----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

තනිකඩ වෙද්දෙන්...!

Sunday, October 14, 2012


ඔයා ලැබෙන්නේ නැති නම් 
 

තනිකඩ වෙද්දෙන්...!
ඔයා නිසා මග් සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැති නං තනිකඩ වෙද්දෙන්

තනිකමින් ගඟ ගලා යනවා සඳේ නුඹ නෑ අම්බරේ
විඳවමින් සිත සොයනවා තව ඔයා කොතැනද හැංඟුනේ
අපි හමු වුණොතින් සඳ එයි නැඟිලා
ගංඟාවට එළිය අරන්
ආදර මල් යායක් අරන්
බලා ඉන්නම් තව හුඟක් කල් ඔයා එනතුරු මා සොයා
සොයා නාවත් ඉවසලා හිත හදා ගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහළට ගලනා
ගඟ සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්

* පද රචනය – ලසිත ජයනෙත්ති ආරච්චිගේ
* සංගීතය – රදීශ් වැන්දබෝනා
* ගායනය – චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
”සිංහල භාෂාව මේ ලෝකයේ තිබෙන බලවත්ම භාෂාවක්. සිංහල වචන ගළපන ආකාරය අනුව අපි නිර්මාණයක් කළාම එය සෙත් කවියක් හෝ වස් කවියක් හෝ වෙන්න පුළුවන්. එම නිසා සිංහල ගීතයක් ආවට ගියාවට පද රචනය කිරීම සුදුසු නැහැ. මා සෙත් කවියක් ලෙසයි මේ ගීතය පද රචනය කළේ.”
එලෙස පවසමින් මෙවර “ගී මිහිර” ගෙනෙන්නට අප සමඟ එක්වන්නේ “ඔයා නිසා මගේ සිනා” ගී පද රචක ලසිත් ජයනෙත්ති ආරච්චිගේ ය. ලසිත වර්තමානයේ පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවක සහකාර කළමනාකාරවරයෙකු ලෙස සේවය කරන අතර ඔහු දහම් පාසලේ ගුරුවරයෙක් ද වෙයි. “ඔයා නිසා මගේ සිනා” පද රචනය නිර්මාණය වූ අයුරු පිළිබඳ ලසිත අප සමඟ කළ කෙටි පිළිසඳර මෙසේ ය.
”දහම් පාසලේ ඉගැන්වීම් කටයුතු කරන අතරේදීත්, මගේ මාධ්‍ය ජීවිතයේ කටයුතු කරන අතරේදීත් ලැබෙන පෞද්ගලික අත්දැකීම් බොහෝ විට ගී පද රචනය කරද්දී මා පාදක කර ගන්නවා. මීට වසර පහකට පමණ පෙර මගේ ජීවිතයට සමීප වූ එක්තරා යුවතියක් හා ඇසුරෙන් මා ලැබූ අත්දැකීම් තමයි මේ සංකල්පනාව නිර්මාණය කිරීමේ දී පාදක කර ගත්තේ. ආදරය ඉපදෙන්නෙත් එය ක්‍රියාකාරී වෙන්නෙත් අපේ සිත් තුළ බවයි මගේ හැඟීම. ශාරීරිකව අප අපිට හිමි වුණා කියා හෝ අහිමි වුණා කියා හෝ සැබෑ ආදරය වියැකී යන්නේ නැහැ. වෛරයෙන් හෝ ද්වේශයෙන් ආදරය විනාශ කර දැමීමක් ද සැබෑ ආදරවන්තයෙකුගෙන් සිද්ධ වෙන්නේ නැහැ. මගේ ආදරයත් ඒ වගෙයි.”
”මගේ හිතේ පැලපදියම් වුණු යුවතිය පිළිබඳ ඇති වුණු ආදරය තවමත් තියෙන්නේ අවිනිශ්චිතවයි. තවමත් නොලැබී ඇති ඒ ආදරය වෙනුවෙන් මා සිතේ සිරවූ සුසුම් හිස් අහසට මුදා හැරීමක් තමයි ‘ඔයා නිසා මගේ සිනා’ ගීතයෙන් සිදු කෙරුවේ. රදීශ්ගෙන් ලැබුණු තනුවටයි මම මගේ සිතුවිලි අකුරු ඇමුණුවේ. ගායනයේ දී චන්ද්‍රසේන සුවිශේෂී හඬ හැසරවීමකින් මගේ සංකල්පනාව යථාර්ථයක් බවට පත් කළා. රූප රචනා රැගත් ගීත වඩා ජනපි‍්‍රය වෙන වකවානුවකදී මෙම ගීතය ජනපි‍්‍රය වුණේ රූප රචනයක්වත් නොමැතිවයි. මෙම ගීතයට අපි රූප රචනාවක් ඉදිරිපත් කෙරුවේ ගීතය ජනපි‍්‍රය වී මාස හයකට පමණ පසුවයි.”
සැබැවින්ම ආදරයෙන් විරහා වේදනා ලබන්න සිදු වුණොත් එම ආදරයේ අවසානය වෛරය නොවිය යුතුය යන පණිවිඩය මේ ගීතයෙන් පවසන්න මං උත්සාහ කළා. ඒ නිසා තමයි ‘ඔබේ පුංචි දෙතොල් අතර මා තනිවෙද්දෙන් – ඔයා ලැබෙන්නේ නැති නම් තනිකඩ වෙද්දෙන්’ යනුවෙන් පද රචනය කෙරුවේ. එවැනි යහපත් සිතුවිලි සමාජයට ලබා දීමට ගීතය උපයෝගී කර ගැනීමට හැකි නම් ගී පද රචකයෙකු ලෙස එය මා ලබන විශාල භාග්‍යයක් ලෙස මම සලකනවා. එම අර්ථයෙන් මගේ මේ ‘ඔයා නිසා මගේ සිනා’ ගී පද රචනය සෙත් කවියක් කියා මට හැඟෙනවා.
Silumina

0 comments:

Post a Comment