----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඒ දවස උදා වෙනකල් මම ඇඟිලි ගනිනවා

Thursday, May 17, 2012

වෙසක් මහේ, සෞම්‍ය ප්‍රේම සඳකිරණින් නැහැ වී . . .

පබෝධා පති කුලයට...

පබෝධා - සිදත් සුබ මංගලම්

අපේ කලා ලොවේ තවත් සෙඳුරු රුවැත්තියකට මංගල සීනු හැඬවේ

උදා වුණු 2012 වසර කියන්නේ කලා ලොවට මංගල සීනු හැඬවෙන වසරක්. අපට මෙහෙම හිතෙන්නේ කලා ලොවට සම්බන්ධ යුවතියන් බොහෝ දෙනෙක් කුළ ගෙට පිය මං කළ නිසයි.
අදත් අපි මේ කියන්නට යන්නේ මේ සොඳුරු වෙසක් මහේ කුළ ගෙට පිය මං කරන්නට දින ගැන ගැන ඉන්න එවන් සොඳුරු යුවතියකගේ සිහිනයයි.
‘පබෝධා සංදීපනී’
පබෝධාගේ නම කියන විටම අපගේ මතකයට නැඟෙන්නේ ඔෂින්. එක් සමයක ඔෂින්ගේ චරිතය ප්‍රේක්ෂක හද බැද ගත්තේ පබෝධාගේ අපූර්ව හඬ නිසාම කිව්වොත් ඔබ මාත් සමඟ එකග වෙන බවට සැකයක් නැහැ. ඒ විදියට තමන්ගේ හඬ තුළින් ඔෂින්ගේ චරිතයට ජීවයක් දුන් පබෝධා මේ හදන්නේ තමන්ගේ ජීවිතයට නව ජීවයක් පිඹින්නයි.
ඔබගේ ජීවිතයේ මේ අලුත් වෙනසට එකතු වන අමුත්තා කවුද?
පති කුලයට පිවිසීමේ සිහිනය හඳ රැඳි ඇගෙන් අප විමසුවා.
‘සිදත් හරීන්ද්‍ර තමයි මගේ ජීවිතයට නව අරුතක් ගෙනෙන ඒ ආදරවන්තයා. ඔහුගේ ආදරය මගේ ජීවිතයට ආලෝකයක් ගෙනාවා. ඔහු නිසා ඒ ආලෝකය මගේ ජීවිතය පුරාවටම රැඳේවිය යන විශ්වාසයක් මට තිබෙනවා.’
පබෝධාට හරීන්ද්‍ර පිළිබඳ මේ විශ්වාසය ඇති වුණේ කාලයකට ඉස්සර. ඒ කියන්නේ මිට අවුරුදු තුනකට විතර කලින්. ඒ විශ්වාසය ඇති වෙන්න මුල පිරුණේ අහම්බෙන්. කලාකරුවන් සමඟ ළඟ ඇසුරක් තිබුණ හරීන්ද්‍ර රූගත කිරීම් කරන ස්ථානයට ඇඳුණේ මිත්‍රයෙක් මුණ ගැහෙන අදහසින්. ඒත් රූගත කිරීම් කරන තැන හිටිය දඟකාර, කටකාර, සුන්දර යුවතිය අසල මේ තරුණයාගේ හිත නතර වුණේ ඉබේටමයි.
‘රූගත කිරීම් අතරදී හඳුනා ගන්න ලැබුණ හරීන්ද්‍රත් මමත් ඊට පස්සේ මිතුරන් බවට පත් වුණා. මිතුරන් විදියට ආශ්‍රය කරද්දී ඔහු පිළිබඳ \බුණු විශ්වාසය තවත් වැඩි වුණා කිව්වොත් නිවැරැදියි. මේ ඇතිවුණු විශ්වාසය නිසාමදෝ ඔහු පිළිබඳ මගේ හිතේ තිබුණේ පැහැදීමක්. අවුරුදු කිහිපයක් පුරාවට ගිය අපේ මිතුදම ආදරයකට පෙරළුණේ අපි දෙන්නටත් නොදැනීමයි.’
ඒ විදියට ආරම්භ වුණු පබෝධා - හරීන්ද්‍ර ආදර අන්දරය ගලාගෙන ගියේ ජීවිතයට අපූරු සුන්දරත්වයක් අරගෙන. කුරුල්ලයි කිරිල්ලියි වගේ කිචි – බිචි ගගා හිටිය මේ ජෝඩුවට අපේම කැදැල්ලක් තිබුණා නම් කියලා හිතුණා. ඒ සිතුවිල්ල මල්ඵල ගැනුණේ හරීන්ද්‍රටත්, පබෝධටත් එකම කැදැල්ලක කූඩු වෙන්න නැකැත් ළං වීමෙන්. පබෝධාගේ සිතේ සතුට දෝර ගලනවා.
