----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සත්සියක්‌ මල් දම් රැගෙන එන්නී කුවේණි

Monday, May 21, 2012

සත්සියක්‌ මල් දම් රැගෙන එන්නී කුවේණි


කුවේණි... වේදිකාවට ආවේ වසර ගණනාවකට පෙරය. හෙන්රි ජයසේනයන්ගේ නිර්මාණයේ කුවේණිය ලෙස මානෙල් ජයසේන රඟපෑවාය.

කුවේණි තවමත් වේදිකාවේ සිටින්නීය. එදා හෙන්රි ජයසේනයන්ගේ "කුවේණි" අද යමුනා, ජීවනී කරුණානන්දගේ නව නිෂ්පාදනයකි. "කුවේණි" සමගින් යමුනා රඟහල දොරකඩට ආවාය.

"කුවේණි" දරුණු අත්දැකීම් වගේම ජවය ගෙන දුන්නා
යමුනා ජීවනී කරුණානන්ද

ඔබ ..... කුවේණි ගෙන එන්නේ කොතරම් කාලයක ඉඳලාද?

මම මේ නාට්‍යය කරන්න ගත්තේ දෙදහස්‌ හයේදි....

ඇයි මේ නාට්‍ය කළේ?

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදි මම මගේ ස්‌වාධීන නිබන්දය විදිහට තෝරා ගත්තේ "කුවේණි" ඒත් විශ්වවිද්‍යාලයෙන් පිටවුණාට පස්‌සෙ එය කරන එක නතර වුණා. ඒත් ඒ වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලටත් කුවේණි ඉදිරිපත් කළා. ඉන්පස්‌සේ 2009 දී ජූඩ් ශ්‍රීමාල්ගේ මූලිකත්වයෙන් නව නිෂ්පාදනයක්‌ ලෙස කළා.

කුවේණි ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේනගේ නිර්මාණයක්‌. මේ නාට්‍ය දෙක වෙනස්‌ද?

නෑ.... පිටපත එකමයි. ඒත් රංග ක්‍රමය වෙනස්‌.

මොකක්‌ද රංග ක්‍රමයේ තිබෙන වෙනස?

හෙන්රි සර්ගේ කුවේණි... නාට්‍යයේ තියෙන්නේ ග්‍රීක නාට්‍යවල කෝරස්‌ එකේ ආභාෂය. ඉන්පසු ඒ කෝරස්‌ එකම තීව්‍ර කරලා මම මගේ නිෂ්පාදනයට එය සජීවීව යොදා ගන්නවා. ඒ වගේම මගේ නිෂ්පාදනයේ රංග වින්‍යාසය සහ ඇඳුම් වෙනස්‌. කුවේණි නව නිෂ්පාදනය සියලු දෙයින් සම්පූර්ණ කියා මම හිතනවා. නව සංගීත සංයෝජනයක්‌ යොදාගත්තා.

නාට්‍යයේ අන්තර්ගතයට ඔබ හානියක්‌ කරලා නැද්ද?

කිසිම හානියක්‌ කරලා නැහැ. හෙන්රි ජයසේන මහත්මයා ඒ බව ජීවත්ව සිටියදීම තහවුරු කළා. තම පිටපත තුළ ඔහුවත් නොදුටු දේ මා විසින් ස්‌පර්ශ කර ඇතැයි ඔහු පැවසුවා. මගේ නාට්‍යය බලලා ඔහු සතුටු වුණා. "මට කරන්න බැරිවුණුq දේ නව නිෂ්පාදනයෙන් කරලා තියෙනවා" කියා හෙන්රි ජයසේන මහතා පැවැසුවා.

ඔබ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් නැටුම් නාට්‍ය සහ රංග කලාව පිළිබඳ උපාධිය ලබාගෙනත් ඇයි අලුත් නාට්‍යයක්‌ නොකළේ.?

