----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඒ නිළියක් නෙවෙයි සර්..ඩමියක්

Thursday, July 5, 2012

Lakbima

 altඅපේ පත්තරකලාවේදීන් දෙදෙ‍නෙක් පසුගියදා මිනුවන්ගොඩ පැත්තේ තිබුණ දර්ශන තලයකට ගියා. ඒ ගියේ එදින එතැන රූගත කරමින් තිබූ ටෙලි නාට්‍ය යකට සම්බන්ධ නළු නිළියන් හමුවෙන්න. තමන් ගිය රාජකාරිය කරගෙන යන අතරේ ‍නාට්‍ය ක කණ්ඩායමේ හිටපු නිෂ්පාදන අංශයේ

පුද්ගලයෙකුත් පත්තරකලාවේදීන් සමග කතාවට වැටුණා.මේ කතාව බොහෝම සමීපව රහසිගතව කෙරෙන කතාබහක් බවට පත් වෙන්න වැඩි වේලාවක් ගියේ නැහැ.
 ''මහත්තයා දන්නවද කාරණාවක්...මහේෂිකා (ඉතා ජනප්‍රිය නිළියක් සදහා යෙදූ අන්වර්ථ නාමයකි) නිවාඩු හැම වේලාවකම එනවනේ ......හෝටලේට."
''ඒ මොකටද?"
''මොකටද අහන්නේ..දන්නැද්ද..පාට් ටයිම් කීයක් හරි හොයා ගන්ඩනේ"
''වෙන්ඩ බෑ..එයා හරි හොද කෙනෙක්නේ..කසාදත් බැදලනේ ඉන්නේ" පත්තරකලාවේදීන් පැවසුවා.
''හරි..සර්ට විස්වාස නැහැනේ..ඔහොම ඉන්ඩ..මම දැන් කතා කරලා සර්ට බඩුයි හොරුයි දෙකම අල්ලලා දෙන්නම්." එහෙම කියලා  එයාගේ මොබයිලයෙන් කාටද කතා කළා.
''හලෝ මැනේජර් මහත්තයාද..?මහත්තයා.. මේ සුනිල් කතා කරන්නේ. අද  මහේෂිකා මිස් එනවද?...ආ.. ඇත්තද..? නෑ..නෑ..අපේ මහත්තයෙක්ට ඕන කරනවා එයාව.."
පත්තරකලාවේදීන් දෙදෙනා පුදුමයෙන් මේ සංවාදය අසා සිටින්නට වූයේ කිසිදාක මහේෂිකා මෙබදු මට්ටමට වැටුණ නිළියක් වශයෙන් වාර්ථා තබා නොතිබුණ බැවින්.
''සර්..මහේෂිකා මිස් අද එන්නැහැලු.හෙට එයාව කස්ටර්මර්ලා දෙන්නෙක්ම බුක් කරලා තියෙන්නේ.හෙට පුථවන් එයාගේ තරම දැන ගන්න.ඔන්න සර් චාන්ස් එක.එයාගේ සෝබන සාන්ත දාන්ත වෙස් මූණ හෙට ගලවලා දාන්න සර්ලට පුථවනි." නිෂ්පාදන අංශයේ පුද්ගලයා පැවසුවා.
''හරි..එහෙමනං හෙට මහේෂිකා හෝටලේට ආපු ගමන්ම මට කෝල් එකක් දෙන්න..හැබැයි මං පත්තරෙන් කියලා කාටවත් එහෙම කියන්න එපා.."කියමින් පත්තරකලාවේදියෙක් තමන්ගේ ජංගම දුරකතන අංකය මොහු අතට දුන්නා.
පසුවදා සවස 7ට පමණ දුරකතන ඇමතුමක් ලැබුණා පත්තරකකලාවේදියාට.
''සර්..ඔන්න මොණර පැටික්කි හෝටලේට රිංගුවා.පුථවන් නම් අල්ල ගන්ඩ.." මෙම පුද්ගලයා පැවසුවා.
''හරි..මම දැන් කතා කරන්නම් හෝටලේට.ඔයා දෙන්ඩ මට මැනේජර් මහත්තයගේ ටෙලිපෝන් නොම්ම‍‍රේ.මම දෙන්නම් මහේෂිකාට කුඩු ‍වෙන්ඩ." පත්රතකලාවේදියා එහෙම කිව්වේ මේ කතාවේ ඇත්ත නැත්ත සහසුද්දියෙන් දැන ගන්න හිතා ගෙනමයි.
ආරංචිකරුවාගෙන් ලබා ගත්ත දුරකතන අංකයට  පත්තර කලාවේදියා කතා කළා.