‘දෙපාර්ශවයේම ආශිර්වාදය මැද්දේ විවාහ වීමට අවසරය හිමි වුණා. මේ මාසයේ අන්තිමට හරීන්ද්‍රත් මමත් එකම කැදැල්ලකට කූඩු වෙනවා. යුවතියක් විදියට මේ අලුත් අත්දැකීම ගැන යම් තිගැස්මක් මගේ සිතේ තිබුණ මුත් ඒක සාමාන්‍ය දෙයක් විදියටයි මා සලකන්නේ. කොහොම වුණත් මේ කාරණය පිළිබඳ මුලින්ම මගේ රසිකයන්ට කියන්නට නොහැකි වුණේ මංගල ගමනේ කටයුතු නිසි අයුරින් සකසා ගැනීමට අවශ්‍ය නිසයි.’
සුපුරුදු සොඳුරු සිනහව රැඳුණු වත මත නැවුම් එළියක සටහනක්. ඒ එළිය නිසා සුන්දර වූ උවනෙන් නඟිනා මදහස අපට යමක් කියනවා.
‘මොකක්ද ඒ?’
‘එදාට මම සැරසෙන්නේ උඩරට මනාලියක් විදියටයි. කාලයක පටන් මගේ සිතේ තිබුණ සිතුවිල්ලකට අනුවයි ඒ දේ සිද්ධ වෙන්නේ. මරීනා පෙරේරාගේ දෑතින් සුන්දර මානලියක් වන මා, මංගල මල් කළඹ හැඩ ගැන්වීම සඳහා සමිතාගෙන් ලැබුණු සහයෝගය අමතක කරන්නට බැහැ. ‘ගොයින් වේ’ ඇඳුම සකසා දුන් ඊෂා වේවැලත් බොහොම මහන්සි වුණා. දයාබර කලාකරුවන් හා ප්‍රභූන් පිරිවරා ගෙන සොඳුරු සාදය පැවැත්වෙන්නේ ජයික් හිල්ටන් හෝටලයේදී. ඒ සොඳුරු දවස උදා වනතුරු මං පෙර මඟ බලාගෙන ඉන්නේ කොයි තරම් සතුටකින්ද?’
පබෝධාගේ සතුටේ හිමිකරු පිළිබඳ යමක් නොඇසුවොත් අඩුවක්.
ඔබගේ හිත ගත්ත ඒ සොඳුරු තරුණායාට ඔබේ ආදරය හිමිවෙන්නත් විශේෂ හේතු තිබුණාද?
‘ඔහු බොහොම චාම් කෙනෙක්. නිරහංකාරකම පිරුණු හරීන්ද්‍රගේ ගතිගුණ මගේ සිත වශී කළා. ව්‍යාපාරිකයෙක් වුණත් ඔහුගේ තිබුණු ඒ ගතිගුණ මගේ සිත ඔහු කෙරෙහි බැඳෙන්නට තරම් සමත් වුණා. රංගන කටයුතුවලදී ඔහුගෙන් ලැබුණු සහයෝගයත් සිහිපත් කළ යුතුමයි. ක්ෂේත්‍රයේ මගේ සහෝදර ශිල්පීන්, ශිල්පිනියන් හා ඔහුගේ බැඳීම, හැඳුනුම්කම කාලයක පටන් තිබුණු දෙයක්. මා තේරුම් ගත් එවන් කෙනෙකු හා විවාහ වෙන්නට ලැබීම මගේ පෙර පිනක් නිසා සිදු වුණු දෙයක් කියලයි මට සිතෙන්නේ.’
ඇගේ දඟකාර රංගනයත්, කටකාර හඬත් විවාහයෙන් පස්සේ ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබේවිද?
‘ඒ පිළිබඳ මා මේ වෙන කොට තීරණයකට පැමිණ සිටිනවා. ඒ යෞවනියක් විදියට රංගනයට මුල් තැන දුන්නත් බිරිඳක් වුණාට පස්සේ පවුල් ජීවිතයටයි මුල් තැන දිය යුත්තේ. ඒ නිසා කොළඹ අවට රූපගත කිරීම් කෙරෙන නිර්මාණයන්ට පමණක් රංගනයෙන් දායක වෙන්න මා තීරණය කළා. හරීන්ද්‍ර මම රඟපානවාට අකැමැති නෑ. එහෙත් දිගින් දිගටම රඟපෑවත් බිරිඳක් විදියට හරීන්ද්‍රට මගෙන් විය යුතු යුතුකම් ගොන්නකුත් දැන් මට පැවරිලා.’
දඟකාර යුවතිය තම අලුත් භූමිකාවට පණ දෙන්න පෙර සූදානමකට සැරැසෙන්නේ සොඳුරු හැඟීමෙන්. ඒ සොඳුරු හැඟීම් ඈ සිතූ ආකාරයෙන් සඵල වේවා. පබෝධාට අපි සුබ පැතුවා. එළැඹෙන සුබ මංගල්ලය හරීන්ද්‍ර – පබෝධා ඔබ දෙපළට සුබ මංගලම්!

තිලානි ශානිකා විතානාච්චි

sarasaviya

0 comments:

Post a Comment