----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඔයා මගේ හිත කියෙව්වා

Saturday, August 4, 2012


සිත නැවතිලා තියෙන්නේ රඟපෑම ලඟයි

දිල්ෂානි පෙරේරා
නිවෙසෙහි වෙහෙස වී වැඩපළ කරනා බිරියක් රෙදි සෝදන්නේ බොහෝ අකැමැත්තෙනි.
‘වොෂින් මැෂින් එකක් ගමුද?’
සිය බිරියගේ කරදරකාරී උවන
දකිනා සැමියා විමසන්නේ සොඳුරු
බිරියගෙනි.
‘නෑ ඕන නෑ’
ඇය පිළිතුරු දෙන්නේ සිත යට ඇති අදහස සඟවමිනි.
මේ අතර ඔහු සිය බිරියට රැගෙන එන්නේ අපූරු තෑග්ගකි.
‘ඔයා මගේ හිත කියෙව්වා. . .’
මේ දිනවල ප්‍රචාරය වන අප කාගේත් සිත්ගත් සිංගර් දැන්වීමේ සිටිනා සුන්දර බිරිය අප කාටත් අමතක නොවේ.
‘දිල්ෂානි පෙරේරා’
ඒ සුන්දර බිරියට පණ පොවන්නී ඇයයි.
ඉතිං දිල්ෂානි,
මේ දවස්වල මේ දැන්වීම නිසා ලැබෙන ප්‍රතිචාර නම් නිමක් නැහැ. මුලින්ම මාව ප්‍රේක්ෂකයන් දකින්නේ දැන්වීම් ඔස්සේ. කීල්ස් දැන්වීම මගේ ප්‍රථම රංගනය රැගත් දැන්වීමයි.
ඊට පස්සේ
සෙලින්කෝ, නේෂන් රස්ට්, වටවල කහට කියන දැන්වීම් මාව ජනතාව අතරට අරගෙන ගියා. මේ වන කොට මා දැන්වීම් තිහක් පමණ සංඛ්‍යාවකට දායක වී තිබෙනවා.
දැන්වීම්වලම ඉන්නද හිත?
මගේ හිත වඩාත් නැවතිලා තිබෙන්නේ දැන්වීම්වල කරන රඟපෑම ළඟයි. ඊට අමතරව චිත්‍රපට රංගනයට මගේ තියෙන්නේ විශේෂ කැමැත්තක්.
මගෝ ඩිගෝ ඩයි කියන්නේ,
පළමුවෙන්ම මම රංගනයෙන් සහභාගි වුණු චිත්‍රපටය තමයි ඒ. එහි රඟපෑව කරීනාගේ චරිතය මම බොහොම ආදරය කරන චරිතයක්.
මේ චරිතය ලැබෙන්නේ,
ඩොනල් ජයන්ත අයියා මට මේ චිත්‍රපටයට ආරාධනා කළේ මගේ ගෙදරටම ඇවිල්ලයි. ඒ වෙලාවේ නම් මට ඇති වුණේ පුදුමයක්. මුලින්ම වචනයක් නොදී කල්පනා කරලා උත්තරයක් දෙන්නම් කියලා මා කිව්වා. කාලයක ඉඳලා රංගනයට සම්බන්ධ වෙන්න යම් ආසාවක් හිතේ කොණක නොතිබුණා නොවෙයි. ඒත් මේ තරම් ඉක්මනට ඒ අවස්ථාව උදාවෙයි කියලා මම හිතුවේ නම් නෑ.
* කරීනාට ලැබුණු ප්‍රතිචාර,
‘මගෝ ඩිගෝ ඩයි’ චිත්‍රපටයට රංගනයෙන් දායක වීමේදී වෙනස්ම අත්දැකීම් රාශියකට මුහුණ දීමට මට සිදු වුණා. මීට පෙර රංගනයක නිරත වුණේ වෙළෙඳ දැන්වීමක පමණක් නිසා මේ රංගනය මට අභියෝගයක් වුණා. ඒ සඳහා චිත්‍රපටයේ රංගනයෙන් දායක වුණු විජය නන්දසිරි කියන ප්‍රවීණ රංගන ශිල්පියා ඇතුළු සෙසු රංගන ශිල්පීන්ගෙන් වගේම අධ්‍යක්ෂවරයාගෙන් මට ලැබුණු සහයෝගය අපමණයි. මේ නිසාදෝ චිත්‍රපටය තිරගත වුණාට පස්සේ ලැබුණු ප්‍රතිචාර මාව තවත් ධෛර්යමත් කළා.
* ඊටත් පස්සේ,
