----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

උදයන්ති තල්ලුකරපු පාර

Sunday, October 14, 2012


උදයන්ති තල්ලුකරපු පාරමගෙ ෆෝන් එක අක්‍රියවුණා

PDFPrintE-mail
R9-1ප්‍රියන්ත ගමෙන් කොළඹට ඇවිත් නළුකමට එක්වූ තරුණයෙක්....
ඔව්, මගෙ ගම් පළාත කුරුණෑගල නාරම්මල. මයුරපාද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන කාලයේදී මම දක්ෂතා දැක්වූයේ උඩරට නර්තනයට. පසු කාලයේ පෙටේ‍රාලියම් කෝපරේෂන් එකේ ගිණුම් ලිපිකරුවෙකු විදියට රැකියාවට එකතු වෙලා කොළඹ ආවා. රඟපෑමට එකතුවෙන්න ලැබුණේ ඊට පස්සේ.
ඒ අවස්ථාව උදාවූ ආකාරය ගැනත් කතාකරමු...
මුලින්ම මම එකතුවුණේ මෝස්තර නිරූපණයට. රොසෑන් ඩයස් සහ ජෙරල්ඩීන් බණ්ඩාරනායක යටතේ මම මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදියට කටයුතු කළා.
ඉන්පසුව ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට එකතු වුණා...?
මෝස්තර නිරූපණ ශිල්පියෙකු විදියට කටයුතු කරද්දී වෙළෙඳ දැන්වීම්වලට ඉන්න අවස්ථාව ලැබුණා. ගීතවල රූප රචනා සඳහා අවස්ථාව උදාවුණා. ඉන්පසුව ටෙලිනාට්‍ය කේෂ්ත්‍රයට එකතුවුණා. ඉන්පසුව තමයි සිනමාවට ආවේ. ඇත්තටම මම මේ ගමන ආවේ පියවරෙන් පියවර.
රඟපෑ ටෙලි නාට්‍ය ගැන කතාකළොත්...
වසූදා ටෙලිනාට්‍යයේ කපිලගේ චරිතය තමයි මුලින්ම රඟපෑවේ. ඉන්පසුව ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ කඳුළක කතාව ඒකාංගික ටෙලි නාට්‍යයේ රඟපෑවා. හිමගිර නැග සහ පබා ටෙලි නාට්‍යවලත් රඟපෑවා.
ප්‍රියන්තට වැඩි අවධානයක් යොමුවුණේ කලර් චිත්‍රපටයෙන්...
‘කලර්’ චිත්‍රපටයට කලින් චැලෙන්ජර් චිත්‍රපටයේ පුබුදු චතුරංගගේ මිතුරකුගේ චරිතයක්ද රඟපෑවා. ‘සුපර් සික්ස්’ චිත්‍රපටයේ සාරංග ගේ මිතුරකුගෙ චරිතයක් රඟපෑවා. කලර් මගේ තුන්වැනි චිත්‍රපටය. ඒ චිත්‍රපටයෙන් තමයි වැඩිම ප්‍රේක්ෂක පිරිසක් අතරට යන්න ලැබුණේ.

රැකියාව කරන අතර රඟපෑමේ කටයුතුවල යෙදීමේදී අසීරුතා මතුවන්නේ නැද්ද...?

දැනට මම ටෙලිනාට්‍ය 6ක්, චිත්‍රපට 3ක්, වෙළෙඳ දැන්විම් 20ක් සහ ගීතමය රූප රචනා 20ක් රඟපාලා තියෙනවා. ඉදිරියේදී ඩෙන්සිල් ජයවීරගේ ‘වීදි පහන්’ නිර්මාණයටත් සම්බන්ධ වෙනවා. රැකියා ස්ථානයෙන් උපරිම සහයෝගය ලැබෙන නිසා තමයි මට මේ කටයුතුවලට අවස්ථාව ලැබුණේ. ඇත්තෙන්ම ඒ සඳහා මම මගෙ ආයතනයට ස්තූතිවන්ත වනවා.
ප්‍රියන්ත ‘කලර්’ චිත්‍රපටයේ නම් තමන්ගෙ ආදරය ජයගත්තා. සැබෑ ජීවිතයේදී...?R9-2
(හිනැහී) සැබෑ ජීවිතයේදී නම් ජයගන්න බැරිවුණා. ආදර සම්බන්ධතා දෙකක් තිබුණා. දෙවැනි වතාවට සම්බන්ධයක් ඇතිවුණේ කලා ක්‍ෂේත්‍රයට ආවට පසුව. එයා ජනප්‍රිය චරිතයක්. හැබැයි නම් නම් කියන්න බැහැ. ඒත් ප්‍රථම ප්‍රේමය වගේම දෙවැනි ප්‍රේමයත් බිඳිල ගියා.
රඟපෑම් ජීවිතයේදී අමතක නොවන අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙලා නැද්ද...?
‘කලර්’ චිත්‍රපටයේ උදයන්ති එක්ක මුහුදු වෙරළේ ගීතමය ජවනිකාවක්. කතාවේ හැටියට මම නිවුණු තැන්පත් කෙනෙක්. උදයන්ති දඟකාර චරිතයක්. ඒ චරිත ස්වභාවයන් හිතේ තියාගෙන අපිට රඟපාන්න තිබුණේ. ඉතින් රඟපාන අතර එකපාරටම උදයන්ති මාව වතුරට තල්ලු කළා. ඒ වෙලාවේ මගෙ ෆෝන් එක සාක්කුවේ තිබුණේ. මාව වතුරට වැටුණු පාරට ෆෝන් එකත් අක්‍රිය වුණා.
ඡායාරූප: සිසිර හේමකුමාර
ආරියවංශ කුලතිලක 
 Lakbima

0 comments:

Post a Comment