----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

Lanka Art Chat Room - එන්න අපි කතා කරමු

ස්නේහා.......................................................................

Sunday, May 29, 2011

නම ?

ස්නේහා වසුන්දරා.

පදිංචිය?

මොරටුව.

උපන් දිනය?

මැයි 3.

පාසල?

ආනන්ද බාලිකා විද්‍යාලය.

ලග්නය?

කන්‍යා.

වෘත්තිය?

නිවේදනය. ඊට අමතරව රඟපානවා.

රඟපෑ ටෙලි නාට්‍ය?

පස් මල් පෙති, සෙනෙහස සුවඳයි, අංගම් මල්දම්.

චිත්‍රපට?

හාර්ට් එෆ්. එම්., සර් ලාස්ට් චාන්ස්, පායා එන්න හිරු සේ, සුවඳ දැනුණා ජීවිතේ.

ගීතමය රූප රචනා?

ප්‍රසංග තිසේරාගේ දිව්‍යාංගනාවි, දුෂාන් ජයතිලකගේ මතකයන්.

ඉදිරිපත් කරන වැඩ සටහන්?

රිදම් එෆ්. එම්. හි රිදම් කැෆේ, චැනල් සී නාලිකාවේ ඔන් ද වේ.

මුලින්ම නිවේදනය කළ දවස?

2008 දෙසැම්බර් 08.

කොහෙද?

රිදම් එෆ්. එම්. එකේ.

මොනවද එදා හිතුණේ?

ටිකක් බය හිතුණා.

නිවේදනයේදී වැඩියෙන්ම භාවිත කරන වචනය?

ඔයා.

ආගම?

බුද්ධාගම.

අන්තිමයට පන්සල් ගිය දවස?

පසුගිය අප්‍රේල් 14 වැනිදා.

ජීවිතයේ වැඩියෙන්ම බය හිතුණු මොහොත?

එක සැරයක් කලා කටයුත්තකට ගාල්ලේ යද්දී මා ගිය වාහනය ඇක්සිඩන්ට් වුණා. මං හිතුවෙ එදා මං මැරුණා කියලා.

සිත වඩාත් සංවේදී කළ ගීතය?

සෙන්ටිග්‍රේඩ්ස්ලාගේ දිව්රාලා පවසන්න.

හේතුව?

විශේෂයක් නැහැ. ඒ ගීතය හරිම ලස්සනයි.

අවස්ථාවාදීන්ව හමු වුණාම මොකද කරන්නේ?

හිමින් සැරේ මඟ හැරලා යනවා.

ඔබ සතුව ඇති ගති ගුණයක් වෙනස් කර ගන්න අවස්ථාව ලැබුණොත්?

මිනිසුන්ව ඕනෑවට වඩා විශ්වාස කිරීමේ ගති ගුණය වෙනස් කර ගන්නවා.

ඔබට හමු වූ ආදරණීයම චරිතය?

මගේ අම්මා.

මට ආරංචි වුණා හින්දි භාෂාව කතා කරන්න පුළුවන් කියලා?

ඔව්, හොඳටම පුළුවන්.

කොහොමද හින්දියෙන් ආදරය ප්‍රකාශ කරන්නේ?

මෛං තුම්සේ බොහුත් ප්‍යාර් කර්තී හුං.

ඔබ අතින් නිතරම සිදු වන වැරැද්ද?

පමණට වඩා මිනිස්සු විශ්වාස කිරීම.

මේ වන විට ගත කරන්නේ තනිකඩ ජීවිතයක්ද?

ඔව්.

ආදරය කරන්න තෝර ගන්න කෙනා?

මට ආදරේ කරන කෙනෙක් විය යුතුයි.

කිසියම් කෙනෙකු ඔබ දෙස බොහොම ඕනෑකමින් බලාගෙන හිටියොත්?

මමත් එහෙම බලාගෙන ඉන්නවා.

අවසන් වතාවට කියවපු පොත?

සිත මෙහෙයවා ජීවිතය ජය ගැනීම.

එෆ්. එම්. නිවේදිකාවන්ට චෝදනාවක් තියනවා?

මොකක්ද?

ගිරවියන් වගේ තොර තෝංචියක් නැතිව අනවශ්‍ය දේවල් කියවනවා කියලා?

අවශ්‍ය දේවල් එෆ්. එම්. එකට ගැලපෙන පරිදි අවශ්‍ය වෙලාවට කියනවා. සමහරුන්ට එහෙම හිතෙනව ඇති. මට ඒවා අදාල නැහැ.

ඔබ දුටු ලස්සනම හීනය?

උදේ නැගිටිද්දී දැකපු හීන අමතකයි.

නිවේදිකාවක් විදිහටද ඉදිරියට යන්න කල්පනාව?

මං කැමැතියි හොඳ හින්දි පරිවර්තකයකු වෙන්න.

ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත්?

මිනිස්සුන්ට වඩා සත්තුන්ට ආදරේ කරන කෙනෙක්.

ලිපිනය?
30/12,
ස්විස්විලා පාර,
හොරේතුඩුව,
මොරටුව.

READ MORE - ස්නේහා.......................................................................

ඔවුහු එකිනෙකා හඳුනා ගත්හ.

පසුගිය විසි හය වැනිදා සවස හසලක සුන්දර ගම්මානයේ සිට ඩිලානි අප්සරා බසයට ගොඩ වන්නේ කොළඹ බලා ඒමටයි. ඒ තම පියා සමඟිනි. මාතර මධුෂා ද තම මව සමඟින් උදෑසනම පැමිණෙන්නේ කොළඹ බලාය. මාවනැල්ල තිස්ස බණ්ඩාර ද 27 වැනිදා උදෑසනම කොළඹ බලා පැමිණෙයි.

නිකවැරටිය හර්ෂනාථ බණ්ඩාර ද මේ පැමිණෙන්නේ කොළඹ බලායි. එමෙන්ම මීගමුව ලෙනාඩ් ප්‍රනාන්දුත් පැමිණෙන්නේ කොළඹටයි. මේ පස් දෙනා කොහාටද යන්නේ?

ඒ අන් කොහේටවත් නොව, ලේක්හවුස් ආයතනයේ ‘සරසවිය’ අප පාඨකයන්ට තිළිණ කරන සුන්දර නිමේෂයේ ආශ්වාදය විඳ ගැනීමටයි. ඒ මේ මස ‘කෙළින් හමුව’ සඳහා කුසපත් ඇදීමෙන් තෝරා ගත් පාඨකයන් පස් දෙනායි.

අළුයම දෙකේ කනිසමේ සිට ලේක්හවුස් ආයතනයට මධූෂා තම පියා සමඟ පැමිණ සිටින්නේ තම ප්‍රදේශයේ සිට 27 වැනිදා නවයේ කණිසම වන විට සරසවියට පැමිණීමට තරම් ප්‍රවාහන පහසුකම් නොමැති නිසාය. මෙපමණ දුරක් කරදර විඳගන අප පාඨකයන් සතුටෙන් මොහොතක් ගත කරන්න පැමිණෙන්නේ කලා තරුවලට දක්වක සැබෑම ලෙන්ගතුකම නිසාමයි. ඒ ලෙන්ගතුකමේ තරම කොපමණ ද කියනවා නම් මෙවර දහසක් කුසපත් අතරින් පාඨකයින් වැඩිම ප්‍රමාණයක් දැක් වූයේ පුංචි තිරයේ අවිහිංසක ප්‍රේමවන්තයා ලෙස මේ දිනවල රසික ප්‍රතිචාර නොමඳව ලබන යොවුන් රංගන ශිල්පී සාරංග දිසාසේකරයි.

මොහොතකින් සාරංග අවිහිංසක සිනාවත් සමඟ ඊටම ඔබින අව්‍යාජ බවත් විදහාපාමින් සරසවිය පාඨකයන් ඉදිරියට පැමිණියේ ඔවුන්ගේ සිත් අමන්දානන්දයට පත් කරමිනි. ඔවුහු එකිනෙකා හඳුනා ගත්හ.

මේ පාඨකයින්ගේ් දෑස් දීප්තියෙන් බබලන්නේ සාරංග සියැසින් සජීවීව දැක බලා ගැනීමේ භාග්‍ය උදාවීමේ සතුට නිසාවෙනි.

ලොකු පොඩි බේදයකින් තොරව සාරංග හා සතුටු සාමීචියේ යෙදීමට පැමිණ සිටින මේ පිරිස සාරංග සමඟ දැන් සතුටු සාමිචියේය.

සාරංග ඔබේ පියා දක්ෂ ගායකයෙක්. මව ප්‍රකට නිවේදිකාවක්. මේ සම්බන්ධය ද රංගනයට ඔබට බලපෑවේ?

ඒ හර්ෂනාථ බණ්ඩාරයි. මෙහෙමයි මම කලා පසුබිමක් සහිත පවුලකින් පැවැත ආවත් මගේ් රංගනයට මගේ මාමා වන ඩග්ලස් රණසිංහගේ ආභාෂයත් ලැබුවා. ඊට අමතරව පවුල් පසුබිමත් මගේ උනන්දුවත් යන දෙකම බලපෑවා.

‘ඔබ ඇත්තටම ධනුක වුණා නම් මොනවද කරන්නේ? ඒ තිස්සගේ පැනයයි. ඇත්තටම මම බොඳ මීදුම් නාට්‍යයේ සිටින ධනුක උනා නම් ඊට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට හැසිරේවි.

මේ සියලු කතාබස් දෙස විමසිල්ලෙන් බලා සිටි ඩිලානි, සාරංගගෙන් මෙසේ විමසයි.

සාරංග අයියේ, බොද මීදුම් රූගත කරන්නේ කොහෙද?

‘කොට්ටාව, බත්තරමුල්ල, බණ්ඩාරගම වගේ ප්‍රදේශවල තමා බොඳ මීදුම් රූගත කරන්නේ.

ලෙනාඩ් ප්‍රනාන්දු

අපටත් රූගත කිරීම් බලන්න පුළුවන්ද?

ඒ මධූෂාගේ හඬයි.

‘ඇත්තටම පුළුවන්. රූගත කරන වෙලාවක ඔයාලට එන්න පුළුවන්. සාරංග මේ දිනවල තව නිර්මාණවලට දායකත්වය දෙනවාද? ඒ ලෙනාඩ් ප්‍රනාන්දුයි.

ගඟ අද්දර මේ දිනවල සිරස ටී. වී. ඔස්සේ විකාශය වෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍ය කිහිපයක් තව විකාශය වෙනවා. වැහි පබළු සේලත් ඉන් එකක්.

ළඟදී චිත්‍රපට එහෙම නැතිද? ඒ ඩිලානියි.

මම රඟපෑ සංගිලි, සුපර් සික්ස් ඇතුළු චිත්‍රපට හතරක් පමණ ළඟදීම තිරගත වේවි. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා කරලා තියනවා. මධූෂා ඔයා මෙනාවද කරන්නෙ?. ඒ පෙරලා සාරංගගෙන් මධූෂා වෙත පැනයකි.

මම උසස් පෙළ ලියලා මේ දිනවල ජයසේකර අපොන්සු මහත්මයාගේ භාෂා කියන පාසල් නාට්‍යයේ රඟපානවා.

ඔබේ පියා ලංකාවේ සිටි සුන්දර ගායකයෙක් වන නාරද දිසාසේකරයි. ඔබට ගීත ගායනයේ හැකියාවක් තියනවාද?

මෙහෙමයි, මට ගීත ගායනා කිරීමේ හැකියාව තිබෙනවා. එහෙත් දුවන්නන් වාලේ දුවනවා වාගේ් ගීත ගායනා නොකර නිවැරැදිව ගීත කිහිපයක් නිර්මාණය කරන්න මගේ අදහසක් තියෙනවා.

ඔබට ‘නිල් දිය යහන’ රංගනය ගැන දැන් මොකද හිතෙන්නේ? ඒ හර්ෂනාථගේ පැනයයි.

දැන් එම රඟපෑම නැවත කරන්න ලැබුණොත් ඊටත් වඩා තාත්ත්විකව කරනවා කියන එකයි මගේ් හැඟීම.

සාරංග ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට පසුබිම් ගායනය කර තිබෙනවාද?

ළඟදී රූගත කෙරුණ සුසීමා ටෙලි නාට්‍ය ඇසුරින් නිපදවෙන සූසීමා චිත්‍රපටයට මම පසුබිම් ගායනයෙන් එක් වුණා.

මේ කතාබහ අතරතුර සාරංගගෙන් සමරු සටහන් ගන්නද ඔවුන් අමතක කළේ නැහැ. සාරංග ද අත්සනින් යුතු ඡායාරූප කිහිපයක් මේ පස් දෙනා අතර බෙදා දුන්නේ සතුට දෝරේ ගලා යමින් තිබෙන විටදීය.

විවිධ රසාලිප්ත සිදුවීම් මැද මේ ගෙවෙන සුන්දර මොහොත මේ ආදරණීය පාඨකයන් පස් දෙනාට නම් අති සුන්දර මොහොතක් වනවාට නොඅනුමානයි.

මේ සිදුවීම් අතර ඔවුන් ගෙන ආ කැමරාවලින් ඡායාරූප ලබා ගැනීමටද ඔවුන් අමතක කළේ නැහැ.

සාරංග ද ඔවුන් හා සතුටෙන් ගෙවන සුන්දර මොහොත ආදරයෙන් ගත කිරීම පාඨකයන්ට පමණක් නොව ඒ සඳහා පාලමක් සාදා දුන් සරසවිය අපට ද සතුටකි.

ඔබටත් මෙවන් සුන්දර මොහොතක් අත් විඳින්නට අවශ්‍ය නම් අපේ කෙළින් හමුවන්න කූ®පනය පුරවා අදම අප වෙත ලැබීමට සලස්වන්න.

මේ සමූහ ඡායාරූපයයි. ඔක්කොම එක් වී කේක් කපලා.
සාරංගගේ අතින් සමරු සටහන් තැබූ මොහොත. තිස්ස බණ්ඩාර
ඩිලානි අප්සරා මධූෂා
සිය ආදරණීය පාඨකයන්ගෙන් කේක් කෑල්ලක රස විඳිනා සාරංග.

READ MORE - ඔවුහු එකිනෙකා හඳුනා ගත්හ.

ඔව්. ඒත් මම වැඩිය මේකප් කරනවා අඩුයි.

නම?

මැණික් විජේවර්ධන

පදිංචිය?

ගම රත්නපුරේ. දැනට ඉන්නේ නුගේගොඩ.

පාසල?

ජේසු බිළින්දාගේ කන්‍යාරාමය, රත්නපුර.

උපන් දිනය?

ජනවාරි 21.

ලග්නය?

සිංහ.

වෘත්තීය?

පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරියක්.

විමෝදාංශ?

නිවේදනය, රංගනය.

නිවේදනය කළ වැඩ සටහන්?

ජාතික රූපවාහිනියේ සුන්දර ශ්‍රී ලංකා.

රඟපෑ නිර්මාණ?

වෙළෙඳ දැන්වීම් කිහිපයක රඟපෑවා. ඒ වගේම නාලක විතානගේ ගේ පළමු ෆිල්ම් එක, ලයිෆ්හි ප්‍රධාන චරිතය රඟපාන්නේ මං.

රංගනයට කැමැතිද?

පුංචි කාලේ ඉඳලා ආසයි.

රංගනය ඉගෙන ගන්නවද?

ඉගෙන ගන්න ආසයි. ඒත් ඉගෙන ගන්න තැනක් ලංකාවේ කෝ?

කවුද ක්ෂේත්‍රයේ ඉන්න යාළුවෝ?

ගොඩක් ඉන්නවා.

තරහකාරයෝ?

කවුරුවත්ම නැහැ.

ජීවිතයට වඩාත්ම සමීපම කෙනා?

තාත්තා.

කවුරු හරි ඔබව වර්ණනා කළොත්?

තෑන්ක්ස් කියනවා.

පැරැණි චිත්‍රපට නරඹනවාද?

ඔව්.

ඒ කාලයේ හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

හිතෙනවා.

මොන වගේ පොත්ද වැඩිපුර කියවන්නේ?

සෞඛ්‍ය සම්බන්ධ පොත් සහ පරිවර්තන.

සුරංගනාවෝ විශ්වාස කරනවාද?

නැහැ.

සිහින?

ඒත් විශ්වාස කරන්නේ නැහැ.

පොඩි කාලේ වුණු හිත සසළ වෙච්ච සිදුවීමක්?

මගේ සුරතලා නැති වුණු වෙලාවේ හොඳටම දුක් වුණා.

දුක හිතුණම?

අඬනවා.

අන්තිමට හොඳටම හිනා වුණු දවස?

හැම මොහොතෙම හිනා වෙලා ඉන්නේ.

කේන්ති ගියාම?

මට ඇඬෙනවා.

ඔබ අගය කරන පුද්ගලයෙක්?

බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ. නෑකමට මගේ් මුත්තණුවන්. එතුමාණන් තමා මා වඩාත්ම අගය කරන්නේ.

කවුරු හරි කෙනෙක් ප්‍රසිද්ධියේ ඔබට බැන්නොත්?

මං සාමාන්‍යයෙන් රණ්ඩු වෙන කෙනෙක් නෙවේ. ඒක නිසා බනින එක අහගෙන ඉන්නවා.

ක්ෂේත්‍රයේ ඔබ ප්‍රිය කරන අධ්‍යක්ෂවරු තුන් දෙනෙකු නම් කළොත්?

සුදත්ත තිලක්සිරි.

බර්ට්‍රම් නිහාල්.

නාලක විතානගේ.

ඒ අතරින් කා යටතේද රඟපාන්න කැමැති?

තිදෙනාම යටතේ.

තිරයේ පෙම්වතා කර ගන්න කැමැතිම නළුවා?

එහෙම විශේෂ කෙනෙක් නැහැ.

රූපලාවන්‍ය ගැන සැලකිලිමත් වෙනවාද?

ඔව්. ඒත් මම වැඩිය මේකප් කරනවා අඩුයි.

ආහාර පාලනය කරනවාද?

කොහෙත්ම නැහැ.

ක්ෂේත්‍රයේ ඉන්නේ?

සීයක් ගත්තොත් අසූවක්ම ඉන්නේ තව කෙනෙකු පාගාගෙන ඉදිරියට යන අය.

ඔබේ පෙම්වතා කිසියම් කරුණක් නිසා දුරස් වෙන්න හැදුවොත්?

හේතුව හොයනවා.

ඔහුගෙන් ඔබට ප්‍රමාණවත් ආදරයක් නොලැබුණොත්?

දුක හිතේවි.

ළඟදී විවාහ වෙනවාද?

අපෝ . . . ඒකට ගොඩක් කල් තියනවා.

ඉගෙන ගත්තේ මොන අංශයෙන් ඉදිරියට යන්නද?

රංගනයෙන්. ඒත් දැන් පියාගේ ව්‍යාපාර කටයුතුවලට යොමු වෙලා.

පියා?

කේ. ටී. විජේවර්ධන. ඔහු ව්‍යාපාරිකයෙක්.

මව?

ගංගා සඳමාලි.

මැණික් ඇත්තටම මැණිකක්ද?

එහෙම ගොඩක් අය කියනවා.

ඔබව කෙටියෙන් හැඳින්නුවොත්?

සරල, ජීවිතය ගැන තේරුම් අරගෙන ජීවත් වන කෙනෙක්.

ලිපිනය?

174/7,
නාවල පාර,
නුගේගොඩ.

READ MORE - ඔව්. ඒත් මම වැඩිය මේකප් කරනවා අඩුයි.

තවම වයස අවුරුදු 19

ටින්කර් බෙල් කොළ පැහැති කෙටි ගවුමකින් සැරසී තම සුරඟන තටු සලමින් පියඹන්නේ් ගීතයක් ද ගයමිනි. ගීත කීමට නොදත් ටින්කර් බෙල් හොරැහින් පරිගණක තිරයෙන් එබී බලයි. හුරුබුහුටි සෙලීනා ගෝමස් මයික්‍රෆෝනය අසලය.

ටින්කර් බෙල් කිංකිණි හඬින් හිනැහී මුව උල් කරමින් ගීතය ගයන්නා සේ අනුකරණය කළේය. ඇයට දැන් බිංදුවක්වත් බය නැත. සෙලීනා ගෝමස් තමාට ප්‍රාණය පිඹිණ බව ඈ දනී. 2008 වසරේදී නිකුත් වූ ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයක් වූ ‘ටින්කර් බෙල්’ හි ‘ෆ්ලයි ටු යුවර් හාර්ට්’ නම් ප්‍රකට ගීතය ගයමින් හුරුබුහුටි සෙලීනා ගෝමස් සංගීත ලෝකයේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය.

ඈ ගායිකාවකි, නිළියකි, ගීත රචිකාවියකි, සංගීතඥවරියකි, විලාසිතා නිර්මාණ ශිල්පිනියකි. ඈ නියෝජනය කරන්නේ් ජනප්‍රිය සංස්කෘතියයි. මව් පාර්ශ්වයෙන් රඟපෑම පිළිබඳ උරුමයත් සමඟම ඈ පිවිසියේ ‘බාර්නි ඇන්ඩ් ද ෆෙ‍්‍ර්ඩ්ස්’ හි රඟපෑමටය. යාන්තම් වයස 07 සම්පූර්ණ කළා පමණි. එහෙත් සැලකිය යුතු රංගනයක් බාර්නි ඇන්ඩ් ද ෆෙ‍්‍රන්ඩ්ස් වෙත ලබා දුන් ඇය තම ශරීරයේ නොයෙක් අහුමුලුවල සැඟ වී ඇති දක්ෂතා එකින් එක පරීක්ෂා කර බැලීමට ඉටා ගත්තාක් මෙනි.

1992 ජූලි මස 02 දා ටෙක්සාස් හිදී උපත ලත් සෙලීනා මේරි ගෝමස් තරමක් නිහඬ දරුවෙකු විය. ඇගේ මව ප්‍රකට වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක වූ මැන්ඩි ටීෆිය. පියා රිකාඩෝ ජොඑල් ගෝමස්ය. සෙලීනාට වයස අවු: 05 පිරෙන විට ඇගේ මවුපියන් නීතියෙන් වෙන් වූහ. ඈ හැදී වැඩුණේ මෑණියන් ළඟය. රඟපෑම පිළිබඳ පළමු ඉඟිය ඇයට ලැබුණේ් ස්වකීය මව වෙතිනි.

වේදිකා නාට්‍ය ශිල්පිනියක ලෙස ඇය තම චරිත සඳහා වෙහෙසෙන අයුරුත් ඈ රඟපාන අයුරුත් දුටු කුඩා සෙලීනාට මේ නම් අරුම ලෝකයක් බව ඒත්තු ගියේය. ඈ ඒ ලෝකයට ආශක්ත විය. මවක් මෙන් නිළියක වීමට ඕ නිතර සිහින මැවීය. ගායනය පිළිබඳ අංශුමාත්‍රික උනන්දුවක් හෝ සිහිනයක් සෙලීනා තුළ නොවීය. තම කට හඬේ යම් කිසි රහසක් ඇති බව වටහා ගැනීමට තරම් ඈ වයසින් වැඩී සිටියේ ද නැත.

