----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පණ්ඩිත් අමරදේව සමරු සංගීත ප්‍රසංගය 5 වැනිදා

Sunday, December 2, 2012

පණ්ඩිත් අමරදේව සමරු සංගීත ප්‍රසංගය 5 වැනිදා

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ 85 වැනි ජන්ම දිනය යෙදෙන දෙසැම්බර් 05 වැනිදාට එතුමන් අගය කිරීම සඳහා සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා කටයුතු සංවිධානය කොට තිබේ.
එදිනට අමරදේවයන් විසින් සංගීත සපයන ලද හා ගායනා කරන ලද ගීත නන්දා මාලනී, වික්ටර් රත්නායක, නිරෝෂා විරාජිනී යන ගායක ගායිකාවන් විසින්, ගායනා කරනු ලබන අතර එහිදී සංගීතය සපයනු ලබන්නේ රෝහණ වීරසිංහයන් විසිනි.
නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන මේ සංගීත ප්‍රසංගයට සමගාමීව ශ්‍රී ලංකා කලා මණ්ඩලය මඟින් අමරදේවයන්ට උපහාර කිරීම සඳහා ‘අමරදේව ජාතියේ ස්වර්ණ ස්වරය’ නමින් ග්‍රන්ථයක් එළිදැක්වීමට ද කටයුතු යොදා තිබේ.
මේ ග්‍රන්ථයේ ප්‍රාමාණික විද්වතුන් 35 දෙනෙක් අමරදේවයන් පිළිබඳ සිය අදහස් ගොනු කර තිබේ. මේ ග්‍රන්ථය මහාචාර්ය සමන්ත හේරත් සහ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් සංස්කරණය කරන ලද්දකි.
silumina

0 comments:

Post a Comment