----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රටේට රට ලණුවක්

Sunday, June 10, 2012

රටේට රට ලණුවක්


දයාරත්න රටගෙදර කියන්නේ අපි කවුරුත් දන්න හඳුනන සුන්දර කලාකරුවෙක්. හිත හොඳ මනුස්සයෙක්. කවුරුත් ආදරයට ‘රටයා’ යැයි හඳුන්වන මොහු ළඟදී දවසක ටිකක් කලබල වෙලා.
ඒ අපූරු සිදුවීමක් නිසා.
ළඟදී දවසක ඔහුගෙන් උදව්වක් බලාපොරොත්තුව පැමිණි මිත්‍රයෙක් ඔහු වෙනත් මිත්‍රයෙක් ළඟට යොමු කළා. ‘මචං මගේ යාළුවකුට උදව්වක් කරපං’ උදව්වට පැමිණි මිතුරා රටයාගෙ අනෙක් මිතුරා හමු වෙන්න ගියේ ඉන් පස්සෙ. ටික වෙලාවකින් උදව්ව බලාපොරොත්තුව පැමිණි මිතුරා රටයා අමතා ‘මොකක්ද මේ කළේ? උඹ මාව යැව්වේ මාර පිස්සු මනුස්සයෙක් ළඟටනේ’ කියල කිව්වලු. රටයට හිතා ගන්න බෑ. මොකක්ද වුණේ කියලා. රටගෙදර මේ වෙලාවෙ හිටියෙ මඟුල් ගෙදරක.
ඒ කල්පනාවේ ඉන්න කොට අනෙක් මිතුරාගෙන් ද රටයාට ඇමතුමක් ලැබුණේ පෙර කී ප්‍රශ්නයටමයි. රටයා කරකවල අත හැරියා වගේ. මොකද වුණේ කියල හිතා ගන්න බෑ. පස්සෙ දවසක රටයා මේ දෙමිතුරන්ගෙන් අයෙක් හමු වෙන්න ගියාලු. පුදුමෙ තමයි, මෙන්න අර අනෙක් මිතුරත් එතන. යාළුවො දෙන්න දීපු ලණුව රටයා කාලා. කිසිම දෙයක් දන්නෙ නැතුවනේ රටයා බය වෙලා තියෙන්නෙ. අර මිත්‍රයෝ දෙදෙනාම දිගු කලක සිට යහළුවො. රටයා ඒක දැනගෙන ඉඳල නෑනෙ. දැනගත්ත නම් මෙහෙම වෙනවද? යාළුවො දෙන්නගේ ලණුවට රටයා මුවින් නොබැන ඉවසගෙන ඉඳල.

Sarasaviya

0 comments:

Post a Comment