----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පබෝදගේ කොට කලිසම සහ කකුල

Monday, June 4, 2012

මගේ චිත්‍රපටය සම්මාන උත්සවවලට දෙන්නේ නැහැ

උදාර පල්ලියගුරුගේ

 
 

Join SuperSix FanPage, click here...
Official page of the movie, click here...

photo courtesy Udara Palliyaguruge.


Comments
Advertisements

උදාර පල්ලියගුරුගේ, ‘සුපර් සික්ස්’ හරහා චිත්‍රපට කර්මාන්තයට එක්වන අලුත්ම අධ්‍යක්ෂවරයායි. එමතු නොව නවතම චිත්‍රපට නිෂ්පාදකවරයකු ද ‘සුපර් සික්ස්’ හරහා චිත්‍රපට කර්මාන්තයට පා තබයි.
සුවිශේෂීම දේ, මේ දෙදෙනාම නියෝජනය කරන්නේ, සිය පියවරුන්ගේ වෘත්තියේ දෙවැනි පෙළ වීමයි.
‘සුපර් සික්ස්’ පිළිබඳ උදාර සමඟ මේ කතාබහ පෙළ ගැසෙන්නේ ද ඉහත කාරණා සියල්ල නිමිති කොටගෙන ය.
උදාර මේ ඔබගේ සිනමා ප්‍රවිෂ්ටය. මොකක්ද ඔබගේ පසුබිම...
හුඟ දෙනෙක් නොදන්නවට මං පසුබිමක් තියෙන කෙනෙක්. ඒ ගැන කියන්න මට අතීතේ මතක් නොකර බැහැ. කැලණිය ගුරුකුලේ මං ඉගෙන ගන්නා කාලේ පාසල් වේදිකාවේ මං රඟපෑවා. ඒ කාලේ අපේ පාසලේ බොහෝ නාට්‍ය නිර්මාණය වුණා. ඒවාට බොහෝ අංශවලින් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා.
පස්සෙ කාලෙක මං බුද්ධික දමයන්තගේ ‘ඕෆ් තියටර්’ කණ්ඩායම සමඟ සම්බන්ධ වෙනවා. ‘බන්සි මැරිල නෑ’, ‘අපේ පන්ති කාමරය’, වගේ නාට්‍යවල වේදිකා පරිපාලනයට සම්බන්ධ වෙන්නේ ඒ ඔස්සේ.
ඊළඟට සිරස රූපවාහිනියේ වැඩසටහන් ගණනාවකටම නිර්මාණ දායකත්වය සපයමින් මං මාධ්‍ය ලෝකයට එනවා.
ඊළඟට මං නවතින්නෙ ඉන්දියාවේ පූනෙයිවල. ඒ චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ හදාරන්න ගිය ගමන. දෑවුරුද්දකට පස්සෙ මං ලංකාවට එන්නෙ ‘ෆිල්ම් ඩිරෙක්ටින්’ පිළිබඳ උපාධිය සම්පූර්ණ කරල. නමුත් මං වැඩ අරඹන්නෙ මගේ සහෝදරයාත් මාත් එක්ව ඇරැඹූ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ ආයතනයෙන්.
අනික මගේ පියා, විජයදාස පල්ලියගුරු, පෙර පරපුරේ සහාය අධ්‍යක්ෂවරයෙක්. ‘බඩුත් එක්ක හොරු’, ‘හරි යනකොට ඔහොම තමයි’ වගේ චිත්‍රපට ගණනාවකම ඔහු සහාය අධ්‍යක්ෂවරයා. මගේ මව රමලී පල්ලියගුරු. ටවර් හෝල් වේදිකා නිළියක්. ගුවන් විදුලියේ ‘බී’ ශ්‍රේණියේ ගායිකාවක්. කලාව කියන දේ පුංචි කාලෙ ඉඳලම ඇසූ දුටු ඒ වගේ ම විඳින්නට ලැබුණු සමීපතම දෙයක්. ඒ තමයි මගේ පසුබිම.
එතකොට වෙළෙඳ දැන්වීම් කලාවෙන් චිත්‍රපටකරණයට එන්න හිතුණේ...
ඒ වෙනකොට මං වෙළෙඳ දැන්වීම් 600 කට එහා නිර්මාණය කරල තිබුණෙ. බොහෝ වෙලාවට තත්පර 30 ක වෙළෙඳ දැන්වීමක් වෙනුවෙන් ලක්ෂ 90 - 100 ක් වියදම් කරන්න වෙන එක ස්වභාවය. මට හැම වෙලාවෙම හිතුණා, තත්පර 30 ක නිර්මාණයක් වෙනුවෙන් මේ තරම් මුදලක් වැය කරන එකේ ගුණාත්මක හොඳ වාණිජ චිත්‍රපටයක් කරන්නත් පුළුවන් නේද කියල. දැනුම සහ ආසාව තිබුණට අවස්ථාවක් ලැබෙන කල් මං බලාගෙන හිටියා.
මට සදේශ් කුමාර් මුණ ගැහෙන්නෙ ඔය අතරෙදි.
කවුද සදේශ් කුමාර්...
