----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රංගනය වෙනුවෙන් නිරුවත් වෙන්නේ නෑ

Thursday, October 11, 2012


alt
නිලියක් උන එක ගැන ඔබ සතුටු වෙනවද? මම ඇගෙන් ඇහුවා.'අපොයි ඔව්... ලබන ආත්මෙත් නිළියක්වෙන්න ඕන කියලයි මම ප්‍රර්ථනා කරන්නේ.' ඇය හැගීම්බරව කිව්වා. ඊට පස්සේ අපි බෝහි දේ කතා කළා. අද U-Focusවෙන් වෙන්නේ අගේ කතාව වෙනුවෙනුයි. ඇය 'ඉතින් ඊට පස්සේ' ටෙලියේ දේදුණු. මේ දවස්වල නම් 'ෆෙන්ෂුයි ගෙදර' සාමාජිකාවක්. අගේ නම උමයංගනෑ වික්‍රමසිංහ.
උමයන්ගනා, ලංකාවේ නිළියක් උන එක ගැන ඔබ සතුටු වෙනවද?
ඔව්, මම ඒ ගැන බොහොම සතුටු වෙනවා. ඒ හින්දා මම ලබන ආත්මෙත් නිළියක් වෙන්නයි ප්‍රර්ථනා කරන්නේ.
ඔබ ඇයි නිළියක් වුණේ?
ඒක අහම්බයක්.
ඒ කියන්නේ ඔබට නිළියක් වෙන්න පුංචි කාලේ ඉඳලා හීනයක් තිබුනේ නැහැ?
නැහැ.
අහන්බෙන වගේ නිළියක් වුණු හැටි කියමුද?
මම උසස් පෙළ කළේ විද්‍යා විෂයන්ගෙන්. විභාගේ ඉවර කරලා මම සෞඛ්‍ය අමාතංශයේ ඖෂධවෙදිනියක් විදිහට පුහුණු වුණා. ඒත් මගේ අම්ම එහෙම වේදිකා නාට්‍ය වලට සම්බන්ධ කලාකාරිනියක්. ඔය වෙලාවේ නෙයිනගේ සුදුවේ කණ්ඩායමේ පුහුණුවීම් තිබුනා. මමත් ඒවා බලන්න සුදර්ශියට ගියේ මම අසා නිසයි. අන්තිමේදී මම නෙයිනගේ සුදුවේ සාමාජිකාවක් වුණා. ඒක තමයි මගේ ආරම්භය. එතනින් පස්සේ දිගින් දිගටම මට වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය වලට ආරාධනා ලැබුණා.
ඖෂධවේදිනියක් වෙන්න බැරි වුණු එක ගැන ඔබට පසුතැවීමක් නැද්ද?
අනේ නෑ. මම මගේ ජීවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවහම නිළියක් වීම නිසා මට බොහෝ දේ ලැබුණා. ඉතින් ඒ නිසා මට පසුතැවෙන්න හේතුවක් නැහැ.
උමයංගනා නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්, ගායිකාවක්. මේ තුනෙන් ඔබ වඩා කැමති මොකටද?
ගායිකාවක් කියන හැඳින්වීම මට තවම හරියට අදාල කර ගන්න බෑ. මොකද මට සින්දු කියන්න පුළුවන් වුණාට ඒ තුළ විශාල හැදෑරීමක් නෑ මට. ඒ නිසා රංගන ශිල්පිනියක් විදිහටයි , ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටයි මාව හඳුන්වනවට තමයි මම කැමති.
ඔබ වඩා තෘප්තිමත් වෙන්නේ රංගනයෙන්ද? නිවේදනයෙන්ද?
මේ දෙකම ලොකු වගකීමක් ඇතිව කරන්න ඕන කටයුතු දෙකක්. ඉතින් එතනින් වඩා කැමති මොකක්ද කියන එකට මට උත්තර දෙන්න අමාරුයි. මම ඒ කටයුතු දෙකම හරි කැමැත්තෙන් කරන්නේ.
ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක්ද?
එහෙම කියන්න පුළුවන්.
රංගන ශිලිපිනියන්ට ඇත්තටම සාර්ථක පවුල් ජීවිතයක් නෑ කියන කතාව ඇත්තක්ද?
බොරුවක්.
එහෙම කියන්නෙ කොහොමද ඔබ?
හොද පවුල් ජීවිතයක් ගත කරමින් තමන්ගේ රංගන ජීවිතය අරගෙන යන ඕන තරම් රංගන ශිල්පින්, ශිල්පිනියෝ ඉන්නවා. රංගනය කියන්නේ සාමාන්‍ය රැකියාවක්. වෙනසකට තියෙන්නේ මොවුන් ජනතාව දැන හඳුනගන්න පිරිසක්. ඉතින් මේ දේ කළා කියල අපි අපේ පෞද්ගලික ජීවිතය අවුල් කර ගන්නේ නැත්නම් එච්චරයි.
ඔය කියන දේ ඔබට කරන්න පුළුවන් වෙලා තියෙනවද?
