ඔබේ ආදරය නිර්වින්දනයට
පත්වෙලාද?
සාමාන්‍ය
දැනීම අනුව බොහෝ දෙනා පවසන්නේ ආදරය යනු විඳිය යුතු දැනිය යුතු
දෙයක් කියාය. මේ සියල්ල තරාතිරමක් නොමැතිව ජීවී සියල්ලන්ගේම
සිත් තුළට අනවසරයෙන් ගොඩවන නිසා එවැනි හැඟීම් සමබර කර ගැනීම හා
පාලනය කර ගැනීම එකිනෙකාගේ ස්වභාවයන් අනුව වෙනස් වේ.
සාමාන්‍යයෙන් එකිනෙකාට ඇති දරා ගැනීමේ ශක්තිය, ඉවසීම, බුද්ධි
මට්ටම අනුව මේ සියල්ල තීරණය වනු ඇත. "ප්‍රේමය ආත්මාර්ථකාමී
හැඟීමක්මය" යන්න අප අර්ථ දක්වන්නේ ඒ නිසාවෙනි. ආදරයේ පැවැත්ම
හා සම්බන්ධ විවිධ කාරණා ගැන කතා කළ අප අද කතා කරන්නේ
ප්‍රබෝධමත් වන ආදරය පවත්වා ගෙන යන්නේ කෙසේද යන කාරණාව ගැනයි.
ඔබේ ආදරය උදාසීන කරගන්න එපා
ආදරය කරන සමයේ පෙම්වතුන් සියලු දෙනාම උත්සාහ කරන්නේ ආදරය
උදාසීනත්වයෙන් තොරව ප්‍රබෝධමත්ව තබා ගනිමින් ගෙවන හැම
මොහොතක්ම සුන්දරව, සතුටින් ආදරය විඳිමින් ගත කරන්නයි.
ඉන්දියානු ලේඛක රවීන්ද්‍රනාත් තාගෝර්තුමා පවසන්නේ සෑම
පුද්ගලයකු තුළම වෛද්‍යවරුන් තිදෙනෙක් සිටිනා බවත් නමුත්
කිසිවෙකුත් ඔවුන් තිදෙනා හඳුනා ගෙන නැති බවත් ප්‍රයෝජනයක් ගෙන
නැති බවත්ය. සොබාදහම, කාලය හා ඉවසීම වෛද්‍යවරුන් තිදෙනායි.
පෙමින් වෙලී සිටින කාලයේ පෙම්වතියට හෝ පෙම්වතා තුළ ගැටලුවක්
හිතට පැමිණි ක්ෂණයෙන් ඉතා කලබලකාරී ලෙස එයට පිළිතුරු සෙවීමට
උත්සාහ කරයි. එය කෙතරම් අසාර්ථක දැයි පෙම්වතුන්ට දැනෙන්නේ
සියල්ල සිදුවී අවසන් වූවාට පසුවයි. එවිට සිතට දැනෙන්නේ "අනේ මම
ඉක්මන් වුණා වැඩියි" යන පසුතැවිල්ල, කනගාටුව හා දුක පමණයි.
ස්වභාව ධර්මයේ හරි අපූර්වතම නිර්මාණ පෙම්වතුන්ගේ ආදර ලෝකය
සතුටින් පවත්වා ගෙන යන්නට හැකි බොහෝ දේ කියා දෙනවා. කාලය හා
ඉවසීමද ආදරයට එක් කරන්නේ අමුතුම ශක්තිය. ලොකුම ආදරය ඉවසීම
යෑයි පවසන්නේ ද එනිසාවෙනි. බොහෝ ආදරවන්තයන් "මගේ ගැටලුවට කාලය
විසඳුම් ලබාදෙයි" යන අදහස සිතැතිව කාලයට ඉඩදී බලා සිටියි.
ජීවිතයේ සැහැල්ලු බව හා විනෝදය උදාසීනත්වයෙන් තොරව ආදරය විඳීමට
මග කියා දෙයි. ඒ අවස්ථාවේ දෙදෙනා ඉවසීමෙන් කටයුතු කිරීම තුළ
ආදරයට හැමදාමත් එක් වන්නේ වටිනාකමකි. එමෙන්ම සතුටකි.
