----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

අවසන සිදු වූයේ සියල්ලන්ම කැමැති දේය.

Sunday, June 3, 2012

ඔබද ලක්ෂපති තරගයේ දස ලක්ෂය දිනූ නුවන්ගේ කතාව

රාත්‍රිය තවමත් තරුණය. රූප පෙට්ටිය ඉදිරියේ විස්මිත හැඟීමෙන් දැල්වෙන බලාපොරොත්තු පිරුණු ප්‍රේක්ෂක දෑස නොසෙල්වෙන තරමට මොහොත තීරණාත්මකය. සංවේදී හැඟීමෙන් ද, බලාපොරොත්තුවේ ජවයෙන් ද පිරුණු රුධිරය හෘද ස්පන්දනය ත්‍රීව්‍ර කරවන්නේ එළැඹෙන මොහොතේ කුමකින් කුමක් සිදුවේදැයි නිශ්චිත තීරණයකට එළඹීමට නොහැකිවය.
තත්ත්පරයකින් මහා දෙයක් විය හැකිය. පියවරෙන් පියවර මහා කඳු මුදුනට නැග ගත් මිනිසකු එකවර පය ලිස්සා වැටෙන්නට යන ආකාරයෙන් අපේ මනස ව්‍යාකුලය.
අවසන සිදු වූයේ සියල්ලන්ම කැමැති දේය.
පසුගිය සතියේ සෙනසුරාදා රාත්‍රී 9 – 10 දක්වා අපි උන්නේ දෑස් අයාගෙනය. අවසන රු: ලක්ෂ දහයක මුදල ඔහු දිනා ගත්තේය. ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති තරග ඉතිහාසයේ මෙතෙක් අප විමතියට, සතුටට මෙන්ම තිගැස්මට පත් කළ අයකු තව නැත.
එසේ නම් හේ නුවන්ම විය යුතුමය.
තරග ඉතිහාසයේ වැඩිම ප්‍රශ්න ගණනකට පිළිතුරු දී වැඩිම මුදල දිනා ගැනීමට ගාල්ලේ නුවන් සමත් වූයේ රටක් සතුටට පත් කරමිනි. රටක ගෞරවය, ආදරය මෙන්ම ජනප්‍රියත්වය ඒ සමඟම නුවන්ගේ හිස පැළඳිණි.
කවුද මේ නුවන්. . .
පසුවදා උදෑසන සිට සියලු දෙනා ඔහු සොයන්නට පටන් ගත්තේ ඒ විස්මිත ජනක මිනිසා අපේ රටේ එක් යුගයකදී ජනප්‍රිය චරිතයක් වූ හෙයිනි.
1990 පෙබරවාරි 26 දා ගාල්ලේ මහමෝදර උපත ලද නුවන් චතුරංග දැන් පස් දෙනකුගෙන් යුතු පවුලේ හතරවැනියා ලෙස එදා උපත ලද්දේය. අතිශය සාමාන්‍ය පවුලක උපන් ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ මාගාල්ලේ සුධර්මා විද්‍යාලයෙනි. ඉන් අඅනතුරුව ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් වූ ඔහු කලා අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබුවේය.
ගුරුවරයකු වීමේ ඒකායන අදිටන පෙරදැරි කොට ගත් නුවන් නිරතුරුවම දැනුම සොයන පොතට පතට ලැදි කීකරු පුත්‍රයකු ලෙස ප්‍රකටය.
ධීවරයකු වූ නුවන්ගේ පියා යතුරු පැදියක ගැටීමෙන් බරපතල ලෙසරෝගාතුර වන්නේ මේ කාලයේදීය. පායා ආ හිරු මඬල එතැනම මිලිින වූයේය. නිවෙසේ බර කරට ගත් අම්මා දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසුණාය.
