----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සිංගප්පූරුවේදී බබා මෙලොව එළිය දකියි.

Thursday, May 3, 2012

උදාරි ගැන අලුත් තතු දැනගන්න

මගේ ජීවිතයට හරි ගියේ විවාහයෙන් පස්සේ

ආදරණීය අම්මා කෙනෙකු වෙන්නට ආසයි


බොහෝ වේලාවක් ඇද හැලුනු මල් වැස්ස අනෝරාවක් වුණා. සෙමින් පියවර එස වූ මගේ දෙපා දුවන්න පටන් ගත්තා. ඒ දිවිල්ල නතර වූයේ ඇගේ නිවසේ ඉස්තෝප්පුවෙන්. මා යා යුතුව තිබුණේ එතැනට.මා පැමිණි වග ඉවෙන් මෙන් දැනගත් ඈ දොරටුව විවර කළේ හුරු පුරුදු සිනහ ගගුල දෝරේ ගලා හරිමින්. ඇය ටිකක් මහත් වෙලා. හේතුව නම් දැන් රහසක් නෙවෙයි. තව නොබෝ දිනකින් උත්තරීතර මව් පදවිය ලබන්නට ඈ සූදානමින්. වෙනදා දකින දඟකාරිය අද ඇගෙන් පළා ගොසින්. උවන පුරාම ශාන්තකම පිරිලා.
උදාරි වර්ණකුලසූරිය. එහෙම කියනවාටත් වඩා ‘සංසලා’ කිව්වොත් ඔබ තවත් හොඳින් ඇයව හඳුනාවි.
උදාරි පසුගිය කාලයේ සිටියේ විවේකීව විදේශගතව. සතියකටයි ඇය මේ ලංකාවට ඇවිත් තියෙන්නේ. කතා කරන්නට නම් තොරතුරු බොහොමයි. ඇය ගැන අලුත් තතු දැනගන්නට ඔබත් බොහොම ආසාවෙන් පසු වෙනවා ඇති.
ඉතිං උදාරි ජීවිතේ සුන්දරයි නේද?
ඇත්තටම ඔව්. ජීවිතේ බොහොම සුන්දරයි, ආදරණීයයි. බලාපොරොත්තු මල්ලක් කර පින්නා ගෙන ජීවත් වෙනවා. බබාට දැන් මාස අටයි. දරුවකු පිළිබඳ පළමු අත්දැකීම මෙය නිසා ආසයි බයයි. දැන් ටිකක් බබා බණ්ඩියේ දඟ කරනවා. එතකොට නම් ඉහිලුම් නැති සතුටක් සිතට දැනෙනවා. සිංගප්පූරුවේදී බබා මෙලොව එළිය දකියි. ඒක නිසා ලබන සතියේ මං ආයෙත් රට යන්න ඕනේ.
ජීවිතයේ මෙවන් වූ සුවිශේෂී මොහොතකට ඇයි ඔබ සිංගප්පූරුව තෝරා ගත්තේ?
මගේ සැමියා සුජිත් සිංගප්පූරුවේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කරන එක රහසක් නෙවෙයි. ඒ හින්දා අපට ලැබෙන පහසුකම් වැඩියි. සුජිත් එහෙ ඉන්න නිසා තමයි පසුගිය කාලයේ ඒ රටට ගියේ. මං මෙහෙම කිව්වට මගේ රට අවතක්සේරු කළා කියාල හිතන්න එපා. සුජිත් ළඟ ඉන්න එක මගේ ආරක්ෂාවටත් හොඳයි.
තව කොපමණ කලක් විදෙස්ගතව ඉන්න බලාපොරොත්තුවක් තියනවද?
බබා ලැබිලා මාස තුනක් විතර යනකම් එහෙ ඉන්නවා.
දුවෙකුටද පුතෙකුටද වැඩිපුර කැමැති වුණේ?