මම ආර්ථික මට්‌ටමින් පහත් තැනක සිටි නිසා අලුත් නිර්මාණයක්‌ කරන්න අවස්‌ථාවක්‌ ලැබුණේ නැහැ. හෙන්රි ජයසේන මහතාත් මමත් එක්‌ව නාට්‍යයක්‌ රචනා කළා. ඒත් එය අතරමඟ නැවතුනා. මා විවාහ වූ නිසා අදටත් ඒ නාට්‍යය වේදිකා ගත කරගන්න බැරිවුණා. එය වේදිකා ගතකිරීම මගේ හීනයක්‌. තව වසරකින් විතර ඒ හීනය සැබෑ වේවි. මම පානදුර සුමංගල බාලිකාවේ ගුරුවරියක්‌. පාසල් මට්‌ටමින් නම් මම නාට්‍ය නිර්මාණ කරනවා.

ඔබ කාන්තාවක්‌... කොහොමද නාට්‍ය ක්‍ෂේත්‍රයේ අභියෝගවලට මුහුණ දෙන්නේ.

ඔව්... මෙය ඉතාම කටුක අත්දැකීමක්‌. කුවේණිත් කාන්තාවක්‌නේ. මමත් මගේ ජීවිතේ හැම දේකටම කුවේණි තුළින් පන්නරය ලබා ගත්තා. කුවේණි නිසා මම දරුණු අත්දැකීම්වලට මුහුණ දුන්නා. ඒත් කුවේණි නිසාම ධෛර්යය ලැබුණා. කලකිරීම් තිබුණා. නැත්තේ නැහැ. කුවේණි නතර කරන්නත් උත්සාහ කළා. ගැබිනියක්‌ව සිටිද්දි මා ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. නමුත් අපේ කණ්‌ඩායම ලොකු ශක්‌තියක්‌ වුණා.

හෙන්රිගේ "කුවේණි" කිසි වරදක්‌ කර නැහැ
නිමල් ජයසිංහ


මම තමයි විනිශ්චයකාරයා. හෙන්රි ජයසේනයන්ගේ "කුවේණි" නාට්‍යයේ මම කළේ දෙවැනි නීතිඥයාගේ චරිතය. එදා නාට්‍යයේ සංවිධාන කටයුතු හෙන්රි ජයසේනයන් භාර දුන්නේ මටයි.ඒ පිටපතයි මේ පිටපතයි වෙනස්‌ නැහැ. නමුත් රංග වින්‍යාසය වෙනස්‌ කළා. ඒ වෙනසට හෙන්රි ජයසේනයන් පවා කැමැති වුණා. ඔහුගේ කුවේණිට මේ නාට්‍යයෙන් හානියක්‌ නෑ. අබමල් රේණුවක වරදක්‌ වී නැහැ. මම රඟපාන්නේ සතුටින්.


කුවේණි නාට්‍යයට මම හුඟක්‌ ආදරෙයි කළා
අනිල් කේ. විඡේසිංහ


හෙන්රි ජයසේනයන්ගේ නාට්‍යයක රඟපාන්න මම පුදුමාකාර කැමැත්තකින් හිටියේ. "කුවේණි" හැමදාමත් පවතින නාටයHක්‌. එතුමා ජීවත්ව සිටිද්දීම මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න මම පින් කරලා තිබුණේ නැහැ. "කුවේණි" මම වඩාත් ආදරය කළ නාට්‍යයක්‌. මම රඟපාන්නේ දඩයක්‌කාරයාගේ චරිතය.


කුවේණි වෙන්න ලැබෙයි කියා හිතුනෙම නැහැ
ප්‍රභා දිසානායක


මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවියක්‌. ගිය අවුරුද්දේ තමයි කුවේණි චරිතයට තෝරා ගත්තේ. මම රන්වල පදනමේත් ඉන්නවා. මම හීනෙකින්වත් හිතුවේ නෑ කුවේණි චරිතය රඟපාන්න. මම කෝරස්‌ එකට ගියේ. ඒත් මාව "කුවේණි" චරිතයට තෝරාගත්තා. මට පුදුමාකාර සතුටක්‌ දැනුනා. මම ඒ එක්‌කම කුවේණි ගැන අධ්‍යයනය කළා. මේ චරිතය මගේ ජීවිතයේ මා ලද භාග්‍යයක්‌.


අජිත් අලහකෝන්

Divayina

1 comments:

Anonymous said...

...දැන් කුවීණිට කඩේ යනවා වගේ....මගේ හිතේ ඕක පාඩු ඇති පෙන්නන එක,,,,,පුළුවන් නම් කුවේණිගේ ඇට කටුත් විකුණගෙන කයි ඔබතුමාලා

Post a Comment