----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

"කර්ම" - ප්‍රසන්න ජයකොඩි සිනමා නිර්මාණයක්

Thursday, October 11, 2012


අධ්‍යක්ෂණය - ප්‍රසන්න ජයකොඩි

නිෂ්පාදනය   Ranjith Page Cargills (Ceylon), Sky Entertainers (Pvt) Ltd, Magic Lantern (Pvt) Ltd

විධායක නිෂ්පාදනය - රසිත ජිනසේන

තිර රචනය - ප්‍රසන්න ජයකොඩි, ජගත් මනුවර්ණ

සහය අධ්‍යක්ෂණය- අශෝක අතාවුදහෙට්ටි

සංස්කරණය - භාතිය දුනුසිංහ, රංගන සිංහරාජ, සුදේශ් කුමාරසිංහ

සංගීතය - නදීක ගුරුගේ, සුමුදු ගුරුගේ

කලා අධ්‍යක්ෂණය- සුනිල් විජේරත්න

සිනමාත්මක ඡායාරූපකරණය - පාලිත පෙරේරා

තාක්ෂණික උපදේශක - නිලාන් කුරේ

අංගරචනය - නාරද තොටගමුව

නිෂ්පාදන කළමනාකරණය - නිෂාන්ත පද්මකුමාර

කැමරාකරණය - චින්තක සෝමකීර්ති

ඇඳුම් නිර්මාණය- රසිත ජිනසේන

පද රචනා - ජයරුවන් බණ්ඩාර

ගායනය - නදීක ගුරුගේ

නිශ්චල ඡායාරූපකරණය - ජයන්ත් ධර්මවර්ධන
alt
ප්‍රසන්න ජයකොඩිගේ දෙවැනි සිනමා නිර්මාණය වන ‘කර්ම‘ ඔක්තෝබර් 12 වැනිදා සිට රීගල් ප්‍රමුඛ සී.ඊ.එල්. මණ්ඩලයේ සිනමාහල්වලදී ප්‍රදර්ශනය ඇරඹේ.
“තම මවගේ වියෝව පිළිබඳ ස්වයං වරදකාරී හැඟීමක පසුවන පියල් තම ජීවිතය තුළ ඇති වනු ලැබූ රික්තය පුවනු වස් යාබද නිවසේ ජීවත්වන අමන්දාගේ ජීවිතයට එබී බලයි.
අමන්දා පියයුරු පිළිකාවකින් පෙළෙන බව දැනගන්නා ඇගේ පෙම්වතා වන නදී තුළ ඇය කෙරේ පෙර තිබූ ඇල්ම කෙමෙන් අඩුවෙන්නට පටන් ගනී.
තම බාහිර රූප සොබාව කෙමෙන් වැයැකී ගියද පියල් තමා කෙරේ ඇති හැඟීම් හුදෙක්ම ලිංගික කාරණයක් බව සිතනා අමන්දා පියල්ව ඉන් නිදහස් කිරීමේ අටියෙන් ඔහුව පොළොඹවා ගනී.
අමන්දා පියයුරු පිළිකාවකින් පෙළෙනා මරණාසන්න රෝගියෙකු බවත්, ඈ දැනටමත් එක් පියයුරක් ඉවත් කළ තැනැත්තියක් බව දැනගන්නා තමා තම මව හා සංවාසයේ යෙදුනා මෙන් හැඟීමකින් කම්පාවට පත් වේ.
තමා තුළ ඇති වූ වරදකාරී හැඟිමෙන් නිදහස් වනු වස් පියල් විසින් අමන්දාව ඇගේ මරණය දක්වා රැක බලා ගනු ලබයි.
මානව සම්බන්ධතා පිළිබඳව තමා තුළ මුල්බැසගත්තා වූ දුර්මත පසෙක ලා පියල් තම මවගේ අභාවය යථාර්ථයක් ලෙස භාරගැනීමට පෙළඹේ.
‘කර්ම සිනමා කෘතිය මේ වන විට ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවකම නියෝජනය කරන්නට තෝරාගනු ලැබූ සිනමා නිර්මාණයකි.
අධ්‍යක්ෂණය-ප්‍රසන්න ජයකොඩි
නිෂ්පාදනය-සිලෝන තියටර් හෝල්ඩින්ස්(පුද්.)සමාගම/ ස්කයි එන්ටර්ටේනර් (පුද්.) සමාගම/ මැජික් ලැන්ටර්න් (පුද්.) සමාගම
තරරචනය-ප්‍රසන්න ජයකොඩි/ ජගත් මනුවර්ණ
කැමරා අධ්‍යක්ෂණය-පාලිත පෙරේරා
කැමරාකරණය- චින්තන සෝමකීර්ති
සංස්කරණය- රංගන සිංහාරගේ/ භාතිය දුනුසිංහ/ සුදේශ් කුමාරසිංහ
සංගීත අධ්‍යක්ෂණය- නදීක ගුරුගේ/සුමුදු ගුරුගේ
සහය අධ්‍යක්ෂණය- අසෝක අතාවුදහෙට්ටි
වේෂ නිරූපනය- නාරද තොටගමුව
නිෂ්පාදන විධායක- රසිත ජිනසේන
නිෂ්පාදන කළමනාකරණය- නිශාන්ත පද්මකුමාර
නිස්පාදන සම්බන්ධීකරණය- නිරෝෂන් වෙලගෙදර
රංගනය- මචෙල් හර්ෆ්ටි, ජගත් මනුවර්ණ, නදීක ගුරුගේ
altalt
altalt


