----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නැහැ

Monday, May 28, 2012

ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නැහැ



- නෙහාරා පීරිස්

පසුගිය රයිගම් ටෙලි සම්මාන උලෙළේදී නෙහාරා පීරිස් වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූවා ය. නෙහාරා අපට සිටින ජනප්‍රිය මෙන් ම දක්ෂතම රංගන ශිල්පිනියකි. මේ දිනවල විවිධ නාළිකාවන්හි විකාශය වන ටෙලිනාට්‍ය ගණනාවක ඇයගේ රංගනයන් දැකගත හැකිය. ජනප්‍රියම නිළිය ලෙස සම්මානයට පාත්‍රවීමට නෙහාරා සතු නිහතමානී ගුණය ද හේතු වූවා නිසැක ය.



ඔබ නැවතත් ජනප්‍රියම රූපවාහිනී නිළිය නේද?
ඔව්. එක දිගට වසර 4 ක් මට රයිගම් ටෙලි සම්මාන උලෙළේදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය හිමි වුණා. කිසිම බලාපොරොත්තුවක් මට තිබුණේ නෑ මේ සම්මානය මට ලැබෙයි කියල. ජනප්‍රිය නිළියට හිමි සම්මානය හිමිවුණු පළමු අවස්ථාවේ ඇති වුණු තිගැස්ම මෙවර සම්මානය ගැනීමට යාමේදීත් මට ඇති වුණා. ඒ වගේ ම මම හරිම සතුටු වුණා මම ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ මට තිබුණු ජනප්‍රියත්වය තවමත් මට තිබීම ගැන.
මෙහිදී මගේ රසික රසිකාවියන්ට මාව මෙහෙය වූ අධ්‍යක්ෂවරුන්ට, මා රඟපෑ ටෙලිනාට්‍යවල නිෂ්පාදකවරුන්ට, වගේ ම මට සහාය දුන් සැමට මගේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරන්න කැමැතියි. මෙවැනි සම්මානවලින් අප තව තවත් දිරිමත් වෙනවා. ඒ වගේ ම කැපවීමෙන් නිර්මාණවලට සම්බන්ධවීමේ වුවමනාව මෙවැනි සම්මානවලින් ලැබෙනවා.
ඔබ හිතන විදියට 4 වැනි වරටත් ඔබ ජනප්‍රියම නිළිය වුණේ කොහොමද?
මුලින් ම මටත් ඒක හිතාගන්න බැරි වුණා. මම කරන චරිතයට උපරිම දායකත්වය ලබා දෙනවා. ඒක එක හේතුවක් වෙන්න ඇති. අනෙක් හේතුව තමයි වාසනාව.
ඔබ හොඳම නිළිය වෙන්නේ කවදා ද?
අපොයි. හොඳම නිළියට හිමි සම්මානය ගන්න මට තව ගොඩක් කල් තියෙනව කියලයි මට හිතෙන්නේ. ඒ සම්මානය ලබාගන්න ක්ෂේත්‍රයේ තව තවත් ගොඩක් පරිණත වෙන්න වේවි. අත්දැකීම් ලබා ගන්න සිදුවේවි. හොඳම නිළියට හිමි සම්මානයට දැන් ම මගේ බලාපොරොත්තුවක් නෑ.
මේ දවස්වල ඔබ මොනවද කරන්නෙ?
මේ දවස්වල ‘සිහින පියාපත්’, ‘තරු පිරි අහසක්’ වැනි ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ‘රුවන් මාලිගා’, ‘සිටු මැදුර’, ‘භාර්යාවෝ’ කියන ටෙලිනාට්‍යවල රූපගත කිරීම් අවසන්.
