----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මාධ්‍ය ගැනයි කියන්නේ ~ රාජිත දිසානායක

Monday, May 28, 2012



මාධ්‍ය ගැනයි කියන්නේ
රාජිත දිසානායක

 


අදටත් වලංගු නාට්‍යයක්‌
ධර්මප්‍රිය ඩයස්‌

මම කැමැත්තෙන්ම චරිතය මාරු කළා!
ප්‍රියංකර රත්නායක

නාට්‍යය පැරැණියි කියා දැනේනේ නැහැ
ගිහාන් ප්‍රනාන්දු

අවුරුදු දහයකට පසුව වීරයා මැරිලා

වීරයා මැරිලා" වසර දහයකට කලින් රංගගත වූ නාට්‍යය අධ්‍යක්‍ෂ රාජිත දිසානායක යළි වේදිකාවට රැගෙන ඇවිත්... "වීරයා මැරිලා" සමග රාජිත රඟහල දොරකඩට පැමිණියේය.

ඇයි ආයෙත් "වීරයා මැරිලා" වේදිකාවට එන්නේ?

වීරයා මැරිලා රංගගත කරලා අවුරුදු දහයයි. දශ වර්ෂ පූර්ණය නිමිත්තෙන් "යළි වීරයා මැරිලා" වේදිකාවට ගෙන එනවා. අවුරුදු දහයකට කලින් "වීරයා මැරිලා" නාට්‍යයට පාදක වූ අත්දැකීම් සහ තේමාවන් අදටත් වලංගුයි. එදාට වඩා මේ සමාජයට මේ තේමාව අද අදාළයි.

හොඳයි. වීරයා මැරිලා කරන්න කලින් සහ ඉන්පසු ඔබ කළ නාට්‍ය?

"වීරයා මැරිලා" ට කලින් මම "සක්‌වා දාවල", "හංසයන්ටත් මං ආසයි" සහ "මට වෙඩි තියන්නැද්ද" කියන නාට්‍ය තුන කළා. වීරයා මැරිලා ට පසුව "සිහින හොරු අරන්", "ආපහු හැරෙන්න බෑ" සහ "බකමූණා වීදි බසී" නාට්‍ය තුන කළා.

වීරයා මැරිලා ට පාදක කරගත් කරුණු මොනවාද?

මූලික ලෙසම මාධ්‍ය භාවිතාව. අපේ සමාජය මෙහෙයවන්නේ මාධ්‍ය මගින්. වසර දහයකට පෙර අපට නිරීක්‌ෂණය වුණා. අද එහි උච්ඡ ස්‌ථානයට ඇවිත්. කලාකරුවන්, බුද්ධිමතුන් සමාජයේ යහපතට වඩා මාධ්‍යයේ අවශ්‍යතාව උදෙසා පෙනී සිටිනවා. ප්‍රතිපත්තිගරුක බව, යහපත් සමාජයක්‌ උදෙසා පෙනී සිටීම වැනි කරුණු අභියෝගයකට ලක්‌ව ඇති බව මේ නාට්‍යයෙන් පෙන්වනවා. එය පෙරටත් වඩා මේ මොහොතේදී සමාජයට අදාළයි.

වීරයා මැරිලා ලබාගත් ප්‍රතිචාර

පෞද්ගලිකව මටත්, අපේ නාට්‍ය කණ්‌ඩායමත් වෙත ප්‍රේක්‌ෂකයාගෙන් වැඩි පිරිසක්‌ සමීප වුණේ වීරයා මැරිලා ඔස්‌සේ. පසුගිය වසර දහය තුළ වීරයා මැරිලා නොබැලූ ප්‍රේක්‌ෂකයන් වගේම බලපු අයත් අපට හමු වෙනවා. "බකමූණා වීදි බසී" නාට්‍ය සමග රටපුරා අපි ගමන් කරද්දි මේ පිරිස අපෙන් ඉල්ලා සිටිනවා යළි "වීරයා මැරිලා" රංගගත කරන්න කියලා.