සම්මානනීය සිනමා අධ්යක්ෂවරයෙකු වන ප්රසන්න ජයකොඩිගේ දෙවන සිනමා නිර්මාණය වන "කර්ම" චිත්‍රපටය මෙම වසරේ අගෝස්තු මාසයේ දී පමණ තිරගතවීමට නියමිතව ඇත.මෙම සිනමා නිර්මාණය මෙවර අන්තර්ජාතික රොටඩෑම් සිනමා උළෙල ඇතුළු සිනමා උළෙලවල් කිහිපයක් නියෝජනය කරයි. ජගත් මනුවර්ණ, මිෂෙල් හාෆ්ට්, නදීක ගුරුගේ "කර්ම" චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සපයන අතර අවන්ති දිල්රුක්ෂිකා සමරතිලක, නදීෂා යාපාගේ, බුද්ධික මහේෂ් අබේරත්න, දුමිඳු තේජා හංගවත්ත, එරික් මදනායක. තේජා හර්ෂණී හේරත්, චේතනා නිමන්ති, සුජානි ශශිකා. ආරියරත්න පෙරේරා, ලෙලුම් රත්නායක, කෙනත් ඩි සිල්වා, සාරංග අෂේන් කුරේ, විරාජ් මාලිංග, පියුම් ලක්මාල් වීරසිංහ, සුරංග ගුණතිලක, ඩෙන්සිල් පෙරේරා, ප්‍රියන්ත රත්නායක, රවීන්ද්‍ර තන්තිරිගේ, වර්නන් අබේසිංහ සෙසු චරිත සඳහා රංගන දායකත්වය සපයයි. කොළඹ, ගාල්ල හා කුරුණෑගල යන ප්‍රදේශවල රූගත කෙරුණු "කර්ම" චිත්‍රපටයේ සමස්ත රූගත කිරීමේකටයුතු සඳහා දින 30 පමණ කාලයක් ගතව ඇති අතර චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදන කටයුතු වෙනුවෙන් මාස 05 ට ආසන්න කාලයක් ගතව තිබේ. චිත්‍රපටය සඳහා රුපියල් ලක්ෂ 260 ක පමණ පිරිවැයක් දරා ඇති බව ද සඳහන්ය.
 
"කර්ම" සිනමා නිර්මාණය පිළිබඳව එහි අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි මහතා අද දෙරණ සමග මෙසේ අදහස් දැක්වීය.

"අපේ ජීවිතවල බලාපොරොත්තුවල ඇරියස් එකක් තියෙනවා. ඒ නොලැබුණු දේ අපි හොයනවා. එවැනි චරිත කිහිපයක් පිළිබඳව මෙම චිත්‍රපටය ගොඩනැගෙනවා. "සංඛාරා" චිත්‍රපටය වගේම "කර්ම" චිත්‍රපටයත් මගේ ආත්ම ප්‍රකාශනයක් ලෙස කළ නිර්මාණයක්. පොදුවේ සියලුම ප්‍රේක්ෂකයින්ට රසවිඳිය හැකි ලෙස මෙම චිත්‍රපටයේ ආකෘතිමය ස්වභාවය තුළ යම් වෙනසක් සිදුකර තිබෙනවා. A සිට Z දක්වා ගලායන කතා ස්වරූපයක් මෙම චිත්‍රපටයේ නෑ. පරිච්ඡේද 04 ක් යටතේ මෙහි කතාව ගොඩනැගෙනවා. පරිච්ඡේද 03 ක් එකම කාලයක් යටතේ ඉදිරිපත් කරනවා. චිත්‍රපටය නරඹන සියලුම ප්‍රේක්ෂකයින්ට එකම අත්දැකීමක් ලබාදීමේ අරමුණින්, ප්‍රේක්ෂකයා සමග හුවමාරු කරගත හැකි දේ තවත් වැඩිකිරීමේ අරමුණින් මෙම ආකෘතිමය ස්වභාවයේ වෙනස සිදුකර තිබෙනවා"        

0 comments:

Post a Comment