----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඔෂීන් යළිත්

Saturday, June 16, 2012

(කොළඹ, ලංකාපුවත්) –
කලෙක මෙරට ළමා පරපුර මෙන්ම වැඩිහිටියන් ද අමන්දානන්දයට පත් කළ ඔෂීන් ටෙලිනාට්‍ය මාලාව  ජාතික රූපවාහිනියෙන් යළි විකාශය කෙරේ.

ජපානයේ එන්. එච්. කේ. රූපවාහිනිය නිෂ්පාදනය කර ලොව රටවල් 60ක රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වූ ඔෂීන් ටෙලිනාට්‍ය මාලාව සතියේ දින පහේම පස්වරු 06.30 සිට 07.30 දක්වා විකාශය කෙරෙනු ඇත.

විසිවන සියවසයේ මුල් භාගයේ ජපානයේ ජීවත්වූ දුගී ගොවි පවුලක දිරිය ගැහැණියකගේ කතාව මෙම නාට්‍ය මාලාව තුළින් නිරූපණය වේ. එසේම ඔෂීන් නාට්‍යමාලාවට පාදක වන්නේ ජපන් කාන්තාවක් වුවද එය මුළුලෝකයේම කාන්තාවන් මුහුණ දෙන සමාජ අත්දැකීම් පොදුනේ නිරූපණය කරනු ලබයි.

අතිශය සුන්දර සහ ආදර්ශවත් කතා මාලාවක් වන ඔෂීන්, දස වසරකට පසු මෙලෙස ළමා පරපුරට පිදෙනුයේ ජපන් ලංකා මිත්‍රත්ව පදනමෙන් ලද තිළිණයක් ලෙසිනි.

Lanka puwath

1 comments:

------- දැන්වීමකි----------
http://meeghaya.wordpress.com/2012/06/10/%e0%b6%94%e0%b7%82%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b6%9c%e0%b7%94-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%ba/

Post a Comment