----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

මං හොරෙන් ගමනක් ගියා කියල මඩක් යනව

Monday, May 21, 2012

මේ පහත් වැඬේ කරන අය මං දන්නවා - නයනා කුමාරි

චාතුර්යා ටෙලි නාට්‍යයෙන් ජනාදරයට පත් ටෙලිනාට්‍ය නිළි නයනා කුමාරි හොර ගමනක් ගිය බව සඳහන් කරමින් පසුගිය දිනවල වෙබ් අඩවි කිහිපයක පළව තිබෙන වාර්තාව සම්බන්ධයෙන් අද සිළුමිණ පුවත්පතට ප‍්‍රකාශයක් නිකුත් කරන ඇය මේ කතාව මඩ ගැසීමේ අරමුණින් හිතාමතා ගොතන ලද්දක් බවත්
එය කරන්නට ඇත්තේ කවුදැයි තමා දන්නා බවත් ප‍්‍රකාශ කර තිබෙනවා’

පහත පළවන්නේ ඒ ගැන ඇය දැක්වූ අදහස්ය’

‘මේ දවස්වල මං ගැන ඉතාම කනගාටුදායක අසත්‍ය පුවතක් එක්තරා වෙබ් අඩවියක පළකරලා තිබුණා වෛද්‍යවරයකු හමුවෙන්න හොරෙන් ගිය ගමනක් ගැන.

මගේ නම කැත කරන්නයි අසත්‍ය පුවතක් නිර්මාණය කර පළ කර තිබෙන්නෙ. මේ වගේ ඉතාම නින්දිත චෝදනා එල්ල කරමින් මට මඩ ගහන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ.

මම හොඳින් ම දන්නවා මේ වැඬේ කරන්නේ කවුද කියලා. මාත් එක්ක තියෙන තරහට, මගේ දියුණුව, හැකියාව දරා ගන්න බැරි පිරිසක් ඉන්නවා. මේ වගේ පහත් වැඩවලට මම දුක්වෙන්නෙත් නැහැ.

පසුබට වෙන්නෙත් නැහැ. ඒ වගේ ම මට කතා කරපු මාධ්‍යවේදිනියකට මටිමැඩම්’ කියන්න කිව්ව බවකුත් මේ වෙබ් අඩවි වාර්තාවේ සඳහන් වෙනවා. ඇත්තටම මේ වගේ බොරු මේ අය කොහොම ගොතනවද කියල මට නම් හිතාගන්න බැහැ.”’



0 comments:

Post a Comment