‘ද සුයීට් ලයිෆ් ඔෆ් සැක් ඇන්ඩ් කෝඩි’ හි රඟපෑම සමඟින් ඈ නොපෙනෙන අනාගතයේ දිනෙක ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැඟිය හැකි සිනමා පටයක රඟපෑමට සුදුසුකම් සපුරාලන්නට විය. ඒ ‘හැනා මොන්ටානා’ භ. බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වූ හැනා මොන්ටානා සිනමපටය සමඟ සෙලීනා ජනප්‍රිය මුද්‍රාවක් බවට පත් විය. හැනා මොන්ටානා නමින් විවිධාකාර දෑ වෙළෙඳ පොළ වෙත පැමිණෙන්නට විය. ඒදධබඩඥප ඛ්ඪදඤඥපඥතතච ඉබධපර හි රඟපෑම ඇගේ් ජනප්‍රිය මුද්‍රාව තව තවත් ස්ථිර කරලීය. හොර්ටන් හියර්ස් ත්‍රිමාණ සජීවිකරණයේ හඬ කැවීම් ශිල්පිනියක වූ සෙලීනා හදිසියේම සාර්ථක හඬ කැවීම් ශිල්පිනියක බවට පත් විය. ‘හයි ස්කූ®ල් මියුසිකල් 2’ හි රඟපෑම සමඟ ඈ යළිත් ජනප්‍රසාදයට පත් විය.

ඈ තුළ ජීවත්ව සිටි ගායිකාව අවට ලෝකය සමඟ ගණුදෙනු කිරීමට තීරණය කළේ බොහෝ කාලයකට පසුවය. 2008 වර්ෂයේදී නිකුත්් කළ ‘ටෙල් මී සම්තින්ග් අයි ඩෝ්න්ට් නෝ’ ගීතයත් ’ ‘මැජික්’ නම් ගීතයත් හරහා සෙලීනා සතුටුදායක රසික ප්‍රසාදයක් දිනා ගැනීමට සමත් විය. වන් ඇන්ඩ් ද සේම්, සෙන්ඩ් ඉට් බන්, බ්රෙන් සැප්, කෘවෙල්ලා ඩී. වී., මැජිකල් ආදී ගීත සෙලීනා යනු කුමනාකාරයේ ගායිකාවකදැයි ලෝකය හමුවේ නිරාවරණය කළ වර්ගයේ ගීතයි.

2009 වසරේදී තරුණ තරුණියන්ගේ් එකතුවකින් බිහි වූ යොවුන් සංගීත කණ්ඩායමක ප්‍රධාන ගායිකාව වූයේ සෙලීනාය. ‘කිස් ඇන්ඩ් ටෙල්’ නමින් ඒ සංගීත කණ්ඩායම නිකුත් කළ ගීත ඇල්බමය ඔවුනට වාසනාව කැඳවාගෙන පැමිණියේය. සංගීත කණ්ඩායමේ දෙවැනි ගීත ඇල්බමය වූ ‘අ ඉයර් විතවුට් රේන්’ ඇල්බමයේ පිටපත් 66000 ක් අළෙවි කරමින් සෙසු සංගීත කණ්ඩායම්වලට නිහඬ තර්ජනයක් ලබා දුනි.

සෙලීනා පෙනී සිටි සංගීත වීඩියෝ ප්‍රමාණය ද ඉතා ඉහළ අගයක් ගනී. ගායිකාවක පමණක් නොව අද නිළියක ද වීම මේ ගීත වීඩියෝ ජනප්‍රිය වීමටත්, අතිශය සාර්ථකවීමටත් මූලික හේතුවයි. 2008 දී නිකුත් කළ ‘කෘවෙල්ලා ඩි විල් 2009 දී නිකුත් කළ ‘ටෙල් මී සම්තින්ග් අයි ඩෝන්ට් නෝ’, 2008 දී නිකුත් කළ ‘ෆ්ලයි ටු යුවර් හාට්’ සහ 2010 දී නිකුත් කළ ‘අ ඉයර් විතවුට් රේන්’ සංගීත වීඩියෝ මඟින් සෙලීනා ගෝමස් නමින් විනෝදාස්වාදය සපයන ගායිකාව බිහි කරනු ලැබීය. යූ ටියුබයේ ඈ නමින් පළ කර ඇති වීඩියෝ ගණන, ඇගේ් ට්විටර් අඩවියේ දිනපතා පළ වන එවිට් ප්‍රමාණය, ඇගේ් ෆේස් බුක් රසික පිටුවේ සිටින අපරිමාණ රසික, රසිකාවියන් ප්‍රමාණයත් සමඟ පෙන්වන මේ අරුම ජනප්‍රියභාවය පවත්වා ගැනීමට ඇයට අමුතු උත්සාහයක් ගැනීමට සිදු වී නොමැති සැටියකි පෙනෙන්නේ.

විශේෂයෙන්ම ඈ නිර්දේශ වී ඇති සම්මාන සංඛ්‍යාව, හිමි කර ගත් සංඛ්‍යාව ආදිය සැලකිල්ලෙන් පිරික්සා බැලූ විට සෙලීනා ගෝමස් යනු හුදෙක් තරුණ ගායිකාවක පමණක් නොවන බව ද වටහා ගත හැකි වනු ඇත. 2008 වසරේදී ඇය ඇල්මා සම්මාන උළෙලේ විකට රූපවාහිනී කථාමාලා හි හොඳම නිළියට හිමි සම්මානය සෙලීනා දිනා ගනු ලැබූයේ ‘අනදර් සින්ඩරෙල්ලා ස්ටෝරි’ හි රඟපෑම වෙනුවෙනි.

2011 වර්ෂයේ ‘නිකොලෝඩියන් කිඩ්ස් වොයිස්’ සම්මාන උළෙලේ හොඳම ගායිකාවට හිමි සම්මානයට සෙලීනාගේ නම නිර්දේශ විය.

මේ අයුරින් බැලූ විට සෙලීනා ගෝමස් ගායිකාව පරදවන නිළියකි. එහෙත් ඒ සෑම විටම නම් නොවේ. අතොරක් අවස්ථාවල ඒ නිළිය පරදවමින් මියුරු හඬින් ගී ගයන ගායිකාව ඉදිරියටම එයි. වාදනය කෙරහිද ඈ දක්වන ඇල්ම අසීමිතය. ඩ්‍රම්ස්, පියාමෝව සහ ගිටාරය වැයීම අමතක නොකරන සෙලීනා ගෝමස් පොප්, රොක් ඩාන්ස් පොප් සහ ඉලෙක්ට්‍රො පොප් ආරට ගීත ගයන්නියකි. ගැයුම පරදවන රංගන හැකියාවකින් වේදිකාව කළඹන්නියකි.

සෙලීනා පුණ්‍ය කටයුතු සඳහා ද දැඩි උනන්දුවක් දක්වන්නියකි. යුනිසෙෆ් හි ට්‍රික් ඔ ට්‍රීට් වැඩසටහනේ් සන්නම් තානාපතිනිය ලෙස කටයුතු කරන සෙලීනා එකී තනතුරට පත් ළාබාලම තැනැත්තියයි. අසරණ දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආහාර සඳහා කැප වන මේ සංවිධානයට ඇය 2008 වසරේදී පමණක් එකතු කර දුන් මුදල ඩොලර් 700,000 කි.

ඈ සතුව නිෂ්පාදන සමාගමක්ද තිබේ’ ‘මූන්’ නමින් හඳුන්වා ඇති එකී නිෂ්පාදන සමාගම වඩා යහපත් නිර්මාණ එළි දැක්වීමට මඟ බලා හිඳී.

ටින්කර් බෙල් පසුබිමේ රඟන සංගීත වීඩියෝවේ කදිම රතුª ගවුමක් ඇඟලාගෙන රඟන්නේ් ඇයයි. ටින්කර් බෙල්ට වුණත් ලජ්ජා හිතෙන තරමට ඈ දැන් ඈ රූමත්ය. එතරමටම ගීතවත්ය. හදිසියේම ටින්කර් බෙල් මුව වසා ගති. එහෙත් තවමත් හුරුබුහුටි සෙලීනා ගෝමස් ගයයි.

READ MORE - තවම වයස අවුරුදු 19

කෝකටත් ඇඟට ගුණයි දැන්මම නම හෙළි නොකර ඉන්න එක.

නම?

ප්‍රමිලා සුරංගි

ගම ?

කළුතර.

උපන් දිනය?

1985. 11. 25

පාසල?

කළුතර සිරිසීවලී මහා විද්‍යාලය.

ලග්නය?

වෘශ්චික.

වෘත්තිය?

නර්තනය, රංගනය.

රඟපෑ නාට්‍යය?

අංගම් මල් දම්, සෙනෙහස සුවඳයි, ගුරු ගීතය. ඊට අමතරව මං ටෙලි ෆිල්ම්ස් එකක් නිෂ්පාදනය කළා සමනළ වසන්තයක් නමින්. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ මං.

චිත්‍රපට?

තවම චිත්‍රපටවල රඟපාලා නැහැ.

මුලින්ම කැමරාවක් ඉදිරියට ගිය දවසේ මොනවද හිතුණේ?

ඕනෑම කෙනෙකුට නුහුරු දෙයක් කරද්දී ටිකක් බය හිතෙනවනේ. මටත් වුණේ ඒක.

ඔබ අගය කරන ටෙලි නාට්‍ය තුනක්?

මම නොවෙයි මම.

ගුරු ගීතය.

සුරිය දරුවෝ.

චිත්‍රපට තුනක්?

ලීඩර්.

ර ාස්.

කුච් කුච් හෝතා හේ.

අතීතයේ සිටි නළුවෙක් සමඟ රඟපෑමට අවස්ථාව දුන්නොත් කාවද තොර ගන්නේ.

අනිවාර්යයෙන්ම රාජේස් ඛන්නාව.

ඔබ දුටු කඩවසම්ම නළුවා?

රන්ජන් රාමනායක.

වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවද?

ඔව්. හිම කිරුළ සහ සුන්දර මාරයා.

වේදිකාවට කැමැතිද?

ඇයි මං අකැමැති? මං වඩාත්ම ආස වේදිකාවට.

රංගනයට, නර්තනයට අමතරව ඔබ සතු වෙනත් හැකියාවන්?

ධාවන ඇතුළු පිටියේ තරග රැසකට මං දක්ෂයි.

විනෝදාංශ?

විනෝදාංශ නැත.

ඔබට මැජික් බලයක් ලැබුණොත් මොකද කරන්නේ?

මැජික් ගැන මා දන්නේ නැහැ.

වැඩිපුර අතට මුදලක් ලැබුණොත්?

පිං දහම් කරනවා.

ඇත්තද?

ඔබේ ජීවිතයේ ආදර්ශමත් පුද්ගලයා?

මගේ අම්මා.

දෙවතාවක් යන්න කැමැති තැන?

ඉන්දියාවේතිරුපති කෝවිල.

කරපු ලොකුම මෝඩකම?

ගොඩක් දෙනෙක්ව විශ්වාස කරලා ජීවිතයට ළං කර ගැනීම.

විලාසිතා ගැන?

මං විලාසිතා කරනවා. ඇඟට ගැළපෙන ඕන ඇඳුමක් අඳිනවා.

වැඩියෙන්ම අඳින්නේ?

සුදු පාට ඇඳුම්.

පරිසරයට ආදරය කරනවාද?

පරිසරය තමයි අපව රකින්නේ. එහෙයින් ආදරය නොකර කොහොමද?

රට ගැන ඔබ සතු ප්‍රාර්ථනාව?

මේ ලබා ගත් සාමය දිගටම පවතීවා!

ඔබව කවුරු හරි රවට්ටනවා කියලා තේරුණොත්?

දුක හිතේවි.

නාඳුනන කෙනෙක් දුරකතනයෙන් කතා කරලා ඔබව වර්ණනා කළොත්?

තැන්ක්ස් කියලා ටක් ගාලා ෆෝන් එක කට් කරනවා.

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණොත්?

වචන දෙකක් නැහැ. එය ප්‍රතික්ෂේප කරනවා.

ඔබේ රංගන ගමනට ඇති බාධා?

කිසිම බාධාවක් නැහැ. ජීවිතයට විශේෂ කෙනෙකුගෙන්

ආදරය ලැබෙනවාද?

ඔව්.

නම කියන්න පුළුවන්ද?

ඒක පසුව හෙළි කරන්නම්.

ඇයි ඔහුව අවිශ්වාසද?

එහෙම එකක් නෙවේ. කෝකටත් ඇඟට ගුණයි දැන්මම නම හෙළි නොකර ඉන්න එක.

පවුලේ තොරතුරු?

මමයි අක්කලා තුන්දෙනයි, නංගියි, මල්ලයි, අයියලා දෙන්නයි. අම්මයි තාත්තයි. අම්මා රූපා සේනාධීර, තාත්තා පියරත්න සේනාධීර.

අධ්‍යාපන සුදුසුකම්?

මං O/L විතරයි කළේ. පසුව කලාවට යොමු වුණා.

ඉදිරියේදී සිහින දකින්නේ?

නිළියක සේම නර්තන ශිල්පිණියකද විදිහට ඉදිරියට යන්න. මං මීට පෙර ස්ටාර් විත් ප්‍රමිලා නමින් නර්තන ප්‍රසංගයක් කළා. ඒක ආයේ නැවතත් කරන්න ඕනේ.

ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත්?

අවංක කෙනෙක්.

ලිපිනය?

සේනාධීර නිවස,

කිතුලාව, කළුතර දකුණ.

READ MORE - කෝකටත් ඇඟට ගුණයි දැන්මම නම හෙළි නොකර ඉන්න එක.

මේ ඔක්කොම වෙන්නේ පාවා දෙන්නන් හින්දයි

මේ ඔක්කොම වෙන්නේ පාවා දෙන්නන් හින්දයි

- ලකී ඩයස්

නම සිහි වූ තැන මැවෙන චරිත අපමණය. ඒ සියලුම චරිතවලට ඔහු කළ සාධාරණය නිසාම ලකී ප්‍රතිභාපූර්ණ චරිතාංග නළුවකු යැයි සැක නැතිව ලියා තැබිය හැකිය. යශෝරාවයේ බලදේවත් යර්ස් බොස්හි නිහාල් සර්ත් ලකී හොඳින්ම තේරුම් ගත්තේය.

එනිසාම එකිනෙකට අහස පොළව සේ පරස්පර මේ චරිත ද්විත්වය ලකී හරි අපූරුවට ජීවමාන කළේය.

එපමණක් නොව ඔහු මැවූ සෑම චරිතයක්ම ප්‍රේක්ෂක සිත්මත තැන්පත් කරවීමටත්, ඒ චරිත ප්‍රේක්ෂකයා සමඟ ජීවත් කරවීමටත් ලකී වග බලා ගත්තේය.

ලකී ඩයස් යන නළුවා ගැන ඊට වඩා හැඳින්වීම අනවශ්‍යය. ඒ තරමටම ඔහු පෑ ප්‍රතිභාව ප්‍රේක්ෂකයෝ දනිති.

ලකී පසුගියදා අපට හමු වූයේ සිරස රූපවාහිනී නාලිකාව ඇරැඹූ ‘ලක්ෂපති’ තරඟයේ ඉදිරිපත් කරන්නා ලෙසනි.

ඔහුගේ ප්‍රේක්ෂක ආකර්ෂණය කොතරම්ද කිවහොත් ලක්ෂපති වැඩසටහන නැරැඹීමට ලංකාවේ සුවහසක් ජනතාව හුරු වූයේ ලකීගේ ආකර්ෂණීය හඬ සහ ඉදිරිපත් කිරීමේ රටාව නිසාමය.

ඒ වැඩසටහන තුළ සුහදශීලී වූ අවස්ථා, සංවේදී වූ අවස්ථා සහ සතුටු වූ අවස්ථා ඔහු රඟ නොපෑවේය.

ඒ නිසාම ප්‍රේක්ෂකයෝ ලකීට ආදරය කළෝය.

හිටි හැටියේම ලකී ලක්ෂපති තරඟයෙන් ඉවත් වූයේය. මේ සංවාදය ඒ සිදුවීම හාරා අවුස්සා විචාලීම සඳහා නොවන මුත් ඔහුගේ ගමන් මඟ දෙස බැලීමේදී මේ සිදුවීම මෙනෙහි කළ යුතුමය.

මේ දිනවල සිනමාහලේදී චැලෙන්ජස් හරහා අප හමු වන ලකී නිවෙසට පැමිණෙන්නේ වැස්ස නුඹ වාගේ ටෙලි නාට්‍ය තුළිනි.

මෙම නිර්මාණ ද්විත්වයෙහිම ලකී අසිරිමත් ආදර්ශවත් පියකුගේ භූමිකාව මනාව නිරූපණය කරයි.

මේ කතාබහ ඔහු සමඟයි.

එන්න අපි මෙතැන් පටන් ලකීගේ සුන්දර පින්බර සිත කියවමු.

* ලකී අයියේ, කාලෙකට පස්සෙ කොහොමද නිර්මාණ ජීවිතේ අලුත් තොරතුරු . . . .

ඉතාමත් හොඳින් ජීවිතේ ගෙවීගෙන යනවා. මේ දිනවල වැස්ස නුඹ වාගේ ටෙලි නාට්‍යයේ සහ චැලෙන්ජස් චිත්‍රපටයෙන් තමයි ප්‍රේක්ෂක හිතවතුන් මුණ ගැසෙන්නෙ.

* පසුගිය කාලේ ටෙලි නාට්‍ය රංගනයෙන් ටිකක් ඈත්වෙලා නේද හිටියෙ?

ඔව්. ඒකට බලපෑ ප්‍රධාන හේතුව තමයි මම ඕනෑම නිර්මාණයකට කතා කළ සැනෙන් සම්බන්ධ නොවීම. ඒ වගේම මේ යන රටාව ගැන මගේ් හිතේ තියෙන්නේ පහන් හැඟීමක් නෙවෙයි.

ඉස්සර ටෙලි නාට්‍යවල හිටියේ සුපිරි රංගන ශිල්පීන් ශිල්පිනියන්. ඒ අය රඟපෑ චරිත ප්‍රේක්ෂකයන්ගේ් හිත් ඇඳ බැඳ ගන්නට සමත් වුණා.

ඉස්සර ටෙලි නාට්‍යවල හිටිය නළුවන් එදා ප්‍රේක්ෂකයන්ට අදටත් මතකයි. ඒත් අද ටෙලිවිෂන්වල විතරක් නෙවෙයි සිනමාවට එන නළුවන්ගේ නම් ප්‍රේක්ෂකයන්ට පහුවෙනිදාට මතක නැහැ. කෙටියෙන්ම කිව්වොත් අද නළු නිළියන් දන්නෙ තමන්ගෙ හරි නමින් නෙවෙයි. චරිතවල නම්වලින්.

අර අරයා, අර ටෙලි නාට්‍යයේ කොල්ල. මෙන්න මෙහෙමයි ප්‍රේක්ෂකයන් නළුවන්ව හඳුන්වන්නෙ.

මේ තත්ත්වයට වගකිව යුත්තේත් මේ කර්මාන්තයේ ඉන්න අය විසින්මයි.

මේ කර්මාන්තයේ ඉන්න පාවා දෙන්නන් සුළු පිරිසක් මේ කර්මාන්තය වලපල්ලට ඇදල දාන තැනට කටයුතු කළා.

බාල ටෙලි නාට්‍යයක් හදලා චැනල්වලට ගිහිං ඉතාම අඩු මුදලට ඒ ටෙලි නාට්‍ය විකුණුවා. චැනල් තමන්ගේ ලාභය ගැන හිතලා ඒවා මිලට අරන් ප්‍රදර්ශනය කළා.

චැනල්වලට දොස් කියන්න බැහැ. මේ පාවා දෙන්නෝ කණ්ඩායම තමයි මේ පිරිහීමට වගකියන්න ඕනේ.

මේ තත්ත්වය යටතේ ප්‍රවීණයන්ට ගෙවන්න මේ නාට්‍යවලට මුදල් ලැබෙන්නේ නැහැ.

ප්‍රවීණයන්ට ගෙවන්න නෙවෙයි ටෙලි නාට්‍යයේ පිටපතේ වාහනයක යන දර්ශනයක් තිබුණා කියමු. අද කරන්නේ වාහනේ වෙනුවට පාපැදියක් යොදා ගනිමින් ඒ දර්ශනය රූගත කිරීම. මේ තත්ත්වය යටතේ කොහොමද වැඩ කරන්නේ.

*ලකී අයියා කිව්වා අද ඉන්න නළුවන්, නිළියන් ප්‍රේක්ෂකයන් හඳුනන්නේ නෑ කියලා. ඔබ ප්‍රේක්ෂක ආදරය නොමඳව ලද පින්බර වාසනාවන්තයෙක්. අද අපි දකිනවා කිසිම තැනක දැකලා නැති නළුවෝ ප්‍රධාන චරිත රඟපානවා. හරියට අහසින් පහත් වෙලා වගෙයි.

ඔව්, මේ තත්ත්වයට වගකිව යුත්තෙත් අර පාවා දෙන කණ්ඩායමයි.

මොකද චරිතවලට ප්‍රවීණයන් ගන්න සල්ලි නැති වුණාම කොහේ හරි ඉන්න කෙනෙක් ඒ චරිතෙට දානවා.

මෙලෝ දෙයක් නොදන්න මේ පිරිස් ඔහේ කැමරාව ඉස්සරහ පිටපතේ තියෙන වචන කියවනවා. හරියට අර පොඩි කාලේ ඉස්කෝලේ පොත් කට පාඩමින් කියවනවා වගේ.

ඉතිං ඒ පිරිස පහුවෙනදාට නළුවන්, තරු බවට පත් වෙනවා. මේකට මාධ්‍යයත් වගකිව යුතුයි.

මේ ‘කඩා පාත් වුණු තරුවලට මාධ්‍ය පිටු ගණන් පබ්ලිසිටි දෙනවා.

ඊට පස්සේ ඒ අය හිතන්නේ ‘මං නෙ නළුවා’, ‘මං තරම් නිළියක් ඉන්නවද තව’ කියලා.

ඒ නිසා මේ අලුත් පරපුර පුහු මාන්නෙන් හිස උදුම්මා ගන්නවා මිසක් දෙයක් ඉගෙන ගන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව.

මං මේ කියන්නේ ආධුනිකයන් ක්ෂේත්‍රයට පැමිණීම හොඳ නෑ කියන කතාව නෙවෙයි. ආධුනිකයන් අපට අත්‍යවශ්‍යයි.

ආධුනිකයන්ගෙන් තමයි ප්‍රවීණයන් බිහි වෙන්නේ. පොහොට්ටු නැතිව මල් පිපෙන්නේ නෑනෙ. මමත් ක්ෂේත්‍රයට ආවේ ආධුනිකයෙක් විදිහට.

එහෙත් මං බොහෝ දේවල් බොහෝ අයගෙන් ඉගෙන ගත්තා.

ඒ නිසා තමයි අපි අද කොන්ද කෙළින් තියන් වැඩ කරන්නේ.

මට ඇහිලා තියෙනවා අලුත් දරුවන්ගෙ කතාන්දර. ‘මොනවද බං බැළුවම විජයල, ගාමිණීල කරල තියෙන්නෙ’ මේ වගේ පිරිසක් තමයි අද ඉන්නේ.

මේ සියල්ලටම හේතුව තමයි අර මං මුලින්ම කිව්ව පාවා දෙන කණ්ඩායම.

ඒ අය හිතන් ඉන්නේ මොකක් හරි නිර්මාණයක් කරලා කගෙ හරි පස්සෙන් ගිහිං ඒක විකාශනය කිරීම කලාව කියලා. ඒකද ඇත්තටම කලාව කියන්නේ.

* ඔබ මොනවා කිව්වත් ප්‍රේක්ෂකයන් මේ හරසුන් නිර්මාණ වටා එකතු වෙලා ඉන්නවනේ?

ඒකට පිළිතුරු කිහිපයක් තියෙනවා. ඇතැම් අය හොඳ නිර්මාණ දැකලා නැති නිසා මේවා තමයි උසස්ම නිර්මාණ කියලා හිතන් ඉන්නවා.

තවත් අය බලන්නන් වාලේ බලනවා. සල්ලි යන්නේ නෑනේ. ඔහේ බලන් ඉන්නවා.

