----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

36 වැනි "සිග්නීස් උළෙල සැප්තැම්බරයේදී මහ ඉහළින්

Monday, June 4, 2012

36 වැනි "සිග්නීස් උළෙල සැප්තැම්බරයේදී මහ ඉහළින් 

සිග්නීස් උළෙල පිළිබඳ ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ බෙනඩික් ජෝසප් පියතුමා, කලා කීර්ති එඩ්වින් ආරියදාස, දයා ගෲප් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි ඩී. ටී. කිංස්ලි බර්නාඩ් මාධ්‍ය දැනුවත් කළ මොහොත.
ඉකුත් වසරේ තිරගත වූ සියලුම සිංහල චිත්‍රපට සහ රූපවාහිනී නාලිකාවන් තුළින් විකාශය වූ ප්‍රාසාංගික සහ ඒකාංගික ටෙලි නිර්මාණ අතුරින් විශිෂ්ට නිර්මාණ සහ නිර්මාණකරුවන් ඇගයීම වෙනුවෙන් තිස්හය වැනි වරටත් කතෝලික සිනමා පර්ෂදය මගින් සංවිධානය කරනු ලබන සිග්නීස් උත්තමාචාර උළෙල ලබන සැප්තැම්බරයේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.
මෙවර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වේ.
සම්මාන උළෙලේ නිර්මාණ බාර ගැනීම මේ වන විටත් අවසන් කොට ඇති අතර ඒවායෙහි විනිශ්චයන් දැන් සිදු වෙමින් පවතියි.
මෙවර සිනමා සහ ප්‍රාසාංගික ටෙලි නිර්මාණයන් වෙනුවෙන් පිළිවෙලින් සම්මාන ඉසවු දහඅට බැගින් වෙන් වී තිබේ. ඊට අමතරව නිර්මාණශීලී ඒකාංගික නාට්‍ය, කෙටි චිත්‍රපට, වාර්තාමය චිත්‍රපට, වෙළෙඳ දැන්වීම්, සංගීත රූප රචනා, පූර්ව ප්‍රචාරක පට සජීවීකරණ නිර්මාණ ආදිය ද සම්මානනීය වනු ඇත.
ඒත් සමඟම දේශීය සිංහල සිනමාවේ ප්‍රගමණය වෙනවෙන් පෘථුල මෙහෙවරක නියැලුණ විශිෂ්ටයන් තිදෙනකු සිග්නීස් අන්තර් ජාතික ප්‍රණාම සම්මාන ද, සිනමාවේ උන්නතිය වෙනුනේ සිනමා සාහිත්‍යකරණයේ යෙදෙන්නන් දිරිමත් කිරීමේ අරමුණින් පිදෙන සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානය ද, සාහිත්‍යකරණයේ යෙදෙන ආධුනිකයින්ට ජයවිලාල් විලේගොඩ සම්මානය ද සුපුරුදු අන්දමින් එදින පිරිනැමෙනු ඇත.
එමෙන්ම මේ වසරේ සිනමා වාර්ෂික සමරු කළඹක් නිර්මාණය කෙට ප්‍රකාශයට පත් කිරීම විශේෂයකි. පැපිලියානේ දයා ගෲප් සමූහ ව්‍යාපාරය උළෙලේ පූර්ණ අනුග්‍රහය සපයයි.

0 comments:

Post a Comment