උදයකාන්ත වර්ණසූරියගේ ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටයට රංගනයෙන් දායකවීමට අවස්ථාව ලැබෙන්නේ ‘මගෝ ඩිගෝ ඩයි’ චිත්‍රපටයේ මා රඟපෑ චරිතය නිසයි. මා එහි රඟපාන්නේ පුබුදු චතුරංග ගේ සහෝදරියගේ චරිතයයි. එහිදී ලකී ඩයස්, වසන්ති චතුරාණි වගේ ප්‍රවීණ ශිල්පීන්ගෙන් රංගනය පිළිබඳ මා බොහෝ දේ ඉගෙන ගත්තා.
* මේ ඔස්සේ ගොඩ නැගෙන පසුබිම,
මට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසීමේ ඉඩහසර වෙන් කරන්නේ ඒ පසුබිමයි. පසුගිය දවස්වල ස්වර්ණවාහිනියේ විකාශය අවසාන කළ ‘සුභා’ කියන ආබාධිත යුවතියගේ චරිතය මගේ රංගන ජීවිතයට ආලෝකයක් ගෙනා චරිතයක්. ඒ යුවතියගේ චරිතය රඟපෑමට ප්‍රථම එවන් යුවතියකගේ හැසිරීම් රටාව, කතාබහ, හැඟීම් ප්‍රකාශ කිරීම පිළිබඳ මා අධ්‍යයනය කළා. ඒ ඔස්සේ සමන් කුමාර ලියනගේ කියන අධ්‍යක්ෂවරයාගේ ‘සුභා’ කියන ටෙලි නාට්‍යයේ සුභාගේ චරිතයට සාධාරණයක් කළ බව මා සිතනවා.
* රංගනය කියන්නේ,
අධ්‍යයනය කරන්න ඕන දෙයකට වඩා මට හිතෙන්නේ ඒක තමන්ගේ ඇඟේම තියෙන්න ඕන දෙයක් කියලයි. එහෙම දෙයක් ඇඟේ නැති කෙනෙකුට කොයි තරම් දේවල් අධ්‍යයනය කළත්, ඉගෙන ගත්තත් කිසිම වැඩක් නැති බවයි මගේ හැඟීම වන්නේ.
* පළමුවෙන්ම රංගනය පිළිබඳ ඔබගේ සිතේ හැඟීමක් ඇති වන්නේ,
මගේ පාසල් කාලයේදී ඒ හැඟීම වර්ධනය වුණා කිව්වොත් නිවැරැදියි. මා පාසල් ගියේ ක්‍රිස්බිටේරියන් කාන්තා විද්‍යාලයටයි. ඕලෙවල් කරන කාලයේදී අපේ පාසලේ හිටිය සංගීත ගුරුතුමිය මගේ දක්ෂතා හඳුනා ගත්තා. ඇය තමයි මට රංගනය සඳහා අවස්ථාවක් ලබා දෙන්නේ. ඩෙංගු පිළිබඳ කළ පාසල් නාට්‍යයේ ප්‍රධාන චරිතයට ඈ මාව තෝරා ගත්තා. මා ඒ ලෙවල් කළේ කලා අංශයෙන්. සිංහල වගේම නාට්‍ය හා රංග කලාවත් ඊට ඇතුළත් වුණා. පාසල් කාලයෙන් පස්සේ පෙර පාසල් ගුරුවරියක් විදියට පුහුණුවීම් ලබන්නේ ඒ අංශය දෙසට යොමු වන්නයි. ඒත් අහම්බෙන් මම රංගනය දෙසට යොමු වුණා.
රංගනයට අමතරව ඔබ,
පාසල් කාලයේ පටන්ම මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඒත් ඒ හැකියාව වර්ධනය කර ගැනීමට උවමනාවක් මට තිබුණේ නෑ. ඒ ගැනත් සලකා බැලිය යුතු යැයි මා සිතනවා.
පවුලේ තොරතුරු,
අම්මා, තාත්තා මගේ රංගන ජීවිතයට ගේන්නේ ආලෝකයක්. ඔවුන් දෙදෙනාට සිටින එකම දරුවා මමයි. ඉදිරියේදී දමින්ද මඩවලගේ ‘මෙගා’ ටෙලි නාට්‍යයේ සුරූපිකා විදියට නරඹන්නන් අතරට මා එනවා.මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමයි මගේ අනාගත බලාපොරොත්තුව වෙන්නේ.

0 comments:

Post a Comment