* අද ඇතැම් චිත්‍රපටවල තත්ත්වයත් ඔබ පෙර කී ටෙලි නාට්‍ය ඛේදවාචකයම නේද?

ඇත්තටම. අද චිත්‍රපටවල ඉන්නෙ පැය විසි හතරෙම නිකන් බලන්න පුළුවන් ටෙලි නාට්‍යවල ඉන්න නළු නිළියොමයි.

ඉතිං මිනිස්සු මේ නළු නිළියො බලන්න රුපියල් දෙතුන් සියයක් ගෙවලා සිනමා ශාලාවලට යාවිද? අද මිනිස්සු චිත්‍රපට බලන්නෙ කට වචනෙන් යන පණිවුඩ නිසා.

‘අර චිත්‍රපටය හොඳයි’, ‘මේ චිත්‍රපටය වැඩක් නෑ’ කියන කවුරු හරි කියන පණිවුඩ හරහා තමයි බොහෝ දෙනා සිනමා ශාලාවට එන්නේ. අද චිත්‍රපටවල තරු නැහැ. ඒකයි මේකට හේතුව.

* වැස්ස නුඹ වාගේ ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය තරමක් වෙනස්?

ඔව්, මෙච්චර ලොකු දරුවො ඉන්න චරිතයක් මං මීට පෙර කරලා නැහැ. ඒ වගේම මේ කොල්ලො ටික වැඩේ හොඳට කරනවා.

මාත් ඉතා ආසාවෙන් මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. ඇත්තටම මේ ටෙලි නාට්‍යය ආදර්ශවත්.

* කොහොමටත් ලකී ඩයස් කියන්නේ චරිත සොයමින් යන නළුවෙක් නෙමෙයි.

මම එක අවුරුද්දකට රඟපාන්නේ එක චිත්‍රපටයයි. එක ටෙලි නාට්‍යයි.

එක වතාවක් ගාමිණී ෆොන්සේකා මහත්තයා මම යන ගමන හරි අපූරුවට අනුමත කළා.

* ඉදිරි කටයුතු ගැන කතා කරමු අවසානයේ?

හෙට මොකක් වෙයිද කියලා මං දන්නේ නැහැ. මං මගේ පාරේ ඉදිරියට යනවා.

මුල් මුල් එනවා. ප්‍රහාර එනවා. විවිධ තාඩන පීඩන එනවා. නමුත් මං ඉදිරියට යනවා. නිහතමානීව ආ මඟ දිහා බලල හිනා වෙනවා.

READ MORE - මේ ඔක්කොම වෙන්නේ පාවා දෙන්නන් හින්දයි

සිසිර ඉන්ද්‍රාණි යුග දිවියට පනස් වසරක්

සයුර වෙත යන ගඟ පරිද්දෙන්

වියළි ගොඩ බිම් සැරිසරා
රැගෙන මගෙ බර බිම තියන්නට
වෙහෙස විඳ එමි ඔබ කරා

රැය දවල් දෙක එක සේ සලකා
රිසි විටෙක එනු මැන ප්‍රියේ
අතු පැලෙහි දොර වසා තිබුණත්
මගේ හදවත ඉඩ තියේ

සාගරය වෙත ඇදෙන ගංඟාවක් පරිද්දෙන් වෙහෙස විඳිමින් ඔහු තම ජීවිත ගමනේ බර බිම තියන්නට ඇය කරා පැමිණියේය. එවිට ඇයට රාත්‍රිය, දහවල ගෙවී ගියේ කිසිදු වෙනසකින් තොරවමය. අතු පැලෙහි දොර වසා තිබුණු නමුදු ඇයගේ හදවතෙහි දොර ඔහු වෙනුවෙන් විවෘතව තිබිණි. එනු මැනවි. ඇය විවෘත ආරාධනාවක් කළාය.

ගීත ලොවේ ‘කරු අයියා’ යන ආදරණීය නාමයෙන් හැඳින්වුණු කරුණාරත්න අබේසේකරයන්ගේ පන්හිඳෙන් බිහිවුණු අපූරු ප්‍රේම ගීයක්. ඔහු ලියූ සෙසු ප්‍රේම ගීවලට වඩා වෙනස්ම පද සමූහයක් මේ ගීතයට කැටි වෙලා.

ඒ ගීතයේ සොඳුරු පැල්පත සොයා ගෙන නාරාහේන්පිට ඇල්විටිගල නිවාස සංකීර්ණයට අප ගියා. ඒ, මේ ප්‍රේමණීය යුවළගේ ගී මුනු මුනුව ඔස්සේ.

සිසිර – ඉන්ද්‍රාණි විවාහ වූදා

සිසිර ඉන්ද්‍රාණිගේ සොඳුරු හඬ මුළු නිවාස සංකීර්ණයේම පැතිරිලා. ‘අපූරු සුන්දර ගීතයක්’ඉබේම මට කියැවුණා.

‘මගේ සරල ගී වැඩසටහනක් සඳහා කරු අයියාට කියලා ලියවා ගත්ත ගීතයක්. කරු අයියා සාමාන්‍යයෙන් හරි ඉක්මනට ගීත ලියනවා. ඒත් මේ ගීතය ටිකක් හිතා මතා ලියපු ගීතයක්. සාමාන්‍යයෙන් ගැයෙනා බොළඳ පෙම් ගීයක වචන මෙහි නැහැ.

නමුත් මේ ගීතය අරුත් බරයි, හැඟුම් බරයි. මේ අර්ථ පූර්ණ ගීතයට අපූරු තනුවකුත් සිසිරගෙන් නිර්මාණය වුණා.’

අපේ කතාබහට මුල පුරමින් ඉන්ද්‍රාණි සේනාරත්න එහෙම කියන ගමන්ම,

‘එහෙම නේද’ කියලා අහන්න වගේ සිසිර සේනාරත්න දෙස බැලුවා.

‘මේ ගීිතයෙන් අපි දෙන්නගේ අන්‍යතාවය විදහා පානවා. පෙම්වතාගේ පෙම්වතියගේ අදහස්වලට ගැළපෙන ආකාරයටම ගීතයෙන් කියැවෙන හැඟුම්බර බව ඉස්මතු කරන්න තනුවක් යොදන්න මා සමත් වුණා.’

සිසිර සේනාරත්නයන්ගේ මුවඟට නැගුණේ ප්‍රේමණීය සිනහවක්.

‘ඒ කාලෙ ආදරේ තරම මතක් වෙලා වගෙයි’

ඉන්ද්‍රාණිගේ දෙනෙත් ඉබේම වගේ් නිල් ගුවනට යොමු වෙලා.

‘ඒක ඉතිං හැමෝම දන්න රහසක්’

ඉන්ද්‍රාණි කියන්නේ සිසිරගෙන් ලැබෙන ප්‍රේමණීය සිනහවට පිළිතුරක්.

සුදුම සුදු පාට වලාකුළු. ඒ අතරින් ඇදෙන ප්ලේන් එකේ හිටිය බොහොම දෙනෙක් නිදි කිරා වැටුණා. තවත් සමහරෙක් පොත් කියෙව්වා. මේ අතරතුර ඉන්ද්‍රාණි කාඩ් එක පුරවන්න සිසිරගෙන් උදව් ඉල්ලනවා.

‘මොනවද මෙච්චර වෙලා කළේ’

‘මොනවත් නැහැ අම්මේ කාඩ් එක පිරෙව්වා.’

ඈ අම්මට කිව්වේ හිත ඇතළේ මොකක්දෝ හංග ගෙන.

ලංකාවේ හදපු ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාවට ගීත පටිගත කරන්න ඉන්දියාවට ගිය සිසිරත්, ඉන්ද්‍රාණිත් ලංකාවට එන්නෙ පෙම්වතුන් වෙලා.

කාලය ගෙවිලා ගියා. සිසිර ගැන උදේ හවා හීන දකිමින් හිටිය ඉන්ද්‍රාණිගේ් හීනේ හැබෑ වෙන දවස ළං වුණා.

1962 මැයි 31 වැනිදා.

රුක්මණී දේවි, එඩී ජයමාන්න මංගල්‍යයට ඇවිත්

සිසිරත්, ඉන්ද්‍රාණිත් අතිනත ගත්තා සිරිකොතේදි. ඒ මීට අවුරුදු හතළිස් නමයකට කලින්.

‘හරියටම මේ මාසේ 31 වැනිදාට අපේ විවාහ ජීවිතයට හතළිස් නමය ඉවර වෙලා පනහ ලබනවා.

පසුගිය කාලයේ බිරිඳක් විදියට මම විශාල අත්දැකීම් සම්භාරයකට මුහුණ දුන්නා. සිසිරගේ අසනීපයත් සමඟම කොහේදෝ නැති ධෛර්යයක් මගේ සිතට පිවිසුණා.

ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දුන්නා. සැප, දුක කියන මේ අටලෝ දහමේ ධර්මයන් අප කාටත් පොදුයි. මේ වෙන කොට පසුගිය කාලයේ ගෙවුණු දුක් සහගත ජීවිතයේ සහන් එළියකින් අපේ පැල එළිය වැටිලා.’

අවුරුදු පනහක්. ඒ කියන්නේ නිකම් නිකම් කාලයක් නෙමෙයි, අර්ධ ශතකයක්.

මේ කාලය ගෙවුණු ඉක්මනක්.

‘දරුවන්ගෙත් දරුවෝ. මුනුබුරෝ මිනිබිරියෝ අතර ගෙවන ජීවිතය හරිම සුන්දරයි. ලොකු පුතා සංජය. එයා ඉන්නේ ජර්මනියේ. සූරියා සිසින්ද්‍රා එයාගේ දූලා දෙන්නා.

එකම දූ සුභානි. සුභානියි සරිඳුයි ඒ දූගේ දරුවන් දෙන්නා.

බාලයා සමීර එයත් දැන් තාත්ත කෙනෙක්. චූටි පුතාගේ පුතා අපේ චූටි මුනුබුරා හරිම දඟයා. හරියටම මම වගේමයි.

මේ හැමෝම එකතු වෙලා අපේ විවාහයේ අර්ධ ශතකය සමරන්න මොන වගේ දෙයක් කරයි ද කියලා කියන්න බැහැ. එදාට පවුලේ හැමෝම එකට එකතු වන සුන්දර දවසක්. ඒක විතරයි දැනට අපි දෙන්නම දන්නේ.’

සිසිර සේනාරත්නගේ අදහස් පෙළ අතර නිවෙස තුළින් තවත් කෙනෙක් මතු වුණා.

කවුද මේ?

‘සුභානි දූගේ පුතා සරිඳු. අපේ පාළු මකන්න මෙහාට ඇවිත්.’

අපේ ගැටලුවට පිළිතුර ලැබුණා.

‘මෙන්න ආත්තම්මට කෝල් එකක්.’

සරිඳු පුතා හැමෝම එහාට මෙහාට වෙනකම් ඉඳලා අප අසලට ළං වුණා.

‘ආත්තම්මත්, සීයාවත් එක්කගෙන දවස් ගණනක චාරිකාවක් යන්න තමයි අපි හිතාගෙන ඉන්නේ.’

ඔහු එහෙම කිව්වේ රහසින්.

‘ඒ අපේ පොඩි පුතා.’

ඉන්ද්‍රාණි සේනාරත්න එහෙම කියන්නේ සතුට පිරී ඉතිරී ගිය සිතින්.

‘නිතරම ඒගොල්ලෝ කෝල් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ අහළ පහළ ඉන්න නිසා අපි බලන්නත් එනවා.

’ ඉන්ද්‍රාණිගෙ කතාවට සිසිරත් අත්වැල ඇල්ලුවා.

‘මේ සුසංයෝගයේ ගී හඬ ආයෙත් කවදා ඇසේවිද?’

‘බොහෝ වෙලාවට එළිමහන් ප්‍රසංගවලට සහභාගි වෙන්නේ නැති තරම්.

එහෙම ගියත් මමයි පුතයි තමයි ගී ගයන්නේ. සිසිර නම් දැන් ගී ගයන්නේ නැහැ. බොහොම විවේක සුවයෙන් ගෙදරටම වෙලා ඉන්නවා.’

සිව්වන මහලයේ සඳළු තලයට මුළු නගරයම පේනවා.

සවස් යාමයේදී සිසිර – ඉන්ද්‍රාණි නිතරම ඉන්නේ සඳළු තලයට වෙලා.

ඒ ඉන්න අතරේ දෙන්නම ගයපු පැරැණි ගීත මුමුණනවා.

‘මේ බලන්නකො ඉන්දු අඹ ගහේ මුදුනට අද අමුත්තෙක් ඇවිල්ලා.’

ඒ ඔවුන්ගේ ගී හඬ අහන්න කෝකිලයෙක්.

READ MORE - සිසිර ඉන්ද්‍රාණි යුග දිවියට පනස් වසරක්

නම ? ලෝචනා ඉමාෂි.

නම ?

ලෝචනා ඉමාෂි.

පදිංචිය ?

කිරුළපන.

ඉගෙන ගත්තෙ?

නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්.

උපන් දිනය?

1988.05.15

ලග්නය?

වෘෂභ.

උස?

අඩි 5.1 විතර.

දිගන්තයට අමතරව නිවේදනය කළ වැඩසටහන්?

සිරස නාලිකාවෙම මැජික් බොක්ස්. ඊට අමතරව ඉස්කෝලේ යන කාලේ ස්වර්ණවාහිනියේ ළමා වැඩසටහන් බොහොමයකට නිවේදනයෙන් සම්බන්ධ වෙලා හිටියා.

රඟපෑ ටෙලි නාට්‍යය?

කාව්‍යා, අපි අපි වගේ, සඳ සඳ වගේ.

චිත්‍රපට?

හෙක්ටර් කුමාරසිරිගෙ අභිනික්මන. ඒක ළඟදීම තිරගත වේවි.

වේදිකා නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබුණු බවට ආරංචි වුණා?

ඔව්. එහි නම දූවිලි. දූවිලි පෙර නිෂ්පාදිත නාට්‍යක්. රම්‍යා වනිගසේකර මහත්මියයි නැවත නිෂ්පාදනය කළේ.

වැඩිපුරම ආස රංගනයට ද, නිවේදනයට ද?

නිවේදනයට.

හේතුව?

ගෙදර අය වඩාත් කැමැති මං නිවේදිකාවක් විදිහට ඉදිරියට යනවට.

නිවේදනය කරද්දී වචන පැටලුනොත් මොකද කරන්නේ?

ස්ථානෝචිත ප්‍රඥාව භාවිත කරනවා.

අහන්න අකැමැති වචනය?

නරකයි. කවුරු හරි කෙනෙක් මගේ නමත් එක්ක නරකයි වචනය පාවිච්චි කරනවා නම් මට හරියට දුක හිතෙනවා.

ලෝචනාට වැඩිපුරම දඟකාර චරිත ලැබුණේ සැබෑ ජීවිතයෙත් දඟකාර නිසාද?

ඒ වගේ පෙනුමක් මට තියන නිසා වෙන්න ඇති.

පාසල් යන කාලයේ කරපු හොඳම දඟකාරකම?

හැම තිස්සෙම කළේ දඟ කරන එක තමයි.

පිරිමි ළමයින්ට ලණු දීලත් ඇති?

පිරිමි ළමයින්ට කෙසේ වෙතත් යාළුවන්ට ලණු දෙනවා ඕන තරම්.

එහෙනම් හොඳ ලණුකාරියක්?

සමහරක් විට. ඒත් විහිළුවට ලණු දෙන්නේ.

කෙනෙක්ව ඔබේ ජීවිතයට ළං කර ගන්නේ?

දුකේදීත් සැපේදීත් එක විදිහට ඉන්නවා නම් පමණයි.

ලෝචනා හරිම ආඩම්බරකාරියක් කියලා කව්රු හරි කිව්වොත්?

ඇයි ඔච්චර බොරු කියන්නේ කියලා අහනවා.

ඔබේ ජීවිතයට උදා වූ වාසනාවන්තම දවස?

හැම දවසම වාසනාවන්තයි.

ජනප්‍රියත්වය වැඩි කර ගන්න මොකද කරන්නේ?

මුකුත් විශේෂ දෙයක් කරන්නේ නැහැ.

ක්ෂේත්‍රයේ පිරිමි අය වැඩියි නේද?

මට ඒක අදාල නැහැ. මමත් පිරිමි ළමයෙක් වගෙයිනේ.

පිරිමි පාර්ශවයෙන් අනිසි බලපෑමක් එල්ල වුණොත්?

මං යන හැම තැනටම තාත්තත් එනවා. ඒ ගැන තාත්තා බලා ගනියි.

පොත පත කියවනවද?

අනිවාර්යයෙන්ම කියවනවා.

ඔබ සසල කළ නවකතාව?

ගොඩක් තියනවා.

හමු වූ සුන්දරම කාන්තාව?

මගේ අම්මා.

සුන්දරම පිරිමියා?

තාත්තා.

ආදරය වගේ මාතෘකා ගැන කතා කරද්දී නිළියන් බොරු කියන්නේ ඇයි?

පෞද්ගලික ජීවිතය ගැන අනිත් අය දැනගන්නවට අකැමැති හින්දා වෙන්න ඇති.

ඔබේ ප්‍රේමවන්තයා මොන වගේ කෙනෙක් විය යුතුද?

මට ආදරය කරන හොඳ පෞරුෂයක් තියන කෙනෙක් වෙන්න ඕනේ.

මේ වන විට එහෙම කෙනෙක් ඉන්නවද?

නැහැනේ.

මේ එවැනි කෙනෙකුගේ ආදරය විඳින්න සුදුසු කාලේ නෙවෙයිද?

ඊට වඩා මෙහෙම ඉන්න එක හොඳයි.

යම් කිසි තරුණයකු කෙරෙහි ඔබේ සිත ඇදී ගියොත්?

මමම සමහරක් විට එයාට කතා කරාවි.

කොහොමද දවස පටන් ගන්නේ?

ආච්චි හදන තේ එක බීලා.

දවස නිමා කරන්නේ?

බුදුන් වැඳලා.

පවුලේ තොරතුරු?

මමයි, අම්මයි, තාත්තයි, අක්කයි, නංගියි, ආච්චියි, සීයයි.

ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත්?

සරලව හිතන කෙනෙක්.

ලෝචනා සාමාන්‍යයෙන් බොරු කියනවද?

විහිළුවට වගේ බොරු කියනවා. හැබැයි යහළුවන්ට.

ලිපිනය?

නො: 10,
ශ්‍රී සිද්ධාර්ථ පාර,
කිරුළපන,
කොළඹ 06.

READ MORE - නම ? ලෝචනා ඉමාෂි.

මම මිස්‌ ශ්‍රී ලංකා වුණේ පොළොන්නරුවෙ ඉඳන් ඇවිත්

2011 මිස්‌ ශ්‍රී ලංකා පුෂ්පිකා සඳමාලි

අප බොහෝ දෙනාට පුංචි කාලේ පටන් එක එක සිහින තිබෙනවා. වැව් බැඳි රාජ්‍යයේ හැදී වැඩුණු පුෂ්පිකා සඳමාලිටත් පුංචි කාලේ පටන් ලොකු සිහිනයක්‌ තිබුණා. ඒ තමයි තමන් ඉපදුණ, හැදී වැඩුණු රටේ කවදාහරි දවසක රැජිනක්‌ වෙන්න. පසුගිය 19 වැනිදා පැවැත්වුණු දෙරණ මිස්‌ ශ්‍රී ලංකා තරගයේදී ඇයට එම සිහිනය සැබෑ කරගැනීමට හැකිවුණා. එනිසා දෙරණ මිස්‌ ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් පුෂ්පිකාගේ තොරතුරු අපි ඔබට කියන්නට අදහස්‌ කළා.

පුෂ්පිකා ඔබ ගැන හැඳින්වීමකින්ම මේ කතාව ඇරඹුවොත් ?

මගේ සම්පූර්ණ නම පුෂ්පිකා සඳමාලි ද සිල්වා. වයස අවුරුදු 22 යි. ගම පොළොන්නරුව. කලා අංශයෙන් උසස්‌ පෙළ හැදෑරුවා. නිව් ජයරත්න ඉංජිනියර්ස්‌ කියන මගේ පියාගේ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂවරියක්‌ ලෙස දැනට රැකියාවක්‌ කරනවා.

දෙරණ මිස්‌ ශ්‍රී ලංකා තරගයට සම්බන්ධ වුණේ කොහොමද කිව්වොත් ?

මම 2008 වසරේ රූසිරි වැඩමුළුවේදී නැචුරි බියුටි ක්‌වීන් බවට පත්වුණා. ඊට පසුව 2010 වසරේදී මිස්‌ ශ්‍රී ලංකා තරගයට සහභාගි වුණා. එම තරගයේදී හොඳම නිරූපිකාව, හොඳම ඡායාරූපවලට පෙනී සිටීම, ජනප්‍රියම තරුව කියන අංශ තුනෙන්ම ජයග්‍රහණය කළා. පස්‌සේ අවසන් තරගකරුවන් පස්‌දෙනා අතරට ඒමේ වාසනාවද හිමිවුණා. ඒ වෙලාවේ තමයි තීරණය කළේ 2011 වසරේ දීත් මිස්‌ ශ්‍රී ලංකා තරගයට සම්බන්ධ වෙනවා කියලා. ඊට පසුව මම අයෑදුම් කරලා තරගයට ඉදිරිපත් වුණා.

ඒ වෙලාවේ හිතුණද කිරුළ හිමිවෙයි කියලා ?

එහෙම කියන්න අමාරුයි. මොකද මම විතරක්‌ නොමෙයි අනෙක්‌ තරඟකාරියනුත් අයෑදුම්කරන්නේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන්. ඒ බලාපොරොත්තුව තමයි මටත් තිබුණේ. හැබැයි මට පොඩි කාලේ ඉඳන් හීනයක්‌ තිබුණා මගේ රටේ රැජිනක්‌ වෙන්න.

හීනය සැබෑ වුණාට පසුව ඔබට මොකද හිතුණේ ?

දරාගන්න බැරි සතුටක්‌ දැනුනා. ඒ වෙලාවේ මට හිතුණා ලෝක රෑ රැජින තරගයටත් සහභාගිවෙලා ජයග්‍රහණයක්‌ හිමිකරගත යුතුයි කියලා. තවද මට හිතුණු දෙයක්‌ තමයි පිටිසර පළාත්වල ගැහැණු ළමයින්ට මම හොඳ උදාහරණයක්‌ කියලා. මොකද පිටිසර පළාත්වල ළමයින්ට පොඩි බයක්‌ තිබෙනවා මෙවැනි තරගවලට සහභාගි වෙන්න. මම පොළොන්නරුවෙන් පැමිණි තරඟකාරියක්‌ විදිහට එම අභියෝගය භාරගෙන ඉදිරියට ඇවිත් මිස්‌ ශ්‍රී ලංකා කිරුළ හිමිකරගෙන තිබෙනවා.

මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක රූ රුජින තරගයට සහභාගිවීමේ අවස්‌ථාව හිමිවෙනවා. ඒ අවස්‌ථාව හිමිවීම ගැන යමක්‌ පැවසුවොත් ?

ඇත්තටම ගොඩක්‌ සතුටුයි. තමන්ගේ රට නියෝජනය කරන්න ලැබීම මට ලැබුණ භාග්‍යයක්‌ කොටත් සලකනවා. මට ඕනෑවෙලා තියෙන්නේ මගේ රටේ තිබෙන ශ්‍රී ලාංකික අභිමානය, ශ්‍රී ලාංකික සංස්‌කෘතිකත්වය සහ ශ්‍රී ලාංකික ජාතිකත්වයට එකඟව ලොව පුරා ජාතීන් 196 ක්‌ එක තැනට යොමු වූ මොහොතේ අත්දෙක එකතු කරලා මගේ මව් භාෂාවෙන් ලෝකයට ආයුබෝවන් කියන මොහොත උදාකරගැනීමට.

