----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

දිය යට රූ ගැන්වූ ප්‍රථම සංගීත වීඩියෝව

Saturday, June 16, 2012

දිය යට රූ ගැන්වූ ප්‍රථම සංගීත වීඩියෝව


සිඳු පතුලේ කිමිද සැඟවී
නිල් දියඹ පීර පීරා
සොයමි නුඹව මා//
කිඳුරංගනාවියේ

නිදි යහනේ දී වුවත් තම පෙම්වතිය හා තුරුළුව සිටින්නට සිහින දකින මෙම පෙම්වතාගේ ශෘංගාරාත්මක සිහින ජවනිකාව මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ‘සිඳු පතුළේ කිමද සැඟවී’ යන නමින් ඕනෑම අයෙකුට නැරඹීමට අවස්ථාව ලැබී ඇත. මුළුමනින්ම දිය යට රූගත කර ඇති මෙම සංගීත වීඩියෝව සම්මානනීය අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනීගේ දෙවැනි සිනමා නිර්මාණය වූ ‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටයේ ඇතුළත් ගීතමය දර්ශනයකි.
චිත්‍රපටය සඳහා රොමාන්තික ස්වභාවය වඩාත් ඉස්මතු කර පෙන්වීමට අවශ්‍ය වූ නිසා මෙවැනි වෙනස්ම ආරයක උපක්‍රමයක් යොදා ගත් බව ඉනෝකාගේ අදහසයි. ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් සඳහා මෙවැනි සංගීත වීඩියෝවක් යොදා ගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර මුළුමනින්ම දිය යට රූගත කරන ලද ප්‍රථම සංගීත වීඩියෝව ද වෙයි. මෙම චිත්‍රපටයේ පෙම්වතුන් ලෙස රංගනයෙන් එක්වන උපේක්ෂා ස්වර්ණමාලි සහ අකලංක ගනේගම දක්ෂ නර්තන ශිල්පීන් හා කිමිදීමට ඇති දක්ෂතාව නිසාත් ඔවුන්ගේ ඒ දක්ෂතාවයෙන් මේ සිනමා කෘතිය සඳහා උපරිම ඵල ප්‍රයෝජන ගැනීමට මේ අවස්ථාව යොදා ගෙන ඇති බව ඉනෝකා අප හා පැවසුවාය.
ගීතමය ජවනිකාවක් රූගත කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය නම් තෝරාගත් හෝ නිර්මාණය වූ ගීතයට අවශ්‍ය ලෙස රූගත කිරීම සිදු කිරීම වුවත් මෙම දර්ශනයේ ද පොදු ක්‍රමවේදය අබිබවා යමින් දින 06 පුරාවට පුහුණුවකින් පසු පැය 6 රූපගත කිරීමෙන් අනතුරුව ඒ දර්ශනයට ඔබින ගීතයක් නිර්මාණය කර පටිගත කර ඇත. මේ දර්ශන පෙළට ඉනෝකා කොතරම් ඇලුම් කළා ද යත් ඒ දර්ශනය වෙනුවෙන් පැයක් වැනි කෙටි කාලයක් තුළදී ඈ අතින් මේ ගීතයේ පද නිර්මාණයව ඇත.
මෙම ගීතය ඉනෝකාගේ තෙවැනි ගී නිර්මාණය වන අතර මෙහි තනුව හා ගායනයෙන් නදීක ගුරුගේ සහ නවක ගායිකාවක වන දේවශ්‍රී ද සිල්වා එක් වෙති. සංගීතයෙන් නදීක ගුරුගේ රුවන් වීරසේකර, ලෙලුම් රත්නායක, නාලක ජයසිංහ හා ලසන්ත කාරියවසම් එක් වී ඇත. විනාඩි 04කට නිර්මාණය වූ මෙම ගීතමය දර්ශනය සඳහා විශේෂිත වූ, කැමරා ආලෝකය, තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කරගෙන ඇති අතර ඒ සඳහා චන්දන ජයසිංහ කැමරාකරණයෙන් එකතු වී ඇත. මෙම රූප දර්ශනය ‘දිය මුද්‍රා අංගයක්’ ලෙස නිර්මාණය කර ගැනීමට ඉනෝකාට අවශ්‍ය වී තිබුණ හෙයින් ඒ සඳහා නර්තන වින්‍යාසයෙන් උපදෙස් ලබාගෙන ඇත්තේ ගයාන් ශ්‍රීමාල් නමැති යොවුන් නර්තන ශිල්පියාගෙනි.


0 comments:

Post a Comment