----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

තරු විසිරුණු සුපර් සික්ස් මංගල දර්ශනය දා

Wednesday, June 6, 2012

උදාර පල්ලියගුරුගේ කුලුඳුල් සිනමාපටය වූ සුපර් සික්ස් පිළිබඳ බොහෝ දෙනෙකු කතාබහ කරන්නට පටන් ගත්තේ එහි ඇති විශේෂතා කිහිපයක් නිසයි. රටවල් ත්‍රිත්වයක දැකුම්කලු දර්ශන තල රැසක් භාවිත කොට තිබීමත් ලංකාවේ මෙතෙක් වැඩිම වියදමක් (රුපියල් ලක්ෂ නවසිය අනූවක්) දරා නිෂ්පාදනය කළ චිත්‍රපටය වීමත් සුපර් සික්ස් හි ජනප්‍රියත්වය වැඩි කරන්නට හේතු වුණා.
ඒ සුපර් සික්ස් චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත් වුණේ තවත් විශේෂතාවයක් එක් කරමින්. ඒ දිගු කලකට පසු ලිබර්ටි සිනමා ශාලාවේ සිංහල චිත්‍රපටයක මංගල දර්ශනයක් පැවැත්වීමයි. එදින චිත්‍රපටයේ සුපිරි හය එසේත් නැතිනම් සාරංග - පබෝදා - රොෂාන් – අරුණි - හේමාල් - මලීක ඉතා අලංකාර විලාසිතාවන්ගෙන් හැඩව උළෙල නියෝජනය කරනු ලැබුවා. මේ සුපර් සික්ස් මංගල දර්ශනයේ කාච සිත්තම් පෙළක්.

නිෂ්පාදක සදේශ් කූමාර් යුවළ සහ උදාර පල්ලියගුරුගේ චාරිත්‍රනුකූලව පොල්තෙල් පහන දල්වමින්
රන්ජන් රාමනායකත් මංගල දර්ශනයට ඇවිත්



 

sarsaviya

1 comments:

නොදෝකින්,,, මහ චාටර් ෆිල්ම් එකක්. ඔයිට වඩා පාර්ලිමට් ජෝක්ස් හොදයි අම්මප...

Post a Comment