----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පුද්ගලික විස්තර වැඩිපුර කියන්න මං ආස නැහැ

Wednesday, July 4, 2012

පුද්ගලික විස්තර වැඩිපුර කියන්න මං ආස නැහැ


සීසපාටිකා හරහා අවධානය දිනූ වසන්ති කියයි
කඳු නිම්නය පහළ ගන කැලෑවකි. ඒ මධ්‍යයෙ හි පිහිටි ගල්තලාවක ඈ වාඩිවී හුන්නාය. ’සීසපාටිකා’ කුවේණියගේ සේවිකාව.වුරු ගැනද කල්පනාව ? මම ඇගේ දැහැන් බින්දෙමි. කුවේණි ගැන මිසක්.....වෙන කා ගැන මං හිතන්නද? සීසපාටිකාට කුවේණියගෙන් තොර ලෝකයක් නැත.
සීසපාටිකා ගැන ගොඩක් අය කතා කරයි “විජය කුවේණි” පෙන්නනකොට. අපට කතා කරන්නද ගොඩක්දේ තියෙයි. එතකොට මං එන්නම්කො “සරසවියට”.
”විජය කුවේණි” දර්ශනතලයේ දී ඈ එදා කීවා නිවැරදිය. සීසපාටිකාව අද අපේ කතා නායිකාව මනාව නිරූපණය කොට තිබේ.
පොරොන්දු වූ පරිදි ඈ”සරසවියට” ගොඩවුණාය. ඒ සීසපාටිකා මෙන් නොව ඇගේ සැබෑ ජීවිත චරිතයවන වසන්ති රන්වල ලෙසිනි.
සීසපාටිකාට මිනිස්සු හරි ආදරෙයිලු නේද?
ඇත්තටම ඒකමටත් දැණෙනවා සාමාන්‍ය ජනතාවගෙන් පමණක් නොව අපේම අය මට කියලා තියෙනවා චිත්‍රපටයේ මං සෑහෙන්න කැපී පෙනෙන යමක් කරලා තියෙනවාලු. හැබැයි......
ඇයි කතාව නැවැත්තුවෙ?
ඒ චරිතයේ මං මීට වඩා ඉදිරිපත් කරපු සීන් තිබුණා. නමුත් චිත්‍රපටය සංස්කරණයේදී ඒවා ඉවත් කරලා. ඒකෙන් වෙලා තියෙන්නෙ එහි මුල සහ අග නැතිව මැද විතරක් ඉතිරි වෙච්ච එක.
දුකයිද ඒ ගැන? චෝදනාවක් ද ඒ?
අනේ නැහැ. අධ්‍යක්ෂවරයාට වුවමනා දේ තමයි අවසානයේ එළියට එන්නේ. මම කිව්වෙ ඒ දර්ශනත් තිබුණානම් අගය වැඩිවෙනවා කියලා සීසපාටිකාගේ.
ඔබ “සීසපාටිකාව“ හොයාගෙන අන්තර්ජාලයේ සැරිසැරුවලු. ඇත්තද? ඒ කතාව.
ඒ පැනයට පිළිතුරු දීමට ප්‍රථම වසන්ති මදක් සිනාසුනාය.
ඔව්, අධ්‍යක්ෂවරයා මට චරිතය දුන්පසුව මං ඇය මොනවගේ තැනැත්තියක්ද යනවග ඉන්ටර්නෙට් එකෙන් හොයලා බැලුවා. මේ ගෙවන කාර්ය බහුල දිවියත් එක්ක ඉතිහාස පොත් පෙරළ පෙරළා බලන එකට වඩා එය පහසුයිනෙ. මට සීසපාටිකා ගැන දත්ත ලැබුණා. ඒවා උපයෝගී කරගනිමින් සහ අධ්‍යක්ෂවරයා චරිතය ගැන කියූ දේවල් එකතුකොටයි මං සීසපාටිකාව නිරූපණය කළේ.
වසන්ති අධි අංගනයක යෙදෙන්නියක් කියලා සමහරු කියනවා. එය පිළිගන්නවාද? විශේෂයෙන් විජය කුවේණි හි ඔබ අධි රංගනයක යෙදෙමින් අනිත් රංගන ශිල්පීන්ට වඩා අවධානය දිනාගන්න හදනවාලු?
ඕවා කියන කවුරුන් හෝ පෙන්නලා දුන්නොත් රංගනයේ සීමාව එතැනින් පහළ සිට මං රඟපාන්නම්.මගෙ හැකියාව සහ අධ්‍යයනය තමයි චරිත නිරූපණයේදී ම’තුළින් එළියට එන්නේ. ඒක අධි රංගනයක්ද කියන්න මට තේරෙන්නෙ නැහැ.අනික මං කවදාවත් මිනිස්සුන්ගෙ අවධානය ගන්න රඟපාන කෙනෙක් නෙමෙයි.
එතකොට ඔබ රඟපාන්නෙ?
