----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල - 2012

Friday, September 7, 2012


රාජ්‍ය ළමා නාට්‍ය උළෙලෙ - 2012 
සැප්. 8 සිට 22 දක්‌වා ජෝන් ද සිල්වා සමරු රඟහලේදී

සුජීව තත්සර

සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ උපදෙස්‌ පරිදි සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්‌ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්‌ඩලය එක්‌ව සංවිධානය කරනු ලබන 2012 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල, 2012 සැප්තැම්බර් 08 වන දින සිට සැප්. 22 වන දින දක්‌වා ප.ව. 5.00 ට කොළඹ 07, ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වේ.

මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ළමා නාට්‍ය එකම වේදිකාවේදී පැවැත්වේ. ළමා නාට්‍ය උළෙලේ අවසන් වටයට භාෂා තුනෙන්ම සීමිත අංශයෙන් ළමා නාට්‍ය 22 ක්‌ හා විවෘත අංශයේ නාට්‍ය 20 ලෙස ළමා නාටය 42 ක්‌ වේදිකාගත කිරීමට නියමිතය.

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වෙනුවෙන් රඟ දැක්‌වෙන සියලුම නාට්‍ය නොමිලේ නැරඹීමට අවස්‌ථාව සලසා ඇති අතර එම නාට්‍ය නැරඹීමට පැමිණෙන ලෙස පාසල් සිසුන් ඇතුළු සියලු දෙනාට සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විවෘතව ආරාධනා කොට සිටී.



සැප්. 08 - තෙල්දෙණිය ජාතික පාසලේ "කරතොත් සෙල්ලම්" එම්. ඡේසුරාඡ්ගේ "තුල් කෝඩ්ප්පාම්", මතුගම සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විද්‍යාලයේ "අ ස්‌ටේ්‍රන්ඡ් ෙµ්‍රන්ඩ්ස්‌, "ජයන්ත මුතුතන්ත්‍රිගේ "දඬුවමත් නරක නෑ" සැප්. 09 - නාත්තන්ඩිය ධම්මිස්‌සර ම. ම. විද්‍යාලයේ "අන්තිමයා සහ නපුරු ඉස්‌කෝලය", කේ. ඊ. කමලානන්දන්ගේ "එනක්‌කුම් වලික්‌කුම්", කොළඹ රාජකීය විද්‍යාලයේ "මහදැනමුත්තා", කේ. ඒ. ශ්‍යාම් ප්‍රනාන්දුගේ "අපිත් එක්‌ක එන්න", සැප්. 12 - වැලිමඩ ම. ම. විද්‍යාලයේ "ටිකිරි හා මලී", ශාන්තිනී සෙල්වදාස්‌ගේ "අලකු", සිරි ධර්මාලෝක විද්‍යාලයේ "නෝ මෝර් මයිස්‌", නිලංක නාමල් උඩුමුල්ලආරච්චිගේ "කාටුන්", සැප්. 13 - අනුරාධපුර ම. ම. විද්‍යාලයේ "දඟාගෙන් පාඩමක්‌" ටී, ගෞරිස්‌වරන්ගේ "ඉනයින්ඩු වාලා" (ආරාධිත), තෙල්දෙනිය ජාතික පාසලේ "නොට්‌ ප්‍රොහිබිටඩ්, කේ. ඒ. ජී, ධනංජය සමරවීරගේ "ජීවිතය ජයගන්න හපනා" සැප්. 15 - හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයේ "මමයි මමයි හරි යාළුයි". කේ. ඊ. කමලනාදන් ගේ "ඉන්තායි වාල්වොම්", හෝමාගම, මුල්ලේගම ම. විද්‍යාලයේ "පීස්‌ ඇන්ඩ් පීස්‌" නෙරන්ජන් චන්ද්‍රdදිත්‍ය ගේ "එක අහසයි එක පොළොවයි", සැප්. 16 - ර/කහවත්ත ම. ම. විද්‍යාලයේ "බෝනික්‌කෝ හිනාවුනා", ටී. කාන්ජනාගේ "ප්‍රාන්තනා කොන්ඩට්‌ටම්", සුමනජෝති කනිටු විදුහලේ "ස්‌නෝ වයිට්‌", එච්. කේ. ඒ. නාලක හපුගොඩගේ "පුංචි අපේ වීරයෝ", සැප්. 17 - පුජාපිටිය ජාතික පාසලේ "මිහිතලයට ආ සුරඟනක්‌", එම්. කාලිදාස්‌ගේ "තොප්පි මාමා", ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ "යර්ස්‌ අයි ටූ කැන්", ඩබ්. සිතු නිර්මිත ගේ "බාලගිරි", සැප්. 18 - පිළියන්දල ම. ම. විද්‍යාලයේ "සඳු ඔයා ළමයෙක්‌", බන්දුල සරත් ගේ "දෝසි වාසි", ඩී. කුමාරගේ ගේ "ද ස්‌ටේ්‍රන්ත්", ඩබ්. සමන් චන්දනගේ "රඡ්ජුරුවෝ ඇවිත්.", සැප්. 19 - කොස්‌වාඩිය සරස්‌වතී ම. විද්‍යාලයේ "සුරතල් දඩයම්", ටී. ගෞරීස්‌වරන්ගේ "කරික්‌කුරුවියෙන් මුයටච්චි", එච්. පී. කේ. දසනායකගේ "ලේසියෙන් ප්ලීඩ්", වාසල බණ්‌ඩාරගේ "රංකිට අපූරු තෑග්ගක්‌", සැප්. 20 - හ/ආවේ මරියා බාලිකා විද්‍යාලයේ "සෙල්ලම් බෝලය", එම්. කාලිදාස්‌ගේ "කාකයින් කූඩු" (ආරාධිත), යෙහාන් හර්ෂණ ජයවීර ගේ "පයිව්

රැට්‌ස්‌ විත් වන් කැට්‌", කපිතාන් බී. පී. ආර්. සී. ජයරත්නගේ "රෑත් වැටුනා දවලුත් වැටුනා", සැප්. 21 - කු/මලියදේව බාලිකා විද්‍යාලයේ "හොඳ මලී", ඩී. කේ. ආටිගල ගේ "රොබී", ඩී, කුමාරගේ ගේ "මාෂා ඇන් බෙයාර්" (ආරාධිත) ඡේ. ඒ. අජිත් ක්‍රිෂාන්ත සේරම්ගේ "සමනල චාරිකා", සැප්. 22 ඩබ්. එම්. සුනිල් ශාන්ත ගේ "සිං සිං", හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාපීඨයේ "චූටි බබා ලොකු ළමයෙක්‌" (ආරාධිත) කේ. මිත්‍රරත්නගේ "ඩෙවිල් ඇන්ඩ්ද ඩෝල්", (ආරාධිත), සොඳුරු ලොකුපෝතාගම ගේ "නුවන්ගේ මිතුරෝ හත්දෙනා" (ආරාධිත)

0 comments:

Post a Comment