----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සිග්නීස් උත්තමාචාර උළෙල අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය.

Thursday, September 6, 2012


සම්මාන 53 ක්

හොඳම චිත්‍රපටය – ධීවරී
ටෙලි වෘතාන්තය - සදගිරි පව්ව
බිමල් - දිල්හානි සම්මාන ලබති
පසුගිය සෙනසුරාදාවේ සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා රංග පීඨයේදී තිස් හයවැනි සිග්නීස් උත්තමාචාර උළෙල අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් විය.
මෙහිදී සම්මානයන් පනස් තුනක් පිරිනැමුණු අතර උළෙලෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරු හිමිපාණන්ය.
එහි සම්මාන නාම ලේඛනය මෙසේය
2011 වසරේ සිනමා නිර්මාණයන් සඳහා ලබා දුන් සම්මානයන්:
වසරේ ප්‍රශස්ත සිනමාපටය – ධීවරී
නිර්මාණශීලී අධ්‍යක්ෂ - ස්වර්ණ - සාලින්ද පෙරේරා (ධීවරී)
රජත - සරත් වීරසේකර (ගාමණී)
නිර්මාණශීලී නළුවා - ස්වර්ණ – බිමල් ජයකොඩි (ගාමණී)
රජත - ජෝ අබේවික්‍රම (ධීවරී)
නිර්මාණශීලී නිළිය - ස්වර්ණ - දිල්හානි ඒකනායක (ගාමණී)
රජත - සංගීතා වීරරත්න (ධීවරී)
නිර්මාණශීලී සහය නළුවා - ලකී ඩයස් - (චැලෙන්ජස්)
නිර්මාණශීලී සහය නිළිය - ට්‍රිලීෂියා ගුණවර්ධන – (ධීවරී)
නිර්මාණශීලී තිර රචනය - සාලින්ද පෙරේරා සහ ඩැරල් කොස්තා (ධීවරී)
නිර්මාණශීලී කැමරාකරණය - ලාල් වික්‍රමආරච්චි (ධීවරී)
නිර්මාණශීලී ගීත රචනය - පුජ්‍ය පල්ලේගම හේමරතන හිමි (මහින්දාගමනය)
නිර්මාණශීලී සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ (ගාමණී)
නිර්මාණශීලී සංගීතය - ප්‍රදීප් රත්නායක (ධීවරී)
නිර්මාණශීලී අංග රචනය - රංජිත් වික්‍රමසිංහ (ධීවරී)
නිර්මාණශීලී ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා ( ගාමණී)
නිර්මාණශීලී කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න (ධීවරී)
කුසලතා සහතික:
ශනුද්‍රි ප්‍රියසාද් (අඟර දඟර)
උදයන්ති කුලතුංග (මහින්දාගමනය)
ලක්ෂ්මන් මෙන්ඩිස් (සෙල්වම්)
අසේල ජයකොඩි (ගාමණී)
නිර්මාණශීලී නිෂ්පාදන කළමනාකරු - පාලිත තෙන්නකෝන්
නිර්මාණශීලී සහය අධ්‍යක්ෂ - රංජන් ප්‍රසන්න
2011 වසරේ ටෙලි නිර්මාණ සඳහා ලබා දුන් සම්මානයන්
වසරේ ප්‍රශස්ත ටෙලි නිර්මාණය - සඳගිරි පව්ව
නිර්මාණශීලී අධ්‍යක්ෂ - සමන් කුමාර ලියනගේ (සඳගිරි පව්ව)
නිර්මාණශීලී නළුවා - සංජීව උපේන්ද්‍ර (සඳගිරි පව්ව)
නිර්මාණශීලී නිළිය - හිමාලි සිරිවර්ධන (සඳගිරි පව්ව)
නිර්මාණශීලී සහය නළුවා - බිමල් ජයකොඩි (සැනකෙළියයි මායා)
