----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ඔබ විවාහ වන වයසේ පසුවන යුවතියක් නේද?

Sunday, May 20, 2012

ආදරය ගැන හිතන්න වෙලාවක් තිබුණේ නෑ

- දුලානි අනුරාධා
මේ දිනවල තිරගත වන ‘විජය – කුවේණි ‘ චිත්‍රපටයේ කුවේණියගේ චරිතයට පණ දෙන්නේ දුලානි අනුරාධාය. දුලානි ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයක් වුවද, සහභාගි වී ඇති නිර්මාණ සංඛ්‍යාව අඩු වුවද රංගනය තුළ තම සලකුණ තැබීමට ඇය සමත්ව ඇත. ඒ ඇය සතු රංගන හැකියාව මෙන්ම නර්තන හැකියාව ද නිසාය. දුලානි මේ වනවිට පාසල් නැටුම් ගුරුවරියකි.
කොහොමද කුවේණි චරිතයට ලැබෙන ප්‍රතිචාර?
චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙලා තවම දින කීපයයි. මේ වන විට චිත්‍රපටය නරඹපු බොහෝ දෙනෙකුගේ හොඳ ප්‍රතිචාර ලැබිල තියෙනව. විශේෂයෙන් ම මංගල දර්ශනය නැරඹූ කලා ක්ෂේත්‍රයේ උදවිය මගේ රංගනය ගැන සතුටින් කතා කළා. තව සතියක් දෙකක් පමණ ගතවන විට චිත්‍රපටය තවත් ප්‍රේක්ෂකයින් අතරට යනවිට මගේ රංගනය ගැන තවත් ප්‍රතිචාර දැනගන්න ලැබේවි.
චරිතයට සාධාරණයක් කළා කියල ඔබ හිතනවද?
තිරපිටපත අධක්‍්‍යෂවරයාගේ උපදෙස්, ඇඳුම් නිර්මාණ ශිල්පීන්ගේ, අංග රචනා ශිල්පීන්ගේ දායකත්වය ඇතිව මගේ හැකියාව අත්දැකීම් එක්ක මම කුවේණි චරිතය ගොඩනඟා ගත්තා. මගේ රංගනය පිළිබඳව අධ්‍යක්‍ෂවරයා සතුටු වුණා. වෙනත් බොහෝ දෙනෙකුත් මගේ රංගනය ප්‍රශංසා කළා. ඒ නිසා මම හිතනව මම කුවේණි චරිතයට සාධාරණයක් කළා කියල.
කුවේණිය පිළිබඳව ඔබට මොනවද හිතෙන්නෙ?
කුවේණිය කියන්නෙ අපේ රටේ මුල්ම රැජන ලෙස හඳුන්වනු ලබන කාන්තාව. කුවේණිය කියන නමේම තිබෙනව ගම්භීරත්වයක්; අපූර්වත්වයක්. කුවේණියගේ චරිතය මුහුණදෙන සිදුවීම්වලට සමාන අත්දැකීම් වලට මුහුණ දෙන කාන්තාවන් වර්තමාන සමාජයේත් ඉන්නව. ආදරය නිසා ජීවිතයේ බොහෝ දේ නැති කරගත්, ජීවත් වෙන්න ක්‍රමයක් නැතිව අසරණ වුණු නමුත් දරුවන් පණ මෙන් රකින කාන්තාවන් අදත් ඉන්නව. ඒ නිසා මම හිතනව කුවේණිලා අදත් ජීවත් වෙනව කියල.
මේ චරිතය රඟපෑම ඔබට අභියෝගයක් වුණාද?
කුවේණිය අපේ ඉතිහාසයේ ඓතිහාසිත චරිතයක්. ඒ චරිතය පිළිබඳව මුළු සමාජයම දන්නව. ලාංකේය සමාජයම ඒ චරිතය කියවල තියෙනව. ඒ නිසා කුවේණිය කියන චරිතය සෑම ශ්‍රී ලාංකිකයකුගේම සිත් තුළ ජීවත් වෙනවා. ඒ වගේ ම කුවේණියගේ පින්තූරය සෑම දෙනෙකුගේ ම සිත් තුළම ඇඳිල තියෙනව. එවැනි චරිතයක් නිර්මාණය කිරීම ඉතා අපහසුයි. එවැනි චරිතයක් නිරූපණය කිරීමේදී බොහෝ දෙනෙකුගේ සිත් තුළ තිබෙන රූපයට හානියක් නොවන ආකාරයෙන් එය කළ යුතුයි. එහෙම නොවුණොත් ප්‍රේක්ෂකයින් මගේ රංගනය ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අධ්‍යක්‍ෂවරයාගේ ඇතුළු සියලු දෙනාගේ අදහස් මත ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළ ජීවත් වන කුවේණියගේ රූපයට හානියක් නොවන්න මම කුවේණි චරිතයට සූදානම් වුණා. ඇත්තෙන් ම එය අභියෝගයක් වුණා.
