----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ශ්වේත රාත්‍රියේ අවසාන රාත්‍රිය

Saturday, July 7, 2012

http://www.dailynews.lk/2007/09/05/Z_p29-nanda.jpg
විශාරද නන්දා මාලිනිය කලක් නිහඬව සිට 2010 වසරේදී ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංග මාලාවත් රැගෙන ඔබ හමුවට පැමිණියා ඔබට මතක ඇති. සිරස නාළිකා ප්‍රධානී එස්. එම්. මරික්කාර්ගේ අදහසකට අනුව 2010 සැප්තැම්බර් මාසයේ 14 වැනිදා තමයි ඉස් ඉස්සෙල්ලාම ‘ශ්වේත රාත්‍රිය’ ආරම්භ කළේ. වසර දෙකකට ආසන්න කාලයක් පුරා මෙහි ප්‍රසංග 22 ක් රට වටා පැවැත්වුණේ සුවහසක් රසික ප්‍රතිචාර මධ්‍යයේයි. මේ ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංගයේදී ගැයුණේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ ගී 25 ක්.
ගීත ලෝලී හදවත් ආමන්ත්‍රණය කළ ‘ශ්වේත රාත්‍රිය’ ප්‍රසංග මාලාවේ අවසානය සනිටුහන් කරන්නට ය දැන් නන්දා සූදානම් වෙන්නේ. එහි අවසන් ප්‍රසංග 03 ජූලි, අගෝස්තු හා සැප්තැම්බර් මාසයන්හි පැවැත්වීමට නියමිතයි.
‘ශ්වේත රාත්‍රිය’ 24 වැනි ප්‍රසංගය අගෝස්තු 10 වැනිදා රාත්‍රී 7.00 ට කෑගල්ල නගර ශාලාවේදීත් අවසන් ප්‍රසංගය (25 වැන්න) සැප්තැම්බර් 14 වැනිදා රාත්‍රී 7.00 ට රත්මලාන සිරස ස්පෙයින්ස් ස්ටුඩියෝ හි දිත් පැවැත්වීමට නියමිතයි.



0 comments:

Post a Comment