----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

'ස' සමුගනී අවසන් ප්‍රසංගය ජූලි 20දා

Sunday, June 10, 2012

'ස' සමුගනී අවසන් ප්‍රසංගය ජූලි 20දා


සුවහසක් රසික ජනතාවගේ හදවත් සනසාලූ වික්ටර් රත්නායකගේ ‘ ස ‘ ප්‍රසංගයේ සමාප්තිය ‘ස’ ප්‍රසංගය ඇරැඹි හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේ දී ජුලි 20 වැනිදා ගීතවත්වෙයි..
වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය මෙරට ඒක පුද්ගල ගී ප්‍රසංගවල ආරම්භයයි. ඉතා සාර්ථක ලෙස පුරා වසර තිස් නවයක් තිස්සේ දෙස් - විදෙස් හී ඉදිරිපත් කළ ‘ස’ ප්‍රසංගය තරම් අන් ප්‍රසංග සාර්ථක නොවුණු බව කාටත් රහසක් නොවේ.
මේ සොඳුරු කෝකිලයාගේ සංගීත දිවියට අඩ සියවසක් සපිරෙන මොහොතේ මෙසේ නිමාව දකින ‘ස’ ප්‍රසංගය 18, 19, 20 යන තෙදිනයන්හිම පැවැත්වීමට නියමිතය.
18 වැනිදා – අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේත්
19 වැනිදා – පණ්ඩිත් අමරදේවයන්ගේ ප්‍රධානත්වයෙන් මහරගම යොවුන් රඟහලේත්
20 වැනිදා – මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ප්‍රධානත්වයෙන් ලුම්බිණි රඟහලේදීත් පැවැත්වේ.

Sarasaviya

3 comments:

නන්දන said...

How can I get a ticket?

Anonymous said...

Do u know where we can get tickets? and times of shows..

ඔබ “ස“ ප්‍රසංගය නැරඹීමට අදහස් කරන්නේනම් අද හෙටම ටිකට් මිලදී ගන්න. ටිකට්පත් අවසන් වෙමින් පවතී.
ජූලි 18 - නෙළුම් පොකුණ - 5000ට අඩු ටිකට් අවසන්
ජූලි 19 - යොවුන් රගහල - 2000ට අඩු ටිකට් අවසන්
ජූලි 20 - ලුම්බිණි රගහල - ටිකට් සීමිත ප්‍රමාණයක් ඇත.

වෙළදාමක් නොවේ. ටිකට් මිලදී ගැනීමට ගියවිට දැනගත් කරුණකි.

Post a Comment