----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

කවුද මේ කළු කුමාරි...........................???

Wednesday, October 10, 2012

පීඩාවට පත් මිනිසුනට බැල්ම හෙලන්න කලු කුමාරි එනවා
කේ. බී. හේරත්


මායාදේවි, නාගගුරාලා, දොaන කතිරිනා, දෙවැනි මහින්ද, වාසුදේව, ජගන්මා, ඔබට මතකද වේදිකාවේ සැරිසරන්නන්ට මේ නාට්‍ය අමතක වන්නට හේතුවක්‌ නැත.

කේ. බී. හේරත් හැදූ නාට්‍ය දහය අතරින් කිහිපයක්‌ පමණි ඒ කේ. බී. හොඳ නාට්‍යකරුවෙක්‌ මෙන්ම ජනප්‍රිය තිරකතා රචකයෙක්‌ද වේ.


කවුද මේ කළු කුමාරි

කලු කුමාරිත් කලු කුමාරයා වගේම අපේ ජනශ්‍රැතියට සම්බන්ධ චරිතයක්‌. මේ චරිත දෙකම සම්බන්ධ වෙන්නේ උත්පත්තියට. ඉතින් මේ ජනශ්‍රැතියේ එන කලු කුමාරි තමයි මගේ නාට්‍යයට පාදක කර ගත්තේ.

මොකක්‌ද මේ නාට්‍යය තියෙන වෙනස

මේ නාට්‍යයේ චරිත, ස්‌ථාන කල්පනිකයි. කාලය අවකාශය අතික්‍රමණය කරලා සෑම චරිතයක්‌ම සංකේත මිස ජීවත්ව සිටින පුද්ගලික චරිත නොවේ. අපේ සමාජයේ පවතින යථාර්ථය ගැන කියන්න තමයි මම මෙය භාවිත කරන්නේ.

එතකොට මොකක්‌ද කලු කුමාරි සමාජයට දෙන පණිවිඩය.

අද සමාජයේ මිනිස්‌සු පීඩාවට පත්වෙලා. පීඩාව ඉවසා දරාගෙන සිටීම නිසා අපේ සමාජය වඩාත් භයානක ව්‍යසනයකට ගොදුරු වෙනවා. ඒ ගැන තමයි කලු කුමාරි නාට්‍යයෙන් කියන්නේ. අද කාලේ මිනිසුන් ක්‍රියාශීලී නැහැ. සෑම පීඩාවක්‌ම ඉවසා දරාගෙන ඉන්නවා.

ඔබ පැවැසුවා මෙහි චරිත සංකේත කියලා. ඒත් ඔය කියන විදිහේ චරිත නේද අද සමාජයේ තියෙන්නේ.

ඔව්. තියෙනවා වෙන්න පුළුවන්. මේ නාට්‍ය බලද්දී සමකාලීන චරිත මතක්‌ වෙනවා.

දේශපාලනය ගැනත් කතා කරනවද?

තනිකරම දේශපාලන ආර්ථික කතාවක්‌ මතුපිටින් නොකියන දේ ඉතා ගැඹුරින් කතා කරනවා.

මොකක්‌ද ඔබේ මේ නාට්‍යයට යොදාගත් ශෛලිය.

කලින් කීවා වගේ පශ්චාත් නාට්‍යවාදී ශිල්ප ක්‍රම, කාලය අවකාශය ආක්‍රමණය කරන ජනශ්‍රැතිය මගින් යථාර්ථය කීම වැනි විශේෂ වූ අත්හදා බැලීමේ ශෛලියක තමයි කලු කුමාරි තියෙන්නේ.

චරිත ගැන කතා කළොත්

නලින් ප්‍රදීප් උඩවෙල, මාදනී මල්වත්ත, සුමිත් රත්නායක, µර්නි රෝෂනි, බන්දුල විතානගේ සහ බාහිරව ජනකායක්‌ නියෝජනය කරන ගායක කණ්‌ඩායමක්‌ සිටිනවා.

ඔබ පෙරකී ශිල්පීන් අතිශය කාර්ය බහුල අය. ඔවුන්ව රඳවා ගැනීම අභියෝගයක්‌?

