----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සිග්නිස්‌ උත්තමාචාර උළෙල මෙවරත් අභිමානවත්ව

Wednesday, June 6, 2012

සිග්නිස්‌ උත්තමාචාර උළෙල මෙවරත් අභිමානවත්ව

අජිත් අලහකෝන්

චිත්‍රපට සහ රූපවාහිනි නිර්මාණ, නිර්මාණකරුවන් අගයන සිග්නිස්‌ (ඕ.සී.අයි.සී. / උන්ඩා) උත්තමාචාර උළෙල තිස්‌හය වැනි වරටත් සැප්තැම්බර් 01 දා සවස 6.15 ට බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදය මෙහෙයවන මෙම උත්තමාචාර උළෙල අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට පූර්ණ අනුග්‍රහය දක්‌වන්නේ පැපිලියානේ දයා ගෲප් සමූහ ව්‍යාපාරයයි.

2011 වසරේ තිරගත වූ සියලුම සිංහල චිත්‍රපට සහ විකාශය වූ ප්‍රාසාංගික හා ඒකාංගික ටෙලි නිර්මාණ අතරින් විශිෂ්ට නිර්මාණවලටත්, නිර්මාණකරුවන්ටත් මෙම උළෙලේදී උත්තමාචාර පුදකරන බව ඕ.සී.අයි.සී. උන්ඩා අන්තර්ජාතික පර්ෂදයේ ජාතික කතෝලික සිග්නිස්‌ ශ්‍රී ලංකා පර්ෂදයේ ජාතික අධ්‍යක්‍ෂ බෙනඩික්‌ ජෝශප් පියතුමා ප්‍රකාශ කළේය.

එමෙන්ම 2010 - 2011 කාල පරාසය තුළ නිර්මාණය කර ඇති රූපවාහිනි සහ සිනමා වාර්තාමය වැඩසටහන්, රූපවාහිනි සහ සිනමා කෙටි දෘෂ්‍ය රූප නිර්මාණ ද මෙවර උත්තමාචාර පුදකිරීම සඳහා සලකා බැලේ. දේශීය සිනමාවද ඒ හා බද්ධ වන සිනමා සාහිත්‍යයද ගොඩනැගීමේ මෙහෙවරක නියෑළුණු පුරෝගාමීන් තිදෙනකු වෙනුවෙන් සිග්නිස්‌ අන්තර්ජාතික ප්‍රණාමය ද මෙවර පුද කෙරේ. "නූතන සන්නිවේදන ප්‍රවණතා හමුවේ දේශීය සිනමාවේ හෙට දවස" යන මැයෙන් පවත්වන ලද විවෘත ආධුනික විචාර තරගයෙන් ජයගන්නා ලේඛකයාට "ජයවිලාල් විලේගොඩ අනුස්‌මරණ සම්මානය" පුදකිරීමද දේශීය සිනමා සාහිත්‍යයේ ප්‍රගමනය වෙනුවෙන් සිනමා සාහිත්‍යකරණයේ යෙදෙන්නන් දිරිමත් කිරීම සඳහා "සිරිල් බී. පෙරේරා අනුස්‌මරණ සම්මානයද" මෙවරත් සිග්නිස්‌ උත්තමාචාර උළෙලේදී පිරිනැමේ.

සිය දිවිපෙවෙත සිනමාව, ගුවන් විදුලිය සඳහා කැපකළ විශිෂ්ටයන් තිදෙනකුට අන්තර් ජාතික කතෝලික සිග්නිස්‌ පර්ෂදයේ ශ්‍රී ලංකා ශාඛාව මගින් අන්තර් ජාතික ප්‍රණාමයද පිරිනමනු ලබයි. එමෙන්ම සිනමා වාර්ෂික සමරුකළඹක්‌ද මෙවර උළෙලේදී එළිදක්‌වන බව බෙනඩික්‌ ජෝශප් පියතුමා ප්‍රකාශ කළේය. සිනමා ප්‍රාසාංගික ටෙලි නිර්මාණ වෙනුවෙන් සම්මාන දහ අට බැගින් පිරිනැමේ. නිර්මාණශීලී ඒකාංගික ටෙලි නාට්‍යය, කෙටි චිත්‍රපට, වාර්තාමය චිත්‍රපට, වෙළෙඳ දැන්වීම්, සංගීත වීඩියෝ, පූර්ව ප්‍රචාරක පට, සජීවීකරණ නිර්මාණ ආදියද සම්මානයෙන් පුද ලබයි.

0 comments:

Post a Comment