----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ලංකාවේ කලාකරුවන්ගේ වෙබ් අඩවිය Lankaartist එළිදකී

Sunday, May 13, 2012

ලංකාවේ කලාකරුවන්ගේ වෙබ් අඩවිය
Lankaartist
එළිදකී


www.Lankaartist.com ලංකාවේ සියලුම කලාකරුවන් වෙනුවෙන් බිහිවුණු වෙබ් අඩවියක්. පසුගිය 10 වැනිදා බොරැල්ලේ නාමෙල් මාලිනී
පුංචි තියටර් හිදී එළි දැක්වුණු මෙම වෙබ් අඩවිය මෙලෙස පොදුවේ සියලුම කලාවන් වෙනුවෙන් බිහිකළ ලංකාවේ පළමු වන වෙබ් අඩවියයි.
මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ සංජු සමරසිංහ. නව පරපුරේ කලාකරුවකු වන සංජු අපේ රටේ කලාකරුවන් වෙනුවෙන් සුබවාදීව සිතමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙනවා. මේ ඒ පිළිබඳව  ඔහු දක්වන අදහසයි.


මොකක්ද මේ වෙබ් අඩවිය?
ලෝකයේ වෙනත් රටවල කලාකරුවන් වෙනුවෙන් වෙබ් අඩවි තිබුණත් අපේ රටේ එවැන්නක් නොතිබීම විශාල අඩුවක්. ඉතින් කලාකරුවකු ලෙස මට හිතුණා ඇයි අපට බැරි එවැනි දෙයක් කරන්න කියලා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවේ කලාවට සම්බන්ධ සියලුම අංශ නියෝජනය වන පරිදි www.Lankaartist.com වෙබ් අඩවිය නිර්මාණය වන්නෙ. මෙහි ඕනෑම අංශයක ඕනෑම කලාකරුවකුට තමන්ටම වෙන්වුණු වෙබ් පිටුවක් නිර්මාණය කරගන්න පුළුවන්.
එය ලෝකයේ ඕනම කෙනකුට ඕනම තැනක සිට බලන්න පුළුවන්. නමුත් මීට දත්ත ඇතුළත් කිරීම, දත්ත වෙනස් කිරීම ඇතුළුව පිටුව පවත්වාගෙන යාම නැතිනම් පිටුව යාවත්කාලීන කළ හැක්කේ අදාළ කලාකරුවාට පමණයි.
කවුද මේ කලාකරුවන් ?
නළු නිළියන්, ගායක ගායිකාවන්, සිනමා හා ටෙලි අධ්‍යක්ෂවරුන්, කැමරා අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදන ආයතන, සංගීත අධ්‍යක්ෂවරුන්, ගීත රචකයන්, පිටපත් රචකයන්, මාධ්‍යවේදීන්, සංගීත කණ්ඩායම්, නිෂ්පාදන කළමනාකරුවන්, ඡායාරූප ශිල්පීන්, මෝස්තර (ඇඳුම්) නිර්මාණ ශිල්පීන්, වේශ නිරූපණ ශිල්පීන්, ඇතුළු අංශ 35 කට වැඩි ප්‍රමාණයක් දැනට මෙහි ඇතුළත් කර තිබෙනවා. ඉදිරියේදී තව කලා අංශ ගණනාවක් එකතු කිරීමට බලාපොරොත්තු වනවා.
මොනවද මෙයින් බලාපොරොත්තු වෙන්නෙ.
අපේ රටේ කලාකරුවන්ට දේශීයව මෙන් ම ජාත්‍යන්තරව නිසි වටිනාකමක් ලබාදීමත්, කලාවට සම්බන්ධව තිරය පිටුපස සිට මහඟු සේවයක් ඉටු කරන කලාකරුවන්ගේ තොරතුරු ලෝකයාට දැන ගැනීමට සැලැස්වීමත් මෙහි මූලික අරමුණයි.
මෙයින් කලාකරුවන්ට ලැබෙන ප්‍රතිලාභයක් තිබේද?
දේශීයව හෝ වේවා ජාත්‍යන්තරව වේවා කිසියම් නිර්මාණයකට විවිධ අංශවල කලාකරුවන් අවශ්‍ය වූ විට කිසිදු කරදරයකින් තොරව Lankaartist වෙබ් අඩවියට පිවිසිලා තමන් කැමැති අය සම්බන්ධ කරගත හැකි යි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එම කලාකරුවන්ගේ, නිවැරැදි තොරතුරු, ඔවුන් පෙර සම්බන්ධ වූ නිර්මාණවල තොරතුරු, නිවැරැදි ලිපිනය, දුරකථන අංක ආදිය සුළු වේලාවකින් දැනගත හැකිවීමයි. මේ තුළින් ක්ෂේත්‍රයේ නිහඩ දක්ෂ කලාකරුවන්ට පවා නිර්මාණවලට සම්බන්ධවීමේ අවස්ථා ලැබේවි.