ආදරය හැම විටම ප්‍රබෝධමත් කරගන්න
ආදරවන්තයන් අතර විවෘත භාවයක්, අදහස් හුවමාරු කර ගැනීම, හැම
විටම දෙදෙනාගේ මත ගැටුම් මනා ඉවසීමෙන් සාකච්ඡා කිරීම සහ
දෙදෙනාගේ අත්දැකීම් බෙදා ගැනීමක් පවතී නම් දෙදෙනාටම තම තමන්ගේ
ජීවිතවල සතුට ආත්ම තෘප්තිය එමෙන්ම දියුණුව ද සදාකල්හිම
පවත්වාගෙන යා හැකියි. ඔබ වැඩියෙන් ආදරය බෙදා ගන්නා විට ඔබට
වැඩියෙන් ආදරය ලැබෙන බව නම් නිසැකවම කිව හැකියි. ආදරයට සීමා
මායිම් නැති බවත් මතක් කර දෙන්නේ ඒ නිසාවෙනි. තමන් අවංකව ආදරය
කරනවා නම් ඒ ආදරයට කවදා හෝ අවංකව ආදරයක් හිමිවේ. ආදරයේ බැඳීම්
එතරම්ම ශක්තිමත්ය. පෙම්වතා, පෙම්වතිය තුළ ආදරය කරන කාලයේ
පවතින ගරු කිරීම, සැකයක් නැතිව විනිවිදභාවයකින් තමන්ට කැමති
පරිදි කටයුතු කිරීමට ඉඩ ලැබීම තුළ දෙදෙනාගේ බැඳීම් තවත්
ශක්තිමත් වේ. අනවශ්‍ය සීමා බාධක නැති එවන් ආදර බැඳීම් තුළ
සැමදාමත් පවතින්නේ ප්‍රබෝධමත් බවයි.
ශක්තිමත් ආදර බැඳීමක් ඇති කර ගන්න
පෙම්වතා හෝ පෙම්වතිය ආදර බැඳීමක් ඇති කර ගන්නා කාලය තෙක්
හුරුවූ ජීවන රටාවක් ඇත. ඒ නිසාම දෙදෙනාට ආවේණික වූ රුචි
අරුචිකම්, සිතුම් පැතුම් හා ආශාවන් එකිනෙකට වෙනස්ය. ආදරයේ දී
ඒ වෙනස අවශ්‍යයි. වෙනසක් සමග ගත කරන කාලය දෙදෙනා තුළම ඇති
කරන්නේ සුන්දර හැඟීමකි. බැඳීම් ඇති කර ගත් පමණින් දෙදෙනාට
ආවේණික වූ වෙනස් කම් නැති කර ගැනීම බැඳීම්වලට ඇති කරන්නේ
හානියකි. මෙය අවබෝධයෙන්, අදහස් හුවමාරු කර ගැනීමෙන් එකිනෙකාගේ
කැමැත්ත පරිදි වෙනස් කර ගත යුතුයි. ඒ සඳහා දෙදෙනාම විශාල කැප
කිරීමක් කළ යුතුයි. එවිට දෙදෙනා තුළ මනා බැඳීමක්, ගරුත්වයක්
මෙන්ම විශ්වාසයක් ද ගොඩනැඟේ. එලෙස ඇති කර ගන්නා බැඳීම් ජීවිත
කාලය පුරාවටම ශක්තිමත්ව පවත්වාගෙන යා හැකියි. ආදරය කරන කාලයේ
සතුටින් ආදරය විඳින්නට බැඳීම් ශක්තිමත්ව හා අවබෝධයෙන් පැවතීම
අවශ්‍යයි. එවිට මුල් කාලයේ ආදරය පටන් ගන්නා විට පැවැති
සුන්දරත්වයටත්, සතුටටත් වඩා වැඩි ආශ්වාදයක් ආදරය තුළ සැමදාම
පවතිනු ඇත. දෙදෙනා එකට එක්වී යන මේ ගමනේ අනාගත අපේක්ෂාවන්
සාර්ථකව ඉටුකර ගැනීමට ශක්තිමත් වූත් සතුටින් පිරුණා වූත්
ආදරයක් ජීවිතයට අවශ්‍යයි. ආදරය කරන කාලයේ සතුට පැවතිය යුත්තේ
ආදරවන්තයන්ගේ දිනයට පමණක් සීමා වී නොවේ. සතුට පැවතිය යුත්තේ
බැඳීම් තිබෙන තුරාවටයි. හැමදාමත් ඔබේ ආදරය අලුත් කර ගන්න.
ආදරයට උදාසීන බවක් එක් කර ගන්නවා වෙනුවට ප්‍රබෝධමත් බවක්
සතුට හා ඉවසීම එක්කර ගන්න. සරල සැහැල්ලු බව ඔස්සේ නිදහස්ව
විඳින ආදරය ජීවිතවලට එක් කරන්නේ වචනයෙන් කිව නොහැකි සතුටකි.