මේ ලැබෙන ජනප්‍රියත්වය විඳදරා ගන්නේ කොහොමද?

නිහතමානීව සතුටින් එම ජනප්‍රියත්වය භාර ගන්නවා.

ලංකාවේ මේ ක්‍ෂේත්‍රයේ තරුණියන් ගැන එතරම් හොඳ පැහැදීමක්‌ නැහැ නේද?

නිරූපණ ක්‍ෂේත්‍රයේ වැරැද්දක්‌ නම් මම දකින්නේ නැහැ. මොකද නිරූපණ ක්‍ෂේත්‍රය කියන්නේ ලංකාවේ පුරවැසියන් අඳින ඇඳුම් තමයි අපි නිරූපණය කරලා පෙන්වන්නේ. එවිට ඒ ක්‍ෂේත්‍රයේදී අපිට විවිධාකාර ඇඳුම් අඳින්න වෙනවා. එවැනි විවිධාකාර ඇඳුම් අඳින්න ලැබීම වැරැද්දක්‌ විදිහට මම දකින්නේ නැහැ. එක එක පුද්ගලයන් බලන ස්‌වභාවය අනුවයි එවැනි දේවල් තීරණය වෙන්නේ.

නිරූපණයට සරිලන සිරුරක්‌ ඔබට තිබෙනවා කියලා හිතවාද?

නිරූපණ ක්‍ෂේත්‍රයට සරිලන සිරුරක්‌ මට තිබෙනවා කියලා හිතනවා. නමුත් නිරූපිකාවකට තිබෙන සිරුරක්‌ නොමෙයි රැජිනකට තිබිය යුත්තේ. රුජිනගේ උස මහත මනාවට තිබිය යුතුයි. නිරූපිකාවකට තිබෙන්නේ ඕනෑ සිහින් සිරුරක්‌.

පවුලේ විස්‌තර ටිකකුත් කියමු නේද?

අම්මයි. තාත්තයි. අයියයි, අක්‌කලා දෙන්නයි. පවුලේ සියලුම දෙනා තාත්තාගේ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂවරු සහ අධක්‍ෂවරියන් ලෙස සේවය කරනවා. අයියයි අක්‌කලා දෙන්නයි විවාහකයි.

ඉගෙන ගත්තේ මොනවගේ අරමුණක්‌ ඇතිවද?

උසස්‌ පෙළ හැදෑරුවේ කලා අංශයෙන්. පසුව පියාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වුණා. කොහොම වුණත් මගේ පොඩි කාලේ ඉඳන් තිබුණ සිහිනය තමයි මගේ රටේ රැජිනක්‌ වෙන එක. අද වෙනකොට ඒ සිහිනය මම සැබෑ කරගෙන තිබෙනවා. එයට මගේ පවුලේ සියලු දෙනාම මට උදව් කළා.

රඟපාන්න ආරාධනා ලැබුණොත් භාරගන්නවාද?

මේ දවස්‌වල මිස්‌ වර්ල්ඩ් තරගයට යන්න සූදානම් වෙනවා. ඒ හින්දා ඒ ගැන එතරම් හිතලා නැහැ. එම තරගයෙන් පසුව තමයි රංගනය ගැන හිතන්නේ.

දිනේෂ් විතාන

Copy rights - Divayina
READ MORE - මම මිස්‌ ශ්‍රී ලංකා වුණේ පොළොන්නරුවෙ ඉඳන් ඇවිත්

අනේ මට රංසි දාලා යන්න බෑ

අද අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ බොහෝ තරුණ ගැහැනු ළමයින්ට හා විවාහක ස්ත්‍රීන්ට පවතින රෝගයක් පිළිබඳවයි. මේ ගැන අප මෙතෙක් අනාවරණය නොකළ ද මේ අද්භූත රෝගය ස්ත්‍රීහූ බහුතරයක් වැලඳී පීඩා විඳිති. ඒ නිසා ම මේ ගැන නොලියා සිටීම එවැන්නන්ට සිදු කරන අසාධාරණයකැයි සිතේ.

ඒ තමන්වෙත සිහිනෙන් පිරිමියෙකු පැමිණීමක් ගැනය.බොහෝ කාන්තාවෝ ස්වකීය රහස්‍ය භාවය රකින ලෙස ඉල්ලා සිටිමින් සියල්ල විස්තර කරති. මෙසේ පැමිණෙන පුද්ගලයා ගේ බෙල්ලෙන් උඩ කොටස නොපෙනෙන බව සමහරු කියති. තවත් අය කියන්නේ විදේශගතව සිටින තම ස්වාමි පුරුෂයාගේ් ස්වරූපයෙන් පැමිණෙන බවය.

සමහර කාන්තාවෝ කියන්නේ එවැනි පුද්ගලයෙකු දුටු විට “ඉතිපි සෝ” ගාථාව කියන විට ඔහු අතුරුදහන් වන බවය. තවත් අය කියන්නේ තමන්ට එවැනි පුද්ගලයෙකු නොපෙනුනත්, නොපෙනෙන කෙනෙකු විසින් ශරීරය ස්පර්ශ කරන බවත්, තද කරන බවත්, ගෙල මිරිකන බවත්ය.

මෑතදී එක්තරා කාන්තාවක් අමුතුම කතාවක් අනාවරණය කළාය. “මගේ මහත්තයා ව්‍යාපාරිකයෙක්. අපි බොහොම සන්තෝසයෙන් ජීවත් වුණා. කලකට පසු මහත්තයා අනියම් සම්බන්ධතාවල පැටළුණා. බැරිම තැන මම ආගම දහමට නැඹුරුව ජීවත් වුණා. අවසානයේ මහත්තයා රෝගුතර වුණා. ඒත් මම කරුණාවෙන් ඔහුට සාත්තු සප්පායම් කළා. ඔහුගෙන් ලාභ ප්‍රයෝජන ගත් අය අහක බැලුවා. ඔහු ඒ අවසාන කාලයේ තමන්ගෙන් මට සිදු වූ වැරදි අඩුපාඩු වලට දුක් වුණා. ඇඬුවා. මට වැඳ මගෙන් සමාව ඉල්ලුවා. අවසානයේ ඔහු මිය ගියා.

”දැන් එයා මා සොයා ගෙන එනවා. ඔහු එන බව මට දැනෙනවා. ඒ වෙලාවට ගඳක් වහනය වෙනවා. ආ... ඔයා ඇවිත් ඉන්නවා නේද? කියලා මම අහනවා. ඔහු මා සමඟ කතා කරනවා. එතකොට මම කියනවා ඔයා ඉස්සර කරපු වැරදි නිසා මම දැන් ආගමිකව ජීවත් වෙනවා. මම ඔයාට කළ අවවාද එදා පිළිගත්තේ නැහැ නේ. දැන් මට කරදර කරන්න එපා කියලා. ඒත් එයා එනවා. එයාගෙ ඉඩම, ගේ දොර නිසා වෙන්නැති එන්නේ. මගේ ළඟට එන්න එපා කීවා ම මට හිරිහැර පීඩා කරනවා. මා ලවා යම් යම් දේ කරවනවා. මට ඒවා නොකර ඉන්නට බැහැ.”

”මම ඔහුට පින් දී හොඳ තැනකට යවන්න උත්සාහ කරනවා. ඒත් දැඩි තණ්හාව ආශාව නිසා ඔහුගේ සිත පිනට යොමු වෙන්නේ නෑ. ඔහු සමඟ තවත් දෙතුන් දෙනෙක් එනවා. උනුත් මට හිරිහැර කරනවා. බැරි ම තැන ඇදුරන් ගේ පිහිට සෙව්වා. ඔවුන් රුපියල් විසි තිස් දාහ අය කරමින් ශාන්ති කර්ම කළත් සතියකට වඩා කරදරයක් නැතුව ඉන්න බැහැ.”

මේ වැනි අයට බෞද්ධ පිළිවෙත් මගින් සහනය ලබා ගන්නා හැටිත්, ඒ අමනුෂ්‍යයන් කෙරෙහි තරහවකින් තොරව ඔවුන් සතුටු කොට යහපත් තැන්වලට යවන ආකාරයත්, එවැනි උපදෙස් දෙන තැන්වලට යොමු කළත් මේ අය සුව වූ පසු කතා කරන්නේ නැත. ඒ පිළිවෙත් කරන විට ඇති වන වෙනස්කම් හා සහනයන් ගැන කියන්නේ නම් තවත් කෙනෙකුට සහනය ලබා දීමේ දී ඒ අත්දැකීම් ගවේෂණවල දී මහෝපකාරී වේ.

තවත් සමහරු සහනයක් ලැබුණු විට ඒ අමනුෂ්‍යයා වෙනුවෙන් කළ යුතු යුතුකම් මඟ හරිති. එවැනි අයට ඊළඟට කරදර ගලා එන්නේ දෙගුණ තෙගුණ වීමෙනි. මෙවැනි අය ස්වකීය පූර්ව අකුසල කර්ම විපාක ලාබෙට අහෝසි කර ගන්නට උත්සාහ කරති. අනුන්ගේ කර්ම විපාක හෙවත් කෙනෙකුට ඉවත් කළ නොහැකිය. එය තමන් ම උත්සාහයෙන්, ධෛර්යයෙන් හා කැපවීමෙන් කුසල කර්මයන්හි යෙදී යටපත් කළ යුතුය. මුදලින් ද කළ නොහැකිය.

එවැනි සමහරු ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානවලට ගොස් උපදෙස් හරියාකාර ඉටු කොට එසේ අමනුෂ්‍යයන් ලෙස එන සංසාරික ඥාතීන්ට පින් අනුමෝදන් කොට පෙර පින් මතක් කොට සිටින තත්ත්වයෙන් උසස් තත්ත්වවලට පත් කරති. එසේ සුගතිගාමීවන එවැනි සත්ත්වයෝ අපට ද පින් දෙති. නැතත් එය අපට ද කුසලයකි.

මේත් ඒ වාගේ ම කතාවකි. මේවා කතන්දර ලෙස කියවා බලා ඉවත ලිය යුතු නොවේ. ඒ ගැන නුවණින් සිතා තේරුම් ගත යුතුය. මේ කතාවෙන් අනාවරණය වන්නේ සිතේ ප්‍රබලතාවයයි. සිතට සිතුවිලි ගලා ඒම සිතේ ස්වභාවයයි. එහෙත් එවැනි සිතුවිල්ලක් ප්‍රබලව තදින් අල්ලා ගෙන සිටීම “උපාදානය” ලෙස බුදු දහමේ හඳුන්වා දී ඇත.

”උපාය දන්නෝ අපායෝ නොවැටෙති” යි කියමනක් ජනවහරේ ද පවතී. මෙය මරණාසන්න මොහොතේ පහළ වන චුති චිත්තය නිසා දුගතිගාමීවීම වළක්වා ගැනීමට ද හේතු විය හැකිය.

රංසි ඒ පවුලේ එක ම දියණියයි. මවු පිය දෙදෙනා ගේ ආදරය හා රැකවරණ මැද හැදුණු වැඩුණු ඈ කාගේත් ආදරය කරුණාව දිනා ගත් ප්‍රසන්න යුවතියක් වූවාය. පැහැපත් වූවාය. දුටුවන් සිත් ගන්නා අඟ පසඟින් යුක්ත වූවාය. මේ වන විට උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටියාය.

හිටි හැටියේ ඇගේ ප්‍රසන්නතාව ගිලිහෙමින් මුහුණ අඳුරු පැහැ ගැනුණි. රාත්‍රි හිනෙන් බය වී තිගැස්සී අවදි වූවාය. රාත්‍රි නින්දේදී ඇඟ තද කිරිම්, බෙල්ල මිරිකීම් ආදිය ඇයට දැනුණි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළ නමුත් ස්ථිර සුවයක් නොලැබුණි. “සිළුමිණ” පත්‍රයේ පළවන “පියවි ඇසින් ඔබ්බට” ලිපි පෙළ කියවා තිබුණු ඇගේ මව, පියා සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයකට රංසි කැඳවාගෙන ගියාය.

පළමු දිනයේ ඇගේ ශරීරයට අමනුෂ්‍යයෙකු ආරූඪ වුව ද කතා කිරීමේ ශක්තියක් නොවීය. ඒ නිසා මස් මාළු, කරවල, බිත්තර, උම්බලකඩවලින් වැළකී බෝධි පූජා 21 ක් පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් ලැබුණි.

ඊළඟ දිනයේ ගුප්තාත්මය කතා කළේය.

”කව්ද මේ ශරීරය තුළ ඉන්නේ?”

”මම... ම... බැහැ... කියන්න බැහැ”

”ඇයි බැරි?”

”එතකොට මාව පන්නවා. මම රංසි දාලා යන්න කැමති නැහැ. මට එයා එක්ක ඉන්න ඕනෑ. අනේ! මාව පන්නන්න එපා”

”නැහැ පන්නන්නෙ නැහැ. කව්ද කියන්නෝ”

”මම සිරිසේන”

”සිරිසේන කියන්නේ කව්ද?”

”මම රංසි ගෙ ඉස්කෝලෙ ගේට්ටුවේ සිකියුරිටි කරපු සිරිසේන”

”ඉතින් සිරිසේන ඇයි රංසිගෙ ඇඟට රිංගුවේ. ඒක මහා පාපයක්. දැන් රංසි අසනීප වෙලා. සිරිසේන පව් කළ නිසා දුගතිගාමී වෙලා. සිරිසේන රංසිගෙ ඇඟට රිංගපු නිසා රංසි ලෙඩ වෙලා. ඒක සිරිසේනට මහා පාපයක්. දැන් සිරිසේන ප්‍රේතයෙක්.”

”ආ... මම ප්‍රේතයෙක්?”

”ඔව් දැන් සිරිසේන ප්‍රේතයෙක්. ඔහොම හිටියොත් රංසි මැරිලා යාවි. සිරිසේන තවත් දුගතියට ගිහින් නිරයේ ගින්නෙන් දැවි දැවී දුක් විඳින්න වේවි. සිරිසේන මෙහෙම වෙන්න හේතුව කියන්නකෝ”

”මහත්තයා මම ඉස්කෝලෙ ගේට්ටුවෙ රස්සාව කළේ, රංසි ලස්සනයි. හුරුබුහුටියි. අඟ පසඟ හරිම සම්පූර්ණයි. මගේ ගෑනිගේ මොන ලස්සනක්ද? රංසිගෙ ලස්සන. මගේ ඇස් දෙක රංසිව බලන්න ආසාවෙන් ඉන්නේ. රංසි එන්නේ කොයි වෙලාවෙද කියලා බල බලා ඉන්නේ.

”ඉතින් ඒක රංසි දන්නේ නෑ, මම තනියම ආසාවෙන් රස වින්ඳා. සමහර දාට මම “ගුඩ් මෝනිං” කියනවා. රංසිත් “ගුඩ් මෝනිං” කියලා යනවා. ඒ කටහඬත් හරිම මිහිරියි.”

”ඉතින්?”

”ඉතින් දවසක් මගේ බයික් එක එක්සිඩෙන්ට් වෙලා මම මැරුණා. මට ඒ වෙලාවෙ රංසිව මතක් වුණා. මම උපන්නේ් ගේට්ටුව ළඟ. දවසක් රංසි බැදපු රට කජු කකා යන කොට මම රංසිගෙ ඇඟට රිංගුවා. දැන් මම ඉන්නේ රංසිගෙ ඇඟේ. රංසිගෙ ශරීරයෙ තියෙන දේවලින් ම යි ජීවත් වෙන්නේ.”

”සිරිසේන”

”ඇයි?”

”සිරිසේන ඕක තමයි ස්වභාවය. සිරිසේනගෙ ඇස් දෙක ලස්සන රූපයක් දැකලා තණ්හාව ආශාව හට ගත්තා. ඒ ලස්සන රූපයට සිත වැටුණා. ඒක උපාදාන වුණා. දැඩි අල්ලා ගැනීමක් වුණා. සිරිසේනගේ් ඒ ආශාවෙන් බැඳුණු සිත මරණාසන්නයේ චුතිචිත්තය ලෙස ඉදිරිපත් වීම නිසා දුගතියේ උපන්නා. දැන් ප්‍රේතයෙක් ලෙස අවුරුදු ලක්ෂ ගණනක් දුක් විඳින්න වෙනවා.” යි නාගොඩ විතාන මහතා විස්තර කළේය.

”අවුරුදු ලක්ෂ ගණනක්?”

”ඔව්! රංසි මේ ලෙඩෙන් මැරුණොත් ඒ පාපයත් සිරිසේනට. එතකොට අවුරුදු කෝටි ගණනක් දුක් විඳින්නත් වේවි. බුද්ධාත්තර ගණනාවක්.”

”අනේ! මහත්තයෝ එහෙම නම් මේ දුකෙන් මිදෙන්නෙ කොහොමද?”

”හොඳයි. එහෙම නම් අපි රංසි ලවා දානයක් දී සිරිසේනට පිං අනුමෝදන් කරවන්නම්. ඒ පිං අරගෙන කොහේ හරි බෝධියක් ළඟට ගිහින් පිනට දහමට සම්බන්ධ වෙන්න.”

”හොඳයි මහත්තයෝ, හෝඳයි. මම මීට පස්සේ රංසිට කරදර කරන්නේ නැහැ සත්තයි.”

දානයක් දී පිං අනුමෝදන් කිරීමෙන් සිරිසේනගේ භූතාත්මය රංසිගේ ශරීරයෙන් ඉවත්ව කැලණියේ බෝධීන් වහන්සේ ළඟට ගියේය.

දැන් රංසිට දුඟද (ප්‍රේත ගඳ) දැනෙන්නේ නැත. ඇගේ යට ඇඳුම්වලින් දුඟ ද වහනය වන්නේ නැත. හීනෙන් බය වන්නේ නැත. නැවත හොඳින් අධ්‍යාපන කටයුතු කර ගෙන යන්නීය. රංසි සුවපත් වූවාය. සිරිසේන ගේ ප්‍රේතාත්මය ද ඉන් මිදී සුවපත් වූයේය. එය ද රංසිටත් පවුලේ අයටත් කුසලයක් විය.

READ MORE - අනේ මට රංසි දාලා යන්න බෑ

කැලණියෙන් පැමිණි කැරලිකාර ග්‍රීක යුවතිය "ඇන්ටිගනි"

Thursday, May 12, 2011

කැලණියෙන් පැමිණි කැරලිකාර ග්‍රීක යුවතිය "ඇන්ටිගනි"

ක්‍රිස්‌තු පූර්ව පස්‌ වැනි සියවසෙහි දී ග්‍රීසියේ රඟදැක්‌වුණු ග්‍රීක නාටකයක්‌ ළඟදී කොළඹ ලයනල් වෙන්ට්‌ රඟහලෙහි සිංහල භාෂාවෙන් රඟදැක්‌වූණේය. ප්‍රේක්‍ෂකයන්ට සිතුණේ එය පැරණි ග්‍රීක නාටකයක්‌ කියා නොව අලුත්ම අලුත් සිංහල නාටකයක්‌ කියාය. මක්‌නිසාද නාට්‍යයේ අන්තර්ගතයත් සන්දර්භයත් රංගනයත් අධ්‍යක්‍ෂණයත් නවීන වූ බැවිනි අපට අනාගන්තුක වූ බැවිනි. ඒ වනාහි සොෙක්‌ලීස්‌ නම් ග්‍රීක නාට්‍යවේදියාගේ "ඇන්ටිගනි" නම් නාටකය යි. ආරිවංශ රණවීර සිංහලට පෙරළුE "ඇන්ටිගනි" නාටකය, අධ්‍යක්‍ෂණය කර තිබුණේ ප්‍රියංකර රත්නායක ය.

සොෙක්‌ලීස්‌ යනු ග්‍රීක නාට්‍ය කලාවේ මහා නාට්‍යවේදීන් තිදෙනාගෙන් කෙනෙකි. ඊස්‌කිලන් සහ යුරිපිඩීස්‌ අනෙක්‌ දෙදෙනාය. මේ තිදෙනාගේ නාටක, පරිවර්තන සහ අනුවර්තන ඔස්‌සේ සිංහල රසිකයන්ට හඳුනාගන්නට ලැබී තිබේ. රණවීර කවියා "ඇන්ටිගනි" පරිවර්තනය කොට මුqද්‍රණය කළේ 1991 දී ය. සෝමලතා සුබසිංහ නාට්‍යාචාර්යවරිය විසින් 1994 දී එම පිටපත වේදිකාවට ගෙන එන ලදී. ප්‍රිංයකර රත්නායකගේ නාටකයට පදනම් වනුයේ ද ඉතා සුළු සංස්‌කරණවලට භාජන වූ එම පිටපත මය.

සොෙක්‌ලීස්‌ගේ ඊඩිපස්‌, නම් චිරප්‍රසිද්ධ නාටකයට අනුව සිය පියා ඝාතනය කිරීම සහ සිය මව භාර්යාව වශයෙන් තබා ගැනීම යන දෛවෝපගත මහා පාපකර්මයට මුහුණ දෙන ඊඩිපස්‌ රජු රාජ්‍යයෙන් පිටුවහල් කරනු ලැබ අන්ත අසරණ ලෙස මිය යයි. "ඇන්ටිගනි" නාටකයෙහි එනුයේ ඊඩිපස්‌ රජුගේ දරුවන් සිවුදෙනා පිළිබඳ කථාන්තරයයි.

ඊඩිපස්‌ගේ පිරිමි දරුවන් දෙදෙනා වන එටියෝක්‌ලේන් සහ පොලිනීසස්‌, රාජ්‍යත්වය සඳහා උනුන් ඇන කොටා ගනිති. පොලිනිසස්‌ සතුරු හමුදාවන් රැගෙන විත් සිය රට වන තීබය ලබා ගැනීම සඳහා සටන් වදින අතර ඔහුගේ සොහොයුරා තීබයෙහි සිට පොලිනීසස්‌ට එරෙහිව සටන් වදී. දෙදෙනාම රණබිමෙහි මිය යති. තීබයෙහි රජ කළ ක්‍රියෝන් රජු රට වෙනුවෙන් සටන් කළ එටියෝක්‌ලේස්‌ගේ දේහය බුහුමන් සහිතව මිහිදන් කරන්ටත් පොලිනීසස්‌ගේ දේහය බලු කපුටන්ට බුදිනු පිණිස විසි කර දමන්ටත් තීන්දු කරයි. පුරාණ ග්‍රීක විශ්වාසය අනුව මළවුන්ට සුගතියක්‌ හිමි වනුයේ ඔවුන් ගරුකටයුqතු= ලෙස භූමදාන කළහොත් පමණි. "ඇන්ටිගනි" නාට්‍යය ආරම්භ වන්නේ සිය සොහොයුරාට අත්වන්ට යන කුරිරු ඉරණම පිළිබඳ ඊඩිපස්‌ රජුගේ දියණියන් දෙදෙනා වන ඇන්ටිගනි සහ ඉස්‌මෙන් අතර සිදුවන ගේය නට්‍යමය සංවාදයකිනි. ඇන්ටිගනි, ඉස්‌මෙන්ට මෙසේ කීයන්නීය.

"ඉස්‌මෙන් ෘ කෙසේ නම් කියාවිද මේ පුවත මියගිය අප දෙසොහොයුරන්ගෙන් එකෙකුට රාජ්‍ය ගෞරවැති අවමඟුලක්‌ද අනෙකාට අන්ත නින්දිත අවමානයක්‌ද හිමිකර ඇත රජු විසින්."

