----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මකරන්ද සාහිත්‍ය උළෙල 2012

Friday, July 20, 2012

මකරන්ද සාහිත්‍ය උළෙල 2012

මකරන්ද ලේඛක රසික හවුල විසින් සංවිධානය කරනු ලබන සත් වැනි සාහිත්‍ය උළෙල 2012 ජුලි 28 දා පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්‌වා බොල්ගොඩ පෙන්ත්හවුස්‌ රිසෝට්‌ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙයි. මෙවර වැඩසටහනෙහි විශේෂත්වය වනුයේ ප්‍රකට විදෙස්‌ කවි කිවිඳියන් කිහිපදෙනකු ද මීට සහභගිවීමයි.

ආචාර්ය මමතා ජී. සාගර් (දකුණු ඉන්දියානු කිවිඳියකි), මහාචාර්ය පොන්පේන් හන්ට්‍රකුල් (තායිලන්ත කිවිඳියකි) සහ රීඩා කේ. ලියම්සි (ඉන්දුනීසියානු කවියෙකි) යන අයගේත් ආරියවංශ රණවීර සහ රන්න ශ්‍රී විෙ-සිංහ යන ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ කිවිවරුන්ගේත් සහභාගිත්වයෙන් මෙවර කවිය පිළිබඳ නව කතිකාවතකට මඟ විවර කෙරෙනු ඇත.

මේ උළෙල නිමිත්තෙන් කෘති කිහිපයක්‌ ජනගත කෙරේ. ඒ මෙසේය. එතෙර රොන්සුණු (කාව්‍ය පරිවර්තන), සාහිත්‍ය විචාර සංහිතා (මකරන්ද සාහිත්‍ය විචාර තරගයේ ජයග්‍රාහී ලිපි), මකරන්ද කවි සරණිය iii වෙළුම.

මූලික දේශනවලට අමතරව "මගේ නිර්මාණ ජීවිතය හා සාහිත්‍ය මැයෙන්" පැවැත්වෙන විවෘත කතා බහ සඳහා පහත නම් සඳහන් විද්වත්හු සහභාගි වෙති. නන්දන වීරසිංහ, ජයන්ත චන්ද්‍රසිරි, නිලාර් එන්. කාසිම්, චන්ද්‍රගුප්ත තේනුවර, අශෝක හඳගම, ආචාර්ය ලියනගේ අමරකීර්ති, අනෝමා රාජකාරුණා, විපුලි නිරෝෂණී හෙට්‌ටිආරච්චි, බුද්ධදාස ගලප්පත්ති, මාලින්ද සෙනෙවිරත්න, මහාචාර්ය සමන්ත හේරත්, නීල් විෙ-රත්න.

මකරන්ද සිසු නිර්මාණ තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය, සාහිත්‍ය විචාර තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය, සිංහල කාව්‍යකරණයේ දියුණුව උදෙසා කැපවෙමින් ප්‍රවීන හා නවක ලේඛක ලේකාවන් විශාල පිරිසකගේ කාව්‍ය ග්‍රන්ථ පළකරමින් මහඟු මෙහෙවරක්‌ ඉටු කළ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා ඇගයීමට ලක්‌ කිරීම, ඇතුළු අංග ගණනාවක්‌ මේ වැඩසටහනට ඇතුළත් වේ. එමෙන්ම රාජ්‍ය සංගීත කණ්‌ඩායම විසින් ඉදිරිපත් කරනු ලබන සංස්‌කෘතිකාංග කිහිපයක්‌ද වැඩසටහනට ඇතුළත්ය. ඉහත කවීන්ගේ නිර්මාණ ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම ප්‍රවීන සංගීතවේදී නවරත්න ගමගේ විසිනි. එදින කවි සමුළුවට සහභාගි වන්නන්ගේ නව නිර්මාණ සඳහා කවි කැටපත්පවුර විවෘත කෙරේ.

28 දා දවස පුරා පැවැත්වෙන මේ උළෙලට සමගාමීව 29 දා පෙ.ව. 1.00 ට විදෙස්‌ හා දේශීය සාහිත්‍යකරුවන්ගේ සහභාගිත්වයෙන් කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරයේදී සාහිත්‍ය හමුවක්‌ පැවැත්වේ. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ සාහිත්‍ය සේවය ගැන කෙටි පිළිසඳරක්‌ද, එම ලේඛකයාගේ ජීවන තොරතුරු ඇතුළත් වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීම ද මේ වැඩසටහනට ඇතුළත්ය. දකුණු පළාතේ ප්‍රකට සාහිත්‍යධරයන් රැසක්‌ සහභාගි වන ගාල්ල ගල්ලෑල්ලේ අය විසින් මේ කැඳවීම සිදු කරනු ලබයි.

30 දා පෙ.ව.10.00 සිට ප.ව. 1.00 දක්‌වා කටියාව යාය 6 දුටුගැමුණු විදුහලේදී සාහිත්‍ය උළෙලක්‌ සංවිධානය කර ඇත. ප්‍රකට ලේකා ශාන්ති දිසානායක මූලික අධ්‍යාපනය ලැබුවේ මේ විදුහලේය. එදින ඇගේ සාහිත්‍ය නිර්මාණ පිළිබඳ ඇගයීමක්‌ද සිදු කෙරේ. එමෙන්ම මකරන්ද සාහිත්‍ය උළෙල 2012 නිමිත්තෙන් සංවිධානය කරන ලද සිසු නිර්මාණ තරගයෙහි ජයග්‍රාහකයන් සඳහා තිළිණ ප්‍රදානය කිරීමද, විදුහලේ පුස්‌තකාලයට අවශ්‍ය උපකරණ හා පොත් ප්‍රදානය කිරීමද එදින සිදු කෙරේ. මේ උළෙල සඳහා ද දෙස්‌ විදෙස්‌ සාහිත්‍යකරුවන් රැසක්‌ සහභාගි වීමට නියමිතය.

28 දා පැවැත්වෙන උළෙල සඳහා සහභාගිවීමට කැමැති අය 0773527337, 0725022970, 0718202542 දුරකථන අංකයට කතාකර පැමිණීම තහවුරු කිරීමට කාරුණික වන්න.

0 comments:

Post a Comment