----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

බිමල්ට සැලියුට්

Saturday, June 16, 2012

බිමල් ජයකොඩිට මේ දිනවල හරි හරි ඇබැද්දි සිදු වෙනවා. ගාමනී චිත්‍රපටයේ මේජර්ගේ චරිතය රූපණයට පසු ඔහුට එවැනිම හමුදා චරිතවලට හැම අතින්ම ආරාධනා ගලා එනවා. සංජය ගුණවර්ධනගේ අලුත්ම ටෙලි නාට්‍යයෙත් ඔහු හමුදා නිලධාරියෙක්.

දවසක් මෙහි රූගත කිරීම් කරන අතරතුර හදිසියකට හමුදා නිල ඇඳුම පිටින්ම නගරයට ඇවිත්. ඉහළ හමුදා නිලධාරියෙක් අසල සිටිනවා දුටු සාමාන්‍ය සෙබලුන් දෙදෙනෙක් එක පාරටම සැලියුට් කළා. මේ ඉහළ හමුදා නිලධාරියාගේ වෙස් අරන් තියෙන්නේ අපේ බිමල් ජයකොඩිනේ කියලා ටික වෙලාවක් කතාබස් කර සෙබලුන් යන්න ගියාලු.
මේ නාට්‍යයේම බිමල් රඟන හමුදා නිලධාරියා මැරෙන දර්ශනයක් හා මළ ගෙදර දර්ශනයක් තියනවා. සෙනඟ ගැවසෙන හන්දියක මෙය රූගත කිරීම් වෙලා තියෙන්නේ.
‘මේ යුද්ධය නැති කාලෙත් අපේ තරුණ හමුදා නිලධාරීන් මැරෙන්නේ මොන කරුමෙකටද’ කියල අහල පහලින් යන අයත් කියනවලු.
ටික වෙලාවක් ගියාට පසු තමා අර මහා සෙනඟට තේරිලා තියෙන්නේ මේ නාට්‍යයක කොටසක් කියලා. බිමල්ට දැන් ඒ පැත්තේ මිනිස්සුත් ගොඩක් ආදරෙයිලු.

0 comments:

Post a Comment