ඇන්ටිගනිට මේ දුක දරා ගත නොහැකිය. ඇය සිතන්නී රජ අණට අකීකරුව පොලිනීසස්‌ගේ මළ සිරුර වළදමන්ටය. ඉස්‌මෙන්ට එහි බරපතළකම වැටහේ. එපමණක්‌ නොව සිය පියාත් මවත් නිසා මේ තාක්‌ වින්දා වූ දුක්‌ කන්දරාව ද සිහිපත් වේ.

සිතන්න නැඟණිය

අප විඳි පිරිපත ගැන

විඳින්නට වුණු සාපය.

නෙත් සඟල අඳ කරගෙන

තම අතින්ම

ලඡ්ජාවෙන් හා දුකින් පීඩිතව

නැසුණු හැටි අපගෙ පියා

අනතුරුව ඔහුගේ මව මෙන්ම

බිරිය ද වුණු

අපගේ මව

ගෙලවැල ලා ගෙන

මියගිය අයුරු

ඉස්‌මෙන් මෙසේ පවසන නමුදු ඇන්ටිගනි සිය අදහස වෙනස්‌ නොකරයි. ඇය රාජ නීතියට අවනත නොවී පොලිනීසස්‌ගේ මළකඳ වළ දමයි. මෙය කුමන්ත්‍රණකාරීන් පිරිසකගේ රාජ්‍ය ෙද්‍රdaහී ක්‍රිsයාවක්‌ බව නිගමනය කරන ක්‍රියෝන් රජු ඒ ෙද්‍රdaහීන් සොයා දඬුවම් දීමට නියෝග කරයි. සහෝදර ප්‍රේමයේ නාමයෙන් සහ මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ ක්‍රියාව සිදු කරනු ලැබ ඇත්තේ පොලිනීසස්‌ගේ සොයුරිය වූ ඇන්ටිගනි විසින් යෑයි දැනගත් පසුද ක්‍රියෝන් පැණවූ දඬුවම ලිහිල් නොවේ. ඇන්ටිගනි, ක්‍රියෝන් අබිමුවට පමුණුවනු ලබයි. මෙහිදී උද්ගත වන්නා වූ තර්ක විතර්කවලින් ග්‍යමාන වනුයේ අදීන ගැහැනියකගේ හෘදය සාක්‌කිය සහ අසීමිත රාජ්‍ය බලයෙන් අන්ධ වූ පාලකයකුගේ නරුම මානසිකත්වය යි. අනතුරුව ක්‍රියොන් වෙත පැමිණෙන ඉස්‌මෙන් පවසන්නී තමා ද මේ රාජ නීතිය කඩ කිරීමට හවුල් වූ බවයි. ඇන්ටිගනි ඇයගේ ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කළ ද ක්‍රියෝන් විසින් ඉස්‌මෙන්ටද මරණ දඬුවම නියම කරනු ලැබේ. මේ අතර ඇන්ටිගනීගේ පෙම්වතා සහ ක්‍රියෝන්ගේ පුත්‍රයා වූ හීමන් පැමිණ සිය පෙම්වතිය මරණයෙන් ගලවා ගන්ට යත්න දරයි. මේ යුවතීන් දෙදෙනා මරා දැමුවහොත් මහජන මතය රජුට එරෙහිව නැගී සිටිනු ඇතැයි ඔහු අනතුරු හඟවයි. එවිට රජු ඇන්ටිගනීගේ මරණ දඬුවම, නුවරුන් ලවා ගල්වලින් පහර දී ගල්ලෙනක සිරගත කොට තැබීම දක්‌වා ළිහිල් කරයි. හදිසියේ ක්‍රියෝන් වෙත පැමිණෙන ටෙරෙසියාස්‌ නම් අනාගත වක්‌තෘවරිය පවසන්නී ඔහුගේ සකලවිධ දඬුවම් දේව නීතියට පටහැනි බවයි. රජු එය නොපිළිගනී. ටෙරෙසියාස්‌ ඔහුට දරුණු ශාපයක්‌ කරයි. එයින් චංචල වන රජු පොලිනීසස්‌ගේ දේහය පිළිබඳ අවමඟුල් චාරිත්‍ර පැවැත්වීමටත් ඇන්ටිගනි නිදහස්‌ කිරීමටත් තීරණය කරයි. එහෙත් ඒ අතර ඇන්ටිගනී ගල්ලෙනෙහි ගෙල වැල ලා ගෙන මිය යයි. සිය පෙම්වතියට අත්වූ ඉරණම දරා ගත නුහුරුව හීමන්, පියාගේ මුහුණට කෙළ ගසා සිය කඩුවෙන් ඇනගෙන දිවි තොරකර ගනී. මළගිය පුත දුටු ක්‍රියොන් බිසව සිය ස්‌වාමිපුqරුෂයාට ශාප කරමින් කඩුවෙන් ඇනගෙන නසී. ක්‍රියොන්, මරණ තුනකට වගකිව යුතු ඝාතකයා බවට පත් කරමින් ඇන්ටිගනි දෘශ්‍ය කාව්‍ය නිමාවට පත්වේ.

ඇන්ටිගනි වනාහි කොතරම් සංකීර්ණ හා දීර්ඝ වූ වෘත්තාන්තයන් ද යන වග පූර්වෝත්ත කතා සාරයෙන් වූව පෙනෙන්නේය. ඒ මහා ශෝකාන්තය, ආරියවංශ රණවීර කවියා ඉතා ව්‍යක්‌ත, නාෙට්‍යාaචිත බවකින් සිංහලට පෙරළා ඇත. ඒ පරිවර්තන කාරිය රණවීර වන් ප්‍රශස්‌ත කවියකුට ම විනා හුදු ද්විභාෂික උගතකුට කළ හැකි දෙයක්‌ නොවේ. ඔහුගේ බස ප්‍රාණවත් යá ප්‍රබල යá කාව්‍යාත්මක ය.

රණවීරගේ නාට්‍ය පෙළ, ප්‍රියංකර රත්නායක සිංහල වේදිකාවේ අභිරංගනයක්‌ බවට පත් කර ඇත්තේය. මේ අභිරංගය ඔහු මවන්නේ අත්වැල් ගායක කණ්‌ඩායම හෙවත් ගායන වෘන්දය උපයෝගී කොටගෙනය. ඇන්ටිගනි, ක්‍රියෝන් ආදීන් ප්‍රධාන චරිත වුව නාට්‍ය සන්දර්භය රඳා පවත්නේ ගායන වෘන්දය මතයි. මෙය ග්‍රීක සම්භාවස නාට්‍ය කලාවේ අභිඥානයක්‌ ලෙස ද සැලකිය හැකිය. මන්දයත් ප්‍රධාන පෙළෙහි ග්‍රීක නාට්‍යවේදීන් තත්කාලීන පුදපූජා, නර්තනෝත්සවාදියෙහි ප්‍රචලිතව තිබුqණු වෘන්ද ගීතිකා සම්ප්‍රදාය ස්‌වකීය නාට්‍යවල වාචිකාභිනය ලෙස නිතර භාවිත කළ බැවිනි. අප නාට්‍ය අධ්‍යක්‍ෂවරයා ද සමස්‌ත නාට්‍ය සිසාරා ගායන වෘන්දයෙහි අණසක පතුරුවා හරිමින් නාෙට්‍යාaචිත අවස්‌ථා නිර්මාණයට, චරිත නිරූපණයට සහ චරිත විශ්ලේෂණයට එයින් ලබාගෙන තිබුණු අනුප්‍රාණය අසීමිතය. නාට්‍ය පෙළ ආශ්‍රයෙන් අධ්‍යක්‍ෂවරයා සිය පරිකල්පනයෙහි මවා ගත් රූපාවලිය ඔහු විචිත්‍රවත් කරනුයේ මේ ගායන වෘන්දය විවිධ හැඩතලවලට අනුව රංග පීඨයෙහි ස්‌ථානගත කිරීමෙනි. ඊට හර්ෂිකා රත්නායක නර්තන ශිල්පිනිය ගෙන් අධ්‍යක්‍ෂවරයාට ලැබී ඇති සහාය අතිමහත්ය.

සංවාද අඩු, ගීත වැඩි මෙබඳු දෘශ්‍ය කාව්‍යයක සංගීතයට හිමි වනුයේ විශේෂ ස්‌ථානයකි. ප්‍රමිත් දහනායක නම් වූ ආධුනික සංගීතවේදියා සිය වගකීම් භාරය නොපිරිහෙළා ඉටුකිරීම නිසා, "ඇන්ටිගනි" සඳහා නාෙට්‍යාaචිත සංගීතයක්‌ ගොඩනැඟී තිබිණි. සංගීතය පටිගත කර තිබුණේ වී නමුqත් ගායන වෘන්දයෙහි සියල්ලෝ නිවැරදි ශ්‍රැති ස්‌ථානවල පිහිටා ප්‍රාණවත් සජීව ගායනයක යෙදුණාහ. රංග චන්ද්‍ර, රංගාභරණ, විදුලි ආලෝකය ආදී අවශේෂ අංගෝපාංග ද නාට්‍යය සමඟ සාකල්‍යයෙන් ම බද්ධ වී තිබිණි. අනුqචිත බවත් පළ වූයේ ක්‍රෙයොන් රජුගේ ඇඳුම් ඇඟළුම්වල පමණි.

මෑත භාගයේ සිංහල වේදිකාවේ නුදුටුq විරූ අපූරු, රංගනයක්‌ ඇන්ටිගනි ලෙස රඟ පෑ ප්‍රසාදිනී අතපත්තු නම් වූ නවක නිළිය ඉදිරිපත් කළාය. ම්ලේච්ඡ පාලකයකු=ගේ ක්‌රූර ක්‍රියා කලාපය හමුවේ තැලී පොඩි වී ගිය ආත්මයක්‌ ඇති එහෙත් අදීන අභීත හා මුරණ්‌ඩු යුවතියකගේ චරිතයට ඇය ආවේශ වී සිටියාය. වඩාත් අනුවේදනීය අවස්‌ථාවල දී ඇයගේ දෑසට කඳුළු උනා ආයේ ඒ නිසා විය යුතුය. ප්‍රසාදිනීට පසු ප්‍රේක්‍ෂක සිත් වඩාත් ආකර්ෂණය කර ගත් නිළිය වූයේ අනාගත වක්‌තෘවරිය ලෙස රඟ පෑ කෞශල්‍යා මැන්දිස්‌ය. විශ්වජිත් ගුණසේකර (ක්‍රියෝන්), ෙද්‍රdaපදී වික්‍රමසිංහ (ඉස්‌මෙනි), හීමන් (සමන් මලලසේකර), සෙබළා (තුමිදු දොඩන්තැන්න) ආදීහු ද සිය භූමිකා මැනවින් නිරූපණය කළහ.

ප්‍රියංකර රත්නායක බොහෝ බලාපොරොත්තු තබා ගත හැකි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු බව අපට පෙනී ගියේ මීට ඉහත ඔහු අධ්‍යක්‍ෂණය කළ "ඊඩිපස්‌" නාටකය නැරඹීමෙනි. ඇන්ටිගනි නාටකයෙන් ඒ බලාපොරොත්තු මල් ඵල ගැන්වී ඇත.

තවද කිව යුත්තක්‌ තිබේ. එනම්, මේ නාටකය, ලංකාවේ විශ්වවිද්‍යාලයක නිෂ්පාදනයක්‌ වීම ගැන යි. අද මෙරට පවතින්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නාට්‍ය නිෂ්පාදනය කළ විශ්වවිද්‍යාලය නොවේ. ප්‍රියංකරගේ ම වචනවලින් කියතොත් "වෙසක්‌ දා වෙසක්‌ කූඩුවකට, අවුරුදු දා කඹ ඇදීමකට ගහ මරා ගන්නා රස්‌තියාදුකාරයන් සහ මැරයන් ද සිටින "විශ්විද්‍යාලයකි. මේ නාටකය පුහුණු කරන්ට අවම වශයෙන් හය මාසයක්‌වත් ගත වන්ට ඇත. විශ්වවිද්‍යාලයක මේ හය මාසය යනු දීර්ඝ කාලයකි. මහා ශිෂ්‍ය සංගමය සහ පොදු සිසුන් අතර ගැටුමක්‌ නිසා හෝ රතු බලකාය සහ නිල් බලකාය අතර ගැටුමක්‌ නිසා හෝ විශ්වවිද්‍යාලය දින නියමයන් නැතිව වසා දමන්නට පුළුවන. පාසල්වල මෙන් දැන් විශ්වවිද්‍යාලවල ද වාර විභාග පවත්වන බැවින් නළු නිළියන් පුහුණුවීම්වලට නෑවිත් සිටින්නට පුළුවන. පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අණ පරිදි නළු නිළියන් නාට්‍යයෙන් ඉවත් වන්ට පුළුවන. මේ නාට්‍ය ව්‍යාපෘතිය ලෝක බැංකුවේ කුමන්ත්‍රණයක්‌ ලෙස බහුජාතික සමාගමක බළල් අතක්‌ ලෙස හෝ පෙනී ගියහොත් ප්‍රතිගාමී බලවේගයක්‌ සේ සලකා "අන්තරේ උදවිය" ඊට එරෙහිව පිකටිං කරන්ට පුළුවන. එබඳු විශ්වවිද්‍යාලයකින් මේ කාලයේ මෙබඳු සම්භාව්‍ය ගණයේ නාටයකයක්‌ බිහිවීම අතිදුර්ලභ සිදුවීමකි. එම ගෞරවය "ඇන්ටිගනි" නිෂ්පාදනය කළ කැලණිය විශ්වවිද්‍යාලයටත් එහි නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකයටත් හිමිවිය යුතුය. "ඇන්ටිගනි", නොවැම්බර් 01 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශාලාවේදී නැවත වේදිකා ගත වේ. සම්භාව්‍ය නාට්‍ය රසාස්‌වාදනය රිසි රසික රසිකාවෝ වෙත් නම් එදින එම නාටකය නරඹන්ට වටනේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනිල් ආරියරත්න

Copy Rights - divayina
READ MORE - කැලණියෙන් පැමිණි කැරලිකාර ග්‍රීක යුවතිය "ඇන්ටිගනි"

රූපමය කලාවේ අසිරිය විඳින්න එන්න

Wednesday, May 11, 2011

රූපමය කලාවේ අසිරිය විඳින්න එන්න

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය අංශයේ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක කියන්නේ, මැයි 11 වැනිදා සිට 14 වැනිදා දක්‌වා කොළඹ ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේ දී රඟ දක්‌වන්නට නියමිත නාට්‍ය උළෙල ශ්‍රී ලාංකේය ප්‍රේක්‌ෂකයන්ට හිමිවන දුර්ලභ අවස්‌ථාවක්‌ බවය. ඒ "ඊඩිපස්‌" හා "ඇන්ටිගනී" යන නාට්‍ය දෙකම දවස්‌ දෙකක්‌ තුළ එකවර නැරඹීමේ හැකියාව ලැබීමයි. "ඊඩිපස්‌ හා ඇන්ටිගනී" නාට්‍ය උළෙල එකිනෙක බැඳුණු නාට්‍ය දෙකක්‌ වීම ඊට හේතුවයි. "ඊඩිපස්‌" හා "ඇන්ටිගනී" සමග ඉතා විශිෂ්ට ස්‌වතන්ත්‍ර නාට්‍යයක්‌ ද වේදිකාගත වීමට නියමිතය. ඒ "ජනේලයෙන් පනින්නද?" නාට්‍යයයි.

රූපමය කලාවේ ආශ්චර්යය විඳගන්න ඔවුන් ඔබට ආරාධනය කරන්නේ එහෙයිනි. ඒ අනුව 3.30 සහ 6.30 දර්ශන සඳහා නාට්‍යය බැගින් වේදිකාගත කිරීමට නියමිතය. මේ ප්‍රියංකර රත්නායක සමග ඒ .... පිළිබඳව කළ සංවාදයකි.

සංවිධානය කිරීමට නියමිත නාට්‍ය උළෙල ගැන යමක්‌ දැනගන්න කැමතියි.

මේ නාට්‍ය උළෙල ගැන කතා කළොත් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය විෂය පටන් අරගෙන අවුරුදු අටක්‌ නමයක්‌ විතර වෙනවා. ඒ කාලය තුළ අපි කලා උළෙලවල්වලදී නාට්‍ය කළා. එතැනදී බොහෝ වේලාවට සිද්ධ වුණේ විශ්වවිද්‍යාලයෙන් පිටතදී කරපු නාට්‍ය ගෙනැල්ලා උත්සවයක්‌ හැටියට පවත්වන එක. ඊට පස්‌සෙ කාලෙක අපි කළේ විශ්වවිද්‍යාලයෙන් පිට නාට්‍ය එකක්‌ හෝ දෙකක්‌ සමග අප විසින්ම නිෂ්පාදනය කළ නාට්‍ය ඒ උළෙලට තිබ්බ එක. එතැනදී බොහෝ දෙනෙක්‌ ප්‍රශ්න කළා ඔයාලා ඇයි මේවා විශ්වවිද්‍යාලය ඇතුළේ විතරක්‌ පෙන්වන්නේ? ඇයි පිටතදී මේවා නොපෙන්වන්නේ කියලා. ඒකට හේතුව පහුගිය කාලයේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් බිහිවෙච්ච නාට්‍ය. විවිධ නාට්‍ය උළෙලවල්හිදී ජයග්‍රහණයන් හා සම්මාන අත්පත් කරගැනීමත්, ප්‍රේaක්‌ෂක ප්‍රතිචාර හා විද්වත් විචාරවලට පාදක වීම. ඒවාට බොහෝ විට මුල් වුණේ විශ්වවිද්‍යාලයේ ළමයි හා ගුරුවරු.

මේවාට පාදක කරගත්තේ ලෝකයේ විශිෂ්ටතම නාට්‍ය පරිවර්තනයන්. මේකට විශාල ප්‍රේක්‌ෂකයෝ පිරිසක්‌ විශ්වවිද්‍යාලයෙන් පිටත සමාජයේ ඉන්නවා. "අද වගේ දවසක ඇන්ටිගනී" ඒ වගේ ප්‍රතිචාර, අවධානය යොමු කරගත් නාට්‍යයක්‌. මම හිතන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය පුනරුදයන් හා වර්ධනයෙන් පසු කැලණි විශ්වවිද්‍යාලයේ නාට්‍ය ගැන බොහෝ දෙනෙක්‌ කතා වුණා. මෙන්න මේ වගේ කාරණා නිසා අපි තීරණය කළා කැලණිය විශ්වවිද්‍යාලය ඇතුළේ ළමයි, ගුරුවරු පමණක්‌ නොවෙයි, අපෙන් ඉවත්ව ගිය විද්‍යාර්ථින් සමග පවා එකතු වෙලා නාට්‍ය උළෙලක්‌ පවත්වන්න.

මේ වෙනකොට පැරණි පරිවර්තන නිෂ්පාදනයන්, හෝ වේදිකාගත කළ පරිවර්තන නාට්‍ය නැවත නිෂ්පාදනය කිරීම ප්‍රවනතාවයක්‌ විදියට දකින්න ලැබෙනවා. මොකක්‌ද මේකට හේතුව.

ඒකට විශේෂ හේතුවක්‌ තියෙනවා. දැන් ඇන්ටිගනී ගත්තොත් මීට පෙර නිෂ්පාදනය කර තිබෙන්aaනේa සෝමලතා සුභසිංහ මහත්මියයි. ඒ නාට්‍ය බලපු අයට දැනෙයි ඇන්ටිගනී නාට්‍ය තුළ ඇති සුවිශේෂි වෙනස.

ආචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ විවේචනයකදී සඳහන් කළේ අපි නිෂ්පාදනය කරපු නාට්‍ය බලා සිටියදී කිනම් මොහොතක හෝ එය පරිවර්තනයක්‌ ලෙස තමන්ට නොහැඟුණු බවයි. ස්‌වතන්ත්‍රයක්‌ වන තරමටම ලාංකීය ලක්‍ෂණ සහිතයි කියලයි ඔහු කියන්නේ. දැන් එයින් කියෑවෙන්නේ නැහැ සෝමලතා සුභසිංහ මහත්මියගේ ක්‍රමවේදය දුව_ලයි කියලා. එයාගේ ක්‍රමවේදය එකක්‌. අපි නිෂ්පාදනය කළ ක්‍රමවේදය එකක්‌. දැන් ගත්aaතොත් බර්නාඩ්ගේ සිපිරි ගෙය එහි සියලුම චරිත කාන්තාවන්. ඉතිං ඒක මට කරන්න හිතෙනවා සියලුම චරිත වලට පිරිමි දාලා. ඒක මට තිබෙන වෙනම ඇසක්‌. අපි මේවා නැවත නැවත කරන්නේ ජීවිතයට අර්ථ සපයන නිසයි. නාට්‍යයක රූප ඔබ දකින විදිය සහ මා දකින ආකාරය වෙනස්‌. මමත් බර්නාඩාගේ සිපිරි ගෙය නිෂ්පාදනය කළා. රංජනී ඔබේසේකර මහත්මිය එය නිෂ්පාදනය කළා. නමුත් අනෙක්‌ අය ගීත ආදිය නැතුව කරපු "බර්නාඩා" මම කළේ ගීතමය නාට්‍යයක්‌ හැටියටයි. ඒකත් යම් ආකාරයකට ප්‍රේක්‍ෂකයාගේ ආකර්ශන අවස්‌ථාව දිනාගත්ත නාට්‍යයක්‌. නාට්‍යයක්‌ නිෂ්පාදනයේදී එය කළ හැකි ආකෘතිය මේ යෑයි කාටවත් කියන්නට බැහැ. ඇත්තටම පිටපත නොවෙයි නාට්‍ය කියන්නේ. ඔබට වුණත් ඇන්ටිගනී දැක්‌කොත් හිතෙයි මේක මේ විදියටත් කළොත් හොඳයි නේද කියලා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයය එක්‌ යුගයක දක්‌නට ලැබුණු නාට්‍ය පුනරුදය හා සමාන තත්ත්වයක්‌ කැලණියේ දකින්නට ලැබෙන බව ඔබ කිව්වා. ඒත් පේරාදෙණියේදී අපිට දකින්නට ලැබුණු එදිරිවීර සරත්චන්ද්‍ර මහතාත් ස්‌වතන්ත්‍ර නාට්‍ය වෙනුවට අපිට කැලණියේදී දකින්න ලැබෙන්නේ බටහිරට නැඹුරු පරිවර්තන නාට්‍ය මාලාවක්‌ කියලා යමෙක්‌ චෝදනා කළොත් ඒකට උත්තරය මොකක්‌ද?

ඔය කතාවේ වැරැද්දක්‌ තියෙනවා. යම් පරිවර්තනයක්‌ ගත්තොත් එය යම් රටක නිෂ්පාදනය වන්නේ ස්‌වතන්ත්‍රව තමයි. දැන් අපි මනමේ ගත්තොත් එය ස්‌වතන්ත්‍රයක්‌ද? මනමේ නාඩගම, කෝළම, ජාතකයත් තියෙනවා. එතකොට ජාතකයෙන් කෝළම හැදිලා ඒකෙන් නාඩගම හැදිලා ඊටත් පස්‌සේ තමයි නාට්‍ය හැදෙන්නේ. ඒත් මනමේ කරන්න සරත්චන්ද්‍ර මහත්මයාට බලපාන්නේ බටහිර සංගීත නාට්‍ය ජපානයේ "නෝ", "කබුකි" නාට්‍ය බලලා. කරපු අධ්‍යයනයන්, මොකද ඒ කාලයේ ඔහුට ඒවා හදාරන්න අවස්‌ථාවක්‌ ලැබෙනවා. ඊළඟට අපි ගත්තොත් මනමේ ලංකාවේද ඒත් නැහැ. එය ඉන්දියානු පසුබිමක්‌ තිබෙන නාටයHක්‌.