ඔව්, මම මගේ පවුල් ජීවිතයට රංගනය අභියෝගයක් කරගන්නේ නැහැ. මොකද සාමාන්‍ය රැකියාවක් කරන අනෙක් කාන්තාවන් වගේ අපේ වෘත්තීය තුළත් අපි කටයුතු කරන්නේ.
alt
රංගනය කියන්නේ උදේ 8.00 ට ගිහින් හවස 4.30ට ගෙදර එන රැකියාවක් නෙවෙයි?
ඒක ඇත්ත. හැබැයි එතනදී රෑ 12.00 වෙනකල් ෂුටින්වල ඉන්නවද. රැයක් දවාලක් නැතුව දිගින් දිගටම වැඩ කරනවද කියන එක තීරණය කරන්න ඕන අපි. මම ඒක හරියට බැලන්ස් කරගෙන යනවා.
සාර්ථක රංගනයක් වෙනුවෙන් ඔබ ඕනෑම කැපකිරීමක් කරන්න සුදානම්ද?
සාර්ථක රංගනයක් වෙනුවෙන් මම කැපවීමක් කරනවා. හැබැයි ඒ මගේ සීමාවන් තුළ.
මොනවද ඔබේ ඒ සීමාවන්?
අංක ඒක තමයි මට මගේ චරිතයට ප්‍රතිරුපයට හානි වෙන කිසිවක් මම කරන්නේ නෑ. ප්‍රතිපත්තියක් විදිහට මම අංග නිරාවරණය වෙන විදිහේ ඇඳුම් අඳින්නේ නැහැ.
ඔබ ඔය කියන සීමාව තුළ ඉඳගෙන ඉතා සීමිත පරාසයක චරිත විතරයිනෙ එබට බාර ගන්න පුළුවන්?
වෙන්න පුළුවන්. ඒත් මම රංගනය වෙනුවෙන් නිරුවත් වෙන්නේ නැහැ. මට මගේ පුද්ගලික ජීවිතය වැදගත්. ඊටත් හොඳ චරිතයක් කරන්න කරන්න ඇඟ පෙන්නගෙන දඟලන්න ඕනෑ නැහැ. මම මගේ පරාසය තුළ හරියට රඟපානවා.
වේදිකාවෙන් රංගනයට ආව ඔබ ඇයි අද වේදිකාවෙන් දුරස් වෙලා?
ඇත්තටම මම ඔතෙලෝ, හැම්ලට් වගේ නාට්‍යවල ඉඳලා ඒ තුළින් හොඳ පන්නරයක් ගත්තා. වොයිස් ට්‍රේනින්, ශාරීරික අභ්‍යාස ලැබුණා. ඒත් මම දැන් ටෙලිනාට්‍යයත් එක්ක කාර්යබහුල නිසා ඒ වෙනුවෙන් වෙන් කරන්න තියෙන ඉඩකඩ අඩුවෙලා.
ඇයි ඔබ පුංචි තිරයට විතරක් සීමා වෙන්නේ?
ඒකත් මට තියෙන කාර්යබහුලත්වය එක්ක එන ප්‍රශ්නයක්. මට එකදිගට චිත්‍රපටවලට ආරාධනා ලැබෙද්දී මම ටෙලිනාට්‍යවලට දින දීලා ඉවරයි. ඉතින් මට චිත්‍රපට මගහැරුණා. ඉදිරියේදී නම් ඉඩකඩ ලැබෙන විදිහට ඒ නිර්මාණවලට දායක වෙන්න මම බලාපොරොත්තු වෙනවා.
alt
මේ දවස්වල ඔබේ රංගන කටයුතු කොහොමද?
ෆෙංෂුයි ගෙදර ෂූටින් තියෙනවා. දැනුත් ඒකේ ෂුටින් ඉවර වෙලා එන ගමන්. ඊට අමතරව පියවි ටෙලිනාට්‍යයේ වගේම ඉටිමල් නාට්‍යයේත් රූගත කිරීම්වලට සහභාගී වෙනවා. ඊට අමතරව ඉතින් සුපුරුදු විදිහට ශ්‍රී ටී.වී. එකේ ප්‍රවෘත්ති කිවේදන කටයුතු කරගෙන යනවා.
ඔබ ටෙලිනාට්‍ය බලන කෙනෙක්ද?
ඔයව්, විවේකයක් ලැබුණු වෙලාවට මම ටෙලිනාට්‍ය බලනවා.
මේ දවස්වල එහෙම බලන ටෙලිනාට්‍ය මොකක්ද?
මේ දවස්වල නම් මම බලන්නේ ෆෙංෂුයි ගෙදරයි, පියවි නාට්‍යයි. ඒ නාට්‍ය දෙක මං ඉන්න හින්දා බලනවා නෙවෙයි. ඇත්තටම ඒ නාට්‍ය දෙකේ වෙනසක් තියෙනවා. ඒකයි මං බලන්නේ.
ප්‍රේක්ෂිකාවක් විදිහට ටී.වී. එක ඉස්සරහා වාඩි වුණහම ඔබේ රඟපෑම් ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?
තරමක් දුරට. ඒත් හැමවෙලාවෙම් මම හිතනවා මේක මට මීටත් වඩා හොඳට කරන්න පුළුවන් නේද කියලා
උමයංගනා කවදා හරි රංගනය එපා වුණොත්?
එක දිගටම වැඩ තියෙද්දී නම් මේක මහා කරදරයක් කියලා හිතෙනවා.ඒත් මට රඟපෑම නම් තවම එපා වෙලා නැහැ. කවදාහරි එපා වුණොත් එදාට තීරණයක් ගන්නවා ඉතින්.
-උපුටා ගැනිම :රන්දිව පුවත්පත-

0 comments:

Post a Comment