මේක මගේ උපතින් ගෙනා හැකියාව.වෘත්තියක් විදියටවත් ජනප්‍රිය වන්නවත් රඟපාන්නෙ නැහැ. ඒත් ජීවත් වන්නට මුදල් අවශ්‍යයි. ඒ හින්ද මං මට අගයක්, තක්සේරු කරගෙනයි වෘත්තියේ නියැලෙන්නේ.
වසන්තිට රඟපාලා මොනවද ලැබුණේ?
වචනයෙන් විස්තර කරන්න අමාරුයි ගොඩක් දේවල් මට රඟපාලා ලැබුණා.
ඔබට රඟපාන්න ලැබුණේ සීමිත අධ්‍යක්ෂවරුන් කිහිපපොළක් යටතේ පමණයි මොකක්ද ඊට හේතුව?
මට හිතෙන විදිහට ඔය සීමිත ගොඩට වැටෙන්නේ කේෂත්‍රයේ විශේෂ අධ්‍යක්ෂවරු ඔවුන් කරන නිර්මාණ ඉතාම ගුණවත්. උදාහරණයක් විදියට සරත් ධර්මසිරි මහත්මයා. ඔහුගේ නවතම චිත්‍රපටයෙහි මං රඟපෑවා. මට එවැනි අයගෙන් ලැබුණේ මතුපිටින් අතගාගෙන යන චරිත නෙමෙයි. ඒක නිසා ඔබ කියූ සීමිත අධ්‍යක්ෂවරුන් ගැන සතුටුයි.
ඔබ ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ සංජීව පුෂ්පකුමාරගේ ඉගිලෙන මාළුවෝ සිනමා පටයේද රඟපෑවා. එහි ඔබේ චරිතය ගැන සහ එවැනි නිර්මාණයකට දායකවීම පිළිබඳ ඔබට දැනෙනදේ කියමු.
ඒ චරිතයට නමක් නැහැ. මං එහි රඟපෑවෙ එහි ප්‍රධාන චරිතය වූ ගයේෂාගේ අම්මා හැටියට. ඇය දුෂ්කර ගමක ජීවත්වන ආර්ථික ප්‍රශ්නවලින් මිරිකිච්ච කාන්තාවක්. සංජීවව මං ගොඩක් කල් ඉඳලා දන්න මිතුරෙක්. ඔහු ඔහුගේ පළමු කෙටි චිත්‍රපටයටත් මාව ගත්තා. ඒ විශ්වාසයට තමයි මේ චරිතෙ මට භාර දුන්නේ. මං දායක වූ චිත්‍රපටයක් ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවීම කියාගත නොහැකි සතුටක්. මීට වඩා මට ඒ ගැන කියන්න අපහසුයි. ඒ මං තවම චිත්‍රපටය දැක්කෙ නැති නිසා.
ලැබෙන චරිතවලට උපරිම සාධාරණත්වයක් ඉටුකරන රංගන ශිල්පිනියක් ලෙස ඔබ ප්‍රකටයි. එහි රහස කුමක්ද?
අවධානයෙන් සහ අවබෝධයෙන් සිටීම, රංගන ශිල්පියකු නිතරම පිළිපැදියයුතු කරුණු දෙකක්.මං එහෙම ඉන්න හින්දයි මට චරිතවලට සාධාරණයක් කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ.
කලාවට ඇවිත් කොපමණ කල්ද?
අවුරුදු 21 ක් විතර.
මේ කාලය තුළදි සිදු වූ අමිහිරිම අත්දැකීම මොකක්ද?
මුල් කාලයේ මට ලැබෙන්න තිබුණු සම්මානයක් මං නවක වැඩියි කියලා වෙනත් කෙනකුට ලබා දුන්නා. එදා නම් මට ගොඩක් දුක හිතුණා.
”රන්වල” නාමය කලාවට බොහෝ සෙයින් සමීපයි. ඔබත් ඒ පරපුරේ පුරුකක්ද?
ඔව්, ලයනල් රන්වල මගෙ බාප්පා. ඒ කියන්නේ තාත්තගේ මල්ලි. තාත්තා විනී රන්වල ඔහු තමයි මාව කලාවට ගෙනාවෙ.
දැන් තවත් පුද්ගලික විස්තර කතා කරන්න වෙලාව?
පුද්ගලික විස්තර වැඩිපුර කියන්න මං ආස නැහැ. සිලිඳු රන්වල කියලා මට දුවෙක් ඉන්නවා. ඒ ඇති.
වසන්ති රන්වල හරිම ආඩම්බර චරිතයක්ලු? මොකක්ද ඒකේ සත්‍යතාව ය.
මම කේෂත්‍රයේ අයත් එක්ක එක්තරා සීමාවක් යටතේ ඉඳගෙනයි ගනුදෙනු කරන්නේ ඒකයි එහෙම කියනවා ඇත්තේ.


0 comments:

Post a Comment