දරුවා පිළිසිඳ ගත් මුල් කාලයේ මගේ මුහුණ හරියට කැත වුණා. අපේ අනුමානය වුණේ කුසේ ඉන්නේ පිරිමි දරුවෙක් විත්තිය. අපි ප්‍රාර්ථනා කළෙත් පිරිමි දරුවෙක්.
ඒ වුණාට දැන් දුවෙක් නේද ලැබෙන්න ඉන්නේ?
හ්ම්ම් . . ස්කෑන් එකකින් අපි දැනගත්තා දුවෙක් බව. පුතා වුණාම මොකද, දුවෙක් වුණාම මොකද අනේ. මමත් පවුලක දුවෙක්නේ
දුවෙක් ඉන්න මවකට වගකීම් වැඩියි නේද?
එහෙම එකක් නම් තියනවා තමයි. හරි දේ කියා දෙමින් ඇයට මං විසින් ඉටු කළ යුතු වගකීම් හැම එකක්ම බොහොම හොඳින් ඉටු කරනවා. කොහොම වුණත් අද සමාජය එක්ක බලන කොට දුවෙක් හිටියත් පුතෙක් හිටියත් ඒ ඒ අය වෙනුවෙන් ඉටු කරන්න ඕන වගකීම් සම සමව තියනවා කියලයි මං හිතන්නේ.
බබාට නමක් එහෙම තියලද තියෙන්නේ?
තවම නැහැ. ‘ස’ අකුරෙන් නමක් යොදනවා. ඒ සැමියගේ නම ‘ස’ යන්නෙන් පටන් ගන්න හින්දා.
උදාරි ආයේ රංගනයට එන්නේ කවදද කියලා පේ‍්‍රක්ෂකයෝ අහනවා?
හැකිතාක් ඉක්මනට රංගනයට එනවා කියලා කියන්න.
නිළියක්, මවක්, ගෘහණියක් වූ පසු ජනප්‍රියත්වය අඩු වෙන බට මතයක් තියනවා?
මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. මගේ ජීවිතයට හරි ගියේ විවාහයෙන් පස්සේ. මං බැන්ද කියලා මගේ ජනප්‍රියත්වය අඩු වුණේ නැහැ. වැඩි වුණා මිසක. පසුගිය අවුරුද්දේ සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වෙද්දිත් මට බබා ලැබෙන්න ඉන්නවා. මේ අනුව බලද්දී මං මවක් වුණු පසුත් ජනප්‍රියත්වය අඩු නොවේ කියලා මං විශ්වාස කරනවා.
ඔබේ දියණිය කවදා හෝ දිනයක රඟපාන්න යන්න හැදුවොත්?
ඇයගේ ආසාවට ඉඩ දෙනවා. හැබැයි තව අවුරුදු විස්සකින් විතර මේ ක්ෂේත්‍රය කොයි වගේ තැනක තියේවිද දන්නේ නැහැනේ. ඒ තත්ත්වය බලලයි රඟපාන්න යවන්නේ.
ඔබ සාර්ථක බිරිඳක්, ගෘහණියක් කියලා හිතනවාද?
අනිවාර්යෙන්ම. අපේ පුංචි කැදැල්ලට දරුවකුගේ අඩුවයි තිබුණේ. දැන් ඒකත් හරි.
උදාරිගේ බලාපොරොත්තුª මල්ලේ තියෙන තවත් බලාපොරොත්තු මොනවද යන්න මං ඇහැව්වේ සමුගන්න මොහොතකටකලින්. ‘හැම අම්මා කෙනෙකුගේ පැතුම වගේ මගේ පැතුමත් මගේ දූ පැටියා සමාජයේ යහපත් පුරවැසියකු කරන්න’ උදාරි එහෙම කිව්වේ සැබෑ වූ මාතෘ ස්නේහයෙන් යුතුව සිය කුස දෑතින් පිිරිමදින ගමන්.

0 comments:

Post a Comment