ඒ කියන්නේ "වීරයා මැරිලා" යළි රටපුරා රංගගත කරන බවද?

ඔව්. දශ වර්ෂ පූර්ණය නිමිත්තෙන් ලබන 07 වැනිදා "වීරයා මැරිලා" ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේ දී රංගගත කරනවා. ඒ වගේම 08 වැනිදා "සිහින හොරු අරන්", 09 වැනිදා "බකමූණා වීදි බසී" ලයනල් වෙන්ඩ්ට්‌ හි රංගගත කෙරෙනවා. ඉන්පසු වීරයා මැරිලා ප්‍රාදේශීයව රංගගත කරනවා.

අවුරුදු දහයකට පෙර පෙන්වූ නාට්‍ය පිටපතමද මෙවරත්?

ඔව්. පිටපත ඒකමයි. ඒකම තමයි සුවිශේෂිත්වය. පෙරට වඩා මෙවර ප්‍රේක්‌ෂකයා සමීප වේවි. රංගනය තුළ සියුම් වෙනස්‌කම් කළා. රංග ශිල්පීන්ගේ වෙනස්‌කම් කිහිපයකුත් සිදුව තිබෙනවා.

මේ නාට්‍යයේ අනිල් සහ කමල් කියා චරිත දෙකක්‌ තියෙනවා. මම කරන්නෙ කමල්ගේ චරිතය. මේ චරිත දෙකම නාට්‍යය ඉදිරියට ගෙන යන චරිත දෙකක්‌. අවුරුදු දහයකට කලින් දර්ශන වාර එකසිය විස්‌සක්‌ විතර රංගගත කළත් අපිට හිතෙනවා පවතින සමාජයට අදත් වීරයා මැරිලා ගැළපෙනවා. රියෑලිටි, විකට වැඩසටහන් රූපවාහිනී නාලිකාවල අරඹන්නත් පෙර සිටයි ඒ ගැන "වීරයා මැරිලා" තුළින් පෙන්නුම් කළේ. අද පරපුරටත් බලන්න වලංගු නාට්‍යයක්‌. මේ නාට්‍යය නැවත පෙන්වන්න ලැබීම සතුටක්‌.

මම කලින් කළේ ප්‍රභාත්ගේ චරිතය. දැන් කරන්නේ සිරිදාසගේ චරිතය. මම අවුරුදු ගණනාවක්‌ ප්‍රභාත්ගේ චරිතය රඟපෑවා. ඒ චරිතය මම කළ හැකි උපරිමයෙන් කළා. පසුව මටම හිතුණා දැන් කළා ඇති තව කෙනකුට අවස්‌ථාව දිය යුතුයි කියලා. අනෙක අපි වයසට යනවා. අධ්‍යක්‍ෂවරයා කියන්නේ කලින් අපි තේරුම්ගත යුතුයි. නාට්‍යය වෙනස්‌ වෙන්නේ නැහැ..... ඒaත් අපි වෙනස්‌ විය යුතුයි. මමත් නළු කාර්යයේ වගේම අධ්‍යක්‍ෂණයේත් යෙදෙනවානේ... එනිසා තමයි මම වෙනත් චරිතයක්‌ තෝරා ගත්තේ.

වීරයා මැරිලා අවුරුදු දහයකට කලින් කළත් ආයෙත් අලුතින් පුහුණු කරලා කරද්දී අදටත් වලංගුයි කියා දැනෙනවා. මේ නාට්‍යයෙන් කතා කරන විෂයය සර්වකාලීනයි. අවුරුදු දහයකට කලින් කී දේ වඩාත් වලංගු වෙන්නේ එදාට වඩා අදටයි. ජනමාධ්‍ය ගැන ජන සමාජය ගැනනේ කතා කරන්නේ. පැරැණියි කියන හැඟීමක්‌ දැනෙන්නේ නෑ. චරිතවල ස්‌වභාවය අද අපිට පෙනෙන්න තියෙන චරිතවල ස්‌වභාවයටයි කියා දැනෙනවා.


අජිත් අලහකෝන්

Divayina

0 comments:

Post a Comment