----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මේ අරගල බඩගෝස්තරවාදීයි

Sunday, May 13, 2012

මේ අරගල බඩගෝස්තරවාදීයි

මනුවරණ


මනුවරණ ගැන ...
නුවරට නුදුරු ගලහ ඉපිද කොළඹ ආ ජගත් මනුවරණ අප්‍රකට දක්ෂ තරුණ කලාකරුවෙකි.
වේදිකාව, කෙටි චිත්‍රපට නිර්මාණකරණය, පිටපත් රචනය වැනි ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය කරනු ලබන මේ බහු චරිතධාරියා කලාව සම්බන්ධ බොහෝ කටයුතුවලදී හමුවන වෙනස්ම මතධාරියෙකි.
විවිධ පාඨමාලා හදාරා ලබා ගත් දැනුම සහ අවබෝධය දිගු කරගත් ජගත් ජාතික රූපවාහිනියේ 3 to 5 වැඩ සටහනේ නිවේදකයකු ලෙස ප්‍රථමයෙන් අපට හමුවෙයි. ඉන් අනතුරුව අඩ සඳ දිය, යුධ මුක්ත කලාපයක සිට ගැනීම වැනි කෙටි නාට්‍ය හරහා දස්කම් පෑ මේ යෞවනයා, තක්සලාව ටෙලි නාට්‍යයේ සේනගේ චරිතය හරි හැටි රඟදැක්වීම වෙනුවෙන් රයිගම් සහ සුමති ටෙලි සම්මාන උළෙලෙහිදී නැඟී එන නළුවාට හිමි සම්මානයෙන් පුද ලැබුවේය. ඕ. සී. අයි. සී සම්මාන උළෙලේ හොඳම සහය නළුවා වූ ජගත්, ගින්දර පොඩ්ඩක් කෙටි චිත්‍රපටය නිපදවා සම්මානනීය වූයේ ගරිල්ලා කෙටි චිත්‍රපට උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයා ලෙසටය. ජගත් හැදූ Water Lily සම්මානනීය කෙටි චිත්‍රපටයක් වූයේය.
අරුණ ජයවර්ධනගේ නිකිණි වැස්ස චිත්‍රපටයේත්, ප්‍රසන්න ජයකොඩිගේ කර්ම චිත්‍රපටයේත් චරිත මවන ජගත් කර්ම සම පිටපත් රචකයාද වෙයි.
මේ දිනවල Dark Fall චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු අතරේ තරමක කාර්ය බහුල වූ ඔහු සමඟ කළ කතා බහකි මේ.


