----- Please Turn on your speakers & listen our " Lanka ART web Radio "----- Send us your art Related news to ** lankaart1@gmail.com ** -----

Pages

RADIO

පුංචි කාලෙ ඉඳලම මම කළ යුතු දේ, නොකළ යුතු දේ තීරණය කළේ මමමයි.

Saturday, June 4, 2011

කලා කටයුතුවලින් ඈත්වීම ගැන පුංචි දුකක් හිතේ තියෙනවා

අයේෂා සඳමාලි

ඔබ කලා ක්ෂේත්‍රයට පැමිණි ආකාරය සිහිපත් කළොත්...?

2000 වසරේ පැවැත්වුණු ’මිස් වීනස්’ තරගයේ දෙවැනි ස්ථානයත්, 2002 වසරේ ”කැප්රි ක්වීන්” තරගයේ පළමු වැනි ස්ථානයත් මට හිමි වුණා. ඉන්පසුව මම මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණා. මගෙ ගුරුවරයා, ප්‍රේමසිරි හේවාවසම් මහතා තමයි මට කලා ක්ෂේතය‍්‍රට එන්න උදව් කළේ’ රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙසත් මම කලක් වැඩ කළා. ඉන්පසුව මම ස්වර්ණවාහිනී ආයතනයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසත් වැඩ කළා.

“රස සරණිය”, “හලෝ ශ්‍රී ලංකා” මම සජීවීව ඉදිරිපත් කළ වැඩසටහන් දෙකක්. නර්තනයෙන් මගෙ හැකියාව පෙන්වන්න සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනින් අවස්ථාව උදා වුණා. ඒ තරගයේ අවසන් හතර දෙනා අතරට මම ආවා. මේ හැම දෙයක්ම මම කළේ ඒ පිළිබඳව හොඳින් හදාරල. මේ විදියට මම අවුරුදු 10 ක් විතර කලා ක්ෂේත්‍රයේ රැඳී සිටියා. ඒ වගේම “සක් විත්තෝ”, “ලොක්කයියා” කියන ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙන්නත් මට අවස්ථාව ලැබුණා.

මොනවද ඔබ මේ දවස්වල නිරතවෙලා ඉන්න කලා කටයුතු?

මම කලා කටයුතුවලින් ඉවත් වෙලා දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා. ඒ කාලය තුළ ටෙලි නාට්‍ය රංගනයටත්, මෝස්තර නිරූපණයටත් දායක වුණේ නෑ. නිවේදන කටයුතු වලින් තරමක් දුරස් වුණා. මම දැන් පෞද්ගලික ආයතනයක අධ්‍යක්‍ෂවරියක් ලෙස රැකියාව කරනව. රැකියාවේ කටයුතු එක්ක මම ටිකක් කාර්ය බහුල වුණා. එහෙම ඉන්න විට තමයි “රණවිරු රියල් ස්ටාර්” වැඩසටහනට ආරාධනයක් ලැබුණේ. මම ඒ අවස්ථාව ඉතාම සතුටින් බාරගත්තා. ”රණවිරු රියල් ස්ටාර්” වැඩසටහනට තමයි පසුගිය දවස්වල මගෙ කාලයෙන් වැඩි කොටසක් වැය කළේ.

”රණවිරු රියල් ස්ටාර්” වැඩසටහනට දායක වෙන්න ලැබීම ගැන ඔබට මොනවද හිතෙන්නෙ.

ඇත්තෙන්ම මේ වැඩසටහන ඉදිරිපත් කරන්න මටත් දායක වෙන්න ලැබීම මගෙ ජීවිතේ ලබපු විශාල භාග්‍යයක්. ඒ ගැන මට හරිම ආඩම්බරයක් දැනෙනව. අවසන් ‘විරු තරු’ විසිහතර දෙනා තරගයට ආවට පසුවයි මම මේ වැඩසටහනට සම්බන්ධ වුණේ. මේ වැඩසටහන ඉදිරිපත් කළේ කංචන කොඩිතුවක්කුත්, උමයංගනා වික්‍රමසිංහත් මමත්.