දරිද්‍රතාවය, තාත්තාගේ ජීවිතය සහ අනාගතය යන මාතෘකා නුවන්ගේ හිතෙහි මුදුන්පත් වූයේය. මේ සියල්ල ජය ගත යුතුය. නමුදු ඊට මාවතක් තිබිය යුතුය.
ඒ මාවත නුවන්ට පාදා දුන්නේ ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපතිය. නුවන් ඒ පාර තෝරා ගැනීමත් ඉන් ජය ගැනීමත් තුළ ඔහු අද තමාගේ බලාපොරොත්තු අතර ජීවත් වන්නේය.
මේ ඒ බලාපොරොත්තුව සමඟ කැටි වූ හැඟීම් සමුදායයි.
‘තාත්තා අසනීප වුණාට පස්සේ පවුලේ ආර්ථිකය එන්න එන්නම කඩා වැටුණා. තාත්තගේ ජීවිතේ කොහොම හරි යම් තත්ත්වයකට පත් කර ගන්න ඕනෑ කියන හැඟීම කොච්චර හිතේ ඉහළට ආවත් මුදල් ඊට හරස් වුණා. තාත්තා ඔත්පලව ඇෙඳ් වැතිරිලා ඉන්නව බල බලා අපි දහස් වතාවක් හිතින් මිය ගියා. තාත්තගේ මොලේ ලේ කැටියක් හිර වෙලා තියෙන බවත්, එය ඉවත් කිරීමට සැත්කමක් කළ යුතු බවත් වෛද්‍යවරු කිව්වා. ඒ තැන්වලදී අප හරියට අසරණ වුණා.
මේ ප්‍රශ්න අතරදි තමයි මම තරගය ගැන දැනගත්තේ.
මේ තරගෙන් දිනුවොත් මගේ තාත්තා එක්ක ආයේ අපි කතා කරල සතුටු වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න පුළුවන් වෙයි කියලා මට දැනුණා. ඒ අදිටනින් තමයි තරගෙට ඉදිරිපත් වණේ. පවුලේ හැමෝගෙම ආශිර්වාදයත්, උපරිම දැනුමෙන් සන්නද්ධව මං තරගෙට ගියා.
ඒත් . . .
ඔහු දිගු හුස්මක් ගත්තේය. ඒ සුසුම තුළ මොකක්දෝ සැඟව තිබේ. නැවත ඔහු කතාව අරඹන්නේ අතීත සංචාරයකට අනතුරුවය.
ඒත් ඉතිං තරගෙන් සුපිරි පුටුවට එන්න වාසනාව ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? මං ඒ මොහොතෙහි උන්නේ බලාපොරොත්තු රැසක් පිරුණු හිතින්.
අවසානයේ කොහොම හරි මං සුපිරි පුටුවට තේරුණා. මේ හැම ප්‍රශ්නයකට, ප්‍රශ්න කිහිපයකට උත්තර දීලා ජයගන්න පුළුවන් නේද කියලා මට දැනුණා. මං උපරිම උත්සාහයෙන් ප්‍රශ්නවලට උත්තර දුන්නා.
මං දිනුවා . . මං දිනුවා . . . මගේ යහපත් බලාපොරොත්තුව දිනුවා. දැන් තාත්තගේ රෝගී තත්ත්වයට මට උපරිම දේ කළ හැකියි. ඔහු එකවරම හැඟීම් සමුදාය වදන් බවට පත් කළේය.
ආයෙත් තරගයේ මතක අතරට යමුද?
ඇරැයුම මගෙනි.
එදා හරිම සුන්දර බියකින් හිත පිරුණු දවසක්. පුටුවෙ වාඩි වෙලා ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට මං උත්තර දුන්නා.
