----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඇය අනූෂා දමයන්ති.

Sunday, December 2, 2012

 

ඒ පැතුමත් ඉක්මනින් ම ඉටුවේවි

අනූෂා දමයන්ති
ඇය අනූෂා දමයන්ති. ඇය අපට සිටින නර්තන තරුවකි. එසේම දක්ෂ රංගන ශිල්පිනියකි. නර්තනය හරහා රංගනයට පිවිස ඇය අද රංගන ක්ෂේත්‍රයේ ද දිගු ගමනක් පැමිණ ඇත. විටින් විට පුංචි තිරයෙන් ද ප්‍රේක්ෂකයින් හමුවට එන අනූෂා රූපවාහිනී නිවේදිකාවක් ලෙස ද තම දක්‍ෂතා ප්‍රකට කර ඇත. අද ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයෙන් හමුවන්නේ අනූෂා දමයන්ති නමැති රංගන තාරකාවයි.
ඉතින් කොහොමද? මොන වගේ වැඩකටයුතු එක්කද මේ දවස්වල කාලය ගතවෙන්නේ?
මේ දවස්වල සුපුරුදු ලෙසම නර්තන ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඒ වගේම සංගීත ප්‍රසංගවලටත් සහභාගි වෙනවා. පසුගිය දවස්වල සුනෙත් මාලිංගගේ අලුත්ම ටෙලිනාට්‍යයේත් සනත් අබේසේකර ගේ ‘මීදුම අතරින්’ ටෙලිනාට්‍යයේත් රූපගත කිරීම්වලට එක් වුණා.
පසුගිය දවස්වල ලංකාවේ හිටියේ නෑ නේද?
ඔව් මාසයකටත් වැඩි කාලයක් සිටියේ නෑ. කොරියාවේ පැවැත්වුණු නර්තන ප්‍රසංගයකටත් ප්‍රංශයේ කෙරුණු මගේ නර්තන රූපගත කිරීම් කීපයකටත් සහභාගි වුණා. තව දින කිහිපයකින් මම කුවේට්වල සහ සයිප්‍රස්වල නර්තන ප්‍රසංග කීපයකට යනවා. කොරියාවේ සංචාරයට අපේ රටේ ශිල්පීන් විශාල පිරිසක් සහභාගි වුණා. එහිදී දැවැන්ත නර්තන ප්‍රසංග දෙකක් පැවැත්වුණා.
ප්‍රංශයේ සිදු කළ රූපගත කිරීම් මොනවද?
ප්‍රංශයේ ගීත ඇල්බමයක මියුසික් ට්‍රැක් කීපයකට මගේ නර්තන ඉදිරිපත් කරන්නයි මම එහේ ගියේ. ප්‍රංශයේ තිබෙන සුවිශේෂී ස්ථානවල තමයි ඒ රූපගත කිරීම් කළේ.
ඒ සංචාරවලදී එහි ජීවත්වන අපේ රටේ අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙන්න ඇති?
කොරියාවට ගියාම මට දැනුණේ ලංකාවේ ඉන්නව වගේ. අපේ රටේ විශාල පිරිසක් කොරියාවේ රැකියා කරනව. ඒ අතරින් දහස් ගණනක් අපේ ප්‍රසංගය බලන්න ආවා. ඒ අය උණුසුම් විදියට අපිව පිළිගත්තා. අපිට සැලකුවා.
ඔබ රංගනයෙන් දායක වුණු එන්න තිබෙන නිර්මාණ මොනවාද?
සිරි දළඳා ගමනය, රත්තරන්, රජානෝ, සංජානා, ආත්ම වර්ෂා වැනි ට්ත්‍රපට 7 ක් පමණ තිරගත වෛන්න තියෙනවා. ඒ වගේ ම රකුන් සැරය, බහිරව කන්ද වගේ ටෙලිනාට්‍ය කීපයකුත් ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි.
ටෙලිනාට්‍යවලට ඔබේ දායකත්වය අඩුයි නේද?
එහෙමම නෑ. නමුත් මම වඩාත්ම කැමැති සිනමාවට. මා ගොඩක් දෙනෙක් හඳුනන්නේ සිනමාවෙන්. සිනමාව තුළ කළ හැකි දේවල් බොහොමයි. සිනමාවට මම ගොඩක් ආදරෙයි. ඉඩ ලැබෙන විදියට ටෙලිනාට්‍යවලටත් දායක වෙනවා.
මෙගා ටෙලිනාට්‍යවලට ඔබ අකැමැතිද?
