----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

ටෙලි විෂනයට 23 දා හිරු උදා වෙයි

Thursday, May 17, 2012

පළමුවරට ඩිජිටල් තාක්ෂණය සමඟ ක්ෂේත්‍රයේ යෝධ පිම්මක්




රූපවාහිනියේ නවතම තාක්ෂණය වූ ඩිජිටල් තාක්ෂණය සමඟින් ABC මාධ්‍ය ජාලය හඳුන්වා දෙන රූපවාහිනිය ඔස්සේ නැවුම් ආලෝකයක් රැගෙන එන ‘හිරු TV’ මෙම මස 23 වැනිදා සිට සිය විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
රූපවාහිනි විකාශන ක්ෂේත්‍රයට නවතම වෙනසක් එක් කිරීමට නියමිත ‘හිරුTV’ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ උළෙල පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.
වසරකට අධික කාලයක් පුරා කරන ලද අත්හදා බැලීම් තුළින් සාර්ථක වූ ප්‍රතිඵලත් රැගෙන පැය දහ අටක විකාශන කාලයක් ද සමඟින් ප්‍රේක්ෂකයින් හමුවට එන ‘හිරු TV’ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මුළු දිවයිනම ආවරණය වන පරිදි විකාශය කෙරෙන බව පැවසූයේ ABC මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතායි.
මෙම අවස්ථාවට සහභාගි වූ ‘හිරු TV’ හි වැඩසටහන් කළමනාකරු නිමල් ලක්ෂපති ආරච්චි මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ විකාශන කාලය සමඟින් විවිධ වැඩසටහන් මෙන්ම ස්ටීරියෝ හඬ තාක්ෂණය ඔස්සේ සංගීත නාලිකාවක හැඩයත් මීට සමීප කොට ඇති බවයි. සතියේ දිනවල සඳුදා සිට සිකුරාදා විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය මාලාවන් ආරම්භ වන්නේ රාත්‍රී හතට පමණය. රාත්‍රී 7.00 ආරම්භ වන කැලුම් පාලිත මහීරත්නගේ ‘විසුල අහස යට’ රාත්‍රී 7.30 – 8.00 අතර වැහිළිහිණි, රාත්‍රී 8.00 – 8.30 අතර තිස්ස විජේකෝන්ගේ ‘සිහිනයක් ජීවිතේ’ විකාශය වන විට සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි රාත්‍රී 7.30 – 8.00 දක්වා අනුරුද්ධ ජයසිංහගේ’යකඩ පහන් තිර’ විකාශය වීමට නියමිතය.
මෑතකදී තිරගත වූ හින්දි චිත්‍රපට හා හොලිවුඩ් චිත්‍රපට ප්‍රථම වරට නැරැඹීමේ අවස්ථාවක් ද හිරු ටී. වී සමඟ උදාවේ. සඳුදා සිට සිකුරාදා උදෑසන 6.00 ට ආරම්භ වන ‘වින්දනීය උදෑසන’ වෙන් වී ඇත්තේ සෞඛ්‍යය, රූපලාවන්‍ය, ඉවුම් – පිහුම්, විලාසිතා ප්‍රිය කරන ඔබ වෙනුවෙනි.
දහවල් කෑම පැයේ දවසේ විඩාව සංසිඳුවන සංගීතමය හා වින්දනීය අත්දැකීමක් ලබා දෙන ‘ටොප් ලයිට්, මූණට නොකියන ඇත්ත - අන් මාක්ස්, ජනප්‍රිය කලාකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කරන ‘කවුන්ට් ඩවුන්’ තරු දිලෙන හැන්දෑව, දිවයිනේ ජනප්‍රියම තරුවක් සමඟ ප්‍රථම ප්‍රේම අත්දැකීමක් සාකච්ඡා කෙරෙන ‘ආයෙමත් ආදරෙන්’ නම් සංවේදී පැය, ලාංකේය පත්‍ර කලාව උඩි යටිකුරු කරන ‘කහ ඉර’, අලුත් තාක්ෂණය පිළිබඳ කියන ගැජට් ෂෝ සතියේ දිනයන්හිදී ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීමක් ගෙනෙනු ඇත. සති අන්තයේ දිනවල විකාශය වන ‘ස රූප’, ජනප්‍රිය පුද්ගලයින් සමඟ ගෙවනා වින්දනාත්මක හෝරාව ‘දාන්න පහක්’ අරුණි සමඟ ලංකාව පුරාම සිදු කෙරෙන ‘ට්‍රැවල් ඇන්ඩ් ලීවින්’, ‘කල්ට් එක’, ‘ඕං ආටක නාටක’, බොලිවුඩයේ තරු පිළිබඳ කෙරෙන ‘බොහොත් සූන්දර්’, ‘මංගලම්’, ‘උත්තරීතර’, ‘කොපි කැට්’, ‘හිරු ටොප් 20’, ‘හතර වරං’ ලංකාවේ වඩාත් සුන්දර මිනිසුන් හමුවන ‘එස් වී ආර් ලංකාස්’ ආදී වැඩසටහන් රාශියකින් ‘හිරු TV’ ඔබගේ නිවසට පිවිසේ.

1 comments:

HITHA HONDA AKA said...

ALL THE BEST!!!!!!!!!!!!!!

Post a Comment