ඔහු තමයි පෙර පරපුරේ චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ රාජා සදේශ් කුමාර් ගේ පුතු. ‘තාත්තයි පුතයි,’ ‘බිරිඳ’, ‘සමන්මලී’ වගේ චිත්‍රපට ගණනාවක් එකල සදේශ්ගේ පියා නිෂ්පාදනය කර තිබුණා. පළමු පරම්පරාවේ නිර්මාණකරුවන් දෙදෙනකුගේ දරුවන් දෙදෙනකු කළ මේ රටේ දැවැන්තම චිත්‍රපටය තමයි ‘සුපර් සික්ස්’. ඇත්තටම කිව්වොත් මේ දෙවැනි පරම්පරාවේ එකතු වීමක්.
මෙය අපූරු සුසංයෝගයක් ලෙසයි ඔබ හඳුන්වන්නේ...
ඇත්තටම. ලංකාවේ සිනමාව ආරම්භ වුණේත් පැවතුනේත් සිංහල - දෙමළ නිර්මාණකරුවන්ගේ සුසංයෝගයෙන්. ඔවුන් අතර තිබූ සමගිය, නිර්මාණශීලී ගුණය නිසා තමයි අද දක්වා පැවතෙන චිත්‍රපට කර්මාන්තයක් අපට ඉතිරි වුණේ. සදේශ් සහ මම ඒ අතීතය අලුත් කරන සන්ධිස්ථානයක් බඳුයි. අපි දෙන්නටම සිනමාව අලුත් දෙයක් නෙවෙයි.
‘සුපර් සික්ස්’ අතිදැවැන්තම නිර්මාණය කියලද ඔබ කියන්නෙ...
ඔව්. රුපියල් ලක්ෂ 990 කට එහා වියදම් කරල හදපු චිත්‍රපටයක් මේ. නමුත් මේ වෙනකොට එක සතියට රුපියල් කෝටිය පන්නපු ආදායමක් අපි ලබල තියෙනවා. කවුරු හරි ඇහුවොත් වියදම් කරද්දී මේ තරම් අවදානමක් ගත්තෙ ඇයි කියල. මට තියෙන්නෙ හරි සරල උත්තරයක්.
තත්පර 30 ක නිර්මාණයකට වියදම් කළ කෝටිය පැය දෙකක නිර්මාණයක් වෙනුවෙන් වැය කළා. එච්චරයි.
එය යෙදුවෙ වාණිජ චිත්‍රපටයක් වෙනුවෙන්. නමුත් කලාත්මක, සමකාලීන යථාර්ථය කියැවෙන චිත්‍රපටයක් කළා නම් හොඳ නැද්ද?
මේ චිත්‍රපටය කවදාවත් රූපවාහිනියේ පෙන්වන්නෙ නැහැ වගේ ම කිසිම දවසක සම්මානවලට ඉල්ලුම් කරන්නත් අදහසක් නෑ. හොඳ ගුණාත්මක පවුලේ සැමට රසවිඳිය හැකි චිත්‍රපටයක් කරන ආසාව විතරයි මට තිබුණේ.
දැන් DVD, රූපවාහිනිය සහ ඉන්ටර්නෙට් හරහා චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයෝ පුරුදු වෙලා. මේනිසා යම් බලපෑමක් ඇතිවෙයි කියා හිතෙන්නෙ නැතිද...?
කිසි මාධ්‍යයකින් ‘සුපර් සික්ස්’ බලන්න බැහැ. ඊට අවශ්‍ය නීතිමය ආරක්ෂාව සලසලයි චිත්‍රපටය පෙන්වන්න දැම්මෙ. අද චිත්‍රපට නොබලන පිරිස 72% ක්. අන්න ඒ 72%, චිත්‍රපට ශාලාවට ගෙන්වන්නයි මම ‘සුපර් සික්ස්’ හැදුවේ. මොකද තිබුණු චිත්‍රපට ශාලා 400 ගණන වැසී ගොහින්, අද අපිට ඉතුරුවෙලා තිබෙන්නෙ 100 කටත් අඩු ශාලා ප්‍රමාණයක්. කවුරු හරි උඩුගං බලා පිහිනුවොත් විතරයි මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. මං කළේ ඒක.
නමුත් චිත්‍රපටයේ පබෝදා ගේ ඇඳුම් පැලඳුම් පිළිබඳ කතා බහක් යනවා...
ලංකාවේ කුහක මිනිසුන්ට කොහොමටත් ගැහැනුන්ගේ කකුල් පිළිබඳ මානසික ප්‍රශ්නයක් තිබෙනවා. කවුරු හරි මාධ්‍යයක් සීගිරි චිත්‍ර පෙන්වද්දි කොටු දමල වහල ද පෙන්වන්නෙ? මාලනිල - සුමනා අමරසිංහල එක යුගයෙක ඇඳපු මිනි ගවුම වියතක්වත් දිගද? කෝ කවුද ඒවා ප්‍රශ්න කරන්නෙ. සුන්දරත්වය මිස එතැන ඇති දෙයක් නැහැ. පබෝදගේ කොට කලිසම සහ කකුල ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ කුහක පිරිසකට විතරයි. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි... අනික මේ චිත්‍රපටයේ කුඩා ළමයි 20 කට වැඩිය ඉන්නවා. ‘පවුලේ සැමටයි’ කියන නිර්දේශය ලැබිල තියෙනවා. තාරුණ්‍යය, ආදරය, ක්‍රිකට්, විනෝදය සහ සුන්දරත්වය එක්කයි ‘සුපර් සික්ස්’ ගොඩනැඟිල තිබෙන්නෙ.



ඉනෝකා පෙරේරා බණ්ඩාර

Silumina

0 comments:

Post a Comment