----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මහනුවර බාලිකාවේ හතේ පන්තියක් ළඟදී‘භූතයා බන්ධනය’ වෙයි

Friday, September 7, 2012


මහනුවර බාලිකාවේ හතේ පන්තියක් ළඟදී‘භූතයා බන්ධනය’ වෙයි

ghostරැජින නියෝජිත සුරංජිත් ගුණසේකර 2001 වසරේ මාර්තු 26 සඳුදා පෙරවරුවේ ‘‍ලේ හලන භූතයකු’ ඇතැයි මහත් ආන්දෝලනයකට ලක් වූ මහනුවර බාලිකා පාසලට පිවිසෙන විට උදෑසන පාසල ආරම්භ වී මඳ වේලාවක් ගතවී තිබිණ.බාහිර වශයෙන් කිසිදු විශේෂත්වයක් පළ නොවුවද මෙම භූත සංසිද්ධිය මත පාස‍ලේ ගුරු සිසු ප්‍රජාව තුළ පැවැති ප්‍රකම්පනීය බව නිසා දෝ හාත්පස දැඩි නිහැඩියාවක ගිලී ඇති අයුරක් අප නියෝජිතයාට වටහා ගත හැකි විය. මෙවන් පසුබිමක් යටතේ පාසලට පැමිණ පිටස්තරයන් කෙරෙහි එහි ගුරු ශිෂ්‍ය ප්‍රජාව අතිශය සංවේදී වීම ඉතා සාධාරණ ය. එහෙත් සුරංජිත් සමඟ එහි ගිය දේශකයා එම පාසලට එතරම් ආගන්තුකයකු නොවූ නිසාදෝ ඔවුන්ගේ එම පැමිණීම කිසිවකුගේ විශේෂ අවධානයට ලක් වූ බවක් නොපෙනිණ.
ඒ කෙසේ හෝ එම පාස‍ලේ ගුරු සිසුන්ගේ සහ දෙගුරුන්ගේ මෙන්ම ජනමාධ්‍යයන් මගින් සමස්ත ජාතියේම මානසික කම්පනයක් ඇති කළ මෙම භූත සංසිද්ධිය යථාර්ථවාදීව ග්‍රහණය කර ගැනීමට පෙර එහි ස්වරූපය නිවැරදිව හඳුනාගත යුතු ය. එහිදී එම පාස‍ලේ කිසිවකුටත් අමුත්තක් නොහැඟෙන පරිදි සුරංජිත් වරින් වර සිය ජංගම දුරකථනය මඟින් ම’වෙත කරුණු ඉදිරිපත් කළේ ඒ සඳහා මට පහසුවක් ලබා දෙමිනි. 
එහිදී මගේ අවධානයට ලක්වූ කරුණු අතුරින් විශේෂතම කරුණු දෙකක් විය. ඉන් පළමුවැන්න ‍ලේ ගැලීම සම්බන්ධ එම භූත ක්‍රියාව එම පාස‍ලේ හත්වන ශ්‍රේණියේ එක් පන්ති කාමරයකට පමණක් සීමාවීම ය. එම පන්ති කාමරයට හැරුණු කොට පාස‍ලේ වෙනත් පන්තියකට, විද්‍යාගාරයකට, ක්‍රීඩාගාරයට හෝ ශ්‍රවණාගාරයට හෝ ප්‍රධාන කාර්යාලයට ඒ භූත බලපෑම එල්ල වී තිබුණේ නැත. 
ඒ සම්බන්ධයෙන් මගේ අවධානයට ලක්වූ දෙවන කරුණ වූයේ එම ‍ලේ හැලීම දිවා කාලයේ පාසල් කාලය තුළ දීම සිදුවීම ය. මුල සිටම එකම රටාවකට අනුව පමණක් සිදු වී තිබූ මෙම ක්‍රියා විදුහලට පිටස්තරයන් ඇතුළු කර ගැනීම සපුරා තහනම් කිරීමෙන් පසුව ද ඒ අයුරින්ම සිදුවී තිබිම මගේ විශේෂ අවධානයට ලක්විය. ඒ අනුව මට මූලිකව වටහා ගත හැකිවුයේ එසේ ‘‍ලේ හලන භූතයා’ කවුරුන් හෝ එම පාසල් ගොඩනැගිල්ල සහ එම පන්ති කාමරය ඇසුරේම ජීවත්වන එම පාසල් ප්‍රජාවෙන්ම අයකු බවය. 
ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ආගම් සහ ජාතීන්ට අයත් ගුරු සිසු ප්‍රජාවකින් සමන්විත වුවද එය සිංහල බෞද්ධ ගුරු සිසු බහුතරයකින් යුතු බෞද්ධ ධාරාවේ පාසලකි. එබැවින් එහි බොහෝ දෙනකු මෙම භූත සංසිද්ධිය පිළිබඳව බෞද්ධ දෘෂ්ඨි කෝණයෙන් බැලීමට පෙළඹීම ඉතා ස්වභාවික ය. එබැවින් සුරංජිත් සමග එම පාසලට ගිය දේශකයා දුරකථනයෙන් ඇමතූ මම එම විද්‍යාලයීය ප්‍රජාව හමුවේ එකී භූත සිද්ධිය පිළිබඳව බෞද්ධාගමික අර්ථකථනයක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටියෙමි. එවිට එම විදුහ‍ලේ පාලනාධිකාරියේ අනුමැතිය ඇතිව සුරංජිත් ද සමග එම අද්භූත ‍ලේ ගැලීමට සම්බන්ධ පන්ති කාමරය සමීපයට ගිය දේශකයා එහි සිටි කිහිප දෙනකු සමඟ එබඳු කතාබහක් ඇරඹීය. 
ඒ අතරේ එම දේශකයාට ද රහසින් සුරංජිත්ට නැවත දුරකථන ඇමතුමක් ගැනීමට මට සිතිණ. එම දේශකයා සමග කතා බස් කරමින් සිටින අතරේ තරමක් විශේෂිත හැසිරීමක් පළ කරන්නියක එම පිරිසේ සිටිය හැකි බැවින් ඇය සම්බන්ධයෙන් විශේෂයෙන් සංවිභාගශීලී වන ලෙස එම ඇමතුම මගින් මම ඔහු දැනුවත් කළෙමි. ඒ මෙබඳු අද්භූත සිදුවීම් 
ගවේෂණයේ දී මා ලත් පූර්ව අත්දැකීම් අනුව ය. මගේ එම දැනුම් දීමෙන් විනාඩි කිහිපයකට පසු මට යළි සුරංජිත්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. එමගින් ඔහු පවසා සිටියේ එම පිරිස අතරේ හිඳින එක්තරා තැනැත්තියක තරමක් උද්වේගකර අයුරින් හැසිරෙනු තමන්ට හොඳින්ම පෙනෙන බවය. ඒ අනුව ඔවුනට නොදැනෙන සේ එහි ගොස් එම කතා බහට කන්දෙමින් එය රහසින් පටිගත කර ගන්නා ලෙස මම සුරංජිත්ට දන්වා සිටියෙමි. 
එම කාන්තාව ගුරු ශිෂ්‍ය සහ සෙසු කාර්ය මණ්ඩලය ආදී වශයෙන් සැදුම්ලත් එම විද්‍යාලයීය ප්‍රජාවේම සාමාජිකාවකි. නමුදු මාධ්‍ය සදාචාරය අනුව ඇය පිළිබඳ ඉන් ඔබ්බට යමක් මෙහි විස්තර කළ නොහැක. 
ඒ කෙසේ හෝ ඇය කලින් මෙම විද්‍යාලයීය ආගමික කටයුතු වලදී සක්‍රිය භූමිකාවක් දරා තිබිණ. එහෙත්, පසුකාලීනව එම විද්‍යාලයේ සිදුවූ පරිපාලනමය වෙනස්කම් මත ඒ භූමිකාව ඇයට අහිමිව ඇත. එය ඇගේ පෞරුෂයට 
සෘජුව බලපා තිබේ. තම දායකත්වයෙන් යුතුව නිසි අයුරින් සිදුවූ එම පාස‍ලේ ආගමික වත් පිළිවෙත් දැන් නිසි පරිදි සිදු නොවීම මත  විදුහල වෙත මෙම අමනුෂ්‍ය බලවේග යොමුවීම පුදුමයක් නොවන බව එම තැනැත්තිය එම දේශකයා සහ අප නියෝජිත සුරංජිත් හමුවේ පවසා තිබේ. ඒ අන්‍යයන් අතුරින් විශේෂයෙන් මතුවෙමිනි. පෞරුෂ අර්බුද නිසා ව්‍යාකූල මනැස් ඇත්තෝ කතාබහෙන් සහ හැසිරීම් වලින් සෙස්සනට වඩා වෙනස් විශේෂිත 