නිර්මාණශීලී සහය නිළිය - ප්‍රතිභා හෙට්ටිආරච්චි (සැනකෙළියයි මායා)
නිර්මාණශීලී තිර රචනය - සරත් ධර්මසිරි (ස්වයංජාත)
නිර්මාණශීලී කැමරාකරණය - බුද්ධික ඉන්ද්‍රජිත් (සඳගිරි පව්ව)
නිර්මාණශීලී ගායනය - අමරසිරි පීරිස් සහ ශෂිකා නිසංසලා (සඳගිරි පව්ව)
නිර්මාණශීලී ගීත රචනය - වසන්ත කුමාර කොබවක (සඳගිරි පව්ව)
නිර්මාණශීලී සංස්කරණය - දීපාල් එස්. ගුණරත්න සහ එල්මෝ හැලිඩේ (සඳගිරි පව්ව)
නිර්මාණශීලී සංගීතය - නවරත්න ගමගේ සහ රංජිත් ප්‍රේමවීර (සඳගිරි පව්ව)
නිර්මාණශීලී අංග රචනය - මමෝජ් ලක්සිරි (බිනරි)
නිර්මාණශීලී ශබ්ද පරිපාලනය - කිංස්ලි රාජපක්ෂ (සඳගිරි පව්ව)
නිර්මාණශීලී කලා අධ්‍යක්ෂණය - චිත්‍රසේන ද සිල්වා (සඳගිරි පව්ව)
කුසලතා සම්මාන -
ත්‍රිෂුණ පෙරේරා (ස්වයංජාත)
රොෂාන් රවීන්ද්‍ර (බිනරි)
සරත් චන්ද්‍රසිරි (සඳගිරි පව්ව)
සුන්දර බණ්ඩා (ඇත්කඳ ලිහිණියා)
අනුරුද්ධිකා පාදුක්කගේ (ස්වයංජාත)
දීප්ති මංගලසෝම (ස්වයංජාත)
නිර්මාණශීලී නිෂ්පාදන කළමනාකරු - සරත් විජේසේකර
නිර්මාණශීලී සහය අධ්‍යක්ෂ – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
සෙසු සම්මානයන් -
නිර්මාණශීලී ඒකාංගික ටෙලි නාට්‍ය - මන්ත්‍රී මෑණි (සමන් කුමාර ලියනගේ)
නිර්මාණශීලී කෙටි චිත්‍රපටය - බර (රෝහණ සමන්සිරි ප්‍රනාන්දු)
නිර්මාණශිලී විත්ති කතා දෘශ්‍ය නිර්මාණය - සොයිලිස් (නාමල් ප්‍රසන්න)
නිර්මාණශීලී ශ්‍රව්‍ය දෘෂ්‍ය වියමන - 2600 සම්බුද්ධත්ව ජයන්ති තේමා ගීතය (ජනජීව වේහැල්ල)
නිර්මාණශීලී වෙළෙඳ දැන්වීම : සී. අයි. සී. කෝපරේට් (ට්‍රයඩ් පුද්ගලික සමාගම)
නිර්මාණශීලී පූර්ව ප්‍රචාරක පටය - ඇත්කඳ ලිහිණියා හි පූර්ව ප්‍රචරක පටය (හසිත ප්‍රියංකර හේරත්)
නිර්මාණශීලී සජීවීකරණ නිර්මාණය - 2011 අයි. සී. සී. ලෝක කුසලානය (හසිත ප්‍රියංකර හේරත්)
සිගනීස් විශේෂ සම්මාන
ජයවිලාල් විලේගොඩ අනුස්මරණ සම්මානය - ප්‍රියාන් ආර්. විජේ බණ්ඩාර
සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානය - මාධ්‍යවේදී බන්දුල නාරද නිශ්ශංක
සිග්නීස් අන්තර් ජාතික ප්‍රණාම -
ඇන්ඩෲ ජයමාන්න
සෝමපාල ලීලානන්ද
හේමප්‍රිය කණ්ඩම්බි
චන්ද්‍රිකා සිරිවර්ධන

 
සරත් වීරසේකර, දිල්හානි සමඟ සංගීතා එක් වූ මොහොතක්

සරත් ධර්මසිරි
සඳගිරි පව්ව විකාශය වූ ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂ බුද්ධික කුලසේකර එයට හිමි සම්මානය ගනිමින්
හිමාලි සිරිවර්ධන
සංජීව උපේන්ද්‍ර

0 comments:

Post a Comment