කුවේණිය ලෙස රඟපාන්න ලැබීම ගැන ඔබ මොනවද හිතන්නෙ..?
මේ අවස්ථාව රංගන ශිල්පිනියකුට ලැබෙන දුර්ලභ අවස්ථාවක්. තම රටේ පළමු රැජන යැයි සැලකෙන චරිතය රඟපාන්න කිසියම් රංගන ශිල්පිනියකට අවස්ථාව ලැබේ නම් එය වාසනාවක්. මේ චරිතය රංගන ශිල්පිනියන් කීප දෙනෙක් හරහා තමයි මට ලැබුණේ. මම හිතනව මේ ඓතිහාසික චරිතය රඟපෑමේ අවස්ථාව මට උරුමවෙලා තියෙන්න ඇති කියලා.
මේ දවස්වල මොනවද කරන්නෙ...?
මේ දවස්වල ”භව අරණ” ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ රූපගත කිරීම් සිදුවෙන්නේ අනුරාධපුරයේ. මේ ටෙලිනාට්‍යයේ මම කරන්නෙ අපූරු චරිතයක්. අතීතයේ සිටි දේවතාවියක් වර්තමාන සමාජයේ සාමාන්‍ය යුවතියක් ලෙස ඉපදිලා ඇය මුහුණ දෙන අත්දැකීම් තමයි මේ ටෙලිනාට්‍යයේ කියවෙන්නේ.
දැන් ඔබ ගුරුවරියක් නේද?
ඔව් ආශාවෙන් සිටි ගුරු වෘත්තිය මට ලැබුණා.
කලා නිර්මාණවලට දායක වීමේදී දැන් ඔබ ගුරුවරියක් නිසා කිසියම් තේරීමක් කරන්න සිදුවෙනවාද?
මම ගුරුවරියක් වෙන්න කලින් ඉඳලම නිර්මාණවලට දායක වුණේ තේරීමක් කරලයි. කලාවට මම ඇවිත් තවම අවුරුදු 5 ක පමණ කාලයක්. මම සහභාගිවෙලා තියෙන්නෙත් නිර්මාණ කීපයකට පමණයි. ඒවා මම තෝරා බේරාගෙන රඟපෑ නිර්මාණ. මම දැන් ගුරුවරියක් නිසා රඟපෑම් පිළිබඳව තවදුරටත් හිතන්න වේවි.
වර්තමානයේදී ඔබට ලැබී තිබෙන ජනපි‍්‍රයත්වය ගැන ඔබට මොනවද හිතෙන්නේ?
රංගන ක්ෂේත්‍රයේ සිටින විට ආදරය, ගෞරවය, සැලකිල්ල, නින්දාව ප්‍රශංසාව මේ සියල්ලම ලැබෙනවා. නමුත් කාලයක් ගතවන විට රංගනයෙන් ඉවත් වූවිට ඒ සියල්ල නැති වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ ගැන හොඳ අවබෝධයක් මට තියෙනව. මම උත්සාහ කරන්නෙ ඉතාම සරලව ජීවත් වෙන්න.
ඔබ විවාහ වන වයසේ පසුවන යුවතියක් නේද?
මගෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව කලා කටයුතුවලට යොමු වුණා. ඉන්පසුව ගුරුවරියක් වුණා. දිගටම කුමක් හෝ දෙයකට සම්බන්ධ වී සිටි නිසා ප්‍රේමය විවාහය ගැන හිතන්න මට වෙලාවක් තිබුණේ නෑ. නමුත් මම දැන් හිතනව මගෙ ජීවිතයේ වෙනසක් විය යුතු කාලය මෙයයි කියල.
ජීවිතයට සමීප වූ විශේෂ කෙනෙක් ඔබට ඉන්නවාද?
නැහැ තවම එහෙම කෙනෙක් නෑ.

0 comments:

Post a Comment