබගේ මියුරු ස්වරය ඔවුන්ගේ හදවත සොරා ගත් බවට සාක්ෂියක් තවත් තිබේදැයි යන්න සැක සහිතය.
‘සතිෂ්ගේ හිත හොඳ වැඩියි’
සමීපතමයකු ඔබගේ ගුණ ගැයුවේ බොරු ශෝභනයට නම් නොවේ.
තවකෙක් කීවේ ඔබට කිසිකුගේ සිත රිද්දන්ට නොහැකි බවකි.
සංජය, සුබාෂ්, අනුපමා, අනුරාධා යන සොහොයුරු - සොහොයුරියන් අතර තුන්වැන්නා වූ නුඹගේ හදවත රැඳුණු අවිහිංසක බවින් ඔවුන් පුදුමයට පත් විය.
එපමණක් නොව මීට මාසයකට ඉහත දී ‘ඔබට තිබෙන්නේ ලියුකේමියා නම් රෝගයයි’ යැයි දොස්තර සිය දෙනෙත් දල්වා කියූ කළ ඔබ පෙන් වූ සංසුන් බව ඔවුන් හද පාරවයි.
ඊටත් වඩා ඔබ නැති සොවින් වැළපෙන මෑණියන්ගේ නිහඬ බව අපට පසක් කරන්නේ ඔබට ඇති ආදරය නොවේද?
පුරා හතළිස් දෙවසරක් අප හදවතෙහි ජීවමාන වූ නුඹගේ උපන් දිනයට ඇත්තේ හරියටම මසක කාලයකි.
ඒ සියලු මතක මං පෙත් හැරදා ඔබ සදහටම අප හැරදා නින්දට ගොසිනි.
මම ඔබ දෙසම බලා සිටියෙමි.

‘මගේ සිත අද තද නින්දේ’
මම තිගැස්සී වටපිට බලමි. කියූ ලෙසටම ඔබ තද නින්දෙන් අවදි වන මතුª යම් දිනක් වේද?
නැවතත් ඔබ අප පුදුම කරමින් අප අතරම නින්දෙන් අවදි වන්න යැයි මම අයැදීමි.
ඒ ඔබගෙන් සමුගන්නට මොහොතකට මත්තෙනි.
READ MORE - කියවා හැඬුවට මට නම් කම් නෑ මගේ සිත අද තද නින්දේ