----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

එවැනි යෝජනා එපා මට පෙම්වතෙක් ඉන්නවා

Thursday, April 26, 2012

එවැනි යෝජනා එපා
මට පෙම්වතෙක් ඉන්නවා

ගයත්‍රි රාජපක්‍ෂ

තුෂාරි ආදරය නිසා පිස්‌සියක්‌ වෙලා. ඒ විතරක්‌ නෙමෙයි හිරේ යන්නත් වෙලා. තුෂාරි ගෙවන මේ ජීවිතය හරිම දුක්‌බරයි. මේ ජාතික රූපවාහිනියේ විකාශනය වන සඳට අහස තරම් ටෙලිනාට්‍යයේ තුෂාරිගේ කතාව. මෙලෙස තුෂාරි ලෙසින් ප්‍රේක්‍ෂක හමුවට එන ගයත්‍රි රාජපක්‍ෂ සමඟ අපි කතාබහක නිරත වුණා.

ගයත්‍රි මේ දවස්‌වල ගොඩක්‌ හිට්‌ලු නේද?

තුෂාරි චරිතයට මගතොටේදී ලැබෙන ප්‍රතිචාර නිසා ගොඩ දෙනෙක්‌ මං ගැන කතා වෙනවා ඇහිලා තියෙනවා.

කාලෙකට විතරක්‌ ඇයි මෙහෙම ජනප්‍රිය වෙන්නේ?

ඒකට ප්‍රධානම හේතුව තමයි දිගටම නිර්මාණවලට දායක වුණාට එක කාලෙකදි විතරයි ඒවා විකාශය වෙන්නේ.

ඇයි මේ ජනප්‍රියත්වය හැමදාමත් ර¹පවත්වා ගන්න බැරි?

කරන්නන්වාලේ හැම දෙයක්‌ම නොකර හොඳ දේ විතරක්‌ තෝරගෙන කරන නිසා වෙන්න ඇති.

ඔබ ක්‍ෂේත්‍රයට අලුත් වීමත් ඒකට හේතුවක්‌ද?

එහෙම කියන්න දන්නෙ නෑ. නමුත් හැමදාමත් අලුත් කියලා හිතාගෙන ඉන්න තියෙනව නම් කැමතියි.

නවකයන්ට කෙටි කලකින් ජනප්‍රිය වෙන්න බැරි ඇයි?

ඔවුන් ක්‍ෂේත්‍රයට ආධුනික නිසා වෙන්න ඇති.

නමුත් පළමු නිර්මාණයෙන්ම එහෙම ජනප්‍රිය වෙන අයත් ඉන්නවා නේද?

දක්‍ෂතාව අනුව වෙන්න ඇති. ඒ වගේම සමාජයට දෙමාපියන්ගෙ තත්ත්වෙට ගරු කරලා ඒ දේවල් කරනව නම් තමයි හොඳ.

ඔබ ජනප්‍රිය වෙන්න මොනවද අනුගමනය කරන ක්‍රියාපිළිවෙත?

ජනප්‍රියත්වය වෙනුවෙන් ලොකු විශේෂ දේවල් කරන්නෙ නැහැ. මොකද මම හැම දේම ගැන සරලව හිතන කෙනෙක්‌.

ගයත්‍රි දක්‍ෂ රංගනයට විතරද?

මම රඟපාන්න දක්‍ෂයි කියන තැන නැහැ. ඒ තුළ මම තාමත් හදාරනවා.

නටන්න පුළුවන් කියන කතාව බොරුවක්‌ද?

පාසලේදී විෂයයක්‌ හැටියට උඩරට නැටුම් හදාරලා තියෙන නිසා ටිකක්‌ නටන්න පුළුවන්.

රංගනය ද අද ඔබේ වෘත්තිය?

දැනට නම් රංගනය තමයි. ඒත් රඟපාන්න එන්න කලින් පුද්ගලික ආයතනයක රැකියාවක්‌ කළා.

ඇයි රස්‌සාව අත්හැරියේ?

ෂූටින්වලට නිතරම නිවාඩු ගන්න සිද්ධවුණ නිසා මටම හිතුණා රඟපාන්නයි රස්‌සාව කරන්නයි ගියොත් දෙකෙන් එකක්‌වත් හරියට කරගන්න බැරිවෙයි කියලා.

ඒ ගැන දුකක්‌ නැද්ද?

දුකයි තමයි හිතේ කැමැත්තට ඉඩ දුන්නා.

දිගටම මේ ක්‍ෂේත්‍රයේ නියෑළෙනවද?

පුළුවන් කාලයක්‌ ඉන්නවා.

රඟපෑම රස්‌සාව හැටියට තෝරගත්තට එය අස්‌ථිරයි කියලා හිතෙන්නෙ නැද්ද?

ඔව්, ඉතින් එහෙම එකකකුත් තියෙනවා තමයි.

ඒ කියන්නේ ඉදිරියේදී මේ වෘත්තිය වෙනස්‌ කරනවාද?

සමාජයේ ජීවත්වෙන්න බැරි තරමේ වටිනාකමක්‌ ලැබුණොත් යම් කාලෙකදි රැකියාවක්‌ කරනවා.

එදා හිටපු අහිංසක ගයත්‍රි අද ගොඩක්‌ ආඩම්බර වෙලා කියන්නෙ ඇත්තද?

කවුරුත් එහෙම කියනවා ඇති කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. මොකද එදාට වඩා අද මම හැමෝමත් එක්‌ක සුහදව කතා කරනවා.

එහෙනම් ගයත්‍රි කොහොම කෙනෙක්‌ද?

අහිංසකයි. තරහ යන අවස්‌ථාත් තියෙනවා.

සාමාන්‍යයෙන් දවස ගෙවෙන්නෙ කොහොමද?

ගෙදර හිටියොත් උයන පිහින වැඩ, ගෙදර පිරිසිදු කරන වැඩ කරන්නෙ මම තමයි.

ඒ කියන්නෙ රහට උයන්න පුළුවන්?

ඔව්, මට හොඳ රහට ඕනම කෑමක්‌ උයන්න පුළුවන්.

ඒ රසට රුචි වුණ විශේෂ කෙනෙක්‌ නැද්ද?

ඉන්නවා.

විස්‌තර කියන්න කැමතිද?

ඔහු මේ දිනවල විදේශගතවෙලා ඉන්නෙ. අපේ ආදරේට දෙපැත්තෙම දෙමව්පියෝ අවසර දීලා තියෙන්නෙ. දැනට ඒ ඇති. පස්‌සේ තව විස්‌තර කියන්නම්.

ඒ කියන්නෙ ළඟදි විවාහ වෙනවා?

ලබන වසරේ බොහෝ දුරට විවාහ උත්සවය ගන්නයි සැලසුම් කරගෙන ඉන්නෙ.

විවාහයෙන් පස්‌සෙ රංගනයෙන් ඉවත් වේවිද?

විවාහය නිසා කවදාවත් රංගනය අත්හරින්නෙ නැහැ. මොකද ඒ තරමට හොඳ විශ්වාසයක්‌ අපි දෙන්නා අතරේ තියෙනවා.

පුංචි තිරයේ පෙම්වතුන්ගෙන් ප්‍රේමාරාධනා ලැබිලා නැද්ද?

ලැබිලා තියෙනවා. මට බඳින්න කෙනෙක්‌ ඉන්නවා කියලා ඒ යෝජනා බොහොම මිත්‍රශීලීව ප්‍රතික්‍ෂේප කළා.


ඡායා - ලක්‌මිණි අතුකෝරල

Divayina

0 comments:

Post a Comment