----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අපි හොඳින් ඉන්නවා ඔය කටකතා බොරු

Saturday, June 16, 2012

නයනා කුමාරි



වෙබ් අඩවිවල පළවන පුවත්වලට පිළිතුරු දෙයි



ඉතින් නයනා මේ දවස්වල තරමක් කාර්යබහුලයි වගේ?
මේ දවස්වල හුඟාක් මංගල උත්සව තිබෙනවා. විශේෂයෙන්ම මැයි, ජූනි, ජූලි මාස මංගල උලෙළ වැඩි වශයෙන් පැවැත්වෙන මාස. මේ නිසාම, මගේ සැලෝන් එකට හුඟාක් වෙඩින්ස් ලැබිලා තියෙනවා. මගේ සුරතින් මනාලියන් සෑහෙන පිරිසක් මේ දවස්වල මම හැඩ කරනවා. ඒ නිසා මාස දෙක තුනක් තිස්සේ ඉඳලම තරමක් කාර්ය බහුල ජීවිතයක් තමයි මම ගතකරන්නේ. සැලෝන් එකේ කටයුතුත් සමඟ තමයි වැඩිපුර කාලය ගතකරන්නේ.
මේ දවස්වල වැඩිපුරම ඔබ ටෙලිනාට්‍යවල දකින්න නැත්තේ ඇයි?
ගොඩාක්ම ටෙලිනාට්‍ය භාරගත්තේ නැහැ. නමුත් අලුත් ටෙලිනාට්‍ය තුනකටම රංගනයෙන් දායක වුණා. මම වැඩිපුරම පේන්න නැති වුණත් ඔය වෙබ් අඩවිවල මගේ චරිතය ඝාතනය කරමින් ඔය එක එක කතා යන්නේ.
ඇත්තටම මොකක්ද ඔබට හැදී තිබෙන කටකතාව?
ඔය කටකතා නවත්වන්න මට බැහැ. ඕව ඔහොම තමයි. මට කාලයක් තිස්සේම ඕවගේ පොඩි පොඩි කටකතා හද හදා තිබුණා. ඒත් ඒ දේවල්වලින් මමවත් මගේ සැමියාවත් පවුලේ කිසිම කෙනෙක් සැළුණේ නැහැ. මේ විදිහට මට මඩගහන එක මම දකින්නේ මගේ පවුල් ජීවිතය විනාශ කරන්න අටවපු උගුලක් විදිහටයි. මේ දේ කරන පහත් මිනිස්සු මීට පෙරත් මෙවැනි වැඩ කළා. නමුත් අද වෙන කොට ඒකෙ උග්‍රතම අවස්ථාවට තමයි මේ කටකතා ඇවිත් තිබෙන්නේ.
මේ අසත්‍ය දේවල් වෙබ් අඩවිවල ප්‍රචාරය වන විට ඔබේ සැමියා මොනවගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ?
සුමිත් හැමවෙලාවෙම මාව අස්වසනවා. ඔහු හැමවිටම කියන්නේ මට ඔයා විශ්වාස නම් ඔයාට මාව විශ්වාස නම් ඒ ඇති කියලා. ඒත් මං ගැන නොදන්න සාමාන්‍ය රසිකයන් මේවා බලලා මං ගැන මොන වගේ ප්‍රතිරූපයක් හදාගන්නවද? ඒක තමයි මට තියෙන කනස්සල්ල. ඒ අය එක එක විදිහට තමයි මං ගැන හිතන්නේ. මොකද මම අද ඉන්න මේ තත්ත්වයට ආවේ ඉතාම දුක් මහන්සියෙන්. ඉතාම අහිංසක විදිහට. මට කටකතා මේ ක්‍ෂේත්‍රයේ ඇත්තටම හැදිල තිබ්බේ නැහැ. හැදුණෙත් නැහැ.
මේ ලෝකෙ ගැහැනියක් අහන්න පුළුවන් දරුණුම කටකතා තමයි දැන් මම අහන්නේ. ඒ විතරක් නෙමෙයි මගේ චරිතය ඝාතනය කරලා අසත්‍ය ප්‍රචාර පළ කරපු වෙබ් අඩවි අද මගේ මහත්තය ගෙ නමත් මේවාට ඈඳගෙන තිබෙනවා. මේ නිසා ඔහුත් කලකිරීමෙන් ඉන්නේ. අපේ ජීවිත විනාශ කරන්න මොන දේ කළත් අපි සැලෙන්නේ නැහැ. මම කියන්නේ මේ දේවල් කරන මිනිස්සුන්ටත් මේ අසත්‍ය ප්‍රචාරවලටත් පැවැත්මක් නැහැ කියලයි.
අපි ඉතාම හොඳින් සාමකාමීව ජීවත්වුණා. ඒ තුළ ප්‍රශ්න ඇති නොවුණා නෙමෙයි. අපි ඒ හැම දේම හදාගෙන බොහොම සරලව අපේ ජීවිත අදටත් ගත කරනවා. ඒත් අද අපිට එල්ල කරන චෝදනා ඇත්තටම දරා ගන්න බැරි දේවල්. අද අපිට මේ දෙන ගින්දර මේ දේවල් කරන, මේ අසත්‍ය ප්‍රචාර පතුරුවන මිනිසුන්ටත් බුදු දහමට අනුව ලැබෙන බව මම දන්නවා. අනිවාර්යයෙන්ම ඔවුනුත් මේ විදිහටම විඳවාවි.
ඔබත් එක්තරා දේශපාලනඥයකුත් සම්බන්ධ කරගත් ඡායාරූපයක් එක් වෙබ් අඩවියක පළ වී තිබෙනවා නේද?
ඒක අමූලික බොරුවක්. ඒ පින්තූරෙ හදපු එකක්. ඇත්තටම මේ වැඩ කරන්නේ තමන්ගේ වෙබ් අඩවි ජනප්‍රිය කරවගෙන ඒ මඟින් යැපෙන තිරිසන් මිනිස්සු.
මෙවැනි කටකතා වර්තමානයේ බොහෝ නළු නිළියන්ට හැදෙනවා. ක්‍ෂේත්‍රයේ හිතමිතුරන් මේ ගැන දක්වන්නේ මොනවගේ ආකල්පයක්ද?
ක්‍ෂේත්‍රයේ හුඟ දෙනෙක් මේ ගැන දන්නවද කියල මම දන්නෙ නැහැ. නමුත් මේ ක්‍ෂේත්‍රයේ කුණු හොයන පිරිසකුත් ඉන්නවා. මට මගේ මහත්තයා මව්පියො සහෝදර, සහෝදරියො, ළඟම යෙහෙළිය ගයාත්‍රි ඇත්තටම මේ දේවල් දරාගන්න මට ශක්තිය දෙනවා. ඔවුන් නිරතුරු මා අස්වසනවා.
දැන් ඔබේ පුතා තරමක් ලොකු ඇති?
ඔව්. ඔහු දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. දැන් පුතාට අවුරුදු හතකට ළඟයි. අපි සාමාන්‍ය විදිහට ඉතාම සරලව පොළොවෙ පය ගගහලා ජීවත්වෙන පවුලක්. මගේ සැලෝන් එකේ වැඩ කටයුතුවලට මගේ මහත්තයා හුඟාක් උදව් කරනවා. එයත් දියුණු මට්ටමකට ගෙන එන්නට අපි උත්සාහ කරනවා. ඒ ඇරෙන්න වෙන විශේෂ දේවල් අපේ ජීවිත තුළ නැහැ.




0 comments:

Post a Comment