ඒක ගැටලුවක්‌ තමයි. මේ අය වේදිකාවට ලැදි අය නලින්, සුමිත් සහ මාදනී මා සමග වේදිකාවේ කලක්‌ සිටි අය. නලින් හොඳම නළුවා වුණා. මගේ දෙවැනි මහින්ද නාට්‍යයේ මාදනී ජගන් මා නාට්‍යයෙන් හොඳම නිළිය වුණා. ඔවුන් වේදිකාවට ආදරෙයි. ඒ නිසා කුමන වැඩ කටයුත්තක්‌ තිබුණත් වේදිකාවට කාලය ලබා ගන්නවා. ඒත් ඒක අති දුෂ්කර කාර්යයක්‌.

අද නාට්‍ය කලාවේ පිබිදීම ගැන ඔබේ අදහස?

රූපවාහිනියේ කඩා වැටීම සහ පාසල්, විශ්වවිද්‍යාලවල නාට්‍ය කලාව ඉගැන්වීම මත නාට්‍ය බලන්න එන ප්‍රමාණය ඉහළයි. එය සාධනීය ලක්‍ෂණයක්‌. ඒත් රට වටා යන නාට්‍ය ගුණාත්මකද යන්න ප්‍රශ්නයක්‌. අපි ප්‍රතික්‌ෂේප කරන ටෙලි නාට්‍ය කලාවේ නළු නිළියන් යොදාගෙන නාට්‍ය හදලා ඒවා රට වටා ගෙන යැමෙන් ප්‍රතිඵලයක්‌ ලැබේවිද. එවැනි නාට්‍ය ශාලාවට ප්‍රේක්‍ෂකයන් ගෙන්වා ගැනීම පැත්තෙන් වරදක්‌ නැහැ.

කලුකුමාරි රට වටා යනවද

ව්‍යාපාරයක්‌ ලෙස ගෙන යන්න අදහසක්‌ නෑ. අපේ රටේ නාට්‍ය කලාවට ආදරය කරන නාට්‍ය කලාවෙන් කලාත්මක වින්දනයක්‌ ලබන ප්‍රේක්‍ෂක පිරිසක්‌ ඉන්නවා. විශ්වවිද්‍යාලවල බුද්ධිමතුන් කොටසකුත් ඉන්නවා. එවන් පිරිසක්‌ වෙත කලු කුමාරි ගෙන යා හැකියි. රට හැමතැනම පෙන්වා ආදායම් ලබනවාට වඩා ශාස්‌ත්‍රීය අධ්‍යාපනයක්‌ ලබාදීමේ මට්‌ටමින් කරන්න තමයි මම කැමති.

ඇයි ඔබ නාට්‍යයක්‌ කරන්න වසර තුන හතරක්‌ කල් ගත කරන්නේ.

මම නාට්‍ය දහයක්‌ කළා. ඒ හැම එකක්‌ම අවුරුදු දෙක තුනක පරතරයක්‌ ඇතිව කළේ. ඒ නාට්‍ය සියල්ලටම හොඳම ස්‌වතන්ත්‍ර පිටපත ලෙස සම්මාන ලැබුණා. එසේ සම්මාන ලැබූ කෙනෙක්‌ තවත් නැහැ. මට නාට්‍යයක්‌ කරන්න කලින් පර්යේෂණ කළ යුතුයි. ඒ සඳහා කල් ගත වෙනවා. අනෙක්‌ කරුණ තමයි අද අපිට නාට්‍යයක්‌ කරන්න බැරි තරම් වියදම් සැරයි. ඒ සඳහා නිෂ්පාදකයෝ සොයා ගැනීම අසීරුයි. ඒත් කලු කුමාරි සඳහා සිරිනිට්‌ එන්ටර්ටේන්මන්ට්‌ ආයතනය ඉදිරිපත්ව සිටිනවා. ඒ ආයතනය කලාවට ආදරය කරන කිහිප දෙනෙක්‌ගේ එකතුවක්‌.

අජිත් අලහකෝන්

http://www.divaina.com/2012/08/19/meewitha01.html

0 comments:

Post a Comment