----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

සිත ආදරයෙන් මත් කළ සොඳුරු හිතැත්තා

Sunday, May 13, 2012

හිතගත් මනාලයෙක් හද මඬලට ඇවිදින්

දිනූෂා ප්‍රථම වරට හෙළිකරන ආදර අන්දරය


ඈව මට මුණ ගැසුණේ මීට වසර පහකට පමණ පෙර එක් දවසකය. එදා පටන් අද වනතුරුත් ඇගේ කතාවේත්, සිනහවේත් වෙනසක් මම නුදුටීමි. ළඟන්නා සුළු ඒ සිනහවේ නැවුම් කතාවක් හැංගී ඇතැයි මට නිකට මෙන් සිතේ.
දිනූෂා රාජපතිරණ.
යෙහෙළියක් ලෙස කලකට පෙර ඔබගේ දුක් හිසින් ගෙන දුක් ගන්නියක වූ ඕ වත්මනෙහි ඔබ හමුවට එන්නේ ස්වර්ණවාහිනියේ සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 10.00 ට විකාශය වන ‘හත්දින්නත් තරු’ වැඩසටහනේ නිවේදිකාවක් ලෙසිනි.
* ස්වර්ණවාහිනියේ සක්‍රීය නිවේදිකාවක ලෙස කටයුතු කරන ඔබගේ සිනාවේ හැංගුණු කතාව අපට කියනවද?
‘යුවතියකගේ ජීවිතයේ සුන්දරම දවසක් පිළිබඳයි මම මුලින්ම සරසවියට කියන්න යන්නේ. ඒ මේ මාසයේ අන්තිමට සුබ මොහොතෙන් මම මනාලියක් වන බවයි. නුවර ගැටඹේ දිය කපන තොටමුණ අසල තිබෙනා සුන්දර ස්ථානයකදී මගේ සහකාරයා වීමට සිටින ධම්මික සමඟ මා අතිනත ගන්නවා. මේ සොඳුරු පණිවුඩයෙන් මට ආදරය කරන රසික – රසිකාවන්ගේ සිත සතුටින් පිරී ඉතිරී යාවි කියලා මා සිතනවා.’
* ඔබගේ සිත ආදරයෙන් මත් කළ සොඳුරු හිතැත්තා ඔබට මුණ ගැසුණේ කොහොමද?
අපි දෙන්නට දෙන්නා කලින් දන්නා නමුත් ඔහු පිළිබඳ යෝජනාව මට ඉදිරිපත් කළේ අපේ අයියා. අයියා සහෝදරියගේ සැමියා වුණත් මගේම සහෝදරයෙක් වගෙයි. එවන් කෙනෙකු මට යෝජනාවක් කරන්නේ බොහොම යහපත් සිතින් බව මා දන්නවා. අයියාගේ යාළුවෙක් වුණු ඔහු පිළිබඳ කළ යෝජනාවට මා ඉතසිතින් කැමැති වුණා. ඒ හඳුනා ගැනීමෙන් පස්සේ අපි පෙම්වතුන් වුණා. මේ වෙනකොට අපේ ආදරයට අවුරුදු දෙකක් ගත වෙලා. ධම්මික බොහොම සරල, සාමාන්‍ය කෙනෙක්. මිත්‍රශිලීයි. නිතරම මිනිසුන්ගේ හොඳ දකින කෙනෙක්. ඔහුගේ මව්පියන්ට වගේම මගේ මව්පියන්ටත් ආදරෙයි. මම හිතන්නේ මට සුදුසුම කෙනා මුණ ගැසුණා කියලයි.’
* විවාහයෙන් පස්සේ නිවේදිකාවක් විදියට ඔබ ක්ෂේත්‍රයේ රැෙඳනවාට ඔහු දක්වන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද?
‘ධම්මික මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නෙමෙයි. නමුත් මම නිවේදිකාවක් විදියට කරනා වැඩසටහන් ඔහු නරඹනවා. ඒ ඔස්සේ මගේ අතින් සිදුවන වැරැදි වගේම අඩුපාඩුත්, නිවේදිකාවක් විදියට වෙනස් කර ගත යුතු බොහෝ දේත් පිළිබඳ ඔහු මා දැනුවත් කරනවා. ඒ වගේම හොඳ දෙයක් ඉදිරිපත් කළොත් එය අගය කරන්නත් ඔහු පැකිලෙන්නේ නැහැ. මගේ නිවේදන ජීවිතයේ හොඳම විවේචකයා ඔහුයි.’
