----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

විජය කුවේණි දින පනහ පනී

Wednesday, July 4, 2012

විජය කුවේණි දින පනහ පනී



සුගත් – ගයාන් සම්මාන දිනති. ප්‍රදර්ශකයන්ට විශේෂ සම්මාන සුගත් සමරකෝන් නිර්මාණය කළ විජය කුවේණි චිත්‍රපටය අති සාර්ථක ලෙස ආරම්භක සිනමා ශාලා සියල්ලෙහිම දින පනහ ඉක්මවීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් චිත්‍රපට සංස්ථා ශාලාවේදී පැවැත්විණ.
චිත්‍රපටයේ නිර්මාතෘවරුන් මෙන්ම එය තිරගත කළ සිනමාහල් අගයමින් සම්මාන ප්‍රදානය කිරීම විශේෂ කරුණකි.
චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුගත් සමරකෝන් සහ නිෂ්පාදක ගයාන් රණධීර මෙහිදී ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් පිරිනැමුණු සිංහ සම්මානයෙන් පිදුම් ලදහ. ඊට අමතරව චිත්‍රපටයේ නිෂ්පාදනයට දායක වූ ශිල්පීන් කිහිප දෙනකුට රන් පදක්කම් පිරිනැමූ අතර කොළඹ රීගල් ඇතුළු සිනමා ශාලාවන් තිස් හතකට සම්මාන පිරිනැමිණ.
මේ එහි සම්මානනීය පිරිවර සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරුයි.

ගයාන්
සුගත්
 

0 comments:

Post a Comment