----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රාජේශ් ඛන්නා නික්‌ම ගිය වග....

Friday, July 20, 2012


රාජේශ් ඛන්නා නික්‌ම ගිය වග....


ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්‌ෂකයන්ටද කවදාවත් අමතක නොවන බොලිවුඩ් සිනමාවේ රාජේශ් ඛන්නා නමැති සුපිරි නළුවා පසුගිය බදාදා ජීවිතයට සමු දුන්නේය. 1970 දශකයේ දී ඔහු රඟපෑ ආරාධනා, ආනන්ද්, සාති මෙරේ සාති ඇතුළු චිත්‍රපට රැසක්‌ මෙරට තිරගත විය. රාඡේශ්ගේ චිත්‍රපට එකල මෙරට සිනමා රසික රසිකාවියෝ මහත් ආදරයෙන් පිළිගත්තේය. ඔහු රඟපෑ චිත්‍රපටවල ගීත පවා සිංහල වචනවලින් සකස්‌ වී මෙරටදී ප්‍රචාරය විය. හින්දි සිනමාවේ ස්‌වර්ණමය යුගයේ ප්‍රකට නළුවකු වූ රාජේශ් ඛන්නා මියයන විට හැටඅට හැවිරිදි වියේ පසුවිය.




ඔහු වෙනුවෙන් කිශෝර් කුමාර් සහ මුකේශ් ගීත ගායනා කළේය.

පසුගියදා ෂම්මි කපූර් හා දේවානන්ද වැනි නළුවන්ද මියගියේය. ඔවුන් හා සම තත්ත්වයේ පසුවූ රාජේශ් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කලක්‌ ක්‍රියා කළත් ඔහුට එරෙහිව ජනතාවගේ චෝදනා එල්ල වූයේ නැත.

යමකු අමරණීය වන්නේ මියගියාට පසුව යයි රෙලි නමැති කවියා කීවේය.

රාජේශ් ඛන්නා නමැති ප්‍රේමාන්විත නළුවා ගැනද කිව හැක්‌කේ එයයි.

- කීර්ති වර්ණකුලසූරිය

 Divaina

0 comments:

Post a Comment