නමුත් කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඇයි ප්‍රශ්න නොකරන්නේ. අපිට වැදගත් වන්නේ නාට්‍යයේ පසුබිම නොවෙයි, පරිවර්තනද ස්‌වතන්ත්‍රද කියන එක නොවෙයි. ඒ නාට්‍ය අපේ ජීවිතවලට කොතරම් වැදගත්ද කියන එක විතරයි. මේ වගේ මට වෙනත් දේ ගැන කතා කරන්න පුළුවන්. "තියටර්" කියන්නේ ලැන්ග්වේඡ් එකක්‌ නැතිනම් භාෂාවක්‌. එතකොට එයින් ආමන්ත්‍රණය කරන්නේ ඒ නාට්‍ය වටා පෙළ ගැසෙන සංස්‌කෘතිය.

බොහෝ නාට්‍ය උළෙලවල් සීමාවන්නේ කොළඹට ප්‍රේක්‍ෂකයා පවා බොහෝවිට පෙළ ගැහෙන්නේ නාගරික පසුබිමක්‌ සහිතවයි. එතකොට කොහොමද, මේ වගේ නාට්‍ය පාසලක පැවැත්ම පිළිබඳව ප්‍රශ්නයක්‌ මතුවනවා නේද?

මේ මොහොත වනවිටත් නාට්‍ය කලාව රැඳී පවතින්නේ නාට්‍ය කරුවාගේ උනන්දුව මතයි. ඔවුන්ගේ කැපවීම සහ ඔවුන් පූර්ණකාලීනව නාට්‍ය වෙනුවෙන් කරන මෙහෙය මතයි. ඒත් ලෝකයේ බොහෝ රටවල නාට්‍ය කියන්නේ විශිෂ්ටතම කලා මාධ්‍යයක්‌. එහිදී ඉන්දියාව ඇතුළු බටහිර රටවල් නාට්‍ය කරුවන්ට අවශ්‍ය පහසුකම් හා සේවා ලබාදීම ඒ රටවල රජයන් කළ යුත්තක්‌සේ සැලකෙනවා.

එය රාජ්‍ය මට්‌ටමෙන් සහ පෞද්ගලික මට්‌ටමෙන් ලැබෙනවා. නමුත් අවාසනාවකටවත් අපේ රටවල ඒක සිද්ධවෙන්නේ නැහැ. අද අපේ රටේ සමාජයේ සිද්ධවෙන බොහෝ ව්‍යසනයන්ට හේතුවත් කලාවට නොලැබෙන මේ සහාය වෙන්න පුළුවන්. මිනිස්‌සු කලාව විඳින්න පුරුදු වෙලා හිටියනම් තමන්ගේ දරුවයි බිරිඳයි මරලා වත්තේ වළලන්නේ නැහැ. පවුල් පිටින් ඝාතනය කරන්නේ නැහැ. සොරකම් - වංචා කරන්නේ නැහැ. මිනිස්‌සුන්ගේ මනස හදන්න නීති වලින් බැහැ.

කොහොම හරි අපි උත්සාහ ගන්නවා මේ නාට්‍ය උළෙල දිගු ගමනක ආරම්භයක්‌ කරන්න. රට වටේම ප්‍රේක්‍ෂකයන් මේකට ගොනු කරගන්න.


උදේශ සංජීව ගමගේ
ඡායාරූපය - සජිත් ජයසේකර

Copy Rights - Divayina

READ MORE - රූපමය කලාවේ අසිරිය විඳින්න එන්න

ශ්‍රී ලංකේය ඇඳුමේ විකාශනය



පැරැණි සෙල් අවි යුගයට අයත් මිනිසා, දඩයම් කරුවකු හා ආහාර රැස්‌ කරන්නකු ද වූයේ සංචාරක ගණයට අයත් ඉතා කුඩා ජන කණ්‌ඩායම් අතරෙහි විසීමෙන් පසුවය. කල්යත්ම හේ ගිනි දල්වන්නටත්, හම් පට්‌ටා කොළ ආදියේ ආධාරයෙන් සිය සිරුරු Rතු පීඩාවෙන් ආරක්‌ෂා කැර ගන්නටත් ඔහු ගේ, කඳවුරු ගිනි මැලයට ඉව වැටී ගත් වල් බල්ලා හීලෑ කැර ගන්නටත් උගත්තේය.

(මහාචාර්ය බෂාම්, අසිරිමත් ඉන්දියාව,පිටු 18)

ඉතිහාසය පරීක්‌ෂා කිරීමේදී මුල්ම මිනිසා ඇඳුම් භාවිතා කළේ සෞඛ්‍ය හා ආරක්‌ෂාව වැනි කාරණා මුල් කර ගෙන බව විශ්වාසිතය. අධික ශීතල, වර්ෂාව, ලෙඩ රෝග එA සඳහා බලපාන්නට ඇති බව අනුමාන කළ හැකි අතර, පෘථිවියෙහි ඇති වූ ඉමහත් දුෂ්කරතාවයන් සහිත භූගෝලීය වෙනස්‌කම් හමුවේ, සාර්ථකව අනුවර්තනය වීමට ආදි මානවයන්ට හැකි වූ බවත්, අනෙකුත් සත්ව කොට්‌ඨාස ද ඔවුන් අනුගමනය කරමින් ජයග්‍රහණ අත්පත්කර ගත් ආකාරයත් පිළිබඳව මානව විද්‍යාඥයින් අපූර්ව තොරතුරු ලොවට හෙළිකර ඇත.

සුදුසු හැම ආහාරයක්‌ ම කෑමට ගැනීමට මිනිසා පුරුදු වන්නාසේ ම ඕනෑම දේශගුණයක ජීවත්වීමටද ඔහු ඉගෙන ගත්තේය. සිය හැකියාව යොදා, ජීවත්වීමට හැකි සෑම පෙදෙසකම වාසය කිරීමට මිනිසා ඉදිරිපත් විය. මෙසේ කිරීමට ස්‌වාධීන ශක්‌තියක්‌ ඇති එකම සත්ත්වයා මිනිසා පමණකි. අනිකුත් සතුන් සියලු දේශගුණවල වාසය කිරීමට ඉගෙන ගත්ත ද, එසේ කළේ ස්‌වාධීනව නොවේ. මිනිසා පසුපසින් යමිනි. හීලෑ සතුන් සහ පරපෝෂිතයින් ද එසේය. මුල් වාසස්‌ථානය වූ එක සමාන උෂ්ණ දේශගුණයක සිට අවුරුද්ද ශීත හා ගිම්හාන කාලවලට බෙදා වෙන් කර ඇති ශීත කාලගුණයක්‌ ඇති පෙදෙස්‌වලට මිනිසාගේ වාසභූමිය පරිවර්තනය වීමත් සමගම නව අවශ්‍යතාවයන් බිහිවිය. ශීතලෙන් හා තෙතමනයෙන් බේරීම සඳහා වාසස්‌ථාන හා ඇඳුම් අවශ්‍ය විය. මිනිසා සතුන්ගෙන් වෙන් කරන ශ්‍රමයේ නව ක්‌ෂේත්‍රයක්‌ද, එA අනුව ක්‍රියාකාරිත්වයේ නව ආකාරයන් ද ඇති විය. (මාක්‌ස්‌ සහ එංගල්ස්‌, කෘති, 20 වෙළුම, 493 පිටුව) මේ සම්බන්ධව පර්යේෂණාත්මකව කරුණු දක්‌වන එම්. නෙස්‌තූර්හ් පවසන්නේ, චාතුර්තික යුගයේ විවිධ කාලගුණවලට අනුවර්තනයවීම මිනිසාගේ සීඝ්‍ර පරිණාමයට එක්‌ හේතුවක්‌ වූ අතර, නිෂ්පාදනයේ සංවර්ධනයටද, මිනිසාගේ කායික සංවිධානයටද එයම හේතුවිය. (මිනිසාගේ සම්භවය, පරිවර්තනය, දැ.වී.රුද්‍රිගු, මොස්‌කව්, ප්‍රගති ප්‍රකාශක මන්දිරය, 1981) යනුවෙනි.

මනුෂ්‍යයා ඇඳුම් අඳින්නට වූයේ ලඡ්ජාව නිසා විළි වසා ගැනීමට නොව. ඇඟ උණුසුම් කර ගැනීමටය. ලඡ්ජාව ඇඳුම් නිසා උපන් හැඟීSමකි. ඇස්‌කිමෝ මිනිස්‌සු. ශීත වැළැක්‌වීමට ගෙයින් පිටත ඇඳුම් ඇඟලා ගනිතත් ගෙයිදී ඇඳුම් උනා ඉවත ලා නග්නව සිටිති. හෙළුවෙන් ඇවිදින ඕස්‌ටේ්‍රලියාවේ වනචාරීහුq තමන්ගේ රහස්‌ අංගයන් වඩාත් පෙනෙන සේ සායම් තවරා ගනිති. පීජී දූපත්වල වැදි තරුණයෝ හෙළුවෙන් ඇවිදිති. එසේ වුවද ලිඟු අග කැපීමෙන් පසු තරුණයෙකූ එය වසා ගත යුතූය. අප්‍රිකාවේ තරුණයෙකූ රහසඟ කෙළවර සිප්පි කටුවකින් හෝ රහසඟ රෙදි කඩකින් හෝ වසා ගන්නේ උපනයනයෙන් පසුය.

( මාර්ටින් වික්‍රමසිංහ, පුරාණ සිංහල ස්‌ත්‍රීන්ගේ ඇඳුම පි.18 )

ලංකාවේ පූර්ව සමාජ පරීක්‌ෂා කළ සමාජ හා මානව විද්‍යාඥයින්, දේශජයන් කෙරෙහි, ප්‍රාග් ඉන්දීය ආර්ය. ද්‍රවිඩ ආර්මේනියානු මැලේසියානු මධ්‍යධරණි නීග්‍රෝ මොන්ගෝලියානු හා යුරෝපීයයන් ගේ, සංස්‌කෘතිකාංග බලපාන ලදැයි කරුණු දක්‌වති.

ශාක කොටස්‌ සහ සත්ව සම් භාවිතා කළ පූර්වජයින් සංස්‌කෘතික පරිණාමයේ වර්ධනයත් සමග ක්‍රමයෙන් ඇඳුම් (ෙඩ්‍රස්‌) වලට පරිවර්තනය විය. ඇඳුම යන වචනයට අරුත් සපයන වෙනත් වචන වශයෙන්,Ñ කඩ, කඬ, (රෙද්ද, වස්‌ත්‍රය) හා අඳින වස්‌ත්‍රය ලෙසද, රෙදිවල නොයෙක්‌ පැහැති නූල්වලින් කරන විසිතුරු මැහුම් වැඩ සැරසිලි මැහුම් වලින් නිම කළ පසු ඇම්බ්‍රොයිඩර් කරන ලද ඇඳුම් වශයෙන්ද ව්‍යවහාර කෙරෙයි. ( සිංහල ශබ්දකෝෂය, සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව) පාලි භාෂාවෙන් අච්ඡාදන (ඇඳුම, වස්‌ත්‍රය) වත්‍ර (වස්‌ත්‍රය) (පාලි සිංහල අකාරාදිය, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි) යනුවෙනුත්, සංස්‌කෘත භාෂාවෙන් වස්‌ත්‍රං යනුවෙනුත් දමිළ භාෂාවෙන්, උඩෙයි, ආඩෙයි, (කාන්තා ඇඳුම්, පෙන්ගල් උඩෙයි, පිරිමි ඇඳුම් ආන්ගලින් උඩෙයි) උඩඩුප්පු, තුනි, යනුවෙන් ද (ඇඳුම් ආයිත්තම් සඳහා තුනිමනිහල්) යනුවෙන් ව්‍යවහාර වෙයි. ප්‍රාග් ඉන්දීය දමිළ කාන්තාවන් සිය ඉණට කොළ අතු ඇඳි බවත් පසු කාලීනව මෙහි විකාශයක්‌ ලෙස කාන්තාවන් මේඛලාර්මය පැළඳි බවත් මෙය අලංකරණය උදෙසා කරන ලද්දක්‌ ලෙසත් ප්‍රකට කෙරෙයි. මේ සම්බන්ධව අදහස්‌ දක්‌වන මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් අභිධානප්පදීපිකා ටීකාව උපුටා දක්‌වමින් මෙවුල්දම වනාහි ස්‌ත්‍රී නිමිත්ත අලංකාර කරන්නට පැළඳි ආභරණයක්‌ ලෙස පෙන්වා දෙයි. ඇඳුමේ විකාශනය පිළිබඳ කරුණු සොයා බැලීමේ දී මිනිසා විවිධ අභිචාරයනට යොමු වීම, යෞවනත්වය අභිමතය වැනි කාරණා ද දේශගුණික හා ස්‌වභාවිකත්වය මත සිදුවූ බලපෑමට පසුව බලපාන ලදැයි අනුමාන කළ හැකිය. සෞඛ්‍යාරක්‌ෂාව පිළිබඳ උනන්දුවට වඩා අද බහුලව යොමු වී ඇත්තේ, විලාසිතාවනට බව සමාජ විමර්ශනයේදී පැහැදිළිවන කරුණකි.

මිණි මෙවුල, ( මේඛලාභර්මය) ස්‌ත්‍රී ඇඳුමක්‌ ද, ආභරණයක්‌ ද, එA දෙකම ද යන්න විවිධ අවස්‌ථාවල සාකච්ඡාවට භාජනය වූ කරුණකි. මයුර, හංස හා කෝකිල යන සන්දේශයන්හි මිණිමෙවුල ගැන සඳහන් වෙයි.

මේ දිය කෙළින උන් ඉණැ මිණි මෙවුල් සුබා Z(මයුර)

මසෙක්‌ ගොදුරු පතා මෙවුල් මිණී ගතාZ (හංස)

තුළ සිකි පිල් වරලස බැඳ සුවඳැති මල් පටිනා

දුල ඉණැ මිණී වැල දිස්‌ වන දුහුලැඳ මන නදනා

නල ලෙළ රන් ලිය සේ රූ සිරි සියුමැලි ලියනා

බල එ විලෙහි කෙළිනා ඉපිලිපිලි දිය මුදුනා ( කෝකිල) මෙම කාව්‍යය විමසීමේ දී, දිය ක්‍රීඩා කරන ලලනාවන් ඉණට සළුවක්‌ ඇඳි බවත් එය ඉතා තුනී බවත්, ඒ, සළුව විනිවිද මිණි මෙවුල පෙනුණ බවත් තුනී සළුව දියෙන් පෙඟු=ණු විට මනාව මිණි මෙවුල දර්ශනය වුන බවත් ය. තවද, උම්මග්ග ජාතකයෙහි එන, චූලනී බ්‍රහ්ම දත්ත රජු සිය මෑණියන් වන තලතා දේවිය ගේ නුගුණයක්‌, හේරි නම් පරිභ්‍රාජිකාවට කියන තැන, දැක්‌වෙන්නේ, රජ සිය අමාත්‍ය මණ්‌ඩලය සපිරිවරා සිටිද්දී, තලතා දේවිය, එතැනින් එහා මෙහා යද්දී ඇය, පැළැන්දු මණිමේඛලාභර්නයෙහි ශබ්දය සියලු රජ ගෙයි එAකන්නාද කරමින් සිටින්නීය. යනු, ඇය එය පැළඳි බව නොපෙණුනත් ශබ්දය පැතිරෙන්නට ඉඩ හැරීම, අපට රචකයා පවසන්නේ කුමක්‌ ද විමසිය යුතුය. සසදා වත කෘතියෙහි එනදිසි මිණි මෙවුල් යනුවෙන් සඳහන් වන්නේ, අදිසි ඇඳුමක්‌ ලෙස එය, හැඳි බවත්, ඒ තුළින් තත් යුගයේ දී ස්‌ත්‍රීන් චාම් රෙදි හැඳ මිණි මෙවුල නොපෙනෙණ සේ ඇඳුම් ඇඳි බවත්ය. මේ අනුව අලංකාරය උදෙසා මෙය භාවිත කිරීමට ප්‍රථම මුල් යුගයේ, භාරතීය කාන්තාවන් මලින් කළ සැරසිල්ල දියුණු කිරීමක්‌ ලෙසත් ඊටත් පැරණියන් විසින් භාවිත පුරුද්දක පරිණාමයක්‌ වශයෙනුත් සිතන්නට අප පොළඹවන බව කිව යුතුය.

ලක්‌දිවට ආසන්න රට වූ භාරත දේශයෙහි පූර්ව සමාජ සංස්‌කෘති විමසන විද්වතුන් ඔවුන් ගේ ආගමික හා සංස්‌කෘතික නෂ්ටාවශේෂ තුළින් පිළිබිඹුවන කරුණු හා ලක්‌දිව සංස්‌කෘතිය සමග ඇති නෑ සබඳකම් අධ්‍යයනය කර කරුණු දක්‌වා ඇත,

ආදිම යුගයේ ආර්ය, ඉරාන, ග්‍රීක, රෝම, ජර්මන්, ස්‌ලාව් හා කෙල්ට්‌ ආදි ජනයා ගේ ආදිතමයින්ට පැවතියේ එක සමාන යෑයි කිව හැකි ආගමකි, එහෙත් පසු කාලීනව මේ තත්ත්වය වෙනස්‌ විය, ආර්යයන්ට ඉන්ද්‍ර දෙවියාත් ග්‍රීකයන් හා ජර්මන් වරුන් අතර තෝර් දෙවිඳුන් ආදි වශයෙන් පෙර අපර දෙදිග දෙවිවරුන් විවිධ නම් ගත්තද කාර්යභාරය එක සමාන බවක්‌ පෙන්වන බව කිව යුතුය, දෙවියන් නිර්මාණය කළ මිනිසාම ඔවුන් ගේ ඇඳුම් පැළඳුම් ද නිර්මාණය කළේය. එමෙන්ම යාතු කර්ම වලදී එන යකුන් යක්‌ෂණියන් පිළිබඳවද එලෙසමය. එපමණක්‌ ද නොව ජනයා ගේ සංජානනයට ඔවුන් බෙහෙවින් බලපෑම් කල අතර මානව හැසිරීම් වලට ද බොහෝ බලපාන ලදී. මිනිසා සමාජ පසුබිමට අනුව හැසිරීමේ දී සංස්‌කෘතිය, කුලය, රැකියාව, පැළැන්තිය ආදී කරුණු පිළිබඳව පසුකාලීනව දැක්‌වූ උනන්දුව ඉතිහාස සටහන්වලින් මනාව තහවුරු වෙයි. ලක්‌ ඉතිහාසයේ ඇඳුම් පැළඳුම් භාවිතය ඉතා ඈතට ගමන් කරන අතර ලිත ඉතිහාසයේ, විජය ගේ සම්ප්‍රාප්තිය සමග ප්‍රකට වන කුවේණිය ගේ කපු කැටීම ද, එකල රෙදි නිෂ්පාදනය පිළිබඳ හැඟීමක්‌ අපට සපයනු ඇත. එමෙන්ම පසුකාලීනව පේෂකාර්මිකයින් ගේ ගම්මාන පැවති බවට ද සාක්‌ෂි පුරාණ සෙල්ලිපි මගින් ද ප්‍රකට කරනු ලබයි.

තතවය} පුගහ ලෙණෙ ( තන්තු} වාය ( පේෂ කාරකයින් ගේ සංස්‌ථාවට (අයත්) ලෙණ ) , සිධම් } පෙහෙකර } ගමකහි සුමග ලෙණෙ මළ තිසහ ලෙණෙ වදු } සිසය බිකු සගහටය නියතෙ ( යහපතක්‌ වේවාෘ පෙහෙකාර ගමක ( නම් ස්‌ථානයේ ) සුම්ම ගේ ලෙණ ( සහ) ( ඔහු ගේ ) මලණු තිස්‌ස ගේ ද ලෙණ සතර දිග භික්‌ෂු සංඝයාට පමුණුවන ලදී. ( සිංහල ශිලා ලේඛන සංග්‍රහය, මහාචාර්ය නන්දසේන මුදියන්සේ,2000,( 696, 1145 ) ගොඩගේ )

තතවය ( සං තන්තුවාය) පෙහෙකර (පා පෙසකාර) යනු පේෂකාරයන් සඳහා යෙදුණු වචනය බව පෙන්වා දෙන මහාචාර්ය මුදියන්සේ ශූරීන්, එළු බෝධිවංශය උපුටා දක්‌වමින් සඳහන් කරන්නේ, මහ බෝ මඟුල සඳහා පෙරහන, ලනු, කඹ, ආදිය සපයන ලද්දේ, පේෂ කාර්මිකයින් බවය. මේ අනුව ජනප්‍රවාද සහ ලිත ඉතිහාසය තුළින් ද පේෂ කර්මාන්තය, බුදු සමය ලක්‌දිව පහළ වීමට පෙර පැවති බව මනාව ප්‍රකට කරයි.

ලංකාවෙන් පමණක්‌ නොව දකුණු ආසියාවෙන් හමු වී ඇති පැරණිම රෙදි කැබැල්ල හමු වී ඇත්තේ, කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ රඹුක්‌කන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ දැලිවල ග්‍රාමයේ පිහිටි දැලිවල කොටවෙහෙර කැණීම්වලින් බව පුරා විද්‍යාඥයින් මේ වනවිට තහවුරු කර ගෙන ඇත. එහි තැන්පත් ධාතු කරඬුවක්‌ පබලු ගෙත්තම් කළ රෙදි කැබැල්ලක ඔතා, එය මැටි භාජනයක තැන්පත්කොට තිබී ඇත. මෙම චෛත්‍යය දඹදිව සාංචි ස්‌තූපයට නෑකම් කියන බවත් කැණීම්වලින් මතුකර ගත් බ්‍රාහ්මීය අක්‌ෂර සහිත ගඩොල් අනුරාධපුර යුගයට නෑ කම් කියන බවත් එය ලංකාවේ චෛත්‍ය කර්මාන්තයේ ප්‍රාථමික අවධිය සිහිගන්වන බවත් පුරාවිද්‍යා මතය වී ඇත. ඕස්‌ටේ්‍රලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන ජූඩිත් කැමරන් ගේ පර්යේෂණ වාර්තාවලට අනුව එම රෙදි කඩ වසර 2200 ක්‌ තරම් ඉපැරණි බව තහවුරු කරයි. මේ අනුව ලක්‌දිව පේෂ කර්මාන්තය පිළිබඳ ඉතිහාසය ක්‍රිස්‌තු පූර්ව යුගය දක්‌වා දිවයන බව තහවුරු වනු ඇත. එපමණකුදු නොව, ක්‍රිස්‌තු පූර්ව දෙවැනි සියවස තරම් පැරණි යුගයේ චීනය වැනි රටවල් සමග පවා ලංකාව සබඳතා පවත්වා ඇති බවට පුරාවිද්‍යාඥයින් තහවුරු කර සිටී.

ලොව විවිධ සමාජ අධ්‍යයන කළ මානව හා සමාජ විද්‍යාඥයින් ගේ වාර්තා අධ්‍යයනය කිරීමේ දී පැහැදිළි වන්නේ, ප්‍රාථමික සමාජවල මිනිසුන් ශරීරය උණුසුම්ව පවත්වාගන යැම ආරක්‌ෂාව වැනි කාරණා හේතුකොට ගෙන ඇඳුම් භාවිතා කළ බවය. සභ්‍යත්වය, සදාචාරය වැනි කාරණා පිළිබඳ මිනිසා උනන්දු වන්නේ ඇඳුම් සඳහා රෙදිපිළි භාවිතය පැමිණීමෙන් පසුවය යන්න පිළිගත හැකිය. ආගමික සංකල්ප හා සබැඳි චාරිත්‍ර මත ඇඳුම අරුත් ගන්වා ඇති ආකාරයට නිදසුන් වශයෙන්, සිංහල බෞද්ධ ළමයින් සඳහා ළමා සාරිය මෙන්ම ද්‍රවිඩ හා මුස්‌ලිම් ළමුන් ගේ ඇඳුම ද සුවිශේෂී බවක්‌ පෙන්නුම් කරයි. ඉස්‌ලාම් ධර්මයට අනුව ප්‍රසිද්ධියේ, අඟ පසඟ නිරාවරණය කිරීම තහනම් ක්‍රියාවක්‌ වන අතර, ආගමික නීතිරීතීන් ගේ බලපෑම සංස්‌කෘතිය අභිබවා පෙනීසිටින ආකාරය ද සමාජ නිරීක්‌ෂණයේ දී පැහැදිළි වනු ඇත.