ජගත් මට ඔබව මුලින්ම හමු වන්නේ මීට වසර ගණනාවකට ඉහත ටවර් හෝල් පාඨමාලාව කළ තරුණයෙක් විදියට. ඉන්පසුව අප බොහෝ වාරවල හමු වී තිබෙනවා. ඒ කියන්නේ බොහෝ කලක් ගත වෙලා කියන එක. මේ කාලය ඇතුළත ඔබ ආ ගමන ගැන තෘප්තිමත්ද?
ඇත්තෙන්ම ඔව්. කොතරම් කාලයක් ගත වුණාද කියන කාරණය මට වැදගත් නැහැ. නමුත් මේ පැමිණි ගමන ගැන මං පෞද්ගලිකව තෘප්තිමත්. මට මා ගැන සතුටට පත් වෙන්න පුළුවන් නම් ඒක මට ඇති.
ඒත් ජගත් ඔබ තවම තරුවක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ?
ඔව්, මට තරුවක් වෙන්න කවදාවත් ඕනෑ වෙලා තිබුණේ නැහැ. මට උවමනා වැඩ කරන්න විතරයි. අනෙක ජනප්‍රිය තරුවක් යන කතාව මට අදාල වෙන්නේ රංගනය හා සසඳද්දි විතරයි. මගේ පරාසය ඊට වඩා පුළුල්. ඒ පුළුල් පරාසයේ මං විවිධ චරිත නිරූපණය කරනවා. මං ජනප්‍රිය වෙන්න උත්සාහ කළේ නැහැ. ඒ කියන්නේ මං උත්සාහ කළා නම් තරුවක් වෙන්න තිබුණා කියන එක නෙවෙයි. එහෙම නොවෙන්නත් ඕනෑ තරම් ඉඩ තිබුණා.
අද තරුවක් වෙන්න දවසක් ඇති. ඒකට කැප කළ යුතු කාරණා කිහිපයයි තියෙන්නේ. ඒ ඒ කැප කිරීම් මත තරු වෙන්න පුළුවන් තැනක තරුවක් නොවී හිඳීම වැදගත් කියලා මට හිතෙනවා.
එත් ජගත් අද ජනප්‍රියත්වය මත තමයි ආර්ථිකය පදනම් වන්නේ විශේෂයෙන් නළුවකුගේ?
ඔව්. ජනප්‍රියත්වය කියන්නේ ආර්ථිකයේ වර්ධනයට බලපාන ප්‍රබල සාධකයක්. නමුත් ලැබෙන දෙයින් තෘප්තිමත් වෙන්න මට පුළුවන්. මං බලාපොරොත්තු වෙන්නේ මොනව හරි කරලා සල්ලි හොයන්න නෙවෙයි. උදේට ප්ලේන්ටියක් බීලා පාන් කෑල්ලක් කාලා මට දවසම ගෙවන්න පුළුවන්. ඒ නිසා ජනප්‍රියත්වය හරහා පොදි ගහන්න මට උවමනා නැහැ. ලෝකයේ බොහෝ ජනප්‍රිය දැවැන්ත හරවත් චරිත ජනප්‍රිය වෙලා තියෙන්නේ තමන්ගේ නිර්මාණ ඇතුළේ මිසක් වෙන වෙන මවා ගත්තු ලෝක ඇතුළෙ නෙවෙයි.
ජනප්‍රියත්වය ඇතුළේ බොහෝ දෙනා හදන්නේ තමන් ආරක්ෂා වෙන්න. ඒ ආරක්ෂාව සපයන්නේ මේ ජනප්‍රියත්වය. නමුත් කලාකරුවා කැප විය යුත්තේ තමන්ට තැනක් හදාගන්න විතරද කියන සර්වකාලීන ප්‍රශ්නය මට තියෙනවා. තමන් තැනක් හදාගෙන එතනට වෙලා සැප විඳිමින් හිටියම කලාවට සේවයක් වේවිද? ජනප්‍රියත්වය ලැබෙන දෙයක් මිසක් ලබා ගත යුතු දෙයක් නෙවෙයි.
අද වේදිකා නාට්‍ය කලාව බොහොම දියුණුයි කියල මත ප්‍රකාශ වෙනවා. දැන් මේ ඔක්කොම හරිද ජගත්?
දොළහක්
මෙහෙමයි, හැමෝම කාලෙන් කාලෙට විවිධ අරගල කරනවා. මාධ්‍යවේදියෝ තමන් වෙනුවෙන් අරගල කරනවා. කලාකරුවෝ, රියැදුරෝ, වෛද්‍යවරු, හෙදියෝ, දුම්රිය සේවකයෝ.
නමුත් මේ අරගල බඩගෝස්තරවාදීයි. නිතරම අපේ කටේ තියෙන්නේ ඒව නෑ, මේව නෑ කියන එක. ඒත් මේ ප්‍රකාශ ඇතුලේ ජීවත් වන්නේ තමන්ගේ බඩ වියත රැක ගන්න පොර බදන පිරිසක්.
මට මගේ නිර්මාණයක් ජනතාවට දෙන්න ඕන නම් මං ඒක මහ පාරේ හරි පෙන්නනවා. මට චිත්‍රපටයක් හදන්න ඕන නම් හැන්ඩි කැමි එකෙන් හරි හදනවා. හැමදේම හරි යනකං ඉල්ල ඉල්ල නිර්මාණ කරන්න තරම් නිර්මාණකරුවා පටු රාමු තුළ සිර විය යුතු නැහැ.
බොහෝ දෙනෙක් කියන්නේ මං රඟපාන්නේ තෝරා බේරා ගෙන කියල. හැබැයි එහෙම කියන බහුතර දෙනාට කවුරුවත් ආරාධනා කරල නැහැ සොයා බැලුවම. ඔබත් එවැනි බොරු ප්‍රතිපත්ති මත කටයුතු කරන්නෙක්ද?
මම එහෙම අසීමිත ඉල්ලුමක් තියෙන නළුවෙක් නෙවෙයි. ඒත් මට ප්‍රතිපත්ති ටිකක් තියෙනවා. මට ගාණ වැදගත් නෑ. එත් මට නිර්මාණය වැදගත්. ඒ නිසා ඒ මා පනවා ගත් කොන්දේසි උඩ සමහරු වැඩවලට මාව ගන්නේ නැහැ. දිවා රෑ කුලීකාරයෝ වගේ වැඩ කරන්න බැරි නිසා මං මෙගාවලට ගියේ නෑ.
නමුත් මං මෙගාවලට විරුද්ධ කෙනෙක් නෙවෙයි. අපි කලාව කරන්නේ මිනිස්සුන්ට. මිනිස්සු කැමැති නං මෙගා බලන්න අපි මොනවා කරන්නද? මං මගේ ගාණට, ප්‍රතිපත්තියට ආවොත් වැඩ කරනවා.
ලංකාවේ කලාකරුවන් අතර අද සංවාද හට ගන්නේ නැති තරම්. ඉස්සර සාර්ථක නිර්මාණකරුවන් කතාබහට එක් වූ ආකාරය අපි අසා තිබෙනවා. මා දැක තිබෙනවා ඔබ ඇතුළු කණ්ඩායම බොරැල්ල කඩ පිලේ සංවාද කරනවා.
ඔව්, බුද්ධිමත් සංවාද ජීවිතයට අවශ්‍යයි. අපි නිතරම සංවාද කරනවා. නමුත් . . . . . මවාගෙන ඉන්න බොහෝ චරිත සංවාදවලට නොඑන්නේ කට ඇරියොත් ඔවුන්ගේ චරිතය එළිවන නිසයි. හරවත් සංවාද හොඳ නිර්මාණ බිහිවීමට තෝතැන්නක්.
Dark Fall දැනට එතනින් නවතිමු.
වැඩ කටයුතු ඉතාමත් ඉක්මනින් සිදු වේවි. ඒෂියා කැපිටල් ආයතනයේ මනෝ නානායක්කාර මහතා ච්චපඬ ජ්චතතනිපදවන්නට එකඟ වී තිබෙනවා. ඒ කටයුත්ත වෙනුවෙන් කැප වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

1 comments:

Anonymous said...

මහත්තය ඔබතුමා ලියන ඔයා ලංකාවේ කුනුකන්දල් කලාකාරයෝගෙන අපිට වැඩක නෑ...වෙන හොඳ නිර්මාණ ගැන ලියන්න....දන් තියන ටෙලි නාටක මොලේ තිය එකෙක් බලන් නෑ..කුස පබා හොඳයි කක්කුස්සිය ඉදන් බලන්න...විජය කුවේණි ත් ඊට දෙවැනි වෙන එකක් නෑ

Post a Comment