මීට අමතරව එදිනෙදා ලංකාවේ කලා ලෝකයේ සිදුවන සිදුවීම් කලාකරුවන්ගේ තොරතුරු ද මෙහි ඇතුළත් වෙන නිසා එය ප්‍රවෘත්ති දැනගැනීමේ මඟක් ද වේවි.
අද ඇතැම් වෙබ් අඩවිවල කලාකරුවන් පිළිබඳ වැරැදි තොරතුරු පල කෙරෙනවා.
අද කලාකරුවන්ට එය විශාල ප්‍රශ්නයක් වෙලා. Lankaartist වෙබ් අඩවියේ Profile එක හදාගන්නෙ තමන්මයි.
වෙනත් කෙනකුට එය වෙනස් කරන්න මෙන් ම අලුතෙන් යමක් ඇතුළත් කරන්න අවස්ථාවක් නෑ.
හදිසියේ හෝ වෙනත් කෙනෙක් තවත් අයකුගේ නමින් පිටුවක් පවත්වාගෙන ගියොත්, ඒ ගැන අප දැනුවත් කළ වහාම ඊට අවශ්‍ය පියවර ඒ මොහොතේම ගන්න සූදානම්.
අප පළකරන ප්‍රවෘත්ති වලත් කිසියම් කලාකරුවකුගේ හෝ කලාකාරිනියකගේ තොරතුරක් ඇතුළත් කිරීමට පෙර අදාළ පුද්ගලයාගෙන් විමසා තහවුරු කරගැනීමෙන් පසුව තමයි මෙයට ඇතුළත් කරන්නේ. ඒ නිසා කිසිම අවස්ථාවක වැරැදි තොරතුරක් ගන්නට ඉඩ නැති බව අවධාරණය කරනවා.
අලුත් කෙනකුට නැතිනම් ආධුනිකයකුට මෙහි තැනක් තියෙනවාද?
කලාවට සම්බන්ධ වන්නට කැමැති ඕනම කෙනකුට මෙයට සම්බන්ධ වී තමන්ගේ වෙබ් පිටුවක් සකස් කරගන්න පුළුවන්.
අපේ කලාකරුවකුට අලුත් මුහුණක් හඳුනා ගන්න අවශ්‍ය නම් ඔවුන් වෙන්කර හඳුනාගත හැකි ලෙස අදාළ වෙබ් පිටුව නිර්මාණය වනවා.
මෙහි වෙබ් පිටුවක් නිර්මාණය සඳහා ගාස්තුවක් අය කරනවද?
ප්‍රවීණ වේවා ආධුනික වේවා කලාකරුවන්ගෙන් කිසිම මුදලක් අය කරන්නේ නෑ. මෙය සම්පූර්ණයෙන් ම නොමිලේ සපයන සේවාවක්.
මෙය පවත්වාගෙන යාමට මූල්‍ය ශක්තිය කොහෙන්ද?
කලාවේ නියැළෙන කෙනෙක් ලෙස අපේ රටේ කලාවට කිසියම් සේවයක් සිදු කිරීමේ අරමුණින් මා මෙය පවත්වාගෙන යනවා. මේ සඳහා අනුග්‍රාහකත්වය දක්වන්න කැමැති කෙනකුට ඉදිරිපත් වුණොත් ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න සූදානම්.
එම නිසා අපේ රටේ සියලුම කලාකරුවන්ගෙන් ඉල්ලන්නට කැමැතියි හැමෝම මීට ඇතුළු වෙලා Profile එකක් හදාගන්න. එහෙම හැමෝම එකතු වුණොත් තමයි අපේ කලා ක්ෂේත්‍රයේ දැවැන්ත බව පෙනෙන්නේ.
Profile එකක් හඳාගන්න අපහසු කලාකරුවෙක් නම්.
තමන්ට පරිගණක දැනුම නැතිනම් දැනම තිබෙන දූ දරුවකුට කියලා හරි මෙය හදාගන්න පුළුවන්. එහෙමත් අපහසු අයකුට අපේ කාර්යාලයට පැමිණ හෝ ලිපියකින් තමන්ගේ තොරතුරු දැන්වීමෙන් අපට මෙය නිර්මාණය කර දිය හැකියි.”
561 මාදිවෙල පාර, තලවතුගොඩ මෙහි ලිපිනයයි.
0777434545, 0112796926 මෙහි දුරකථන අංකයි.


2 comments:

Anonymous said...

කුහක කමටද කොහෙද ලින්ක් එක දාල නෑ.....

Ravindu udayanga said...

www.Lankaartist.com

kiyala Udinma Thiyenne Hallo... Lanka Art Eke Kuhakayo innawanam mehema Drama News Daayida Athin Wiyadam Karagena... Any Radio Eka Nam Useful

Post a Comment