වංශවතුන් කුලවතුන් ලෙස මෙන්ම දුගී දුප්පතුන් මෙන්ම කුල හීනයන් සමාජ සම්මතයනට අනුව පුරාණ ශ්‍රී ලංකාවේ ඇඳුම් පැළඳුම්වලින්ද කැපී පෙනුණ බව ප්‍රකටය. අධිපතීන් ලෙස නම් දැරූවන් පිළිබඳව රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කරන්නේ, Ñනිල්වන් කපු වස්‌ත්‍රයෙන් කළ කබායක්‌ හැඳ, යටට සුදු වතක්‌ හැඳ, එA මත තුප්පොට්‌ටිය හැඳ, යළි පොට කීපයක්‌ ඇති වන ලෙස රැළි දමා සුදු පිළියන් ඉන වට ඔතා එA සියල්ල මත නිල්වන් හෝ රතුවන් පටියක්‌ බඳිති, ( එ හෙළදිව,පි.262)

ආභරණ පැළඳීම පිළිබඳව නොක්‌ස්‌ වාර්තා කරන්නේ, පිරිමින් රිදියෙන්, තඹ හෝ පිත්තලවලින් මෙන්ම වංශවතුන් රනින් කළ මුදු පැළඳි බවත් ස්‌ත්‍රීන් සිය නිවෙස්‌වලදී ඇඳුම් පැළඳුම් ගැන එතරම් සැලකිලිමත් නොවුනත් අලංකාරවත්ව ඇඳුම් ඇන්ද බවත්ය. එකල පාවහන් පැළඳීමේ අයිතිය රජුට පමණක්‌ පැවති හෙයින් ස්‌ත්‍රී පුරුෂ කිසිවෙකු පාවහන් නොපැළඳි බව හෙතෙම සඳහන් කරයි. එකල කුල සිරිත් අතර මනාලයා මනාලියට ඇඳුම් සැපයිය යුතුය. කුලය හා යහ ගුණ පිළිබඳව සැලකූ පූර්ව සමාජය රූපය හා ධනය ගැන එතරම් උනන්දුවක්‌ නොදැක්‌ වූ බව නොක්‌ස්‌ පෙන්වා දෙයි.

උඩු කය නිරාවරණව සිටින පිරිමින් උත්සව අවස්‌ථාවන්හිදී සම්පූර්ණ ඇඳුම් අඳිති. කෙටි හැට්‌ටයකින් සැරසීම එකල සිරිතය. ලේන්සුවක්‌ හිසෙහි බැඳීම සිරිතක්‌ වුවද විශේෂ වරප්‍රසාද ලද්දෝ තොප්පියක්‌ පැළඳි බවත් ස්‌ත්‍රීහු මන්තය සහිත හැට්‌ටා ඇඳ වළලු සහ තෝඩු පැළඳි බවත් රජුන් ගෙන් රන් ආභරණ තෑගි ලද්දන් පමණක්‌ රන් ආභරණ පැළඳි බවත් එකල පුද්ගලයකු ගේ තත්ත්වය හා ධන සම්පත්තිය ප්‍රදර්ශනය වූයේ ඇඳුම් වර්ගයේ උසස්‌කම හා සංඛ්‍යාව අනුව බවත් වෛද්‍යාචාර්ය ජෝන් ඩේව් ගේ සටහන්වල වෙයි. සීගිරි සිතුවම් මෙන්ම කව් සිළුමිණ ද උපුටා දක්‌වන හෙතෙම පුරාණ ලංකාවේ උඩුකය නොවැසූ කාන්තාවන් විසූ බවට සාක්‌ෂි පෙන්නුම් කරයි.

අනුරාධපුර යුගයේ රචිත සිඛවළඳ හා සිඛවළඳ විනිසට අනුව සතුන් ගේ සමින් කළ පාවහන් තත් යුගයේ භාවිත බව සනාථ කෙරෙයි.

චාරිත්‍ර වාරිත්‍ර මෙන් දේශගුණය ද ඇඳුම් සකස්‌ කරවයි.මේ කරුණු අනුව මෙන්ම, පොත පතින් පුරාණ ගල් රූපයෙන් සහ සිතුවම්වලින් ලැබෙන සාක්‌ෂ්‍ය අනුව ද පුරාණ සිංහලයන්ගේ ඇඳුම් පැලඳුම් දකුණු ඉන්දියාවේ ජනයා ගේ ඇඳුම් පැලඳුම් ව්‍යවහාරයට අනුගුණව සකස්‌ කරනු ලැබීයයි කල්පනා කළ හැකි ය ( පුරාණ සිංහල ස්‌ත්‍රීන් ගේ ඇඳුම්- මාර්ටින් වික්‍රමසිංහ, පි.38 )

මිනිසුන් අභිචාර විධි, විවිධ ඇදහිලිs විශ්වාස මෙන්ම එA හා බැඳුණු දෙවි දේවතාවුන් ද නිර්මාණය කර ගත්හ.එසේ ගත් දෙවිවරුන්ගේ ඇඳුම් පැළඳුම් ද ඔවුන් විසින්ම නිර්මාණය කරන ලදී. භාරතීය අජන්තා සිතුවම් වගේම සීගිරි සිතුවම්, මෙන්ම පුරාණ දේව රූප හා වෙනත් සිතුවම් පරීක්‌ෂා කළ විද්වතුන්ට අනුව කලින් කල පැවති මානව සමාජ හැසිරීම් ඇඳුම් පැළඳුම් පිළිsබඳව අවබෝධයක්‌ එයින් ලබා ගත හැකිය. පුරාණ පොත පත හා සිතුවම් පරීක්‌ෂා කළ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් පෙන්වා දෙන්නේ, නවවන ශත වර්ෂය පමණ වන තුරු කුලීන සිංහල ස්‌ත්‍රීහු පවා උඩුකය නොවැසූහ යි නිශ්චය කළ හැකි සාක්‍ෂි පුරාණ සිතුවම්වලින් මෙන්ම පොතපතින්ද ලැබෙන බවය.

වංශවතුන් කුල හීනයන්, දුප්පතුන් මෙන්ම පොහොසතුන් මධ්‍ය කාලීන ලංකාවෙහි රෙදි පිළි භාවිතයේ දී වටිනාකමින් වෙනස්‌කම්වලින් යුතුව භාවිත කළ බව ප්‍රකටය. සාමාන්‍ය මිනිසුන් හිස්‌ වැසුම් හෝ පාවහන් නොමැතිව ගමන් ගත් බවත්, පාවහන් අලංකාරය සඳහා භාවිත වූ බවත්, රජ තුමා අලංකාරය සඳහා හිස වටා බඳින ලද රෙද්ද, zදුකුල පට්‌ටZ සැරසිල්ලක්‌ ලෙසත් රාජකීය ඇඳුම් කට්‌ටලයට අයත් එකක්‌ ලෙසත්, එකල නළÍනන් ගේ හිස්‌ සැරසිල්ල zමකුටZ යනුවෙනුත් හඳුන්වා ඇති අතර රාජ ලීලාව ඔපවත් කළ ඔටුන්න (මොලි, මකුට) යනු වෙනුත් හඳුන්වන ලදැයි ( ගයිගර්) සඳහන් කරයි. එකල සමාජයේ, සාමාන්‍යයෙන් භාවිත වූ ඇඳුම කොටස්‌ දෙකකින් සමන්විත විය. එනම් උඩුකය හා යටිකය වැසීම සඳහාය. චිත්‍ර හා මූර්ති පදනම් කරගෙන ඇඳුම ගැන සාමාන්‍ය අදහසක්‌ ඇති කරගත හැකිය. කාන්තාවන් උඩුකය නොවැසූ බවට සාධක ඇත. සීගිරි සිතුවම්වල රාජකීය කාන්තාවන්ගේ උඩුකය නග්නව මෙන් දක්‌වා ඇති අතර පරිවාර කාන්තාවන්ගේ උඩුකයෙහි තනපටක්‌ දක්‌නට ලැබේ. පුරුෂයන් ද ප්‍රධාන වශයෙන් භාවිත කළේ, යටිකය ආවරණය කිරීමට වස්‌ත්‍රයක්‌ පමණක්‌ වුව ද උතුරු සළුවක්‌ ද බොහෝවිට පැළඳීමට පුරුදුව සිටියහ. හිස්‌ පළඳනාවක්‌ වශයෙන් තලප්පාවක්‌ පැළඳීම සිරිත විය. ආභරණ පැළඳීම ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂය අතරම පැවතිණ. කර්ණාභරණ හා මාලය, පැළැඳි ආභරණ අතර ප්‍රමුඛස්‌ථානයක්‌ ගෙන ඇත. රන් රිදී වර්ග හා මුතු හා මැණික්‌ වර්ගත් ඇතැම් විට කැස්‌බෑ කටු වැනි වූ කිරි ගරුඬ වර්ගත් ආභරණ අලංකාර කිරීම සඳහා යොදා ගනු ලැබීය. භික්‌ෂූන්ට පාවහන් පූජා කරන ලද බව දැක්‌වේ.ZZ ( ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය- මහාචාර්ය,එච්.ටී. බස්‌නායක,1995,පිටු අංක,188)

සීගිරි සිතුවම් පරික්‌ෂා කළ විද්වතුන් අපේ ඇසට ලක්‌වන කාන්තා රූපයන්හි සාමාන්‍ය ඉරියව්, බැල්ම,සිනහව,පමණක්‌ නොව ඇඳුම් පැළඳුම් සම්බන්ධව ද අදහස්‌ පළකොට ඇත මල් පල පැළඳි කාන්තාව,මල් පිපුණු කොළොම් ගසක්‌ සේ මීතල් නැමැති කවියා දකී ZZ( 446 වැනි ගීය)

උඩුකය වැසූ මෙන්ම නොවැසූ සර්වාභරණයෙන් සැරසුන මෙන්ම ආභරණ රහිත මල්පල පැළඳි සීගිරි ලලනාවන්, සමකාලීන සමාජ තතු, විශද කරන බව විද්වත් මතය වෙයි.

වහවත වහමහ (මෙ)සෙයනිඅ(ප) සිති වියි (න)

(නො) රෙනද වෙනෙ සිනපට බෙ (එ) රනවන (මෙ) පිළිසනට

වාවාගත යුතු නම් අප වාවාගත යුත්තේ මේ අන්දමට කල්පනා කිරීමෙනි. සිනිඳු සුමුදු පට සළු හැඳි එA රන්වන් තැනැත්තිය මේ වනයෙහි සැඟැවී සිටීමට රැඳී සිටින්නී නො වේ.ZZ ( සීගිරි ගී සිරි,2002, වි.ජ.මූ.ලොකුබණ්‌ඩාර,පි. 83 )

පට සළු හැඳ සුඛෝපභෝගී දිවියක්‌ ගෙවන ඇය, වනයට පැමිණ ඇති අතර සෞන්දර්යයෙන් මත්ව සිටින්නියන් අතර රැඳී සිටී. එය කවියා ගේ පරිකල්පනය පෙර සඳහන් කළ පරිදි ,තත්කාලීන සමාජ පරිසරය පිළිබිඹුq කරන්නක්‌ ලෙස පෙනෙයිs.

පළමුවන කාශ්‍යප ( ක්‍රි.ව. 473-491 ) රජු සීගිරියෙහි ඉතිහාසය වෙනස්‌ කරමින් රාජ්‍ය විචාල බව ඉතිහාසය ඔප්පුකර සිටී. සිත්තම් හැරුණකොට ලක්‌දිව විවිධ පෙදෙස්‌වලින් සීගිරි පැමිණි ජනයා සීගිරි පව්වෙහි තබා ඇති සටහන් ද සාහිත්‍යමය අතින් පමණක්‌ නොව සමාජ හා මානව විද්‍යාත්මක අතින් ද වැදගත්කමක්‌ උසුලන බව කිව යුතුය. තත් යුගයේ එනම් අනුරාධපුර යුගයේ ශිෂ්ටාචාරයේ දෙවන භාගයේ, ලංකාවෙන් පිටරට යවන ලද භාණ්‌ඩ අතර මුතු, විනිවිද පෙනෙන ගල්, සිනිඳු රෙදි , කැස්‌බෑ ලෙලි, යනාදිය වශයෙන් කොස්‌මස්‌ගේ වාර්තා සඳහන් කරයි. එමෙන්ම හියුංසාන්, ටොලමි මෙන්ම රාජතරංගනී කෘතියෙන් ද ලංකාවෙන් රෙදිපිළි පිටරට යෑවූ බව සනාථ කරන සාක්‌ෂි වෙති. තවතද පෙරිප්ලස්‌ ඔෆ් ද එරිත්‍රියන් සී ZZග්‍රන්ථයෙන් චීනයෙන් ලංකාවට රෙදිපිළි ගෙන ආ බව චීන වාර්තාකරුවන් සඳහන්කර ඇතැයි මහාචාර්ය බස්‌නායක සූරීන් සඳහන් කරයි.

අතීත සිංහල ජනයා කෘෂිකාර්මික ජීවිතයක්‌ ගත කරමින් මනාව සිය කුටුම්භය ආරක්‌ෂා කළ බවත් සිය සමූහය තුළ පරමාදර්ශී දිවියක්‌ ගතකළ බවත් ප්‍රකටය. එකල සභ්‍යත්වය, සදාචාරය යන මානයන් කිසිසේත් ඇඳුමට සීමා නොවුනි. කුලය අනුව වෙනස්‌කම් පැවති බව ඉතිහාස සටහන් අනුව පිළිගත හැකිය. සිංහල මිනිසුන් ගේ උඩුකය ඇඳුම කපු හෝ හණ පිළියෙන් කළ හැට්‌ටයකි. ඔවුහු සරුවාලයක්‌ මෙන් දවටා ගනු ලැබූ වස්‌ත්‍රයක්‌ ඉණෙන් පහළට අඳිති. කුලවත් ජනයා හිසෙහි රතු හිස්‌ වැස්‌මක්‌ දමති. ඔවුන් එය භාවිතා කරන්නේ, මහත් අභිමානයකිනි. නොයෙක්‌ මැජික්‌ ගල් එබ්බූ කර්ණාභරණවලින් ඔවුන් කන් සරසා ඇත. ඔවුහු රිදී, ඇත්දත් හෝ රන් මිටි සහිත පිහි ඉණේ ගසා ගනිත්, පහත් කුලවල ජනයා ඔවුන් ගේ ඉඟටිය ඔස්‌සේ දැවටූ කුඩා රෙදි කඩක්‌ පමණක්‌ ඇතිව සම්පූර්ණයෙන්ම වාගේ නග්නව හැසිරෙත්. ගෑනු පියයුරු නොවසා ඔබ මොබ යති... ඔවුහු ගෙලෙහි රන් හෝ රිදී මාලත් අතැඟිලි හා පයෑඟිලිවල මුදුත් දමති. Z( µරිලිප්පු බල්දේයුස්‌ ගේ ලංකා විස්‌තරය 1672) උපුටා ගැනීම 2002 ඔක්‌ 15 දෙසතිය)

පුරාණ ලංකාව හා එහි වැසියන් පිළිබඳ අධ්‍යයනයක්‌ කළ වෛද්‍යාචාර්ය ජෝන් ඩේව් ගේ ඉතිහාස සටහන් මෙන්ම රොබට්‌ නොක්‌ස්‌, එමර්සන්ට්‌ ටෙනන් වැනි විද්වතුන් ගේ වාර්තා ද ලාංකිකයන් ගේ අතීත තොරතුරු ඉගෙනුමට මනා පිටුබලයක්‌ ලබාදෙන බව සඳහන් කළයුතුය සිංහල පවුලක සංවිධානය බෙහෙවින් චාම්ය. එක්‌ එක්‌ සාමාජිකයා ගේ කටයුතු= මොනවට පැහැදිළි ය. සී සෑම, නියර බැඳීම ආදි ගොවිතැන් පිළිබඳ වෙහෙස ගෙන දෙන කටයුතු පිරිමි පක්‌ෂයට හිමි වන අතර නෙළීම හා ගොයම් කැපීමට සහය වීම වැනි පහසු කටයුතු ස්‌ත්‍රී පක්‌ෂයට නියමිත ය. ගෙදරදොර බලාගැනීම හා එහි කටයුතු පිළිබඳ පාලනය සම්පූර්ණයෙන් ස්‌ත්‍රී පක්‌ෂයට අයත් වන්නේ, ඔවුන් ගේ විශේෂ යුතුකම් වශයෙන් ගැනෙයි. ගෙදරදොර පිරිසුදු ලෙස තබා ගැනීම, ඉවුම් පිහුම්, කිරි දෙවීම හා නූල් කැටීම ඔවුන් ගේ යුතුකම්ය. මේ විස්‌තර වැඩි වශයෙන් ගැළපෙන්නේ මධ්‍යම පන්තියටයි. උසස්‌ පවුල්වල කුමාරිහාමිලා සම්පූර්ණයෙන් ම වාගේ වැඩක්‌ නැති ජීවිතයක්‌ ගත කරන අතර දුගී පවුල්වල ස්‌ත්‍රීහු පරම වාල් ජීවිතයක්‌ ගත කරත්.ZZ( ඩේව් දුටු ලංකාව ඡ් පරිවර්තනය,ඇල්ලෙපොල එච්.ඇම්.සෝමරත්න, විසිදුණු ප්‍ර. පිටු අංක 251)

බෞද්ධ ජනයා පිරිකර වශයෙන් පූජ්‍ය පක්‌ෂය උදෙසා චීවර පූජාවත්, ගෞරව නමස්‌කාර පූර්ව ගෞරව කිරීම මූලික කර ගෙන පිරුවට ( සුදු රෙදි) භාවිතයත් බුදු සමය ලක්‌දිව පහළවීමත් සමග, සමාජගත චාරිත්‍රයකි. එමෙන්ම සියÀ උත්සව අවස්‌ථාවන්හි ප්‍රධානීන් අසුන්ගත් ආසනවලට සුදුරෙදි ඇතිරූ බව මහාවංශයෙහි සඳහන් වෙයි. තවද මිහින්තලා ස්‌තූප පූජොත්සවයේ දී, අනුරාධපුර සිට පෙරහැර මාර්ගය සැතපුම් හතක්‌ පිරුවට එළන ලද බව රාජාවලියෙහි සඳහන් වෙයි.

ක්‍රි.ව.1153 පමණ කාලයේ, රාජ්‍ය විචාළ පළමුවන පරාක්‍රමබාහු රජු ප්‍රථම වරට කඨ§න පිංකම් පැවැත්වූ බව රාජරත්නාකරයෙහි සඳහන් වෙයි. මහාවංශයෙහි ද සඳහන් තොරතුරු අනුව, උදයේම ගස්‌වලින් කපු කඩා පිරිසිදු කර නූල් අඹරා රෙදි වියා පඬු පොවා සිවුරු සකස්‌ කොට ඉර බැසීමට පෙර නිම කිරීම, කඨ§න පිංකමේ චාරිත්‍රයක්‌ බව ප්‍රකට කරයි.

zzඉතා ආදි යුගයකදී ලංකාවේ ජනතාවගෙන් විශාල කොටස කෘෂිකාර්මික වූහ. වෙනත් කටයුතුවල නියුක්‌ත වූ ජනගහනයේ ප්‍රමාණයට හස්‌ත කර්මාන්තයෙහි යෙදුණු ස්‌වල්ප සංඛ්‍යාව අයත් වූහ. සභ්‍යත්වය සහ සංස්‌කෘතිය දියුණුවීම හෙමින් සිදු වූ එA සමාජයෙහි බහුතර වැසියන්ට දිනපතා ආහාර ද්‍රව්‍ය හැර වෙනත් අවශ්‍යතා වූයේ, ස්‌වල්පයක්‌ වන්නට ඇත.ZZ (ඇසූ දුටු ලංකාව,එමර්සන් ටෙනන්ට්‌ ,පරිවර්තනය,2001,සෝමපාල ජයවර්ධන,)

සංස්‌කෘතිය හා ශිෂ්ටාචාරය පිළිබඳව විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇති අතර මේ පිළිබඳව මුලින්ම අදහසක්‌ සමාජ ගත කළ ඇල්ප්‍රඩ් වේබර් විද්‍යාත්මක හා කාර්මික දැනීම හා එA අනුව ස්‌වාභාවික උපායන් පාලනය කළ හැකි බලය ශිෂ්ටාචාරය වශයෙන්ද, සමාජයේ කලාත්මක, ආගමික දාර්ශනික හා ඊට සමාන නිෂ්පාදන සංස්‌කෘතිය වශයෙන්ද හඳුන්වා ඇත. ( සමාජ හා මානව විද්‍යාව, ආචාර්ය දයා අමරසේකර, 2005, පි.75 )

Ñමහනුවර රාජධානි සමයෙහි මෙරට භාවිත වූ ඇඳුම් පිළිබඳ තොරතුරු සමකාලීන යුරෝපීයයන් ලියා ඇති විස්‌තරවලින් හා ඇඳ ඇති චිත්‍රවලින් බොහෝ දුරට හෙළිවෙයි. මෙකල විසූ රජුන් විසින් විවිධාකාර ඇඳුම් අඳින ලද බව පෙනේ, අපට දක්‌නට ලැබෙන ආදිම සිංහල රාජ චිත්‍රය zයෝරිස්‌ මෑන් ස්‌පිල්බර්ජන් Z නැමැති ඕලන්ද ජාතික අද්මිරාල් වරයා ගේ ඓතිහසික සංග්‍රහයෙහි (1605) එන මහනුවර විමලධර්මසූරිය රජුගේ (1592 - 1604 ) රූපයකි. එහි විමලධර්මසූරිය රජු උඩුකයට කර වටා ලු මන්තයක්‌ සහිත මැජික්‌ කටුව දක්‌වා අත් දිග බුරුල් දිග හැට්‌ටයක්‌ නොහොත් කබායක්‌ ද යටිකයට බොලට දක්‌වා වැටුණු රන් කවනි සළුවක්‌ ද ඇඳ, හිසෙහි ඔටුන්නක්‌ ද මිරිවැඩි සඟලින් තොර පයෙහි පාද ජාලා ද දමා දෙකන ගෙලෙහි හා බාහුවෙහි ආභරණ පැළඳ සිටිනු දක්‌වයි. (දෙසතිය, 2002,ඔක්‌තෝම්බර්)

ලක්‌ ඉතිහාසය පිළිබඳ විවිධ ඉතිහාසඥයින් සහ විද්වතුන් ගේ ඉතිහාස සටහන් අනුව ඔවුන් තත්කාලීන තොරතුරු ඔස්‌සේ අතීතය කරා පිය මැන පරිණාමය සොයන්නට වෙහෙසී ඇතැයි සිතාගත හැකිය. මධ්‍ය කාලීන ලංකා සංස්‌කෘතිය පිළිබඳව කරුණු සඳහන් කරන මහාචාර්ය ගයිගර් පවසන්නේ, Ñ මධ්‍යතන යුගයේ ස්‌ත්‍රී පුරුෂයින් ඇඳි වස්‌ත්‍ර (වත්ථ) පිළිබඳ නියම විස්‌තරයක්‌ දීමට අපොහොසත් වෙමු. සමහර විට එදා ඇඳි ඇඳුමත් අද ඇඳුමත්, ලංකාව බ්‍රිතාන්‍යයන් යටතට වැටුණු පසු, පසු ගිය ශත වර්ෂය මුලදී භාවිත වූ ඇඳුමත් යන ඇදුම් අතර ලොකු වෙනසක්‌ නොතිබෙන්නට ඇත., පිරිමින් ගේ ඇඳුම සාමාන්‍යයෙන් ම ඉණ වට දැවටි රෙදි කෑල්ලකට වඩා යමක්‌ නොවූ බවත්, මේ රෙදි කඩෙහි ප්‍රමාණයත් වර්ගයත් අඳින්නා ගේ තත්ත්වයට අනුකූල වූ බවත්, කෝඩිනර් පවසයි. යනුවෙනි. ( මධ්‍ය කාලීන ලංකා සංස්‌කෘතිය, මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්, පරිවර්තනය, ආචාර්ය ඇම්.බී.ආරියපාල, 1969, පිටුව 63,ප්‍රථම මුද්‍රණය, ගුණසේන) සද්ධර්මාලංකාරයෙහි එන දිළිඳු ස්‌ත්‍රියක්‌ නිර්වස්‌ත්‍රව භික්‌ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීම පිළිබඳ පුවත යථෝක්‌ත සඳහන සනාථ කරන්නට සමත් වනු ඇති.

