----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

විජය-කුවේණි අධ්‍යක්‍ෂගෙන් පික්‌චර් පිස්‌සාට පිළිතුරක්‌...

Wednesday, July 4, 2012

විජය-කුවේණි අධ්‍යක්‍ෂගෙන් පික්‌චර් පිස්‌සාට පිළිතුරක්‌...





පසුගිය සතියේ මාගේ ''විජය කුවේණි'' නිර්මාණය ගැන ''මඤaඤං කොලමේ'' පික්‌චර් පිස්‌සා ලියා තිබූ පිස්‌සු දේවල් වලට මා උත්තර ලිවීම කරන්නේ පිස්‌සෙක්‌ වුණත් මිනිහා අපේ පත්තර මිත්‍ර පිච්චර් පිස්‌සෙක්‌ වීම නිසාම ඔහු දැනුවත් කිරීම මාගේ යුතුකමක්‌ බැවිනි.

රාජ කුමාරියකගේ ඇමති මණ්‌ඩලයකට දැන උගත් වැඩිහිටියන් මිස පුංචි කොලු ගැටව් පත් කරන සිරිතක්‌ ලෝකේ කොහේ රාජ්‍යයකවත් නැහැ. ඒකයි මා ''විජය කුවේණි'' චිත්‍රපටයේ ඇමති මණ්‌ඩලයේ චරිත වලට වැඩි හිටි පෙනුම ඇති රංගන ශිල්පීන් තෝරා ගත්තේ. පික්‌චර් පිස්‌සා රජ වුණු දවසට කොල්ලො කුරුට්‌ටො ටිකක්‌ ඇමති මණ්‌ඩලයට පත් කර ගෙන උන්ගෙන් උපදෙස්‌ අරන් රජ කරලා බලන්නකෝ.

''ක්‍රි. පූ. 543'' අද තියන හින්දි භාෂාව හෝ සිංහල භාෂාව තිබිලා නැහැ. තිබිලා තියෙන්නේ ''ප්‍රාකෘත'', ''මගධ'' වැනි පැරණි භාෂාවන්. ඒ භාෂාවන් යොදා ගෙන ''විජය කුවේණි'' චිත්‍රපටයේ දෙබස්‌ ලිව්වා නම් ඒ දෙබස්‌ම නළු නිළියෝ කතා කළා නම්, අද''විජය කුවේණි'' චිත්‍රපටය බලන ප්‍රේක්‍ෂයන්ටත් පිස්‌සු හැදිලා, පික්‌චර් එක බලපු පික්‌චර් පිස්‌සාට පිස්‌සු ඩබල් වෙලා, ඔළුව මඤaඤං වෙලා, කන් දෙකත් තක්‌බීර් වෙලා අඤ්ඤ කොරොස්‌ වෙලා ''විජය - කුවේණි'' ගැන පසුගිය සතියේ මඤ්ඤං කොළමට ලියපු ටිකවත් ලියාගන්න බැරි තත්වයට පත් වෙන්න තිබුණා.

ඉතිහාස චිත්‍රපටයක්‌ කළා කියලා අතීතයේ තිබුණ හැම දෙයක්‌ම ඒ විදියටම දාලා වර්තමානයේ ප්‍රේක්‍ෂයන්ට පික්‌චර් කරන්න බෑ. පිස්‌සාගේ නමට පික්‌චර් කෑල්ලකුත් තියන නිසා ඒක තේරුම් ගත්තොත් හොඳයි.

හිස බූ ගෑ විජය කුමරා සහ පිරිස ලංකාවට ආවා, තෙල් ගාලාද කෙස්‌ වැව්නේ කියලා ඇහුවානේ. පික්‌චර් පිස්‌සාට කව්ද කිව්වේ ඕක, ඔයාගේ ආච්චි ද සීයා ද, මං හිතන්නේ පිස්‌සු මුණුබුරාට වගේ එයාගේ ආච්චිටත් සීයාටත් පිස්‌සු ඇති බොරු කියන්න. පිස්‌සෝ,... විජය කුමාරයයි පිරිසයි ඉන්දියාවෙදි තට්‌ටෙ ගාලා පිටුවහල් කරාම ''සුප්පාරක'' කියන රටට මුලින්ම සේන්දු වෙලා එහෙත් කාලයක්‌ ඉඳලයි ලංකාවට සේන්දු වෙලා තියෙන්නේ. එහෙමයි වංශ කතා ඇතුළු ඉතිහාසයේ තියෙන්නේ.

අර ටීවී කතාවකුත් කියලා තිබුණනේ, රෑට රෑට නිදිවරාගෙන කුණු වෙබ් අඩවි බලන කොට දවල්ටත් ඒවා තැන් තැන් වල මැවිලා පේනවා. පිස්‌සන්ට මේවා ඩබල් වෙලා පේනවා. පිස්‌සන් කරන කියන දේවල් සිහිය හොඳට තියන මිනිස්‌සු ගණන් ගන්නේ නැහැ. පිස්‌සන්ට අනුකම්පා කරනවා. හැබැයි, පිස්‌සෙක්‌ වුණත් මිනිස්‌සුන්ට ගල් මුල් වලින් ගහලා ඩැමේඡ් කරන්න හදන කොට සිහිය තියන මිනිස්‌සු නිකන් ඉන්නෙත් නැ. ඒ නිසා පික්‌චර් පිස්‌සා කල්පනාවෙන් පිස්‌සු කෙලියොත් හොඳයි.