මනෝවිද්‍යා උපදේශක -
සරත් අමරබන්දු
සටහන -
ශාලිකා තිලක්ෂනී
Divayina
Archives
-
▼
2012
(376)
-
▼
May
(61)
- ජනේලයෙන් පැන හොඳම නිළිය වූ ප්‍රසාදිනී
- තාල 2012 ප්‍රසංගයේ මිහිර..
- "මං අහිංසක ගැහැණියක් බොලව්"
- සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැ...
- තිළිණ කඳුළු
- ඕපාදූප වෙබ් අඩවි බලන්න මට වෙලාවක් නැහැ
- දමිතා ඩුබායි- මැලේසියා
- ෂෙරිල් ගමේ කෙල්ලෙක්ලු
- අංජුලාගේ ජීවිතේට වෙනසක් ඕනෑලු!
- උඩින් යන්න කැමති චමුපා
- Menakaaaaaaaaaaaaaaaaaaaa............................
- මාධ්‍ය ගැනයි කියන්නේ ~ රාජිත දිසානායක
- චේතනා රණසිංහ Live in Concert
- සමාජය දෙස පොදු දෘෂ්ටිකෝණයකින් බලන "සුද්දෙක්"
- හෘදය සාක්ෂිය නාට්‍යගත කිරීම: අතුල පතිරණගේ "දොළහක්"
- මං හොරෙන් ගමනක් ගියා කියල මඩක් යනව
- සිංහබාහු, සංස්කෘතික ප්රාග්ධනය හා විජිතහරණ ක්‍රිය...
- Dilini Lakmali
- Super Six
- සත්සියක් මල් දම් රැගෙන එන්නී කුවේණි
- මහා කලා නිර්මාණ ජනප්‍රිය රැල්ලට යට වෙන්නේ නැහැ
- ජෝ අබේවික්‍රම නම් වූ රංගධරයා
- විජය කුවේණි කිසිම දවසක රූපවාහිනියෙන් පෙන්වන්නේ නෑ
- ඔබ විවාහ වන වයසේ පසුවන යුවතියක් නේද?
- ‘සොකරි සිය අභිමානවත් 200 වැනි දැක්ම 20 වැනිදා ටවර් හි
- ටෙලි විෂනයට 23 දා හිරු උදා වෙයි
- රොඩ්නිට ලණුවක්
- ඒ දවස උදා වෙනකල් මම ඇඟිලි ගනිනවා
- මම පළතුරුයි වටලප්පන් විතරයි කන්නේ.
- උදාරි සෙන්තොසාවේ සන්තොසින්
- සරසවි නිර්මාණ කෙටි නාට්‍ය තරගයට පිටපත් භාරගනු ලැබේ
- ඒ කතාව අමූලික බොරුවක්
- බොරුකාරයා පබෝධා ද? වෙබ් අඩවිය ද?
- ලංකාවේ කලාකරුවන්ගේ වෙබ් අඩවිය Lankaartist එළිදකී
- රන්ජන් ගැහැනු චරිතයක
- ගැහැනු විතර ද චපල ?
- නර්තන පූජාවක් 12 වැනිදා
- මේ අරගල බඩගෝස්තරවාදීයි
- සිත ආදරයෙන් මත් කළ සොඳුරු හිතැත්තා
- මං පොලිසියේ තණකොළ ගැලෙව්වා
- බහිරවයෙක් කාර් එකේ නිදි
- සුපර් සික්ස් රංගනයෙන් හැඩ කරන නළු නිළියන් අතර
- ‘නළුවෙක් නෙමෙයි ඕයි, මේ අපේ සභාපතිතුමා’
- ගයත්රිට ආදරය කරන අහසක් තියෙනවලු
- MOKAK.....??? Gossip News Ekak....?
- මේ වෘත්තිය ස්ථිර නැහැ.ඒත් අපි ජිවත් වෙන්නේ මේකෙන්
- ඔබේ ආදරය නිර්වින්දනයට පත්වෙලාද?
- මට තරුණ පරම්පරාව අභියෝගයක් නොවෙයි
- ලංකා ආර්ට් වෙතින් නාට්‍ය e පුස්ථකාලයක්
- අනේ! බුදුනේ මේ අවනඩුවත් අසන්ට
- ළමා හඬින් බොදු බැති ගී
- රංගිරි ශ්‍රී ලංකා පස් වසර සමරයි
- මෙන්න කොට්ටම්බා ස්ටාර්
- ඉතින් . . . දැන් මම යන්නේ කොහාටද?