සමාජ හා මානව විද්‍යාඥයින් ගේ අරුත් දැක්‌වීමට අනුව ශිෂ්ටාචාරය උපකරණ අරුතිනුත්, සංස්‌කෘතිය භාවිත අරුතිනුත් විමසන කල්හි සංස්‌කෘතිය එA එA ජන සමූහයා තුළින් දැකිය හැක්‌කකි. මෙහිදී ආහාරපාන, අභිචාර, සිරිත් විරිත් මෙන්ම ඇඳුම් පැළඳුම් මගින් ද සංස්‌කෘතික අනන්‍යතාවය ප්‍රකට කරන බව කිව යුතුය. චර්යාව සමග ඇඳුම තුළින් අනෙකාට කරන බලපෑමට කදිම උදාහරණයක්‌ ලෙස ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් බටහිර ජාතික ක්‍රීඩා ලෝලීයක විසින් තම ඇඳුම් උනා දමා නිරුවතින් ක්‍රීඩාංගණය තරණය කිරීම විවිධ ජන සංස්‌කෘතීන් අතර සංවාදයට බඳුන් වූයේද විවිධ හැඩරුවකිනි. එA පිළිබඳව අපේ ප්‍රකට මාධ්‍යවේදිනියක්‌ සඳහන් කළේ, අන්තර්ජාලය අපේ කාන්තාව ගේ මොළය වෙනස්‌ කරන මෙවලමක්‌ ලෙසය. ප්‍රකට ඇමරිකන් ජාතික මානව විද්‍යාඥයෙකු වූ ඩෙස්‌මන් මොරිස්‌ට අනුව ආකර්ෂණය කාන්තාවගේ සවිධානයේ සැඟව ක්‍රියා කරන බව විශ්වාස කළහැකිය. අඩ නිරුවත හා නිරුවත පිළිබඳව කලාව හා සෞන්දර්ය විෂය තුළ කෙරෙන සාකච්ඡාව සංස්‌කෘතිය සමග විමසීමේදී ගැටලු සහගත වුවද, ඕනෑම ජන සමූහයක්‌ ඔවුන් ගේ බහුතරය අනුමත කරන දෑ සිදු කිරීම විසංවාදයට හේතු නොවූවද, වෙනත් චර්යාවන් සමග සිටින වෙනත් සමූහයකට එය විසංවාදයට තුඩු දෙන්නක්‌ විය හැකිය.

විලාසිතා හෙවත් පැෂන් ෂෝ, තරු පහේ හෝටල්වල ජනප්‍රිය අංගයකි. එහෙත් එම දැකුම්, ක්‍රම වේද, සාමාන්‍ය ජීවිතයේදී භාවිතයට නොගැළපෙන බව විලාසිතා ශිල්පීන් විසින්ම පිළිගනී. ( ද්‍රව්‍ය වශයෙන් භාවිතා වන්නේ, පරිසරයෙන් ලබා ගන්නා, පන් වර්ග, කඩදාසි, සම්, කෙඳි වර්ග හා ගෝනි ආදී ද්‍රව්‍ය නිසා ද්‍රව්‍ය භාවිතය ගැට`ථ සහගත වීම ) එAවා, විචිත්‍ර බව, වින්දනය, වගේම විචිත්‍ර සංකල්පනා මවන්නට සමත් වන එAවා බවත් ඉහළ ප්‍රේක්‌ෂක ප්‍රතිචාර ලැබෙන බවත් ඔවුන් ම පෙන්වා දෙන කරුණකි. මෙහිදී සිදුවන ශරීර අඟ පසඟ අනාවරණය කිරීමේ නිදහස හා ප්‍රතිචාර අතර පවතින සබඳතාවය අන්තර්ජාතික මට්‌ටමට යායුතු නොවන බව ඇතැම් නිරූපණ ශිල්පීන් පවා පිළිගන්නා කරුණකි. මෙම තත්ත්වය සමාජගත වීම සභ්‍යත්වය සදාචාරය වැනි සමාජ අගයන් හා විළිබිය යන කාරණා සමග කල්පනා කළයුතුය.

ප්‍රකට නිරූපණ ශිල්පිණියක්‌ වරක්‌ සඳහන් කළේ, z ලස්‌සන ඇඟක්‌, දෙපා යුවලක්‌ තිබෙනවා නම්, කිසියම් කාන්තාවක්‌ කෙටි සායක්‌ සහ බ්ලවුසයක්‌ ඇඳීමේ වරද මොකක්‌ද, එAක සංස්‌කෘතියට සහ සභ්‍යත්වයට හානියක්‌ යෑයි කියා මා සිතන්aනේ නැහැ, ලස්‌සන දේ දකින විට එය සංයමයෙන් විඳින්න හෝ තමාට අදාළ නැත්නම් උපේක්‌ෂාවෙන් සිටීම දියුණු මිනිස්‌ ගතියක්‌, කෙටි සායක්‌ ඇන්ද ගැහැනියක්‌ දුටු සැනින් ආවේග අවදි කරගෙන එA කාන්තාවට කායික මානසික හිරිහැර කරන්නට යනවා නම් මොකක්‌ද එA සභ්‍යත්වයZ යනුවෙනි. මෙහිදී ඇය ප්‍රශ්න කර සිටින්නේ, දියුණු මනුෂ්‍යයෙක්‌, සමාජයක්‌ එලෙස නොවිය යුතු බවය. ප්‍රශ්නය පවතින්නේ ද එතැනය, එවැනි ආධ්‍යාත්මික සංවර්ධනයක්‌ සමාජගතව පවතින්නේ ද, වෙළඳපළ තීරකයින් ගේ ක්‍රියාකාරකම් හමුවේ අපේ කාන්තාවගේ අධ්‍යාත්මය විචල්‍ය වීම ද සංවාදයට කරුණකි. මේ වෙනස්‌කම් හා සීමාවන් පිළිබඳ අවබෝධය අද අනිවාර්ය දෙයක්‌ වන්නේ, මෙතෙක්‌ අප පැමිණි දිගු ගමන වෙනුවට, කෙටි මගකින් යළි නිරුවත කරා ගමන් කරන්නේ ද යන කාරණය පිළිබඳ සිතන්නට තරම් සමාජ පෙළඹවීමක්‌ දෘෂ්‍යමාන වන බැවිණි.

යටත් විජාතික ආක්‍රමණයත් සමග යුරෝපීයයන් ගේ ඇඳුම් විලාසිතා එවක ලාංකීය සමාජයේ තත්වය හා බලය සංකේතවත් කළ සාධකයක්‌ ලෙස ප්‍රබලව සමාජගත විය. මානව පරිණාමය මෙන්ම විලාසිතාවන් ගේ ද වෙනස්‌වීම නොවැළැක්‌විය හැකි දෙයකි. මිල අධික ඇඳුම් භාවිතය වගේම විලාසිතා රැළි අනුකරණය ද තමා නොදැනුවත්වම සිදුවන තරමට අද ප්‍රායෝගික වී ඇතැයි ද මතයකි. අද අන්තර්ජාතික වෙළඳපොළේ ප්‍රදර්ශනය වන ඇඳුම් ලංකාවේ අඩු මිලකට විකිණෙන බව සුලභ සිද්ධියක්‌ මෙන්ම වෙළඳපළ ඇගයුමට ලක්‌ව ඇති කරුණකි. බාල, මහලු, තරුණ, ස්‌ත්‍රී, පුරුෂ වෙනසක්‌ නැතිව අද විලාසිතාවන්ට නැඹුරුව සිටින අතර ඇතැම් විට බොහෝ මනාලියන්, විලාසිතා ශිල්පීන් ගේ zඩමිZ බවටද පත්වන අතර, ධනය, බලය, සමාජ තත්ත්වය, රැකියාව සියලු සාධක අභිබවා එA සියලුම ක්‌ෂේත්‍ර පුරා විලාසිතා රැළි හමා යමින් පවතින බවද සමාජ නිරීක්‌ෂණයේ දී මනාව ප්‍රකට වෙයි. අධ්‍යයනයේ දී, එක්‌ මනාලියක්‌ පැවසුවේ, zමම එA මෝස්‌තරයට එච්චරම කැමති වුණෙත් නෑ, එAත් හස්‌බන් විරුද්ධ වුණෙත් නෑZ අන්දවපු එක්‌කෙනා කිව්වෙ දැන් පැෂන් එක කියල..Z යනුවෙනි, විලාසිතා අගයන්නන් ප්‍රීණනය කරන්නට, ඔරෙත්තු නොදෙන තරම් මුදලක්‌ වැය කිරීමට සිදුවීමෙන්, ඈ පසුව එදෙස බැළුවේ අතෘප්තිකර ආකාරයකින් යෑයි මට සිතුණි. ඇතැමෙකු පවසන්නේ, ඇඳුමට තහංචි නොපැමිණවිය යුතු බවත් එය පූර්ණ නිදහස තුළ භාවිත වියයුතු බවත්ය. එහිදී පුද්ගල අධ්‍යාත්මය හා සමාජ ඇස පිළිබඳව අවබෝධය තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සැබැවින්ම ඇඳුම භාවිතා විය යුත්තේ විලි වසා ගැනීමටය. සදාචාරාත්මක වටිනාකම් පිළිබඳව සමාජ විමසුමක දී ප්‍රකට වන්නේ, අද බොහෝ දෙනකු විලාසිතාවනට වහල් වීම නිසා ස්‌ථානයට, අවස්‌ථාවට අනුව ඇඳුම භාවිතා කිරීමට යොමු නොවන බවය, තම දරුවාගේ පාසලට යන මව, සිසුන් ගේ උසුළු විසිළුවට ලක්‌ වීමෙන්, විවේචනයට හා ගැරහුමට පාත්‍රවීම, දරුවාගේ මානසික තත්ත්වයට කරන බලපෑම ගැනවත් කල්පනා කළ යුතුය. නිරුවත මෙන්ම අඩ නිරුවත සමාජගත කරන වාණිජ්‍යය, අලෙවිය ලාභය වැනි කරුණු ගැන පමණක්‌ කල්පනා කිරීම ෙ€දජනක කරුණකි. නිසි පරිදි විළි නොවැසෙන ඇඳුම් භාවිතයට මෙතෙක්‌ බලපා ඇති කරුණු පිළිබඳ අධ්‍යයනයේ දී බොහෝ දෑ අපට සමාජ සාධක ලෙස පිළිගත හැකිය.

ඇතැම් විට මිනිසා ගේ අභ්‍යන්තරයෙහි කොතෙකුත් හිස්‌ බව තිබුණ ද, ධනය, කුලමල, ජයග්‍රහණ, පමණක්‌ නොව මහා වේදනාවන් මෙන්ම විවිධ ව්‍යසනයන් කොතෙකුත් පැවතිය ද විලාසිතා හා ඇඳුම් පැළඳුම් එAවා අකාමකා කර දැමීමටත් ඇවැසි පරිදි ඉස්‌මතු කර පෙන්වීමටත්, මිනිසා උපයෝගී කර ගන්නා ආකාරය සමාජ නිරීක්‌ෂණයේ දී ප්‍රකට කරයි.

ලොව විවිධ සමාජ අධ්‍යයන කළ මානව හා සමාජ විද්‍යාඥයින් ගේ වාර්තා අධ්‍යයනය කිරීමේ දී පැහැදිළි වන්නේ, ප්‍රාථමික සමාජවල නම් මිනිසුන් ශරීරය උණුසුම්ව පවත්වාගන යැම ආරක්‌ෂාව වැනි කාරණා හේතුකොට ගෙන ඇඳුම් භාවිතා කළ බවය. සභ්‍යත්වය, සදාචාරය වැනි කාරණා මිනිසා උනන්දු කරවන දිසානතිය ඇඳුම් සඳහා රෙදිපිළි භාවිතය පැමිණීමෙන් පසුව එය, පැහැදිළි මාවතකට පිවිසි බවය. ආගමික සංකල්ප හා සබැඳි චාරිත්‍ර මත ඇඳුම අරුත් ගන්වා ඇති ආකාරයට නිදසුන් වශයෙන්, සිංහල බෞද්ධ ළමයින්, සඳහා ළමා සාරිය මෙන්ම ද්‍රවිඩ හා මුස්‌ලිම් වරුන් සඳහා ද ඇඳුම සුවිශේෂී බවක්‌ පෙන්නුම් කරයි. ඇතැම් විට ආගමික නීති රීතින් ගේ බලපෑම ද සංස්‌කෘතිය අභිබවා පෙනීසිටින බවක්‌ පෙන්නුම් කළද, නාගරික සමාජය තුළ සභ්‍යත්වය පිටු දකිමින් පසුගාමී සලකුණක්‌ සටහන් කිරීම ග්‍රාමීය සමාජයට වගේම අනාගත පරපුරට බෙහෙවින් බලපාන අඳුරු සලකුණක්‌ ලෙස සඳහන් කළ හැකිය.

පුරාණ ස්‌ත්‍රීන් ගේ, ඇඳුම් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර ඇති මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ඉදිරිපත් කර ඇති විවිධ දිසාවන්ට අනුව, ඇඳුම කලින් කල වෙනස්‌ වෙවී පැමිණි බව මනාව පැහැදිළි වෙයි. එනම්, උඩුකය නොවැසීම, සළුවකින් යටිකය වසාගෙන තවත් රෙදි කඩකින් උඩු කය වැසීම, තනපට බැඳීම, තනපට බැඳ රෙදි කඩකින් උඩු කය වැසීම, හැට්‌ටයෙන් උඩු කය වැසීම, හැට්‌ටය හැඳ සාරි පටින් උඩු කය වැසීම ( පුරාණ සිංහල ස්‌ත්‍රීන් ගේ ඇඳුම, පිටුව 16,17) වශයෙනි.

තත්කාලීන කාන්තාවන් ගේ ඇඳුම් පැළඳුම් ගැන සැළළිහිණි සන්දේශයෙන් ද ලැබෙන තොරතුරු වැදගත් ලෙස සැලකිය හැකිය.

Ñඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි නිති.

( පද්‍ය 8)

Ñබැඳහළ රුවන් තනපට කියෙලිය පවුර

( පද්‍ය 9)

Ñගවසා සුපුල් කඩුපුල් මල් නිල් වරල

Ñසළසා උකුළු වට රසදුළ මිණි මෙවුල

සකසා දෙ තන හර සඳුනෙන් කර සිහිල

( පද්‍ය 44)

Ñතවර කර කොකුම් සඳුනෙන් තුඟු සියල

ඵවර සුවඳ මල් දම් පැළඳ මන කල

( පද්‍ය 58)

Ñ පුලා සුවඳ මලවුල් කර වරල් බැ`ඳ

දූලා රන් පතින් සරසා සවන් සොඳ

නූලා දිගු නුවන් රසඳුන් තනා ඇඳ

( පද්‍ය 73)

තත් යුගයේ, කාන්තාවන් පට සහැ`දි බවත් මෙවුල් දම් පැළඳි බවත් කඩුපුල් මලින් මෙන්ම විවිධ සුවඳ මලින් හා සුවඳින් කේශ කළාපය සැරසූ බවත්, මල් දම් පැළඳි බවත්, එසේම තනපට බැඳීම කොකුම් සඳුන් ඇඟ තැවරීම පියයුරු සඳුන් ආලේපයෙන් සිසිල් කිරීම යනාදිය කළ බවත් ඉහත පද්‍යයන් තුළින් පැහැදිළි වෙයි. සන්දේශ සාහිත්‍ය ප්‍රකට කරන මෙවැනි තොරතුරු පිළිබඳව ද නොසලකා හැරිය නොහැකිය.

ඇඳුම් විලාසිතා පිළිබඳව පොදුවේ සලකා බැලිය යුතු තවත් පැත්තක්‌ ලෙස, සිනමාව ද සැලකිය හැකිය. සමාජ විපර්යාසයේ එක්‌ නියෝජිතයෙකු වශයෙන් චිත්‍රපටය පිළිබඳ විමසීමේ දී, එය හුදෙක්‌ තරුණ පරම්පරාවේ සිතුවිලි, ආකල්ප වෙනස්‌ කරන්නට සමත් ප්‍රබල මාධ්‍යයක්‌ වශයෙන් හඳුනා ගැනේ, ලාංකීය සිනමාව එහි පසුගාමී සලකුණක්‌ සටහන් කළද, ලෝක සිනමාව බේදයකින් තොරව පෙර අපර දෙදිග යෞවන යෞවනියන් ගේ විලාසිතාවන්ට බලපෑම් කිරීමට සමත්ව ඇත.

Ñකොත්රුවල ඉන්න අයියන්නා කියන සන්නාලියා නිතරම චිත්‍රපට බලන්නෙකි. ඔහු සමාජ පර්යේෂකයන් ගේ ප්‍රශ්නාවලියක දී ප්‍රකාශ කර ඇත්තේ, zමට මේ නගරෙ කිට්‌ටුවට එන හැම චිත්‍රපටයක්‌ම බලන්න වෙනව Z කියාය. මේ පිළිබඳව මවිතයට පත් පර්යේෂකයින් තව දුරටත් ප්‍රශ්න කිරීමේ දී, හෙළි වි ඇත්තේ, ඔහු ජීවත්වෙන නගරය වටා ඇති නගර සියල්ලෙහිම සිනමා ශාලාවලට එන චිත්‍රපට නොබැලුව හොත් ඔහු ගේ වෙළඳ ව්‍යාපාරයට පාඩු සිදුවන බවත්ය. එනම් කොත්රු නගරයේ හා එහි වටා ජීවත්වන බොහෝ කාන්තාවන්, තමන් ගේ හැට්‌ට මස්‌සවන්නේ, මේ චිත්‍රපටවල නිළියන් ගේ විලාසිතා වන්ට අනුව බවය. එවැනි ඇණවුමක්‌ සිදු කරන්නේ, මොඩර්න් ගර්ල් චිත්‍රපටයේ, ඉඩම් අයිතිකාරයගෙ පුතත් එක්‌ක පැනල යන වෙලාවෙ වෛජයන්ති මාලා ඇඳගෙන හිටිය වගේ හැට්‌ටයක්‌ මට මහල දෙන්න පුළුවන්ද. යනුවෙනි. මේ අනුව චිත්‍රපටය නගරයේ වෙසෙන්නෙකු ගේ ජීවිතය පවත්වාගන යාමට මෙන්ම කාන්තා විලාසිතා වන්ට සිදු කරන බලපෑම සමාජ පර්යේෂක යන්ගේ අවධානයට ලක්‌ව ඇති ආකාරය ද පැහැදිළිය. ( සිනෙසිත්, 1988, ඇසුරෙනි)

විවිධ කරුණු ඇසුරින් පෙනීයන්නේ කාලයත් සමග වෙනස්‌ වූ ලෝකයෙහි මිනිසා, ඇඳුම් විලාසිතාවන් වශයෙන් පමණක්‌ භාවිතා කිරීමට පෙළඹීම විවේචනයට බඳුන්වන කරුණක්‌ වී ඇති බවය. විවිධ විලාසිතා දකින සමාජය තුළ ඇතැමුන් අනුකරණයට යොමුව ඇති අතර, බොහෝ විලාසිතා සමාජයෙහි දෝශ දර්ශනයටද ලක්‌වන බවත් සෘණාත්මක චලන සමාජගත කිරීමට ද හේතුවන බවය. බැලු බැල්මට කෙනෙකු හඳුනා ගත නොහැකිය යන කියමන මෙන්ම, ඇඳුමෙන් ද පුද්ගලයෙකු මෑනිය නොහැකි බවද, ප්‍රකට කියමන් අතර වෙයි. බොහෝ අපරාධ සහ අපචාර සිදු කරන්නන් ඇඳුමෙන් සාධු ගුණයක්‌ පෙන්වීමට උත්සාහ කරන අය බව නිරීක්‌ෂණවලදී පැහැදිළිවන කරුණකි. මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන්, පික්‌ පොකට්‌කරුවන්, මිනීමරුවන් වගේම විවිධ අපචාර සිදු කරන්නන් සමාජ ඇස වසන්නට දරන එක්‌ උත්සාහයක්‌ ලෙස ඇඳුම් භාවිතා කරන බවද නොරහසකි. දුරාතීතයේ විවිධ පීඩාවන් ගෙන් මිදීමට සෞඛ්‍ය සඳහා භාවිත ඇඳුම හෝ ශනිරාවරණය, පසුකාලීනව විලාසිතාවක්‌ ලෙසත් මිනිසා ගේ විනාශයටත් උපයෝගී කර ගැනීමට පෙළඹී ඇත.

ඇඳුම් භාවිතයේ දී කාන්තා පාර්ශ්වයට මෙම තත්ත්වය බෙහෙවින් බලපාන කරුණක්‌ බවත් සමහර විලාසිතා භාවිතයන් අපචාරවලට ද හේතු සහගත වන බවත් සමාජ නිරීක්‌ෂකයින් ගේ අවධානයට ලක්‌ව ඇති කරුණකි. එම තත්ත්වයන්ට බොහෝවිට බලපෑහැකි කරුණු අතර, පෙර අපර දෙදිගම සිනමාව තුළින් විලාසිතා අනුකරණය කිරීමෙන්, ටෙලි නාට්‍යවල එන චරිත අනුකරණය කිරීම, අනුකරණය කරන්නන් අනුකරණය කිරීම, එය නවතම විලාසිතාවක්‌ ලෙස පිළිගැනීමට ලක්‌ කිරීමත් ඊට නව අගයක්‌ ලබා දී පෙළඹවීමත් අනෙකා ආකර්ෂණය කර ගැනීමට, ආදි වශයෙන් හඳුනා ගත හැකි කරුණු අතර මූලික වෙයි. නාගරික සමාජයෙන් ගමට ඇතුල් වූ මෙම තත්ත්වය එන්න එන්නම වැඩිවෙමින් පවතින ස්‌වභාවයක්‌ ලෙසද සඳහන් කලහැකි අතර එය සමාජ අවධානයට ලක්‌ව ඇති නමුදු ආධ්‍යාත්මික නැඹුරුවකින් යුතු ධනාත්මක සමාජ චලනයන් සිදු නොවීම ද ගැටලු සහගත බව කිවයුතුය.

සුනිල් කුමාරසිංහ අතුකෝරල


Copy Rights - divayina

READ MORE - ශ්‍රී ලංකේය ඇඳුමේ විකාශනය