----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

2012 රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය‍

Thursday, November 1, 2012


 සංස්කෘතික කටයුතු දෙපර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය චිත්‍ර මූර්ති අනුමණ්ඩලය මගින්  පවත්වනු ලබන 2012 රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය හා ළමා චිත්‍ර ප්‍රදර්ශනය 2012 නොවැම්බර් 02 වන දින පෙ.ව. 10.00 ට ජාතික කලාභවනේ දී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පෑන් ඒෂියා බැංකුවේ අනුග්‍රහයෙන් සහ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාශයේ උපදෙස් පරිදි මෙය සංවිධානය‍ කෙරේ.
මේ අතර 2012 රාජ්‍ය ළමා චිත්‍ර  තරගය ප්‍රාථමික (අවු.5-6) , පශ්චාත් ප්‍රාථමික(අවු.7-9), කණිෂ්ඨ (අවු.10-12), ජ්‍යෙෂ්ඨ (අවු.13-15) හා ජ්‍යෙෂ්ඨ ද්වියික(අවු.16-18) යන  අංශ පහ යටතේ පැවැත්වුන අතර මෙම උළෙල සඳහා උතුරු නැගෙනහිර පළාත් ඇතුළු සියළු පළාත්වලින් ළමා චිත්‍ර 60 දහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණු අතර තරඟ වට තුනක විනිශ්චයකින් පසුව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගෙන ඇත.
 රාජ්‍ය ළමා චිත්‍ර උළෙලේ දී එක් එක් වයස් කාණ්ඩයකින් පලමු, දෙවන හා තෙවන ස්ථාන තුනක් ද , සම්මාන 10ක් හා  කුසලතා 30ක් ද බැගින් තරඟකරුවන් 215කට සහතික පත් හා පදක්කම් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
මේ අතර ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ගේ චිත්‍ර නිර්මාණ ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනය නොවැම්බර් 02 වන දින සිට නොවැ. 05 වන දින දක්වා පෙ.ව.9.00 සිට ප.ව. 5.00 දක්වා  ප්‍රදර්ශනය කෙරේ.

(කොළඹ,ලංකාපුවත්) -


0 comments:

Post a Comment