----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

රංගිරි ශ්‍රී ලංකා පස් වසර සමරයි

Saturday, May 5, 2012

රංගිරි ශ්‍රී ලංකා පස් වසර සමරයි


ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමි
විවිධ ගුවන් විදුලි නාළිකා අතරට මීට පස් වසරකට පෙර එක්වූ ‘රංගිරි ශ්‍රී ලංකා’ ගුවන් විදුලි සේවය වර්තමානයේ බෙහෙවින් ජනප්‍රියය. එය කොළඹින් බැහැරව ජාතික මට්ටමෙන් ආරම්භ කළ ප්‍රථම බෞද්ධ ගුවන් විදුලිය ලෙස විද්‍යුත් මාධ්‍ය ලෝකයේ නව වාර්තාවක් තැබුවේ ය.
මේ වනවිට සියලු පෞද්ගලික ගුවන් නාළිකාවල නාමය අගට (FM) එෆ්.එම්. යන්න එක් වූව ද රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලි නාළිකාවට එෆ්.එම්. යන්නක් නැත. දේශීය දේ අගයමින් හෙළ කලාකරුවන්ට, නිර්මාණ කරුවන්ට ආධුනික ප්‍රවීණ භේදයකින් තොරව තම හැකියාවන් පිළිබඳව කතා බහ කරන්නට, නිර්මාණ ප්‍රචාරය කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ‘රංගිරි ශ්‍රී ලංකා’ නාළිකාව බෞද්ධාගමික පැත්තට වැඩි ඉඩ කඩක් ලබාදෙයි.
පිරිත්, බුද්ධ වන්දනා, ධර්මදේශනා, ධර්ම සාකච්ඡා ආදී ආගමික වැඩසටහන් වලට ප්‍රමුඛස්ථානය දෙන අතරේම සතියේ දින හතේ උදෑසන විවිධ තේමා ඔස්සේ ශ්‍රාවකයා අමතනු ලබයි. ඔවුන්ගේ තේමා අතර දේශපාලනය, සාහිත්‍ය, ලලිත කලා මෙන් ම කාලීන මාතෘකා ද කතා බහට ලක් කෙරේ.
‘රංගිරි ශ්‍රී ලංකා’ ගුවන් විදුලි සේවාව ආරම්භ කරනු ලැබුවේ රංගිරි දඹුල්ලේ ය. පසුගියදා මීට සමගාමීව ‘දේශයේ රන් පහන් ටැඹ’ යන උදාන පාඨය සහිතව රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනි නාළිකාව ද ආරම්භ කරනු ලැබීය.
රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ශාස්ත්‍රපති පණ්ඩිත ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසා සිටින්නේ
“අපි රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලි නාළිකාව ආරම්භ කරනු ලැබුවේ ‘සැබෑ මාධ්‍ය සංස්කෘතියක පෙර ගමන් කරු’ යන උදාන පාඨය සමගින්. අපි රංගිරි ආරම්භ කරන විටත් මෙරට එෆ්.එම්. නාළිකා තිස් දෙකක් තිබුණා. රූපවාහිනිය ද මෙරට රූපවාහිනි ඉතිහාසයට එක් වන්නේ ප්‍රථම සංස්කෘතික හා අධ්‍යාපනික රූපවාහිනි සේවාවක් වශයෙන්. මේ නාළිකා දෙකෙන් ම අප උත්සාහ දරන්නේ මේ රටේ මිනිසුන්ට හොඳ දෙයක් දීමටයි. අපට යන්නට දිගු ගමනක් තිබෙනවා. අපි අපේ වගකීම හඳුනාගෙන බොහොම ශක්තිමත්ව අභිමානවත් ව ඵලදායි ලෙස අපේ මාධ්‍ය මෙහෙවර කරනු ලබනවා.”

රංගිරි නිවේදක මඬුල්ල

0 comments:

Post a Comment