කුවේණි විතරක්‌ ලස්‌සන වුණේ කොහොමද කියලා පිස්‌සා අහලා තිබුණනේ, කුවේණි ලස්‌සන ස්‌ත්‍රියක්‌, අසාමාන්‍ය රූප සම්පත්තියක්‌ තිබුණ ඓතිහාසික චරිතයක්‌. නැත්නම් රාජ කුමාරයෙක්‌ ගේ හිත වශී වෙන්නත් බැහැනේ පිස්‌සෝ. ඒ නිසයි මං කුවේණි චරිතයට ලස්‌සන කාන්තාවක්‌ තෝරා ගත්තේ. ඒක සිනමා අධ්‍යක්‍ෂ වශයෙන් මගේ නිදහස, අයිතිය. පික්‌චර් පිස්‌සා පික්‌චර් එකක්‌ කරන දාට කැත කෙල්ලෙක්‌ගේ චරිතයක්‌ ලියලා ඒ ප්‍රධාන චරිතයට කැතම ගෑනියෙක්‌ දාලා බයිස්‌කෝප් එකක්‌ කරලා බලන්නකෝ...

කුවේණි පුරුෂයෙක්‌ ගත්තොත් ඒ පුරුෂයාටත් රටටත් අපල වෙනවා මිසක්‌ පිටදේශයෙන් එන පුරුෂයන් ගැන ඉතිහාස කතාවක්‌ නැහැ. ඒකත් පිස්‌සාට තවත් පිස්‌සෙක්‌ කියපු මඤaඤං කතාවක්‌..

කුවේණිගේ තන පටේ සර්ව පිත්තල කෑලි ලෝහ පතුරු ගැනත් පික්‌චර් පිස්‌සා කියලා තිබුණනේ, විජය කුමාරයා ලංකාවට ආවට පස්‌සේ තමයි, කුවේණිගේ තණ පටේ සර්ව පිත්තල හැට්‌ට සැරසිලි තිබුණේ. මේවා විජය කුමාරයාගෙන් ලැබුණා වෙන්නත් පුළුවන්, නැති වුණත් පිස්‌සෝ, සර්ව පිත්තල ලෝහ ඉන්දියාවේ, ලංකාවේ තිබුණ දේවල්...

විජය කුමාරායාත් කුවේණිත් හම්බවෙච්ච වෙලාවේ ඒ දෙන්නා අතර මුලින්ම ඇති වුණ ආදර හැඟීම් සුන්දර පෙම් ජවනිකා කලාත්මක විදියට පෙළ ගහලා තිබුණ ජවනිකා හැල්ලුවට පත් කර ලිවීම ගැන, ''පික්‌චර් පිස්‌සා'' ගැන මගේ ඇති වුණේ කලකිරීමක්‌ එක්‌ක අනුකම්පාවක්‌. මොකද අපේ පත්‍ර මිත්‍ර පිස්‌සාට පික්‌චර් කියලා කැල්ලකුත් තියන නිසා සභ්‍ය හා අසභ්‍ය පික්‌චර් වල වෙනස හඳුනාගන්ට බැරිව, ලියලා තිබුණ මඤ්ඤං කතාවට. ආදරය ප්‍රේමය කලාත්මක ලෙස පෙන්වීම හා අමු අමුවේ ලිංගිකත්වය පෙන්වීමේ සිනමාවේ වෙනස, තේරුම් ගන්න බැරි නම්, පිස්‌සුව තද නොවෙච්ච වෙලාවක ''ඇරිස්‌ටෝටල් හා භරතමුණි'' හොඳට කියවලා නව නාට්‍යයේ රසය වගේ දේවල් තේරුම් ගත්තම උතුම් කලාවේ රස විඤ්ඤානය හඳුනාගෙන මඤ්ඤං කොළම ඉදිරියටවත් ලියන්ට හැකිවේවි. එහෙම හදාරන්නේ නැතිව බොරු පිස්‌සු පාට්‌ එකෙන් සිනමා කෘති වලට අනවශ්‍ය මඩ විචාර ලියන්න ගිහින් පික්‌චර් කෑල්ලක්‌ කපා ගෙන පිස්‌සු පූසෙක්‌ වෙලා, මඤ්ඤං කොළමත්, මඤ්ඤං කරගෙන තමයි නතර වෙන්න වෙන්නේ. එහෙම වෙන්න එපා කියලා මං පත්තර මිත්‍ර පික්‌චර් පිස්‌සාට අවවාද කරනවා.


සුගත් සමරකෝන්
විජය - කුවේණි චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ

0 comments:

Post a Comment