මේ වැඩ සටහන පටිගත කරනු ලබන වැඩ සටහනක්. මගේ ප්‍රශ්න උත්තර පටිගත කරන්නට පැය දහයකට අධික කාලයක් ගත වුණා. ඉතාමත් ක්‍රමානුකූලව පටිගත කරන වැඩ සටහන තුළ මා දිගින් දිගටම උත්තර ලබාදීම නිසා ගොඩාක් කල් ගත වුණා. වැඩ සටහන පටිගත කිරීමට විවේකයක් ලැබුණට මට විවේකයක් ලැබුණේ නැහැ. පැය දහයම මං පුටුවට වෙලා තමයි හිටියේ. කොහේටවත් මට යන්න අවසර ලැබුණේ නැහැ. ඒක තමයි තරගයේ නීති සහ ස්වභාවය.
මං දිගටම උත්තර දේද්දී පිට පළාත්ලින් ආපු සමහර අය මට බැනලත් තිබුණා. අවසන් මොහොතේ මගේ ශරීරය අප්‍රාණික වෙනවා වගේ දැනුණා.
තත්පර ගානක ඇසිල්ලේ ‘ඔබ . . . නිවැරැදියි’ කියලා ඇහුණාම මං තිගැස්සිලා ඇහැරුණා වගේ මට දැනුණා.
එදා තමයි මගේ ජීවිතේ මිහිරිම දවස . . . ඒකට හේතුවක් තියනවා . . . අමිහිරි අත්දැකීම් තුළින් ජීවිතය මිහිරිම කර ගත් දවස . . .
පුංචි කාලේ ඉඳලම දැනුම හොයන්න මහන්සි වුණාද?
හරස් පැනය යළිත් මගෙන්.
ඔව් . . . දවසක් සිරීපාදේ ගිහිං එද්දී මං සාමාන්‍ය දැනීම් පොතක් ගත්තා. ඒ පොතේ දැනුම මං හිතට ගත්තා. ඒ වගේම මං උපකාරක පන්ති පවත්වනවා.
ඒ වගේම දහම් පාසලෙත් උගන්වනවා. මේ නිසා මං දැනුම නිතරම හොයන කෙනෙක්. ඒ දැනුම කොතනකදී හෝ මට උපකාර වේවි කියලා හිතුණා.
දැනුම, වාසනාව සහ යහපත් බලාපොරොත්තුව හරි වෙලාවෙදි ජය ගත්තා.
ඒ වගේම අප හැමදාම තරගය බලනවා. ඒවට උත්තර දෙනවා.
මට තරගෙට යන්න උවමනාව තිබුණත් ඊට මාව උනන්දු කළේ මගෙන් ඉගෙන ගන්න හෂින්ත පුතා. එයා තෑග්ග විදියට ඉල්ලුවේ රිමෝට් කාර් එකක්.
නුවන් සල්ලි කියන්නේ හැමදාම තියෙන දෙයක් නොවෙයි නේද. ඊට පස්සේ මොකද වෙන්නේ . . .
මං බාහිර උපාධිය හදාරනවා. මට ඕනේ ගුරුවරයෙක් වෙන්න. එතකන් මං රැකියාවක් බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. මේ මුදල් සම්පූර්ණයෙන් යොදවන්නේ තාත්තා වෙනුවෙන්.
* දැන් ගමේ ජනප්‍රිය චරිතයක් . . . එහෙම නේද?
ඔව් . . . එදා ගිංතොට ඉඳලා මාව අරගෙන ආවේ පෙරහරකින්. මේ හැම දේම තවමත් මට හීනයක් වගෙයි. ඒත් අපි ජීවත් වන්නේ යථාර්ථය තුළ. ඒ නිසා ඉදිරියේ ජීවිතය පෙළ ගස්වා ගත යුතුයි.
මේ මොහොතේ සිරස මාධ්‍ය ජාලයට මෙන්ම උදව් දුන් සියලුම දෙනා මතක් කළ යුතුයි.
ඇත්තටම මේක අහම්බයක්.
වාසනාවන්ත ආරම්භයක් දුන් අහම්බයක්.
මේ අහම්බෙන් හමුවූ බුද්ධිමතාට ඔබටත් සුබ පතන්නට පුළුවන්. 26/4, විජිතාරාම පාර, දෙවැට, ගාල්ල.

0 comments:

Post a Comment