මෙහෙමයි, සිනමාවද ටෙලිනාට්‍යද මෙගාද කියන එක මට වැදගත් නෑ. මම බලන්නෙ ඒ නිර්මාණයේ චරිතය තුළ මට යමක් කරන්න තියෙනවද කියන එක විතරයි. එහෙම තිබුණොත් මම ඒ චරිතය භාරගන්නව. හැබැයි කාල වේලාව අනුව.
ඇයි ඔබේ ඒක පුද්ගල නර්තන ප්‍රසංගය තවත් ප්‍රමාද?
ලබන අවුරුද්ද ඇතුළත එය ඉදිරිපත් කරන්නයි මම හිතාගෙන ඉන්නේ. ඒක පමාවෙන්න ප්‍රධානම හේතුව තමයි එය සාමාන්‍ය නර්තන ප්‍රසංගයක් විදියට පවත්වන්න මගේ ඇති අකැමැත්ත. ඒකට මාස 6 කවත් පුහුණුවීමක් අවශ්‍යයයි.
ඔබේ ගායන හැකියාවෙනුත් ප්‍රයෝජනයක් ගත්තොත් හොඳ නැතිද?
ප්‍රසංගවලට සහ රූපවාහිනී වැඩසටහන්වලට ගීත ගයන්න සහභාගි වෙනව. නමුත් මගේම ගීත කීපයක් නිර්මාණය කරන්න තවම හිතල නෑ. සංගීතය පැත්තෙන් මගේ දැනුම තවම දණගාන දරවකුගේ වගේ.
සනත් අබේසේකරගේ අලුත්ම ටෙලිනාට්‍යයේ ඔබේ චරිතය අභියෝගාත්මක එකක් බව ආරංචියි.
ඔව් ඒ රංගනය මට අලුත්ම අත්දැකීමක් වුණා.
’සිරි දළඳා ගමනය’ චිත්‍රපටයේ ඔබේ රංගනය...
’සිරි දළඳා ගමනය’ චිත්‍රපටයේ රඟපාන්න ලැබීමම මා ලැබූ භාග්‍යයක් ලෙසයි මම සලකන්නේ. එහි එම නිරූපණය කළේ නාග රැජිනගේ චරිතය. ඒක හරිම ඇඟට දැනුණු රංගනයක් වුණා.
ඔබේ රංගන දැනුම තවත් පරපුරකට දෙන්න අදහසක් නැතිද?
නර්තනය පිළිබඳව ඇකඩමියක් පටන්ගත්න මගේ විශාල බලාපොරොත්තුවක් තියෙනව. මම හරිම ආශාවෙන් ඉන්නෙ නර්තනය ගැන මගේ තිබෙන දැනුම තවත් පිරිසකට කියල දෙන්න. ලබන අවුරුද්දේ ඒ බලාපොරොත්තුවත් ඉටුකරගන්න ලැබෙයි කියල හිතනව.
තවත් බලාපොරොත්තුවක් තියෙනව නේද ඉටු කරගන්න? ඒ කියන්නෙ විවාහය...?
ඔව් ඒක නම් ඇත්ත. ඒ බලාපොරොත්තුවත් ඉක්මනින් ම ඉටුවේවි.
ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නැතිද?
දැන්ම ඒකට අතගහන්න බැහැ. හැබැයි අනාගතයේදී අනිවාර්යෙන් ම මම නිෂ්පාදිකාවක් වේවි.
ප්‍රේක්ෂකයින් දක්වන ආදරයට, හිතවත්කමට ඔබ ගරු කරනවාද?
ඇත්තෙන් ම ඔව්. මා එක්ක හිනාවෙන සෑම කෙනෙක් එක්කම හිනාවෙලා වචනයක් කතා කරන්න මම හැම විටම උත්සහ කරනවා. ඒකට මම තරාතිරමක් බලන්නේ නෑ. ප්‍රේක්ෂකයින් අපට ආදරය කරන තෙක් පමණයි අපේ ජනපි‍්‍රයත්වය රැඳිල තියෙන්නෙ. ප්‍රේක්ෂකයින්ගේ ආදරය හිතවත්කම කරදරයක් කියල හිතන්න කලාකරුවකුට තහනම් කියලයි මම හිතන්නේ.
දේශපාලනයට සම්බන්ධ වෙන්න අදහසක් නැතිද?
මම දේශපාලනයට පය තිබ්බෙ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පළමු වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අවස්ථාවේ. ඒ කාලෙ මම ගොඩක් දේශපාලන වේදිකාවල කතා කළා. එතුමා දෙවැනිවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වුණු අවස්ථාවේත් මම රැස්වීම්වල කතා කළා. ඒ එතුමාට තිබෙන ගෞරවය නිසා. ඒ හැර ඍජුවම දේශපාලනයට එන්න තවම මගේ අදහසක් නෑ.
silumina

0 comments:

Post a Comment