ලක්ෂණ පළ කරති. එහෙත්, ඒ බව මනාව හැඳින හැක්කේ ඔවුන් හා වැඩිදුරටත් කතාබස් කිරීමෙනි. එබැවින් මගේ ඉල්ලීම මත ඇය හා වැඩිදුර කතාබස් කළ සුරංජිත්ට ඇය කියා ඇත්තේ පාසලට මෙවන් භූත උවදුරක් එල්ල වන බව තමන් කල් ඇතිවම දැන සිටි බව ය. එමෙන්ම ඒ පිළිබඳව පාස‍ලේ පාලනාධිකාරිය දැනුවත් කිරීමට තමන්ට අවශ්‍ය නොවූ බව ය. එමෙන්ම මෙම පාසලට වින කරන භූතයන් සමග කතාබස් කිරීමේ
අධිමානසික ශක්තියක් තමන් සතු බව ද ඇය  දේශකයා හමුවේ පවසනු සුරංජිත්ගේ පටිගත කිරීමේ යන්ත්‍රයේ සටහන් විය. 
“එසේ නම් ඔබ පවසන භූතයන් ඔබ ලවාම මේ කාරිය කරවනවා වෙන්නත් පුළුවන්” මෙහිදී දේශකයා ඇසූ පැනයට ඇය කිසිදු පිළිතුරක් නොදී නිහඬ වී ඇත. දැන් එම භූත ක්‍රියාවට මුල් වන චරිතය කුමක්දැයි පැහැදිලිය. ඒ අනුව අනතුරුව ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් එම දේශකයා සහ සුරංජිත් දැනුවත් කළ මම යළි මෙම පාස‍ලේ කිසිදු භූත ක්‍රියාවක් සිදු නොවිය යුතු බවට ඇයට රහසිගත තරවටුවක් කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමි. එමෙන්ම ඔවුන්ගේ එම ක්‍රියාව කෙතරම් සාර්ථකව සිදුවූයේද යන්න පිළිබඳව කොළඹ සිටි මා තුළ නිවැරදි නිශ්චයක් නොවිණි. එබැවින් සුරංජිත් සතු ජංගම දුරකථනය ඇය අතට පත් කරවූ මම ඇය ඇමතීමි. 
භූතයා ඔය ඉස්කෝ‍ලේ අහිංසක දරුවන්ට කරපු වින්නැහිය හොඳටම ඇති. භූතයා නොදන්නවාට අපි මේ වන කොටත් භූතයාගේ පින්තූර අරගෙන කටහඬත් පටිගත කරලයි තියෙන්නේ; අපි දැන් ඉඳන්ම ඔය භූතයා ගැන හොඳ හෝදිසියකින් ඉන්නවා, හැබැයි හොඳට මතක තියා ගන්න මේ මොහොතේ ඉඳන් ඔය භූතයාගෙන් ඔය ඉස්කෝලෙට හරි වෙන තැනකට හරි පුංචි හරි බලපෑමක් වුණොත් අපි ඔය භූතයගේ පින්තූරෙයි විස්තරෙයි පත්තරේට දානවා. භූතයට රෙද්දක් ඇඳගෙන පාරට බහින්න බැරි විදිහට”
දුරකථනය මගින් ඉහත සඳහන් පණිවුඩය ඇයට සන්නිවේදනය කර දුරකථනය විසන්ධි කළෙමි. ඉන්පසු එම තැනැත්තිය කෙරෙන් යම් බියපත් බවක් පළවන අයුරුත් ඇගේ මුහුණට දහඩිය නැංවෙන අයුරුත් තමන් හොඳින් දුටු බව සුරංජිත් කීය. එමෙන්ම ‘මහනුවර බාලිකාවේ ‍ලේ හලන භූතයා’ගේ එම ක්‍රියාවලිය එතැනින්ම හමාර වූ අතර එමගින් අපට සියයට සියයක්ම සනාථ වූයේ එය ඉහත සඳහන් තැනැත්තිය විසින්ම සිදුකරන ලද්දක් බව ය.

තිලක් සේනාසිංහ
Lakbima

0 comments:

Post a Comment