ඔබ රඟපෑ චරිතවල ඒකාකාරී බවක් දැනෙන්නේ නැති ද?
නැහැ. මම පසුගිය කාලෙ රඟපෑ චරිත ඒකාකාරී නෑ. ඒවා එකිනෙකට වෙනස් චරිත. එක ටෙලිනාට්‍යයක ගැමි වලව්වක දියණියක්... තවත් ටෙලිනාට්‍යයක ගමක වෙද මහත්තයකුගේ දියණියක්, තවත් ටෙලිනාට්‍යයක ගමක ජීවත්වන විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ යුවතියක්. ඒ වගේ ම තවත් ටෙලිනාට්‍යයක රියදුරුවරියක්. මේ වෙනසට මම හරිම කැමැතියි.
චිත්‍රපටවලට ඔබේ දායකත්වය අඩුයි නේද?
චිත්‍රපටවලට විශාල ආරාධනා සංඛ්‍යාවක් මට ලැබිල නෑ. නමුත් මට ලැබුණු ඇතැම් චිත්‍රපට විවිධ හේතු නිසා මම ප්‍රතික්ෂේප කළා. මම රඟපෑ රෝයි ද සිල්වා ගේ ධ්බ ඪඵ ච ථචබබඥප ධට තධමඥ චිත්‍රපටය ළඟදීම තිරගත වේවි.
දැන් රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්න දායක වෙන්නෙ නැතිද?
පසුගිය කාලෙ ඒ වැඩවලට සහභාගි වෙන්න බැරි වුණා. නමුත් ලබන සතියේ ඉදල නැවතත් දෙරණ නාළිකාවේ ‘ටී - පාටි’ වැඩසටහනබ පාටි ඹඪබඩ නෙහාරා’ කියන වැඩසටහන මෙහෙයවනවා. මම හරිම ආශාවෙන් ඒ වැඩසටහන කරන්නේ.
මොනවද ඔබේ පෞද්ගලික තොරතුරු?
මම දැන් ඉන්නෙ මගෙ දෙමව්පියන් එක්ක.
රසික රසිකාවියන් දක්වන ආදරය, ගෞරවය ගැන ඔබට මොනවද හිතෙන්නෙ.
අපිට හැමවිටම ලැබෙන්නෙ අපි අන්‍යයන්ට දෙන දේ. මම සමාජයේ සෑම දෙනාටම ආදරය ගෞරවය දක්වන කෙනෙක්. ඒ ආදරය ගෞරවය දක්වන්නෙ හදවතින්මයි. මම හිතනව ඒ නිසයි මට මෙච්චර රසික රසිකාවියන් ආදරේ කියල.
ඔබට ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනව නේද?
ඔව්; මම ගීත ගයන්න ආසයි. පුංචි හැකියාවකුත් තියෙනව. මගෙම ගීතයකුත් පටිගත කරල තියෙනවා.
ඔබ කොහොමද ඔබේ අනාගතය සැලසුම් කරල තියෙන්නෙ...?
මම අවුරුදු ගණනක් ඉදිරියට සැලසුම් හදන කෙනෙක් නෙමෙයි. මම බොහෝ දුරට හිතන්නෙ අද සහ හෙට සාර්ථකව ගත කිරීම ගැන පමණයි. මගේ එකම බලාපොරොත්තුව කාටවත් කරදරයක් නැතිව ජීවත් වීමයි.
ඔබ පිළිබඳවත් යම් යම් තොරතුරු වෙබ් අඩවිවල පළවුණා නේද?
ප්‍රධානම දේ තමයි ඔය ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නෑ; වුවමනාවක් නෑ... සමහරු මට කතා කරල කියනව ‘අර වෙබ් සයිට් එකේ මෙහෙම තිබුණා. මේ වෙබ් සයිට් එකේ අරහෙම තිබුණා කියල. මම ඒව ගැන හිතන්නෙ නෑ. ඒ කතා අහල මම ඒ වෙලාවෙම ඒව හිතෙන් බැහැර කරනව. ඒවා පසුපස එළවන්නේ නෑ.



0 comments:

Post a Comment