- මොකටද බය වෙන්නේ. ඕවට බෙහෙත් තියෙනවා. -
- සිංගප්පූරුවේදී බබා මෙලොව එළිය දකියි.
- ප්‍රතිරූ තනා කපිලට ජගත් සම්මාන
- ‘මල්ලි අර අක්කලට කියහං මේ වැවේ මිනී කන කිඹුල්ලු ඉන...
- දයාන්ගේ නිවස ගිනි අරන්
- ලංකා ආර්ට් තහනමට ලක්වෙයිද...???
- ලෙස්ටර් පෙන්වා දුන් සැබෑ නොවුණු සිහිනය....
-
▼
May
(61)
අද විශේෂ - Today Special
Change The Font size
Stage Drama - web Sites
- 80 ve Api (Stage Play)
- Academicplayers Blog
- Academicplayers Theatre Group
- Children's and Youth Theatre
- Doll's House
- Drama Facebook
- Eka Adhipathi PLAY
- Gaveshi Theatre
- Jana Karaliya
- lionelwendt
- MAKARAKSHAYA - THE DRAGON
- Makarakshaya PLAY
- Noorthi Blog
- R A N G A H A L A
- Sadjana_DOT_com
- Sarachchandra
- Shakespeare Centre Sri Lanka
- Sri Lanka Ranga Nikethanaya
- Sri lankan arts
- Sri Lankan Theatre
- SriLankanan Drama.com
- The Black Box Theater
- Tower Hall
- Trojan Kanthawo
- Wikipedia
- Yakshagamanaya PLAY
- ජන නාට්‍ය
- දයානන්ද ගුණවර්ධන
- නටන්න ද...??
- නූර්ති සහ වේදිකා නාට්‍ය ගී
Art web and Blogs
Art News [Auto Updated]
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Blogs of the Month
-
-
~• මරණීය රමණයක අවසාන හුස්ම ටික •~4 years ago
-
නිවිති එක්ක දෙල් කිරට...5 years ago
-
-303- ලියුමක්.5 years ago
-
-
අපි රොකට් යවපු හැටි7 years ago
-
-
#8 years ago
-
ආදරය විදින්න..........11 years ago
-
අපේ ලෝකය....11 years ago
-
මැච් එකේ විස්තර...12 years ago
-
Labels
- English (15)
- Gossip (148)
- Radio (2)
- Related (1)
- අදහස (123)
- අළුත් සිංදු (8)
- කතන්දර (7)
- කවිය (8)
- කාටූන් (1)
- කැලැන්ඩරේ (41)
- ගායකයෝ (57)
- ගායිකාවෝ (26)
- ගීතය (17)
- චිත්‍රපටිය (142)
- චිත්‍රය (7)
- ඡායාරූප (3)
- ජීවිත විත්ති (181)
- ටෙලි නාට්‍ය (96)
- නර්ථන (3)
- නැටුම් (13)
- නිවේදක (8)
- නිවේදිකා (7)
- පුවත් (208)
- පොත් (17)
- බූන්දිගෙන් (7)
- මතක සැමරැම් (148)
- වේදිකාව (208)
- සංගීතය (34)
- සංස්කෘතික (6)
- සාහිත්‍යය (9)
සිංහල Syndicaters Rss Feed
-
இலங்கைக்கு முதல் தங்கம் பெற்ற நாகலிங்கம் எதிர்வீரசிங்கம் மறைவு - இலங்கைக்காக ஆசிய விளையாட்டு விழாவில் முதல் தங்கம் வென்ற நாகலிங்கம் எதிர்வீரசிங்கம் தன்னுடைய 89ஆவது அகவையில் காலமாகியிருப்பதாக தெரிவிக்கப்படுகின்றது. >> 20...1 hour ago
-
Ricky Martin - Private Emotion - Private Emotion Artist -Ricky Martin Song -Private Emotion Chord - C# [Intro]----------------------------------------------------------------------------|C#...5 years ago
-
-
-
-
-
-
-
-
-
-
RADIO
ඔබේ ආදරය නිර්වින්දනයට පත්වෙලාද?
Sunday, May 6, 2012
Subscribe to:
Post Comments (Atom)
1 comments:
නියමයි... වැදගත් ලිපියක්....ඔබට ජයවේවා......
Post a Comment