----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

‘ස්ටාර්ස්’ තුන් දෙනෙක් ගැන අලුත් ආරංචියක්

Thursday, April 26, 2012

‘ස්ටාර්ස්’ තුන් දෙනෙක් ගැන අලුත් ආරංචියක්

සංඛ – ගයනි – උදේශ් නෙතු මානයේ රැගෙන එති

ජන 28 දා කලා කේන්ද්‍රයේ
සංඛ දිනෙත් ගයනි මධූෂා උදේශ් නීලංග මේ තුන් දෙනා නව පරපුර නියෝජනය කරන සංගීතයෙන් පෙළහර පාන උදවිය. ඒ ත්‍රිත්ව තරු සංකලනය ලබන විසි අට වැනිදා සවස බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයට පායන්නේ ‘නෙතු මානයේ’ දිග හරින්න.

‘නෙතු මානයේ’ ගී ප්‍රසංගයක් ‘නෙතු මානයේ’ ට පෙර සංඛ, ගයනි, උදේශ්ගේ අලුත් තොරතුරු මොනවද කියලා දැනගන්නට මට හිතුණා.
සංඛ - මේ දිනවල මං ටිකක් කාර්යබහුලයි. සිරස නාලිකාවේ පොඩ්ඩන්ට පුළුවන් සංගීත වැඩ සටහනේ විනිසුරු මඬුල්ලේ ඉන්නවා. ඒ වගේම සිරස සහ නෙත් ගුවන් විදුලියන්හි සති අන්ත තේමා වාදනයන් හදන්නේ මං. තවත් චිත්‍රපට කිහිපයකට සංගීත නිමවුම් සඳහා ආරාධනා ලැබිලා තියනවා. ඒ ගැනත් සිතා බලමින් කල්ගත කරනවා.
ගයනි – මම එරංග සේනාරත්නගේ අලුත්ම චිත්‍රපටය ඇතුවත් බෑ නැතුවත් බෑ හි ගීතයක් සුරේෂ් ගමගේ සමඟ ගැයුවා. සිරි දළදාගමනය චිත්‍රපටයෙත් ගීයක් ගැයුවා. ඒක තමයි මගේ අලුත්ම ආරංචිය. ඊට අමතරව ප්‍රසංග වේදිකාව සඳහා ඇරැයුම් ලැබෙනවා.
සංක, ගයනි සහ උදේශ්ට ගායන ලොවෙහි ඉදිරියට යන්න තල්ලුවක් ලැබුණේ සිරස සුපිරි තරු තරගාවලිය නිසා. ඒත් සංඛ ගයනි තරමට උදේශ් වැඩිපුර කළ එළියට ආවේ නැහැ.
උදේශ් - මේ දවස්වල මගේ සහ ගයනිගේ එක්තරා යුග ගීතයක රූප රචනාවකට සැරසෙනවා. ඒ ගීය ගැන පසුවට කියන්නම්. මං දැනට ස්වතන්ත්‍ර ගීත පහළොවක් පමණ ගයා අවසන්. වියපත් බඹරා චිත්‍රපටයේ ගැයුවට පස්සේ මට හරවත් නිර්මාණයක් සඳහා ඇරැයුම් ලැබුණේ නැහැ. තව චමින්ද සමරනායක සංගීත අධ්‍යක්ෂණය කරපු තරු වැස්ස නම් වූ සංයුක්ත තැටියකට ගැයුවා. තව නොබෝ දිනකින් එය එළි දැක්වේවි.
සංඛ ගැයූ ‘ඔබ හීනයක් හීනයක් වී හිඳින්න මාගේ නෙතු දැහැනේ’ ගීය ඉතාම ජනප්‍රියයි?
අනේ ඔව්. මමවත් හිතපු නැති විදිහක ජනප්‍රියතාවයක් ගීතයට ලැබුණා. තිළිණ රුහුණගේ තමයි ඒකේ මියුසික් කළේ. නලින් ද සිල්වාගෙ පද ගෙත්තමක්. මං හිතනවා මගේ අනෙකුත් ගීතලට වඩා වේග රිද්මයට එය නිර්මාණය වූ හින්දා එය තදින් මිනිසුන් වැළඳ ගත්තා.
සංඛට පුංචි චෝදනාවක් තියනවා. ඒ මිල්ටන් මල්ලවආරච්චි ගැයූ ‘කඳු පාර ඈත අයිනේ’ ගීතය විකෘති කොට ගැයූ බවට.
මෙහෙමයි, එම ගීයේ සංගීත නිර්මාපක සරත් ද අල්විස්ගේ පුතු සුරංග ද අල්විස්ගේ ආරාධනාවකට එහෙම ගැයුවේ. ඒත් මම ඒක විකෘති කළේ නැහැ. රැප් කරලා විනාශ කළෙත් නැහැ. අලුත් සිංදුවටත් කැමැති අය නැතුවාම නෙවෙයි. ඒ ගීතය පද රචනා කළ උපාලි ධනවලවිතාන මහතාවත් මතක් කරන්න ඕන.
පුංචි වතේ රංචු ගැහෙන
හීන මල් සොයා
සමනල තටු සලා හිමින්
සිත ඉගිල ගියා

හොරෙන් හොරෙන් අඩි තිය
තියා හදවත පුරා
ඉලංදාරියෝ සෙල්ලම් කරනවද ඔයා

ගයනි එහෙම ගැයවේ සංඛත් එක්ක. ආයෙත් ඒ වගේ ප්‍රේමණීය ගීතයක් ගයන්න.
ම් ම් ම් . . . සංඛත් එක්ක යුග ගීත කිහිපයක්ම කිව්වා.
වැඩිපුර ජනප්‍රිය වුණේ මේක. ඒ වගේම නැතත් හොඳ ඩුවට් එකක් කියන්න අපි දෙන්නා සැලසුම් සකස් කරගෙන ඉන්නවා.
උදේශ් ඇයි සද්ද නැතිව ඉන්නේ?
කියන්න නම් දෙයක් තියනවා. ඒ මා මුලින්ම නොකීව අර යුග ගීතය පිළිබඳව.
එය ‘නෙතු මානයේ’. නෙතු මානයේ කියන්නේ මගෙයි ගයනිගෙයි ගීතය. එය ගුවන් විදුලි මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. ප්‍රතිචාරත් හොඳයි. මේ වෙලාවේ ‘නෙතු මානයේ’ ප්‍රසංගය සඳහා ශක්තියක් වන ඉත්තෑකන්ද සද්ධාතිස්ස හාමුදුරුවෝ, කර්නල් ධම්මික ගුණසේකර, රිස්ලි ඉල්ලියාස්, ලයනල් එදිරිසිංහ, ශාකීර්, බ්‍රයන් සහ ශිරෝමිකා ප්‍රියදර්ශනී යන අයවත් මතක් කිරීම අපගේ යුතුකමක්.



SARASAVIYA

0 comments:

Post a Comment