* නුවර ප්‍රදේශයේ උපන් ඔබ මනාලියක් විදියට සැරැසෙන්නේ ඔබගේ ප්‍රදේශයටම ආවේනික වූ මංගල ඇඳුමින්ද?
‘අපේ ප්‍රදේශයටම ආවේනික වූ උඩරට ඔසරිය කියන්නේ අපේකම ගැනයි. අපේකමට මුල් තැන දෙන්න මම බොහොම කැමැති කෙනෙක්. උඩරට සම්ප්‍රදායානුකූලව උඩරට මනාලියක් ලෙස මාව සරසන්නේ විජිත පෙරේරා. වේෂ නිරූපණයෙන් නයන උජිත් සහාය වෙනකොට මගේ සුන්දරත්වය ඡායාරූපයට නඟන්නේ දේවා ජයවර්ධන හා චාමරයි. මගේ මංගල උත්සවයේ අප දෙදෙනාත් සමඟ සිටින්නේ මල් කුමර – කුමරියන් පමණයි. මගේ හිතවත් කලාකරුවන් සමඟ ප්‍රභූන් පිරිවරා පැවැත්වෙන ඒ දිනය සුන්දර දවසක් වේවි.’
* ඒ දිනය පැමිණෙන තුරු ඇඟිලි ගැන ගැන ඉන්න ඔබගේ නිවේදනයෙන් හැඩවෙන ‘හද්දින්නත් තරු’ වැඩසටහන සඳහා ලැබෙන ප්‍රතිචාර ගැන යමක් කිව්වොත්?
‘කාලෙන් කාලෙට විවිධ වූ වැඩසටහන් කිරීමට මට අවස්ථාව උදා වුණා. ‘හත්දින්නත් තරු’ කියන්නෙත් ඒ වගේ වැඩසටහනක්. දවසේම වෙහෙස මහන්සි වී පැමිණෙන ඔවුන්ගේ සිතට සතුටක් ගෙනෙන්න, සිත සැහැල්ලු කරන්න අපි මේ වැඩසටහන ඔස්සේ මහන්සි ගන්නවා. ඒ මේ වැඩ සටහනෙහි තිබෙනා විශේෂත්වයයි. මෙය කොයි තරම් ප්‍රේක්ෂකයන්ගේ හිතට අල්ලලා ද කිව්වොත් ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අපව ධෛර්යමත් කරනවා.’
* ඔබ වඩාත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණේ යෙහෙළි වැඩසටහන ඔස්සේ. කාන්තාවන්ගේ දුක්ඛ දෝමනස්සයන් වෙනුවෙන් කතා කරන මෙවන් වැඩසටහනක් යළිත් අපට දකින්නට නොලැබේවිද?
‘යෙහෙළි වැඩසටහන සඳහා තිබුණු ප්‍රතිචාරත් සමඟ එහි අදියර දෙකකින් වැඩසටහන අවසාන වුණා. තෙවැනි අදියර ආරම්භ කරන්න යැයි විධායක නිෂ්පාදකතුමා මට කිව්වා. මේ වැඩසටහන පර්යේෂණ මට්ටමේ වැඩසටහනක්. ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ කටයුතු මා ළඟදීම ආරම්භ කරනවා. ළඟදීම නැති වුණත් ටික කාලයකදී යෙහෙළි තෙවන අදියරෙන් ඔබ හමුවට පැමිණෙන්න අප සූදානම්. ඒත් සමඟම මගේ ගමන එන්න උදව් කළ මගේ ගුරුතුමා ජැක්සන් ඇන්තනී මහත්මයා, ස්වර්ණවාහිනියේ සභාපතිතුමිය ඇතුළු හැම දෙනාම සිහිපත් කිරීම මගේ යුතුකමක්. මේ හැම කාරණයකටම උදව් වෙන්න දැන් අපූරු පුද්ගලයෙක් මගේ ජීවිතයට සම්බන්ධ වෙනවා. ඔහු හා අතිනත ගන්නා තුරු මා බලා සිටින්නේ ඇඟිලි ගනිමින්.

දිනූෂා ඔබට සුබ මංගලම්!

0 comments:

Post a Comment