"හලෝ..මට මේ නොම්මරේ දුන්නේ සුනිල්..දන්නවනේ එයාව..අද මහේෂිකා ආවද?
"ඔව්.."
එයා දැන් ඉන්නවද..?
"ඔව්..ඔව්..හැබැයි එයා බිසි.දැන් කස්ටර්මර් කෙනෙක් එක්ක රූම් එකට ගියා.ඊට පස්සේ තව එක්කෙ‍නෙක් ඉන්නවා.මහත්තයා ඕනනං පුලුවනි රෑ දහයට විතර සෙට් වෙන්ඩ."
'එකටනං කමක් නෑ..කීයද මහේෂිකගේ ගාණ?"
''රෑම් චාජර්ස් එක්ක රුපියල් 15000යි"
''මට ෂෝට් ටයිම් එපා..ෆුල් නයිට් එකට කීයද?"
"ෆුල් නයිට් එකක්නං සර්...ම්.........40000ක් විතර වෙනවා.ගාණනං ටිකක් සැරයි තමයි සර්..ඒත් කාකි යුනිෆෝම්වලටත් ජරාව දෙන්ඩ ඕනනේ..නැත්තං මහේෂිකා වගේ හයික්ලාස් ඇක්ටර්ස්ලා  මේ වගේ තැන්වලට බස්සන්ඩ බෑනේ.."
"ඒකටනං කමක් නෑ මැනේජර් මහත්තයා..මම තව මිනිත්තු දහයකින් විතර කතා කරන්නම්කෝ.." එහෙම කියලා පත්ර්කලාවේදියා ජංගම දුරකතනය විසංදිධි කළා. ඊට පස්සේ එයා කෙලින්ම දුරකතන ඇමතුමක් ගත්තේ මහේසිකාගේ ජංගම දුරකතනයට.ඒ තරමට මහේෂිකා මේ පත්රකකලාවේදියා දැන සිටියා.
''හලෝ අයියා..මොකද මේ රෑ.."මහේසිකා මිහිරි හඩින් විමසුවා.
"ඔයා කොහෙද නංගි ඉන්නේ.."
"මං පිලියන්දල ඉන්නේ අයියා..අද  පිටිගොඩ මහත්තයාගේ ටෙලිඩ්රාමා එකේ  නයිට් ෂූටින්.."
"වෙන කවුද ඔයත් එක්ක දැන් ඉන්නේ..?" පත්තරකලාවේදියා එහෙම ඇසුවේ මේ කියන කතාව ඇත්ත කතාවක්ද කියලා දැන ගන්න.
මහේෂිකා ඉතා ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙක්ගේ නම් එක දිගට කියා ගෙන ගියා.
"මට දෙනවද ටිකකට රංග. (ජනප්‍රිය නළුවෙකුට යෙදූ  අනවර්ථ නාමයකි) රංග ඉතා ජනප්‍රිය නළුවෙකි. රංග සමග කළ කතා බහේදි පත්රටකලාවේදියා දැන ගත්තා මහේසිකාගේ ජීවිතයත් එක්ක මිනුවන්ගොඩ හෝටලේ මැනේජර් කැත සෙල්ලමක යෙදෙන බව. සංවාදය විසංධි කළ  පත්තර කලාවේදියා යළිත් වරක් හෝටලයේ මැනේජර්ට කතා කළා.
'' තමුසේ මහා බොරුකාරයෙක්නේ මැනේජර් මහත්තයෝ.මහේෂිකා දැන් ඉන්නේ පිලියන්දල.එයා ෂූටින්. මම දැන් පොලිසියට කතා කරලා මේ සිද්ධිය කියනවා. දැන  ගන්නවා මම පත්තරකලාවේදියෙක් කියලා.."
මනේජර් වැද වැටෙන්නට පටන් ගත්තා.
''අනේ බුදු සර්..පොලිසියටනං කියන්න එපා.
''එහෙනං කවුද ඕයි මහේසිකා කියලා තමුසෙගේ හෝටලේ දැන් ඉන්න කෙල්ල"?
"ඒ ඩමියක් සර්.."
''මොනවා"
'ඔව් සර්..දැක්කොත් සර්රුත් පුදුම හිතෙයි. මහේෂිකාම තමයි. අරපු අතක් නෑ.කපාපු පලුව. අපේ ජනප්රිහය නිළියෝ වගේ පේන  ඩමි ඕන තරම් ඉන්නවා සර්. දෙකක් දාගත්තට පස්සේ කස්ටර්මර්ටත් මේ කෙල්ලන්ව පේන්නේ එයාලගේ හීන ලෝකවල ඉන්න ජනප්‍රිය නිළියෝ වගේ සර්.."

0 comments:

Post a Comment