අපි ඉතාම සතුටින් සහ සහයෝගයෙන් ඒ වැඩේ කළා. අපේ රට බේරාගත් රණවිරුවන් අතර හොඳ කලාකරුවන් පිරිසක් ඉන්නව. මේ වැඩසටහන මුළු රටම ඉතාම ආශාවෙන් නැරඹූ වැඩසටහනක්. පසුගිය කාලෙ තිබුණු රියැලිටි වැඩසටහන් අතරින් ජනපි‍්‍රයම වැඩසටහන වුණේ “රණවිරු රියල් ස්ටාර්” වැඩසටහන. සෑම වයසකම, සෑම තරා තිරමකම රූපවාහිනී ප්‍රේක්ෂකයින් මේ වැඩසටහන නරඹල රණවිරුවන්ගේ හැකියාව අගය කළා.

මෝස්තර නිරූපණයට අපේ රටේ තිබෙන පිළිගැනීම ගැන ඔබට තිබෙන්නෙ මොන විදියේ අදහසක් ද?

මෝස්තර නිරූපණයට ලෝකයේ තිබෙන්නේ ඉහළ තැනක්. ඒ මට්ටම දැන් ලංකාව තුළත් තිබෙනවා. මම ඒ ක්ෂේත්‍රයේ නියැලුණේ මගේ සීමා හොඳින් හැඳිනගෙන. නිරූපණ ශිල්පිනියන්ට අද සමාජයේ විශාල වටිනාකමක් ගෞරවයක් තියෙනවා. ඒ වගේම කලා ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ හැකියාවට හොඳ ඉල්ලුමක් තියෙනවා. අපේ රටේ මිනිස්සු ඉතා විවෘත මනසකින් මේ ක්ෂේත්‍ර පිළිබඳව හිතනවා. අනෙක ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්වුණු නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් අපේ රටේ ඉන්නව. ඒ නිසා මම හිතනව දැන් ලංකාව තුළ මෝස්තර නිරූපණය හොඳ රැකියාවක් කියල.

කලාවෙන් ඈත් වෙන්න කියල ඔබට කිව්වෙ ඔබේ සැමියද?

නැහැ කොහෙත්ම නෑ. කලාවෙන් ඈත් වෙන්න කියල මට කවුරුවත් ම කියල නෑ. මගෙ සැමියා මාවත් මගෙ හැකියාවනුත් හොඳින් තේරුම් ගත් කෙනෙක්. මගෙ හැම වැඩකටම උදව් කරමින් ඔහු මා ළඟින්ම ඉන්නව. “මෙගා ස්ටාර්” තරගාවලියට මට ඉදිරිපත් වෙන්න කිව්වෙ ඔහු. පුංචි කාලෙ ඉඳලම මම කළ යුතු දේ, නොකළ යුතු දේ තීරණය කළේ මමමයි.

කලාවෙන් ඈත්වීම ගැන දුකක් නැතිද?

පුංචි දුකක් තියෙනව. කලාව මගේ ඇඟේ තියෙන දෙයක්. කලා ක්ෂේත්‍රය තුළ විශාල ගමනක් නොගියත් මට සතුටු විය හැකි ගමනක් යන්න අවස්ථාව ලැබීම ගැන මට සතුටුයි. විවාහයෙන් පසුව මම වැඩි අවධානයක් යොමු කළේ මගෙ පවුල් ජීවිතයට. ඒ නිසයි මම රංගනයෙනුත්, මෝස්තර නිරූපණයෙනුත් ඉවත් වුණේ.

නමුත් රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණොත් මම ඒක බාර ගන්නව. ඒ වගේම ඉදිරියේදී දරුවන් හදල දරුවන් ටිකක් ලොකු මහත් වුණාම, සුදුසු පරිසරයක් තිබුණොත් කලාවට නැවත එක් වෙන්න සූදානම්.

කොහොමද පවුල් ජීවිතය...?

ඉතාම සතුටින් අපි පවුල් ජීවිතය ගෙවනව. අපි හඳුනාගන්නෙ 2000 වසරේ. 2006 දී විවාහ වුණා. මගෙ සැමියා ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. මගෙ වැඩ කටයුතුවලට ඔහුගෙන් විශාල සහයෝගයක් ලැබෙනව. මම හිතන්නෙ මම දැන් මවක් වෙන්න සුදුසු කාලය කියල. ඒ ගැන ළඟදීම හිතනව.

මොන වගේ බලාපොරොත්තු ද ජීවිතේ තියෙන්නෙ...?

මගෙ ජීවිතේ විශාල බලාපොරොත්තු නෑ. මගෙ රැකියාවට හොඳ සාධාරණයක් ඉටු කිරීමත්, හොඳ බිරිඳක්, මවක් වීමත් තමයි මගෙ ලොකුම බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තු හැම ගැහැනියකටම පොදු ඒවා.

0 comments:

Post a Comment