----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සුපර් සික්ස් රංගනයෙන් හැඩ කරන නළු නිළියන් අතර

Sunday, May 13, 2012

තරුණ ජවය එක්තැන් වී

සුපර් සික්ස් ඊ. ඒ. පී. මණ්ඩලයේ

තරුණ ජවයෙන් යුතු කණ්ඩායම් හයකි. ඔවුන් එකිනෙක තරඟ වදින්නේ ජයග්‍රහණය අපේක්ෂාවෙනි. ඒ අතරතුරදී සිදුවන සාධාරණ, අසාධාරණකම්, හාසෝ‍යීත්පාදක සිදුවීම් එමටය. අවසානයේ ජය ගන්නේ කවුරුන්ද?
මේ කතා සරාංශය ඇතුළත් චිත්‍රපටයක් මෙම මස තෙවැනි සතියේ සිට ලිබර්ටි ඇතුළු ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වනු ඇත. එහි නම සුපර් සික්ස් වේ. ලංකාවේ මෙතෙක් වැඩිම මුදලක් වියදම් කොට තැනූ සුපර් සික්ස් උදාර පල්ලියගුරුගේ අධ්‍යක්ෂණයකි.
සුපර් සික්ස් හි නිෂ්පාදිත වියදම රුපියල් ලක්ෂ නවසිය හැත්තෑවකි. ප්‍රධාන නළු නිළියන් එකසිය හැට දෙනෙකු සහ අතිරේකව දහසකට ආසන්න ප්‍රමාණයක් රංගනයෙන් දායක වූ සුපර් සික්ස් සඳහා සනත් ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද වික්‍රමගේ, රොෂාන් රණවන, සාරංග දිසාසේකර, පබෝදා සංදීපනී, සුනෙත් චිත්‍රානන්ද, පුබුදු චතුරංග, ඇන්ටන් ජූඩ්, මිහිර සිරිතිලක, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, චිත්‍රා වරකාගොඩ, මැණිකේ අත්තනායක, දුලීකා මාරපන, ගාමිණී හෙට්ටිආරච්චි, චතුර පෙරේරා, ජනේෂ් සිල්වා, අරුණි රාජපක්ෂ, හේමාල් රණසිංහ, මලීකා සිරිසේනගේ සුපර් සික්ස් රංගනයෙන් හැඩ කරන නළු නිළියන් අතර කිහිප දෙනෙකි.
සුපර් සික්ස් ආර්. සදේෂ් කුමාර්ගේ නිෂ්පාදනයකි.

Sarasaviya

3 comments:

Thishara said...

උදාර පල්ලියගුරුනම් නිර්මාණකරුවාගෙ චිත්‍රපට නිර්මාණය ප්‍රශංසනීයයි.මීටවඩා හොඳ තිර පිටපතක් සමග සාර්තක දිගු ගමනක් යාමට හැකි වේවා..............

Anonymous said...

සිංහල සිනමාවට ආදරේ කරන මම ගොඩාක්‌ ආසාවෙන් ගියා

කාලෙකට පස්‌සේ හොද නිර්මානයක්‌ රසවිදින්න කියලා හිතාගෙන.ෆිල්ම් එක

බලන්නත් සැලකිය යුතු සෙනගක්‌ ඇවිත් හිටියා.ෆිල්ම් එකේ මුලින් ම ගීතයක්‌

තිබුනා.ඒක දකිද්දී මතක්‌ වෙන්නේ Kabhi Alvida Naa Kehna ෆිල්ම් එකේ Where's

The Party Tonight යන ගීතයේ රූප රචනයයි.මේ කියන්න හදන්නේ චිත්‍රපටියේ

වැරදිම නොවේ.කෝටි ගානක්‌ වියදම් කරලා මේ චිත්‍ර පටියට වියදම් කරපු මිනිහව

අමාරුවෙ දාලා මොකක්‌ද මේ චිත්‍රපටියෙන් ගන්න තියෙන්නේ කියා මගේ සිතට

දැනුන කුතුහලයට සහා සිංහල සිනාමාවට අත්වෙලා තියන ඉරනම ගැන ඇති

කලකිරීමටයි මම මෙසේ කියන්නේ.ආරම්භයේ ක්‍රිකට්‌ තරගයකින් නිල් පාට ස්‌කර්ට්‌

ඇදගත් රොකර්ස්‌ කෙල්ලනේ රොකර්ස්‌ පෙන්වමින් වානිජ චිත්‍රපටියේ වානිජත්වය

චිත්‍රපටිය පුරාවටම මනාව ඔප්පු කර තිබුනා.මේ චිත්‍රපටියේ

ආදරය,කරුනව,ජවය,එකමුතුකම,ක්‍රීඩාව,සුහදත්වය යන කිසි දෙයක්‌ හරි හැටි

ප්‍රේක්‍ෂකයා හට දී තුබුනේ නෑ.කුනුහරප කිහිපයක්‌ මගින් හාස්‍ය රසය යම්තාක්‌දුරට

විදීමට පුලුවන් උනත් සිංහල සිනමා නලු නිලියෝ රගපාන ආකාරය දැක සිනමා

ශාලාවම සිනා සාගරයක්‌ උනා.නර්තනය අතින් නම් නලුවෝ උපරිම සාධාරනයක්‌ කර

තිබුනා,එහෙත් නිලියන් ගේ නර්තනය නම් මෙලෝ රහක්‌ නෑ.මහා සිනමා කතව

ඇත්තෙන් ම මේ ආකාරයේ එකක්‌,මොරටුවේ කොල්ලෝ ටිකක්‌ ශාර්ක්‌ නම් ක්‍රිකට්‌

සමාජයක්‌ දාගෙන ක්‍රිකට්‌ ගහනවා.රොක්‍ර්ස්‌ නම් පිල සමග තරගයක්‌ තියන්වා,ඒකෙන්

ශාර්ක්‌ ලා පරදිනවා.රොකර්ස්‌ පිලේ නායකයා සාරංග.සාරංග ගේ පවුල අලුත් කුලී

නිවසක්‌ සදහා මොරටුවට එනවා.ඒට පස්‌සේ ශාර්ක්‌ ලා එක්‌ක සෙල්ලම් කරලා

රොකර්ස්‌ පිල පරද්දනවා.මේ ෆිල්ම් එකේ සින්දු ටිකේ පිටරට ස්‌තාන කිහිපෛයක

රූගත කිරීම් කරලා තියනවා.සින්දු වලින් සුරේන්ද්‍ර සහා රූකන්ත ගායනා කරන ගීත 2

ඇරුනු කොට අනික්‌ ගීත නම් මෙලෝ රහක්‌ නෑ.ගීත් වල රූප ලස්‌සනට තිබුනට

සමස්‌ත චිත්‍රපටිය දෙස බලුවොත් උදයකාත ගේ චිත්‍රපටි මීට වඩා ගොඩාක්‌

සාර්තකයි.සියලු දෙනාම හොල්මන් කරමිනෙක පාරටම චිතරපටිය ඉවර කරන්නේ

බදාගෙන ඉන්න කපල්ස්‌ අන්දුන් කුන්දුන් කරමින් ය..

Anonymous said...

script eka awl .. bt lankawe danata hadena gon films nawaththanna this is a good start

Post a Comment